Thursday, September 1, 2011

Widgets

ඔබත් තරබාරුකමින් දුක් විඳිනවාද?



මේ ප්‍රශ්නෙ තිබෙන ජනතාව නම් ගොඩක්ම ඉන්නව ලෝකෙ පුරාම. මේකට හේතුව මොකද්ද??? ප්‍රධානම හේතුව තමයි, ජීවන රටාවේ වැරදි, දෙවනුව ආහාර රටාවේ වැරදි. මම වෛද්‍යවරයෙක් නම් නෙමෙයි. නමුත් මේ පියවර ටික අනුගමනය කරල ඔබගේ බර අඩු කරගැනීමට හොඳ සහයක් ගන්න පුළුවන් වේවි කියල හිතනවා. 

බර අඩු කර ගැනීම

·      ඔබගේ බර කෙතරම් අඩු විය යුතුදැයි දැනගන්නඒ අනුව බර අඩු කර ගැනීමේ කෙටිකාලීන අරමුණු හා ඉලක්ක සාදාගන්න
·      ඔබ ලඟාකරගන්නා ඉලක්කය ඔබ විසින්ම ඇගයීමට ලක් කරන්න කුඩා ප්‍රමාණයක බර අඩු වීමක් වුවද වැඩදායී වේ
·      ඔබගේ ඉලක්ක සපුරාලීමට හැකිවන පරිදික්‍රමානුකූලවආහාර ගැනීමේ පුරුදු වෙනස් කරන්න
·      ඔබ අහාර වලින් ලබාගන්නා ශක්ති ප්‍රමාණයට වඩා වැඩි ශක්ති ප්‍රමාණයක්ශරීරය වෙහෙසීම හරහා දහනය කිරීමෙන් ඔබගේ බර අඩු කරගත හැකිය
·      හොඳ ආහාර පුරුදු මගින් ඔබගේ ශරීර බර වැඩි වීම පාලනය කරගත හැකිය .ඔබගේ ශරීර බර අඩු කර ගැනීම නිතර අභිප්‍රේරණය කරන්න
·      සෙමින් ක්‍රමානුකූලව බර අඩු කර ගැනීමආරක්ෂිත හා වඩා ඵලදායී ක්‍රමයයික්‍රමානුකූලව බර අඩුවීමදීර්ඝ කාලීනව ශරීරයේ මේද ප්‍රමාණය අඩු කිරීමට හේතු වේ
·      මධ්‍යස්ථ ක්‍රියාකාරී පුද්ගලයෙකුගේ ශරීර බර පවත්වාගෙන යාමටශරීර බර කිලෝග්‍රෑමයකට කැලරි 33ක  ආහාර අවශ්‍ය වේ
·      දවසකට ගන්නා ආහාර වල කැලරි ප්‍රමාණය 300කින් අඩු කිරීමෙන් හා වැඩ කිරීමෙන් දවන කැලරි ප්‍රමාණය 200කින් වැඩි කිරීමෙන්සතියක් තුළ ශරීර බර ග්‍රෑම් 400කින් අඩු කර ගත හැකිය
·      මූලික පෝෂණ අවශ්‍යතා සපුරාලීමටඑක් ප්‍රධාන වේලක් සඳහා විවිධ ආහාර වර්ග වලින් (කිරිමස්/මාළු/බිත්තර වැනි මාංශජනක ආහාරඑළවළුධාන්‍යපළතුරුඑක බැගින් තෝරාගන්න
·      සැම විටමආහාර ගැනීමේ රටාව ඇගයීම්කට ලක් කරන්න .අධික පිෂ්ටය හා ලිපිඩ (තෙල්) අඩංගු ආහාර ගැනීම හැකිතාක් දුරට අවම කරන්න
·      සාර්ථක බර අඩුකිරීමේ සැලසුම් මගින් ආහාරයට ගන්නා මේද ප්‍රමාණය හා කැලරි ප්‍රමාණය අඩු වේ

