Monday, July 25, 2011

Widgets

Guide To CSE තුළ ඇසූ ප්‍රශ්න හා දුන්නු පිළිතුරු දැන් හැමෝටම බලන්න පුළුවන්

ටික කාලයක් ට්‍රයි කළා මේකට විසඳුමක් හොයන්න. එක ක්‍රමයක් ලැබුනත් ඒකෙ එක එක ප්‍රශ්න තිබ්බ. ඉතින් අන්තිමට මේ වැඩේටත් බ්ලොග් එකකම පිහිට ගත්ත.


Guide To CSE වල ගොඩාක් අය එක එක විදිහෙ ප්‍රශ්න අහල තිබෙනව. බොහොමයක් ප්‍රශ්න එකම වගේ. එකම උත්තරේ යවන්න වෙන ඒව. ඉතින් එහෙම එකම ප්‍රශ්නෙ ගොඩ දෙනෙක් අහනකොට හැම වෙලේම උත්තර දෙන්න යන එකක් කරදරයක් වගේම කාලය අපතේ යැවීමක්.


ඉතින් දැන් ඔබට පුළුවන් බලන්න, ඔබ ප්‍රශ්නයක් අහන්න ඉස්සෙල්ල අනිත් අයටත් ඒ ප්‍රශ්නෙම ඇවිල්ල තිබෙනවද කියල. එතකොට ඔබට පුළුවන් ඉක්මනින්ම පිළිතුරක් සොයාගන්න.



ඊට අමතරව අනිත් අයට ඇවිල්ල තිබෙන ප්‍රශ්න දිහා බලල ඔබට තවත් දේවල් ඉගෙන ගන්න පුළුවන් වගේම මෙහෙම ගැටළු මටත් එන්න ඉඩ තිබෙනව, එතකොට උත්තර මේවයි කියලත් හඳුනා ගන්න පුළුවන්නෙ.


ඉතින් මීට පස්සෙ ඔබට ප්‍රශ්නයක් ආවම, ලිපි වල ඒ ප්‍රශ්නෙට උත්තරය තිබෙනවද කියල විතරක් නෙමෙයි, අපේ මේ Q and A අඩවියේ ඔබගේ ගැටළුවට පිළිතුරක් තිබෙනවාද කියලත් පොඩ්ඩක් පරික්ෂා කරල බලන්න. තමුන්ගෙ ලේසියට කියල මොකුත්ම බලන්නෙ නැතිව ප්‍රශ්නය යොමු කරන්න එපා. පොඩ්ඩක් පරික්ෂා කරල බලන්න. මොකද ඒක මටත් ලේසී, සහ හැමෝටම හොඳයි.


මේ වෙනකොට මේ අඩවිය තුළ විශාල ගැටළු ප්‍රමාණයක් අසනු ලැබ හා පිළිතුරු ලබා දී තිබෙනවා. මම ඒවා එකින් එක අරගෙන දැන් Q and A අඩවියට දානවා. ඉතින් අද අසන ඒව අඩවියේ පෙනෙන්න නම් ටික කාලයක් යාවි. නමුත් අසන ප්‍රශ්න වලට පිළිතුරු හැකි ඉක්මනින් ඊමේල් මාර්ගයෙන් ප්‍රශ්නය ඇසූ පුද්ගලයාට යවනවා.


ප්‍රශ්න යොමු කිරීමේදී ඔබගේ නම, ඊමේල් ගිණුම, දුරකතන අංකය ඔබ ලබාදෙනවා. නමුත් ඒ කිසිවක් මෙම අඩවිය තුළ ප්‍රකාශයට පත් වන්නේ නෑ. ඔබගේ පුද්ගලිකත්වය සම්පූර්ණයෙන්ම සුරැකෙනවා. (වැඩි විස්තර සඳහා Q and A අඩවියේ Privacy Policy එක කියවන්න.)


ප්‍රශ්නෝත්තර අඩවියේ ලිපි ඊමේල් මාර්ගයෙන් ලබාගන්න ඔබගේ ඊමේල් ලිපිනය පහතින් එකතු කරන්න. අඩවියේ RSS Feed එක සමඟ එකතු වන්න.


Delivered by FeedBurner

3 comments:

  1. නියමයි! අදයි මම මේ බ්ලොග් එක දැක්කේ. මේ සම්බන්ධව නම් ප්‍රශ්ණ රාශියක්ම තිබෙනවා. ඒත් මේ පෝස්ට් ටික කියවලාම ප්‍රශ්ණ අහන්නම්. සමහර විට අහන්න ඉන්න ප්‍රශ්ණ වලට අදාල පිළිතුරු මේ පෝස්ට් වලම ඇති.

    ReplyDelete
  2. ඔව් ඔව් කියවන්න. ප්‍රශ්න වගේම ඒවට උත්තරත් හොයාගන්න පුළුවන් වේවි. සුභ පැතුම්!

    ReplyDelete
  3. නියම වැඩක් අයියෙ.. හුගදෙනෙකුට ප්‍රයෝජනවත් වේවි..

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.