Monday, July 4, 2011

Widgets

නෝක්කාඩුවක් සහ ඉල්ලීමක්


මේක ලියන්න ටික දවසක ඉඳල හිතන් හිටියත් ලියන්න බැරි උනා. අද ලියන්න හිතුව. මේක ඇවිල්ල බස් කතාවක්. (කතන්දරයක් නෙමෙයි) මම රැකියාවට යන්නෙ එන්නෙ High Level පාරෙ 122 - අවිස්සාවේල්ල පිටකොටුව බස් වලයි (මේපේ සිට නුගේගොඩට; දුර කි. මී. 24යි.) උදේ 6ට මීපෙන් පිටත් වෙන මම හවස 5.30ට නුගේගොඩින් බස් එකකට නගිනවා. සාමාන්‍යයෙන් මේ වෙලාවල් වලට 122 බස් තියෙන්නෙ මිනිත්තු 10කට වගේ සැරයක්. නමුත් මේ මාර්ගයේ ඒ වෙලාවල් වලට ගමන් කරන මගීන් ප්‍රමාණයට මේ බස් ප්‍රමාණය හොඳටම මදි. (අනෙකුත් වෙලාවල් වලට නම් හොඳටම ප්‍රමාණවත්) හවසට එහෙම යන්නෙ හොඳටම තෙරපිලා. උදේටත් ඒකෙ ලොකු වෙනසක් නෑ.
ඕක නෙමෙයි මම කියන්න හදන නෝක්කාඩුව. ඒක කියන්න ඉස්සෙල්ල මේ මාර්ගයේ යන අනෙකුත් බස් ගැනත් ටිකක් කියන්නම්.
122 - අවිස්සාවේල්ල සිට පිටකොටුව (ගමන් මාර්ගයේ දිග = කි.මී. 53, බසයක් එන්නේ මිනිත්තු 10කට පමණ වරකි.)
138 - හෝමාගම  සිට පිටකොටුව (ගමන් මාර්ගයේ දිග = කි.මී. 23, මිනිත්තු 5කට පමණ වරක් බසයක් පැමිණෙයි.)
138 - කොට්ටාව සිට පිටකොටුව (ගමන් මාර්ගයේ දිග = කි.මී. 19, මිනිත්තු 2කට පමණ වරක් බසයක් පැමිණෙයි.)
138 - මහරගම සිට පිටකොටුව (ගමන් මාර්ගයේ දිග = කි.මී. 15, මිනිත්තුවකට පමණ වරක් බසයක් පැමිණෙයි.)
මේ දත්තයන් සළකා බැලුවොත් පෙනෙන්නෙ, අනෙකුත් ඒවාට සාපේක්ෂව අවිස්සාවේල්ල බස් දුර ගමන් බසයක් වන බවයි.
මීට අමතරව දුර ගමන් බස් ලෙස රත්නපුර - කොළඹ, ඇඹිලිපිටිය - කොළඹ හා බදුල්ල කොළඹ කියන්න පුළුවන්. සහ කොටසක් දුර ගිහිල්ල ගොඩගමින් හරවන 125 පාදුක්ක - පිටකොටුව හා 125 ඉංගිරිය - පිටකොටුව බසුත් තිබෙනවා. මම ඒව ගැන කතා කරන්න යන්නෙ නෑ.

