Saturday, July 17, 2010

Widgets

වෙලාවක් නෑ

සමා වෙන්න ඕනෙ, මේ බ්ලොග් එකෙයි, "Photography සිංහලෙන්" බ්ලොග් එකෙයි මේ සතියෙ හරි හමන් ලිපියක් ලියන්න විදිහක් නෑ, වෙලාවක් නෑ. යන්තම් "Guide To CSE" බ්ලොග් එකේ ලිපියක් ලිව්ව.
Assignments, Reports, Courseworks, වැහි වැහැල. ඒ අස්සෙ අනිද්ද job interview එකකුත් තියෙනව. ඒ අස්සෙ අපේ CSE Talk ෆෝරම් එක හොස්ට් කරපු උන් server upgrade එකක් යනව කියල, ෆෝරම් එක නවත්තල. ඉතින් ඒක තාවකාලිකව දැන් වෙන තැනක deploy කරල තියෙන්නෙ. 

"Technology Management" assignment එකක් කරන්න ලෑස්ති වෙන්නෙ දැන්, ගොඩ වෙලාවක ඉඳන් ලෑස්ති වෙනවා තාම පටන් ගන්න බැරි උනා, මේක කරන්න මොකක්හරි innovative idea එකක් ඕනෙ. ලෝකෙටම අළුත් ලංකාවෙ market කරන්න පුළුවන් product එකක් ගැන හිතල ඒකට අදාලව report එකක් හදන්න ඕනෙ. ඉතින් ඔක්කොම කරන්න පුළුවන්, එහෙම innovative දෙයක් හිතන එකනෙ අමාරුව. එහෙම කරන්න පුළුවන් නම් ඉතින් මම දැනටමත් පේටන්ට් 7,8ක්ම අරගෙන :D
හ්ම්ම්, මොනා හරි කොරන්න ඕනෙ ඒකට, නැත්තම් ලකුණු 10කට කෙල වෙනවනෙ. :(

කාට හරි අදහසක් ආවොත් කියන්න හොඳේ. මම report එක හදල ඔයාටම දෙන්නම්කො. ඒක commercialize කරන්නෙ කොහොමද, ඕනෙ technologies මොනවද, ඒව කොහොමද ලබාගන්නෙ, ඒ ඔක්කොම දේවල් හදන්න ඕනෙ, ඔයාලගෙ අදහසක් තියේ නම් මම ඒ ටික හදල ඔයාලටම දෙන්නම්, එතකොට ඔයාලට ඒ අදහස ක්‍රියාත්මක කරන්න ඕනෙ උනොත් එහෙම කරන්න තියෙන දේවල් වලින් එක පැත්තක් හරිනෙ. :)

0 comments:

Post a Comment

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.