භෞතික ක්‍රියාකාරකම්

·      ඔබගේ ජීවන රටාවට ගැළපෙන භෞතික ක්‍රියකාරකම් (ව්‍යායාමතෝරාගන්න
·      කඩිසර ගමනින් ඇවිදීමව්‍යායාම සඳහා දිවීමපිහිනීම වැනි ස්වායු ව්‍යායාමශරීර බර ස්ථිරවම අඩු කිරීමට හේතුවන ක්‍රියාකරකම් වේ
·      සෑම දිනකම මිනිත්තු 30ක් ස්වායු අභ්‍යාස වල යෙදීම ප්‍රමාණවත් වේ (නමුත් එය කරනු ලබන ව්‍යායාම අනුව වෙනස් වේ)
·      රාත්‍රී ආහාරයට පසුව ඇවිදීමසෝපානය වෙනුවට පඩිපෙළ භාවිතා කිරීමවාහනය තරමක් ඈතින් නවතා අවශ්‍ය තැනට පයින් ඇවිද යාම වැනි සරළ ක්‍රියාකාරකම් බර අඩු කර ගැනීමට උපකාර කරයි.
·      ව්‍යායාම කිරීම මගින් නිරෝගීභාවය පිළිබඳ හැඟීම වැඩිවන අතර මානසික ආතතියද අඩු කිරීමට හේතු වේ.

ඉතා වැදගත් උපදෙස්

·      ආහාර තෙලින් බැද සකස්කිරීමේදී, මේද අඩු තෙල් වර්ගයක් සමඟ නොඇලෙන (nonstick) බඳුන් භාවිතා කිරීමෙන්ආහාරයට එක් වන මේද ප්‍රමාණය අවම කර ගත හැකිය
·      ආහාර බැදීම වෙනුවට තම්බා ගැනීම හෝ පුළුස්සා ගැනීම (bake) වඩා යෝග්‍ය වේ
·      කෙඳි සහිත ආහාරබහුලව ආහාරයට එකතු කරගන්න
·      බීම හා ආහාර රස කිරීම සඳහා සීනි වෙනුවට Solo Sucralose වැනි සීනි රහිත ආදේශක රසකාරක භාවිතා කරන්න
·      කැලරි ප්‍රමාණය අඩු මේදය ඉවත් කළ ආහාර මිලදී ගැනීම හා ආපනශාලා වලදී කැලරි ප්‍රමාණය අඩු ආහාර වට්ටෝරු (වැඩිපුර එළවළු හා පළතුරු අඩංගුතෝරාගැනීමට පුරුදු වන්න 
·      ආහාර වේල් මඟ හැරීමෙන් වළකින්න. වේල් 3 සිට 6ක් දක්වා වේල් ගණනක්එම අවස්ථාවේ කුසගින්න නැතිකර ගැනීමට සෑහෙන පරිදි පමණක් ගන්න
·      ආහාර ගැනීමටනොගැඹුරු හා ප්‍රමාණයෙන් කුඩා පිඟානක් භාවිතා කරන්න. පිරුනු ආහාර පිඟානක් ගැනීමේ මානසික අවශ්‍යතාවය සපුරාලමින්ගන්නා ආහාර ප්‍රමාණය අඩු කර ගැනීමට මෙය වැදගත්වේ
·      ආහාර ගැනීමේදී සපමින් වැඩි වෙලාවක් ගත කර ආහාර ගන්න. සම්පූර්ණයෙන් බඩ පිරීමට පෙර ආහාර ගැනීම නවත්වන්න. බඩ පිරුණු බවට මොළයට සංඥා නිකුත් වීමටආහාර ගැනීම ආරම්භ කළ මොහොතේ සිට සාමාන්‍යයෙන් මිනිත්තු 20ක් පමණ ගත වේ
·      ක්‍රමවත් කාලසටහනකට අනුවශරීර බර මැනීමට පුරුදු වන්න
·      වඩා කැමති ආහාර ගැනීමෙන් ලබන තෘප්තිය වෙනුවට විවිධ ඇඳුම් ගැනීමටචිත්‍රපට බැලීමටවිවිධ කොණ්ඩා මෝස්තර සකස්කිරීමමිතුරන් සමඟ ගත කිරීම වැනි තෘප්තිමත් අවස්ථා පිළිබඳව අවධානය යොමුකරන්න

මේ පහතින් තියෙනව ඔබට අනුගමනය කරන්න පුළුවන් ස්වායු ව්‍යායාම සහිත වීඩියෝ කිහිපයක්. ඔබ YouTube එකට ගියොත් මේ සම්බන්ධව ඇති තරම් විඩියෝ සොයාගන්න පුළුවන්.