දැන් නෝක්කාඩුවට එන්නම්. නුගේගොඩින් හවසට බසයට නැගල තෙරපිලා අමාරුවෙන් ඉන්නකොට මෙන්න ඉඳගෙන ඉඳන් කට්ටිය දෙල්කඳින්, විජේරාමෙන්. මහරගමින් බහිනවා. එහාට මෙහාට හැරෙන්නවත් ඉඩ නැතිව ඉන්න අපිවත් පෙරලගෙන තෙරපගෙන, මෙයාලත් පුදුම කට්ටක් කාගෙන, අපිට ඊටත් වඩා කට්ටක් දීගෙන තමා මොවුන් බැහැල යන්නෙ.
අනේ මම අහන්නෙ, අර තරම් මහරගමට බස් තියෙද්දි, අර තරම් කොට්ටාව බස් තියෙද්දි, අර තරම් හෝමාගම බස් තියෙද්දි, ඒවයේ කිසිම අමාරුවක් නැතිව යන්න පුළුවන්කම තියෙද්දි, ඇයි දෙයියනේ මේ දුක් විඳගෙන අච්චර දුරක් යන්න තියෙන මිනිස්සුන් යන බස් එකටම රිංගන්නෙ??? ඒ මදිවට ඉඳගෙනත් ඉඳල අර අවිස්සාවේල්ලට යන එකාවත් පෙරලගෙන බහින්න දඟලන්නෙ???
කිසිවෙක්ට කිසිම තහනමක් නෑ තමයි තමුන්ට ඕනෙ බස් එකකට නගින්න, මම ඒ ගැන තර්ක කරන්න යන්නෙ නෑ. නමුත් තමුන්ටම යන්න වෙන් වෙලා තියෙන බස් තියෙද්දි අර දුක් විඳගෙන දුර යන මිනිස්සුන්ට තවත් දුකක් දෙන්නෙ ඇයි???

ඉතින් ඒ නොක්කාඩුවත් එක්ක මගේ ඉල්ලීමත් ඔබට තේරෙන්න ඇති.

මීගොඩට, මීපෙට, පහත්ගමට පුවක්පිටියට, අවිස්සාවේල්ලට යන්න ඕනෙ අයට බෑනෙ 138 බස් එකක නගින්න. මහරගමට යන්න ඕනෙ අයට තමයි මහරගම - පිටකොටුව බස් දාල දීල තියෙන්නෙ, කොට්ටාවට යන්න ඕනෙ අයට තමයි කොට්ටාව - පිටකොටුව බස් දාල දීල තියෙන්නෙ. හෝමාගමින් එහාට යන අයට තමයි 122 බස් දාල දීල තියෙන්නෙ. නමුත් දුර හා ඉන්න සෙනඟ ප්‍රමාණය අනුව බැලුවම නම් 122 බස් එන කාල ප්‍රාන්තරය දිගු වැඩියි. (තදබදය සහිත වෙලාවන් වලට) ඉතින් එහෙම අපහසුවක් තියෙද්දිත් මහරගමට දෙල්කඳට යන අයත් අර අවිස්සාවේල්ල බස් එකට නැග්ගම එහි යන මඟීන් තව තවත් අපහසුතාවයට පත් වෙනවා.
සමහර කොන්දොස්තර මහතුන් නම් "හෝමගමින් එහා විතරක් නගින්න" කියල තමයි සෙනඟ නග්ගගන්නෙ. ඒත් මහරගමට යන කොට්ටාවට යන අය නගින්නෙ නැතිව නෙමෙයි.
ඉතින් මගේ ඉල්ලීම තමයි, අනේ කරුණාකරල ඔබටත් අපිටත් හැමෝටම පහසු වෙන විදිහට වැඩ කරන්න, දුර යන අයට අපහසුවක් නොවෙන්න, ලඟට යන අය ඒ ඒ අදාල බස් වල නැගල යන්න. එය ඔබටත් පහසුයි, අනිත් අයටත් පහසුයි.

මම මේ කිව්ව දෙයින් තරහක් ගන්න කිසිම උවමනාවක් නෑ, මම කිව්වෙ මම දැක්ක දෙයක්, මම අත් විඳින අපහසුතාවයක්. මම කතා කළේ මටත් වඩා වැඩි අපහසුතාවයක් විඳින පිරිසකුත් මෙතන ඉන්න නිසයි.

