Saturday, August 7, 2010

Widgets

ඔබගේ වෙබ් අඩවියයේ Traffic වැඩි කරගන්නේ කොහොමද? - 2

ඉස්සෙල්ල ලිපිය කියෙව්වෙ නැති අය මෙතනින් ඒකට යන්න.
හරි එහෙනම්, එදා ඉවර කරපු තැනින් පටන් අරගමු. එදා කිව්වෙ බ්ලොග් ගැනයි, subscribersල ගැනයිනෙ.


අන්තර්ගතය තමයි වටින්නෙ. 


11. Breaking News. මොකක් හරි දෙයක් සම්බන්ධයෙන් ඔබේ අඩවිය නම් මුලින්ම කියන්නෙ, ඔබට ඒක නිසාම ලොකු සෙනඟක් ඒවි, වෙනත් අය ඒ ගැන පසුව කියනකොට, ඔබේ අඩවියටත් සැබැඳියක් යොදන්න ඉඩ තිබෙනව, ඔබේ අඩවියෙන් උපුටා ගැනීමක් කළා නම් ඒ ගැන, අනිවාර්යයෙන්ම ඔබේ අඩවියට සැබැඳියක් ලැබේවි, ඒ හරහාත් traffic වැඩි වෙනවා.







12. විවාදජනක ලිපි ලියන්න. ඔබට පුළුවන් නම් විවාදාත්මක ලිපියක් ලියන්න, ඒක ගැන හුඟක් අය කතා බහ කරාවි, ඒක බෙදාහදා ගනීවි, ඒක කියවන්න තවත් කට්ටියව උනන්දු කරාවි, අදහස් දක්වාවි. ඔබට නොදැනීම ඔබ ලොකු විවාදයක් ගොඩනගල තිබේවි. ඔබගේ අදහස අනෙක් අය අනුමත කළා හෝ නොකළා, ඔබගේ අඩවියට විශාල traffic එකක් ඇවිල්ල.


13. Top 10 ලිස්ට් එකක් ලියන්න. අන්තර්ජාලය භාවිතා කරන්නන් හරිම කැමතියි මේ Top 10 කියන ඒවට. එහෙම ලිස්ට් එකක් හදල ප්‍රසිද්ධ කරන්න, ඒවයේ ප්‍රයෝජනවත් දේවල් තිබෙන නිසා හුඟක් අය කැමතියි ඒව බලන්න. (උදා: හොඳම වර්ඩ්ප්‍රෙස් ප්ලගින් 10)


14. Top 100 ලිස්ට් එකක් ලියන්න. හොඳම 10 ට්‍රැෆික් ගේන්න හොඳ නම්, හොඳම 100 ට්‍රැෆික් ගෙන්නගන්න නියමයි. මේ ලිපියත් ඒකට උදාහරණයක්. (මේ ලිස්ට් එක ඉවර වෙනකොට ඔක්කොම 100ක් වෙලා තිබේවි. මේ 14 වැන්නනෙ.) කියවන්නන්, ඔබේ ඒ ලිපිය bookmark කරගනී, බෙදාහදා ගනී. මොකද කිව්වොත් ඒකෙ ප්‍රයෝජනවත් දෙයක් තිබෙන නිසා.


15. කුමක් හෝ ගැන විග්‍රහ කරන ලිපියක්/ලිපි පෙළක් ලියන්න. මිනිස්සු කැමතියිනෙ අළුත් දේවල් ඉගෙන ගන්න, විශේෂයෙන්ම කුමක් හෝ ප්‍රශ්නයකට විසඳුමක් දෙන දෙයක් ගැන. (උදා: E Bay කුප්පි මාලාව) හැබැයි මතක තියාගන්න ඕනෙ දෙයක් තමා ඒ ලියන මාර්ගෝපදේශන ලිපිය/ලිපි මාලාව ඉතාම පැහැදිලිව පැවතීම හා සම්පූර්ණ එකක් වීම.එතකොටයි මිනිස්සු ඒකට කැමති වෙන්නෙ.


