Friday, July 1, 2011

Widgets

"මාධවගේ බ්ලොග් සටහන්" දෙවන උපන්දිනය හා අපේ උපාධි ප්‍රදානෝත්සවය

දෙකම ටිකක් පරණයි, නමුත් ලියන්න වෙලාවක් ආවෙ අද තමයි.
මගේ මේ සිංහල බ්ලොග් එකට පසුගිය 28 වනදාට ඒ කියන්නෙ 2011 ජුනි 28 වනදාට, වසර දෙකක් සපිරුනා. 2009 ජුනි 28 වනදා තමයි මම මේ බ්ලොග් එක පටන් ගත්තෙ හා පුරා කියල.


මුලින්ම කියල ලිව්වෙ චුට්ටිම චුට්ටි ලිපියක්. කවුද මට මේ ගැන මුලින්ම කිව්වෙ කියල නම් මතක නෑ. අනේ ඒ පුද්ගලය මට සමාවෙන්න ඕනෙ. නමුත් මම සිංහල බ්ලොග් ලියන්නෙක් වශයෙන් මුලින්ම දැනගත්ත කෙනෙක් තමයි කණිය. ඊට පස්සෙ ධනික එහෙම සෙට් උනා, අම්මෝ ඌව අල්ලගන්න තිබ්බ අමාරුවක්. 
ඔය අස්සෙ මම කියල සිංහල බ්ලොග් එකක් පටන් ගත්තු මගෙ හොඳම යාළුවෙක් තමයි උදිත. මුල්ම කමෙන්ටුව දැම්මෙ චමිල ඩි අල්විස්. මගෙ මේ බ්ලොග් එකේ කොටස් වෙළඳපළ ගැන ලියපු ලිපි මාලාව ඉතාම ජනප්‍රිය උනු නිසා මම ඒ වෙනුවෙන් වෙනමම බ්ලොග් අඩවියක් අරඹල කරගෙන යනව. ඒ අතරෙ තමා ඡායාරූපකරණය ගැන ලිපි ලියන්න හිතල ඒකට තවත් බ්ලොග් එකක් පටන් ගත්තෙ. ඒක නම් මේ දවස් වල ටිකක් අල වෙලා තියෙන්නෙ. 
රැකියාව පටන් ගත්තට පස්සෙ නම් එතරම් ලිපි ලියන්න බැරි උනා, කියවන එකත් අඩු උනා, නමුත් නැතිම වෙලා නම් නෑ. සිංඩියට වැඩිපුර යන්න බැරි උනත් මම ෆලෝ කරන බ්ලොග්, ටික ටික මම බලනව.

මම බ්ලොග්කරණය පටන්ගන්නකොට සිංහල බ්ලොග් තිබ්බෙ 200ක් 300ක් වගෙයි මතක. නමුත් දැන් 2000ක්වත් තිබෙනව මගෙ හිතේ. ඒ අතින් වෙලා තිබෙන දියුණුව නම් ඉතාම ඉහළයි, නමුත් දුකට කාරණාවක් වෙන්නෙ ඒ බ්ලොග් අතරින් බොහොමයක් සාර්ථකව ඉදිරියට නොයන/නොගිය එකයි. තවත් කාරණාවක් වෙන්නෙ සමහරෙක් බ්ලොග් එකක් කියන්නෙ මොකද්ද කියන එක හරියට නොදැන ඉන්න එකයි, ඔහේ වල්පල් ලියනව, නැත්තම් නිකම්ම රූප ටිකක් දාල නිකා ඉන්නව වගේ දේවල් කරනව. (මගෙ අතිනුත් ඒ වැරද්ද යන්තම හරි වෙලා තියෙනව කියල මටත් පිළිගන්න වෙනව) ඉතින් සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ පරමාර්ථය වෙන "අන්තර්ජාලය තුළ සිංහල අන්තර්ගතය දියුණු කිරීම" කියන එක හරි හැටි ඒ වගේ බ්ලොග් අඩවි වලින් ඉටු වෙනවාද කියන සැකය අපිට එනවා. 
නමුත් බොහොමයක් බ්ලොග් අඩවි තිබෙනවා ඉතා හොඳ අන්තර්ගතයක් තිබෙන. ඒ අඩවි ඉතාම වටිනවා. අපි දියුණු කළ යුත්තේ සිංහල අන්තර්ගතය පමණක්ම නොවෙයි, ප්‍රයෝජනවත් අර්ථවත් සිංහල අන්තර්ගතයක්. අන්න ඒ ගැන අපේ සිංහල බ්ලොග් කරුවන් ටිකක් සිතිය යුතුයි කියල මම හිතනවා. 