21 comments:

  1. කියන කතාවට එකඟයි. ඔය කට්ට මමත් ඉඳල හිටල කන නිසා. කේස් එක කියන්නෙ ඔය ළඟට යන බසුත් පොල් පටවලනෙ ඒ වෙලාවට එන්නේ. ඉතිං දුර පස් එකක් කියල නොහිත මිනිස්සු ඔය බස් වලට නගිනව ඇති. අනික කොන්දොස්තර දැනගන්න ඕන ඕක පාලනය කරන්න නේද? ඒ අයටත් කීයක් හරි ලැබෙනවනම් මොනවද ඉතිං...

    ReplyDelete
  2. එහෙම ප්‍රශ්නයකුත් නැත්තෙම නෑ, නමුත් 122 බස් තරම් නම් ඒවායේ සෙනඟ නෑ. එකක් එහෙම උනාට ඊළඟට එන එකේ සෙනග අඩු වෙන්න පුළුවන්. මොකද ගොඩාක් බස් තිබෙන නිසා සෙනඟ අඩු බස් අනිවාර්යයෙන්ම සෙට් වෙනවා.
    මේ ප්‍රශ්නය තිබෙන්නෙ කාර්යයාලීය වේලාවන් වලට තමයි.

    ReplyDelete
  3. අප්පේ 122 ගැන නම් කියල වැඩක් නෑ.මම් නම් ගොඩක් යන්නෙ 138,176 බස් වල නිසා එච්චරටම අවුලක් නෑ.

    ReplyDelete
  4. ම්ම ඉතින් යන්නෙ 122 සහ 176නෙ. 176 කරගම්පිටියෙ සෙනඟ වැඩි නම් 176 නුගේගොඩක නගිනව හවසට (නාවලින්).

    ReplyDelete
  5. Rathnapura ewage "Awissawellen eha magin pamanai" kiyala gahala thiyanawa.

    awissawella ewage gahnna oni "Homagamin eha magin pamanai.me bus wala wijeramata delkadata nagina unta......

    ReplyDelete
  6. මට හිතෙන විදිහට නම් ඔය දුර ගමන් බස් වල කෙටි දුරකට උනත් නගින්නෙ ඒවා කෙටි දුර බස් වලට වඩා වේගෙන් යන නිසා.

    ReplyDelete
  7. ඔව් ඒකත් එක හේතුවක් කියල කියන්න පුළුවන්. නමුත් හවස් වරුවෙ ඒ වෙලාවට තිබෙන වාහන තදබදය ගැන හිතුවම 122ක නැග්ග කියල වෙන ලොකු සෙතක් නම් නෑ.

    ReplyDelete
  8. ඔය කතාව නම් සීයට සීයක් හරි. මම යන 125 බස්වලත් ඔය සිද්ධිය වෙනවා. ඔය ප්‍රශ්නේ දි කොන්දොස්තරට වගේම මගීන්ටත් යම් කිසි වගකීමක් තියෙන්න ඕනෙ. කොහොම වුණත් ඉස්කෝලෙ ගිය කාලෙ මාත් එක්ක එකට හිටපු නුගේගොඩින් බැහපු මගේ හොඳම යාලුවටත් මම කිව්වෙ උඹ ලඟින් බහින හින්ද 125 බස්වල නැඟල මාත් එක්ක යන්න එන්න එපයි කියලයි.

    ReplyDelete
  9. ඇයි දන්නේ නෑ අච්චර දුරක් යන තැනකට බස් අඩුවෙන් දාලා තියෙන්නේ.

    මගේ වාසනාවකටද මන්දා මම ඔය කියන 122 බස් වල ගිහින් නෑ. :)

    ReplyDelete
  10. මම නම් ඉතිං කොටුවෙං ‍මොරටුවට යනවා නං අනිවා මොරටුව පිටකොටුව එකක විතරමයි නගින්නේ.. අනික්වයි බොරුවට හිර වෙලා යන්නෙ ‍මොකටද..