16. සම්මුඛ පරීක්ෂණයක් ප්‍රසිද්ධ කරන්න. ප්‍රසිද්ධ පුද්ගලයින් සමඟ කරන සම්මුඛ පරීක්ෂණයක් ඔබේ අඩවියේ පළ කරන්න පුළුවන් නම් ඒක ඉතාම හොඳයි. ඒ පුද්ගලයාටත් වෙබ්/බ්ලොග් අඩවියක් තිබෙනවා නම් තවත් හොඳ වෙයි, ඇයි එතකොට එම අඩවියෙත් ඔහු/ඇය ඔබේ අඩවියට සබැඳියක් යොදාවිනෙ.


17. විවිධ නිවාඩු හා විශේෂ දින ගැන ලියන්න. ඔබේ අඩවියට traffic වැඩි කරගන්න හොද ක්‍රමයක් තමයි, විශේෂ දින ගැන ලිවීම. උදාහරණයකට, ඔබට පුළුවන් ඔලිම්පික් ගැන, නැතිනම් ලෝක කුසලාන ක්‍රිකට් තරඟය ගැන ලියන්න.


පෙළඹවීම් කරන්න. 


19. ප්‍රශ්නාවලියක් හදන්න. හුඟක් අය ප්‍රශ්නාවලි වලට හරිම කැමතියි. ඒ නිසා ඔබට පුළුවන් උනොත් හොඳ, ආස හිතෙන ප්‍රශ්නාවලියක් හදන්න, ඒකෙන් ඔයාගෙ අඩවියේ traffic නම් වැඩි වෙයි. එන කට්ටිය ඒක share කරල ඔබගේ ට්‍රැෆික් තවත් වැඩි කරාවි.


20.  පුද්ගලයින්/වෙබ් අඩවි ශ්‍රේණි ගත කරන්න. කවුරුත් කැමතියිනෙ කවුද හොඳම කෙනා, කවුද ලස්සනම කෙනා, කවුද දක්ෂම කෙනා වගේ දේවල් දැනගන්න, ඉතින් අන්න එහෙම එකක් හදන්න. උදා: හොඳම බ්ලොග් කරුවන් 50 දෙනා. ඒව ජනප්‍රිය වෙනවා, මොකද ඒව මිනිසුන්ගේ හැඟීම් වලට, මමත්වයට හේතු වෙනවනෙ. :) ඒ වගේම තමා වෙබ් අඩවිත්.


21. විහිළු රූපයක් පළ කරන්න. මහන්සි උනු දවසක් අවසානයේ මිනිස්සු කැමතියි පොඩ්ඩක් හිනා වෙන්න. පොඩි විහිළුවක් තිබෙන රූපයක් පළ කිරීම හරහා ඔබට පුළුවන් ඒකට සහය වෙන්න. ඒක හරහා ඔබගේ ට්‍රැෆික් එකත් වැඩි වෙන්න පුළුවන්.


22. Infographics හදන්න. Infographics කියල කියන්නෙ යම් දෙයක් රූපයක් හරහා ලබා දීම, Mind Mapping කියන්නෙත් මේකටම තමා. ඔබ සමීක්ෂණාත්මක පැත්තට බර කෙනෙක් නම්, නිර්මාණශීලී නම් මේක කරන්න ඔබට පුළුවන්. මේක නම් ඔබට ට්‍රැෆික් ගෙන්නගන්න හොඳ ක්‍රමයක්. 


නොමිළේ නොමිළේ.