හරි ඒ කතාව ඇති. දැන් මගෙ ලිපියේ මාතෘකාවේ දෙවන කොටසට. බ්ලොග් එකෙ උපන්දිනය සමරපු 28 වනදාම තමයි අපේ උපාධි ප්‍රදානෝත්සවයත් තිබ්බෙ. BMICH එකේ. මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ, තොරතුරු තාක්ෂණ පීඨයේ හා ප්‍රමාණ සමීක්ෂණ පීඨයේ 06 කණ්ඩායමේ උපාධි ප්‍රදානෝත්සවය. 

මේ ඉන්නෙ මගේ හොඳම මිතුරා වන උදිත හා මම

ඉතින් අපි උපාධියත් ගත්තලු. දැන් මමත් උපාධිධාරී ද්‍රව්‍ය විද්‍යා ඉංජිනේරුවෙක්. (Materials Engineer) කැම්පස් එකෙන් අවුට් වෙලා මාස 6ක් 7ක් ගත වෙලා තිබ්බත් ඒක එතරම් හිතට දැනුනෙ නෑ. නමුත් උපාධිය ගන්නකොට ඒක හුඟක් ලොකුවට හිතට දැනුන. ඇස් වලට කඳුලක් ආව කිව්වොත් හරි.
හරි, කතා ඇති.

මට අවසානව මෙන්න මේ ටික කියන්න ඕනෙ. 
සිංහල බ්ලොග් කරුවන්ට කියන්න තියෙන්නෙ, අපි එකතු වෙලා අන්තර්ජාලය තුළ "ඵලදායී" අන්තර්ගතයක් දියුණු කිරීමට ඇප කැප වෙමු. 
ඉගෙනගන්න නංගිල මල්ලිලට කියන්න තියෙන්නෙ හොඳට ඉගෙනගෙන ඉහළට යන්න ඔබ සැමට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලයි.

ප. ලි: මේ ලිපිය ඊයේ ලිව්වත්, බ්ලොගරයේ තිබ්බ අවුලක් නිසා පබ්ලිශ් කරන්න බැරි උනා, ඉතින් අද උදෙන්ම දැම්ම. 

24 comments:

  1. සුභ පැතුම් උපාධිය වෙනුවෙන්. අපිට නම් ඉතින් කවදා ඕක ගන්න පුළුවන් වේවිද දන්නේ නැහැ. මුල කාලයේ ඉඳලම අදුනන බ්ලොග් කරුවෙක් වශයෙන් සතුටුයි මේ දක්වා දිගටම ලිවීම කරගෙන ආපු එක ගැන..තවත් පොස්ට් ලක්ෂයක් විතර ලියන්න දිරිය සවිය ලැබේවා !

    ReplyDelete
  2. මගේ උණුසුම් සුභ පැතුම්.......

    ReplyDelete
  3. ඔන්න එහෙනම් මාධව අයියටත් මගෙන් සුබ පැතුම් !!!! දිගටම බ්ලොග් කළාවේ යෙදෙන්න වරම් ලැබෙන්න කියලත් පතනවා.

    ReplyDelete
  4. බොහොම ස්තුතියි සුභ පැතුම් වලට.
    @Deeps: පුළුවන් පුළුවන්. ඉක්මනට ගන්න පුළුවන් වේවි.

    ReplyDelete
  5. බ්ලොග්වල වල් පල් ලිව්වට අවුලක් නැහැ කියලා මම හිතන්නෙ, හැබැයි ඒ ලියන එක හිතට එකඟව ලියන්න ඕන. නැතුව සින්ඩියෙන් අයින් කරන නිසා ලිපියක් දාන්න ඕන කියන මතේ ඉන්නෙ නැතුව .......

    ReplyDelete
  6. සුබ පතන්න අමතක උනා සොරි, ඔන්න මගෙනුත් හදවතින්ම සුබ පැතුම් ......

    දිගටම ලියන්න .......

    ReplyDelete
  7. සුභපැතුම් අයියෙ.. බ්ලොග් එක වගේම වැඩකටයුතු ඔක්කොම දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබේවා...

