හුඟ කාලෙකින් ලිපියක්වත් ලියන්න බැරි උනු නිසා චුට්ටි විහිළු කතාවක් ලියල ශේප් වෙන්න හිතුව. තරහක් නෑ නෙ. :)
මෙහෙමයි කතාව. (මේක ලංකාවෙ කතාවක් නම් නෙමෙයි.)
ඔන්න දවසක් අම්ම කෙනෙක් නාන කාමරයට වෙලා නානවලු. මෙන්න මේ අම්මගෙ වයස අවුරුදු 2කේ පොඩි එකා ඇවිල්ල ටොයිලට් පේපර් රෝල දිග ඇරගෙන ඇඟ වටේ ඔතා ගන්නවලු. පොඩ්ඩ මහ විනාසයක් කරල, ඒත් හරිම ලස්සනයිලු.
ඉතින් මේ අම්ම නනා ඉන්න ගමන් දුවල ගිහිල්ල කැමරාව අරගෙන ඇවිල්ල ෆොටෝ ටිකක් ගත්ත. ඒව ප්‍රින්ට් කළාම හරිම ලස්සනට තිබුණු නිසා, අම්ම මේවයින් එකක් දාල නත්තල් සුභ පැතුම්පත් හදල නෑදෑයින්ටත් යැව්ව.
ඔන්න ටික දවසකට පස්සෙ එක නෑ කෙනෙක් කතා කරල හොඳටම හිනා වෙවී මේ කාඩ්පත ගැන කියනව, එයා කිව්වලු හොඳට ඒකෙ තියෙන ෆොටෝ එක බලන්න කියල.
ඉතින් අම්මටත් හරිම ප්‍රශ්නෙ මොකද්ද අවුල කියල. ඉතින් මේ අම්ම ෆොටෝ එක අරගෙන හොඳට බැලුවම තමා දෙලෝ රත් උනේ.........
මොකද වෙලා තියෙන්නෙ?????????????
ෆොටෝ එකේ වැදිල තියෙනව නාන කාමරයෙ තිබ්බ කණ්ණාඩිය.
ඒකෙන් මොනවද පෙනුනෙ????????????????????
අර අම්ම කැමරාව විතරක් අතේ තියාගෙන ඉන්නව.......................... වෙන කිසිම ඇඳුමක් ඇඟේ නැතිව...
හපෝයි...........

8:47 AM
Madhawa Habarakada

Posted in




Send a mail to madhawa86(at)gmail(dot)com.




අපිටත් බලාගන්න ඒ කාඩ් එකක් දාන්න පුළුවන්ද?
ReplyDeleteඑතකොට පොඩි එකාගෙ පොටෝ නෙමේද යවල තියෙන්නෙ :O
ReplyDelete@Sameera: තිබ්බ නම් අනිවා දානව. හැබැයි එතකොට මාව බෑන් කරයිද දන්නෙ නෑ, අසභ්‍ය දේවල් බෙදනව කියල. :D
ReplyDelete@නදී: පොඩි එකාගෙ තමයි, ඒ ෆොටෝ එකේ වැදිල තිබ්බ කණ්ණාඩියෙන් තමා සිද්දිය පෙනිල තියෙන්නෙ. :D
හි හි.. මරු වැඩේ
ReplyDeleteමූ අපිව වරදට පොළඹවනවා.... :P
ReplyDeleteහික්ස්. ඒක උඹේ තීරණයක්. :D
ReplyDeleteකෙලිය තාප්පෙට කිව්වලු :D
ReplyDelete