    ReplyDelete
  11. "මෙම ලිපිය වැදගත්වන්නේ යමක් කියාවා තෙරුම් ගත හැකි හා ක්‍රියාවේ යොදවන මිනිසුන්ට පමනි,හුදු ආත්මාර්තකාමින්ට එසේ කල නොහැකිය,මාදව මල්ලී තමන්ට වාඩා මෙයින් අපහසුතාවයට පත්වන මිනිසුන් ගැන ලියා ඇත්තේ පරාර්ථය පෙරදැරිකරගෙනය නමුත් ,විවෲත ආර්තිකය මගින් ව්කෲති මිනිසුන්ට මෙවා තෙරුම් ගත නොහැකිය.ඔවුහු සා.පෙල/උ.පෙල පංති වලදී කරන මොඩකම් ජීවිත කාලයේම කරති.එසේ නොකරන අය දියුනු වෙති."

    ReplyDelete
  12. ඇත්ත කතාව...122 කොයි වෙලාවෙත් සෙනග.
    රත්නපුර බස් වල මීපෙට එන අය ගන්නෙ නෑ. (මාර නීති) ඒවයෙ ආව කියලත් සෙනග අඩුවක් නෑ..

    ReplyDelete
  13. @ගීත්: හ්ම්ම්. ඒකම තමා ප්‍රශ්නෙ.

    @උදාර: එහෙම කට්ටිය හිතන්නෙ නැති එකයි ප්‍රශ්නෙ, ඔබ ඉතාම හොඳින් හිතල බලනව, අන්න එහෙම අනිත් අයත් හිතනව නම් මේ ප්‍රශ්නය යම් තරමකට හරි නිරාකරනය කරගන්න පුළුවන්.

    @මධුරංග: ඔව්, කාර්යබහුල නොවන වෙලාවන් වලට ප්‍රශ්නයක් නොවුනත්, කාර්යබහුල වෙලාවන් වලට වැඩිපුර බස් ටිකක් දුවනව නම් කිසිම අවුලන් නෑ.

    @කණියා: ඔව් මමත් එහෙමම තමා, කවදාවත් ලඟකට යන්න දුර බස් එකක නගින්නෙ නෑ. නුගේගොඩින් විජේරාමෙට යනව නම් මහරගමකමයි නගින්නෙ, ගෙදර ඉඳල හෝමගමට/ කොට්ටාවට යනවා නම් 124 මහරගම ඉහළබෝපේ බස් එකකමයි නගින්නෙ.

    @Kaviya: ඔබගේ අදහසට මම ස්තුතිවන්ත වෙනවා. ඔව් හුඟක් මිනිස්සු ආත්මාර්ථකාමී වෙලා, ඉතින් ඔවුන් තමුන්ගේ පහසුව ඉක්මන ගැන විතරයි හිතන්නේ. ඒක කණගාටුවට කාරණයක්.

    @ගීතික: එහෙම එකක් තිබෙනවා. රත්නපුර බස් ගන්නෙ මීපෙන්, අවිස්සාවේල්ලෙන් එහා. මොකද අර දුර යන මගීන්ට අපහසුවක් නැතිව යන්න. බදුල්ල බස් ගන්නෙ ඇහැලියගොඩින් එහා. ඒ මගට යන අයට යන්න වෙනත් බස් තිබෙන නිසයි එහෙම කරන්නෙ. ඒක නීතියක් නෙමෙයි. මඟීන්ට වන අපහසුව යම් තරමකට හරි ඉන් මඟ ඇරෙනවා. ඒ දේම 122 බසුත් කරනවා නම් මම කැමතියි. මොකද හෝමාගමට වනතෙක් වෙනත් බස් බොහොමයක් තිබෙනවා.
    මේ දේ මෙහෙමම වෙනත් මාර්ග වලත් සිදු වෙනවා නම් එය දුර යන මගීන්ට ලොකු පහසුවක්.

    ReplyDelete
  14. ඔය ප්‍රශ්නේ ඔයාට තියන්නේ මල් කඩන එක්කෙනා යන්නේ fort side එකට හින්ද නේද?