    ReplyDelete
  8. එක අතකින් හිතුවොත් කමක් නෑ තමා, තමුන්ගෙ කැමැත්ත. කියවන්න අය ඉන්නව නම් ඒ කියන්නෙ එහෙම ඒව බලන්නත් කට්ටියක් ඉන්නව කියන එකනෙ. හැබැයි ඒවයේ අනාගත වටිනාකමක් නෑ, ගන්න ප්‍රයෝජනයක් නෑ. අන්න එතනයි ප්‍රශ්නය වෙන්නෙ. :)

    ReplyDelete
  9. ම මෙම සිංහල බ්ලොග් පරිශ්‍රයට නවකයෙක් වුවත් , පරිහරණය කළ කාළ සීමාව තුල හඳුනාගත් තත්ත්වය මත ඔබගේ “සිංහල බ්ලොග් කරුවන්ට කියන්න තියෙන්නෙ, අපි එකතු වෙලා අන්තර්ජාලය තුළ "ඵලදායී" අන්තර්ගතයක් දියුණු කිරීමට ඇප කැප වෙමු.“ ප්‍රකාශය ඉහළින්ම අගය කරනවා ..මක් නිසාද යත් මෙය හුදෙක් “වැසුනු හිස් අවකාශයක් “ නොවී , විවෘත පිරුණු පද්ධතියක්“ විය යුතුය යන මගේ ව්ශ්වාසයද ඊටම යන බැවිනි...

    මල්ලී ....ඔබට මගේ සුභ පැතුම් ..“ජීවිතය දිනන්නට“

    ReplyDelete
  10. පන්සල් හංදියට දාපු කොමෙන්ටුව ටිකක් පරක්කු වෙලානෙ.
    හැමෝගෙම සුභ පැතුම් වලට බොහොමත්ම ස්තුතියි.

    @මහේෂ්: ඔබට ඉහළින්ම එකඟයි.

    ReplyDelete
  11. කාට කාටත් උදව් පදව් කරන් අවුරුදු දෙකක් ආපු මේ දුර ගමනටත් උපාධියටත් මගෙනුත් උණුසුම් සුභපැතුම්.

    ReplyDelete
  12. බොහොමත්ම ස්තුතියි...

    ReplyDelete
  13. සුබ පැතුම් ජුන්නෝ. මම ඕකෙම සිවිල් එක ගත්තා 2002 දි.
    ගත්ත දවසෙ ඔහොම සතු‍ටු හිතෙනව. පස්සෙ නම් ගානක් වත් නැතුව යනව.
    දිගටම ලියපන් අපි කියවනවා.
    ජය වේවා.

    ReplyDelete
  14. බොහොම ස්තුතියි සුභ පැතුමට.
    අනිවා දිගටම ලියනව. :)

    ReplyDelete
  15. රන්දිකJuly 1, 2011 at 1:54 PM

    මගේ උනුසුම් සුබ පැතුම්.ඔබේ ජායාරුප බලොගය වගේම කොටස් වෙලදපල සම්බන්ද ලිපි මාලාවත් ආසාවෙන් කියෙව්වා.තව තවත් ලියන්න හැකියාව ලැබේවා...!!!!!!!

    ReplyDelete
  16. එහෙනම් මාධවලා අපි එකට තමා උපාධිය අරන් තියෙන්නෙ. මම IT එකේ. සුභ පැතුම්.

    ReplyDelete
  17. එහෙමද. එක කිරි. සුභ පතනවා ඔයාටත්. :)

    ReplyDelete
  18. සුභ පැතුම් මාධව. ඒ කොටස් වෙළඳපොළ ගැන ලියවුනු ලිපි වලින් තමයි මමත් ඔබේ බ්ලොග් එකට ආවෙ. ආයෙත් කාලයකදි මඟ හැරුනා. ඒත් ඕං ආයෙත් ආවා.

    ReplyDelete
  19. සන්තෝසයි මචං. ඒ වගේම සුභ පැතුම්.

    ReplyDelete
  20. මගෙන් උනුසුම් සුබපැතුම් මාධව අයියේ.. දිගු ගමනක් යන්න ලැබේවායි පතනවා.. අපි වගේ පොඩ්ඩෝ ගැනත් බලපල්ලා :P

    ReplyDelete
  21. @nawammawatha: බොහොම ස්තුතියි.
    @prasanna86k: බොහොම ස්තුතියි.
    @Kanishka: බොහොම ස්තුතියි මල්ලි. ඔබටත් එසේම වේවා! උඹල ගැනත් අනිවා බලනව නෙව. :)

    ReplyDelete
  22. සුබ පැතුම් ඔබට!

    ReplyDelete
  23. ඔබටත් මොහොම ස්තුතියි.

    ReplyDelete
  24. සුභ පැතුම් සහෝ... සිංහල බ්ලොග් ගැන කියපු දේ වලට මමත් එකඟයි !!!

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.