23. E Book එකක් නොමිලේ ලබා දෙන්න. මේක නම් ට්‍රැෆික් අතිශය වැඩි කරගන්න පුළුවන් ක්‍රමයක්. මොකක් හරි විෂය කරුණක් ගැන හොඳ ඊ බුක් එකක් ලියල ඔබේ අඩවියේ ඒක ප්‍රසිද්ධ කරන්න, direct link එකකුත් යොදන්න, නැතිනම් ඒක ගන්න ඕනෙ නම් subscribe වෙන්න ඕනෙ කියල, හදන්න. අනෙකුත් ඔබේ අවකාශයේ සිටින බ්ලොග්කරුවන්ට, වෙබ් අඩවි පවත්වාගෙන යන්නන්ට මේ ගැන කියන්න. ඔබේ ඊ බුක් එකේ තිබෙන තොරතුරු වඩාත්ම ප්‍රයෝජනවත් නම් හැමෝම ඒක ලබා ගනීවි, ඔබේ අඩවිය ගැන හැමතැනම කියාවි.


24. CSS ටෙම්ප්ලේට් එකක් නොමිලේ දෙන්න. ඔබේම css template එකක් හදල template directory එකකට දාන්න. CSS templates හරිම ජනප්‍රිය නිසා ඒකෙන් ඔබට වාසියක් ලැබේවි. මතක් කරල ඒකෙ Footer එකේ ඔබේ අඩවියට ලින්ක් එකක් දාන්න.


25. නොමිලේ ලබාදෙන Wordpress Theme එකක් හදන්න. වර්ඩ්ප්‍රෙස් ලෝකය පුරාම බහුලව භාවිත වන වෙබ් මෘදුකාංගයක්, ඒ නිසා ඔබේ තීම් එකත් ගොඩක් අය පාවිච්චි කරන්න ඉඩ තිබෙනව. ඔබේ අඩවිය හරහා විතරක් නෙමෙයි, template directory වලටත් ඒක දාන්න, මතක ඇතුව ඔබේ අඩවියට backlink එකක් දාන්න.


26. Cheat Sheet එකක් පළ කරන්න. Cheat sheet එකක් කියන්නෙ මොකක හරි short note එකක් වගේ එකක්. ඒවට අන්තර්ජාලය තුළ ලොකු ප්‍රසිද්ධියක් තිබෙනව.


27. Web Design සඳහා සම්පත් ලබා දෙන්න. වෙබ් ඩිසයින් කියන්නෙ අන්තර්ජාලය තුළ තිබෙන ජනප්‍රියම හා ක්‍රියාශීලීම විෂය පරාසය කිව්වොත් නිවැරදියි. ඒ නිසා ඒ පරාසය තුලට අයත් වන දේවල් දෙන්න පුළුවන් නම් ඒක ඉතාම හොඳ අවස්ථාවක් වේවි ඔබගේ අඩවියේ ට්‍රැෆික් වැඩි කරගන්න. 

මතු සම්බන්ධයි. 


මෙම ලිපි මාලාවට Subscribe වන්න. මෙතන කොටන්න.

5 comments:

  1. පට්ට....බොහොමත්ම ස්තූතියි අයියේ බෙදා හදා ගත්තාට....

    ReplyDelete
  2. බොහෝම වැදගත් ලිපියක්.ස්තුති දැනුවත් කිරිමට

    ReplyDelete
  3. වැදගත් ලිපි මාලාවක් කියෙව්වා ගොඩාක් ප්‍රයෝජනවත් උනා. අහම්බෙන් හමු උනේ. මමත් වෙබ් අඩවියක් පවත්වාගෙන යනවා
    www.proudofkandy.com
    www.proudofkandy.com/blog

    මේ ගැන ඔබේ අදහස්, මෙහි පල කිරිමට ඔබේ ලිපි මා වෙත එවන්න. www.proudofkandy.com > Contact us

    ReplyDelete
  4. @හැමෝටම ස්තුතියි.

    @Anon: ස්තුතියි. ඔබගේ වෙබ් අඩවිඅ වලට මම ගියා. ඉතාම වටිනා දෙයක් ඔබ කරන්නෙ. සුභ පතනව.
    මම ඔබගේ අඩවිය FB, FF, Twitter, Buzz වල ශෙයා කලා. :)

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.