    ReplyDelete
  15. අනේ මට නම් එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ.
    මම මේ ලිපිය ලිව්වෙ කිසිදු පෞද්ගලික වාසියක් තකා නම් නෙමෙයි. මම ඇතුළුව 122 බස් වල විතරක් නෙමේ, මේ වගේ තත්වයන් තිබෙන වෙනත් මාර්ග වලත් ගමන් කරන, අපහසුතාවයට පත්වන හැම මිනිහෙක් ගැනම හිතලයි.
    ඔබ සිතන්නා වගේ මම කිසිම විදිහක පටු විදිහට නම් හිතන්නේ නෑ.

    ReplyDelete
  16. මොනා කරන්නද බං.... අපිත් 122 ඔය කට්ට කනවා.... හික් හික්....

    ReplyDelete
  17. මමත් ඔය කට්ට නම් ඔන තරම් කාල තියනව... මම යන්නෙ 125 බස් එකෙ. මට කියන්න තියන දේවල් ටික මෙහෙම ලියන්නම් කෝ.

    1) 125 බස් වලනම් ලඟ මගීන් නංවා ගැනීම ගැන කොන්දොස්තරලා 75%ක් වත් වග කිව යුතුයි. මොකද එයාල කොටුවෙන් පාදුක්ක බස් එක ලෝඩ් කරන්නෙ මෙන්න මෙහෙම....
    "කිරුලපන , නුගේගොඩ, මහරගම , කොට්ටාආආව , හෝමා..... හොමාආ....... කැම්ප් එක ලඟ , ගොඩගම , පාදුක්ක " කියල. මට නම් දෙන් ඔක අහලම කට පාඩම්... :) බලන්නකො ඉතින් මෙයාලමනෙ කට්ටිය අරගෙන පටව ගන්නේ....
    ඉතින් අපි හිර වෙන්න ඔනෙ.. :(

    2) ඔය මගින් බහින මගීන්ගෙ පැත්තෙන් බැලුවොත් මෙහෙම දෙයකුත් තියනව.
    කොලබ නිදහස් වටරවුම ලඟට එනකන් එක එක බස් එන්නෙ එක එක පාරවල් වල.
    හිතන්නකො ඔය ඔඩෙල් එක හරියෙ කාර්යාලය තියන කෙනෙක් නුගෙගොඩට එන්නත් නගින්නෙ 122 බස් එකෙ.
    මොකද 138 බස් එකකට ගොඩක් දුර පයින් යන්න තියන හන්ද.

    3)ඔය අතරෙ ඉතින් යාලුවො එක්කල එන අය, තමුන්ගෙ ආදර වන්තය/ ආදරවන්ති එක්ක මගට එන අයත් ඉන්නව...
    එහෙම මිනිස්සුන්ටනම් ඉතින් බැනලත් බැ... නොබැනත් බැ...

    4)දුර බස් ඉක්මනට එනව කියල හිතාගෙන නගින අයත් ඇති. එ උනාට ඉතින් එවා ඉක්මනට එන්නෙ නෑනෙ.. :(
    (එහෙම හිතන අය ඉන්නවනම් ඉතින් පවු තමා..... හික්ස් )

    5)ඔහොම මගින් බහින කෙනෙක් හිටියොත් තමයි ඉතින් කනාවට හරි සීට් එකක් හම්බවෙන්නෙ .. මගින් නගින අපිට.....

    6) හැබැයි ඉතින් ලඟ බහිනව කියල දොරවල් ලඟ හරස් කරන් ඉන්න අයටනම් මමත් සද්දෙ දාල තියනව....
    ( දවසක් ගෑනු පරානයක් මගෙන් අහපි... කොන්දටවත් නැති අමාරුවක්නෙ මූට තියෙන්නෙ කියල....
    පාදුක්කට යනකන් දොර ගාව හිරවෙන්න උනොත් තියන අමාරුව දන්නෙ අපිනෙ.. :( )