9 comments:

  1. noka inna bari plm eka tama tiyenne.

    ReplyDelete
  2. මටත් ඔය කෑම දැක්කම නොකා ඉන්න අමාරුව තමා තියෙන්නේ.
    මහත කට්ටියට චොක්ලට් කන්නත් හොද නෑලු නේ. ඒ උනාට කිට් කැට් එකක් එහෙම දක්කම නොකා ඉන්නේ කොහොමද.

    වටින පෝස්ට් එකක් මාධව අයියා.

    ReplyDelete
  3. අම්මෝ මටත් ගැලපෙනවා වගේ දැන්නම් මේ පොස්ට් එක එහෙම නේද මාධව.ඒත් ඉතිං කට නම් පරිස්සම් කරගන්න අමාරුයි අනේ..:((

    ReplyDelete
  4. හ්ම්ම්, හැමෝටම කට රැකගන්න බැරිකම තමා තියෙන්නෙ නේද??? :D

    @නිසුපා: ඔයාගෙ කට ගැන ඉතින් මම නොදන්නවැයි. කෑමටද, කීමටද ඔයාගෙ කට ගැන මම හොදට දන්නව. :D

    ReplyDelete
  5. කෙට්‍ටු වෙන්න ඕන තමා අප්පා..ඒත් මේ කට පරිස්සම් කරගෙන ඉන්නනේ බැරි..(කෑම හොයාගෙන යන්නේ අප්පා... :D )

    ReplyDelete
  6. ඉතින් දෙය්යනේ ඔහොම වෙලා කොහොමද තරබාරුකම අඩු කරගන්නෙ????

    ReplyDelete
  7. හොඳ පොස්ට් එකක්.. අපේ රටේ පිරිමි බොහොම තරුනකාලේම අලි බඩක් හදා ගන්නවා. අනික අපේ විස්වාසයක් තියෙනවා මහතාට ඉන්නවා නම් බොහොම නිරෝගියි කියලා. කාලයක් මම ටිකක් මහතාට හිටියා. කම්මැලිකමට ඉඳල නෙවෙයි..මගේ රස්සාවේ තිබුන තත්වේ නිසා ව්‍යායාම අඩුකමින්.. ඊට පස්සේ මන් බොහොම දුකිව්න්දල මගේ සරීරෙ ගානට ගෙනාවම මිනිස්සු අහනවා "අයි ලෙඩ වෙලා හිටියද ? මොකද කෙට්ටු වෙලා කියල.. අපේ අක්ක කියනවා. මල්ලි හරියට හුඹහක දාල ඇදල ගත්ත වගේ කියල..
    මන් දෙන්නද තව ටිප් එකෙක් ? ගොඩක් කන්න තියෙන දවසට කන්න ඉස්සෙල්ල පලතුරු ටිකක් ..ඊට පස්සේ සලාදයක් ඔන්න ඊට පස්සේ ගානට කන්න පුළුවන්.. මගේ රස්සාව මාව ඇවිද්දවන නිසා ඔය ක්‍රමේට මම ගානට සරීරෙ තියන් ඉන්නවා..

    ReplyDelete
  8. ස්තුතියි අදහසට හා ටිප් එකට.
    :) ඔබ කියන එකත් හරි, ටිකක් කෙට්ටු උනාම එහෙම අහනව තමා. :) (මම නම් කොහොමත් ගොඩක් කෙට්ටුයිනෙ.)

    ReplyDelete
  9. කම්මුල් අඩු කරගන්න ක්‍රමයක් තියෙනවද?? මහතට ඉදලා කෙට්ටු උන කෙනෙක්ගේ...

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.