    7) අන්තිමටම කියන්න තියෙන්නෙ මාදව කියපු දේ තමා.... බහිනෝ බහිනෝ කියල හොල්ට් එකේ නැවැත්තුවටත් පස්සේ
    අපි හැමොවම පෙරලගෙන දුවන කට්ටිය.... තමනුත් තැලිල, අනුන්වත් තලල.... බැහැල යනව.... :(
    අපි ඉතින් එව ඔක්කොම ඉවසගෙන.... තව පාරක් ඔරලෝසුවෙ වෙලාව බලල ...
    කීයටද ගෙදර යන්නෙ කියල කල්පනා කර කර තව ටිකක් සැරට බස් එක අල්ල ගන්නව......

    හැමොම හැමදෙනා ගැනම තව පොඩ්ඩක් හිතනවනම් තවත් පිරිසක් දුක් විඳින එක අඩු වෙයි... :)

    ReplyDelete
  18. ඉතා දිගු සවිතරාත්මක අදහසට බොහොමත්ම ස්තුතියි. ඔබ කියන කතා ටික නම් ඇත්ත. මිනිස්සු ටිකක් අනිත් අය ගැනත් හිතන්න ඕනෙ.
    අර බස් එක එක පාරවල් වල එන කතාව මට මතක් උනේ නෑ. එහෙම අයට ඉතින් කරන්න දෙයක් නම් නෑ, තියෙන බස් එකක නගින එකට. ඔවුන්ට මොකුත් වැරැද්දක් කියන්නත් අපිට බෑ.
    යාළුවො එකට යන එක ගැන කියද්දි නම්, මම නම් කවදාවත් එහෙම කරන්නෙ නෑ. මට යන්න පුළුවන් පහසුම බස් එකට නගින එක තමා මම කරන්නෙ. කවදාවත් මහරගමට යනව නම් නුගේගොඩින් නැගල, මම කවදාවත් හෝමාගම එකකවත් නගින්නෙ නෑ, සෙනඟ නැතිම බස් එකකට ඇරුනම.

    ReplyDelete
  19. ප්‍රවීජ්August 1, 2012 at 11:44 PM

    මාධව අයිය කි.මී. 53 යන 122 බස් එක ගැන ඔහොම කියනව. අපි 17(පානදුර-නුවර) බස් එකේ කි.මී. 120 (මාලඹෙ-නුවර) වැඩිපුරම යන්නෙ දොරේ.බසයක් එන්නේ මිනිත්තු 80කට පමණ සැරයක් වගෙ. එහෙම යද්දිත් හෝල්ට් 2-3 දුරටත් හිතක් පපුවක් නැති මිනිස්සු නගිනවනෙ.ඔය වෙලාවට ඉතින් එ මිනිහගෙ පරම්පරවම මතක් වෙනව. අපි දොරේ ඉදගෙන පැය 3.5ක ගමනක් යන්න ඔනෙ.ඒ තියෙද්දිත් මේ යක්කු බස් එකට නගිනවනෙ.ඔය වෙලාවට කොන්දොස්තර මහත්තය අර නැගපු මිනිහට හොදට අමතනව.එහෙම කරලත් අර මනුස්සය කොන්දොස්තරගෙනුත් ගේම ඉල්ලලා තමයි බස් එකෙන් බැහැල යන්නෙ.බස් එකේ යන මිනිස්සුන්ට වෙලාව තියෙනවනම් ඔය විදියට යන එඋන්ට පන්න පන්නා ගහනව. අපිත් කොච්චර දුකක් විදිනවද ගෙදර යන්න. ලේසි පහසු දුරක්යැ.ඔවට ඉතින් මෙහෙම කතා කලොත් මිසක් වෙන කවුරුත් කතා කරන්නැනෙ.මේ ගැන මෙහෙම හරි කතාකරාට ස්තුතියි අයියා.

    ReplyDelete
  20. ඕව ගැන කියල වැඩක් නෑ මල්ලි. අපේ ලේ කෝප වෙනව විතරයි. :(

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.