Friday, May 28, 2010

Widgets

E‍xMO 2010 - ඉංජිනේරු ප්‍රදර්ශනය


මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කරනු ලබන දැවැන්තම තාක්ෂණික හා අධ්‍යාපනික ප්‍රදර්ශනයක්, ExMO 2010. මුළු ඉංජිනේරු පීඨයම මේ සඳහා දායක වන නිසා මේක ඉතාම දැවැන්තව මෙවර පැවැත්වෙනවා.
ප්‍රදර්ශනයේ ආරම්භක උත්සවය පැවැත්වෙන්නේ ජුනි මස 10 වනදා උදෑසන 10ටයි. එය දහවල් 12ට අවසන් වේවි. ඉන්පසු ප්‍රදර්ශනය විවෘත කෙරෙනවා. නමුත් මෙදින ප්‍රදර්ශනය නැරඹීමට අවසර ඇත්තේ, පාසල් සිසුන්ට, තාක්ෂණික අංශයේ පුද්ගලයින්ට (කර්මාන්ත හා ආයතන), හා විශේෂ ආරාධිතයින්ට පමණයි. 
ඊට පසු දින සිට සියළුම ජනී ජනයාට ප්‍රදර්ශනය විවෘත වෙනවා. මෙම ප්‍රදර්ශනය උදෑසන 9 සිට රාත්‍රී 7 දක්වා විවෘතයි. 
ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණු වන්නේ, ඉංජිනේරු ක්ෂේත්‍ර පිළිබඳ, කර්මාන්ත ක්ෂේත්‍රය, ජනතාව හා පාසල් සිසුන් දැනුවත් කිරීමත් ඒ හරහා ඉංජිනේරු උපාධිධාරීන් පැතිරී ඇති පරාසයන් පුළුල් කිරීමත්, පාසල් සිසුන්ගේ අනාගත ඉලක්ක සඳහා ගමන් කිරීමට ඔවුන් කළ යුතු දේ පිළිබඳ දැනුමක් ලබාදීමත්ය.
මීට අමතරව, මෙම ඉංජිනේරු සිසුන් ක්‍රියාත්මක වන ක්ෂේත්‍ර මොනවාද, ඒ ඒ ක්ෂේත්‍ර තුළ සිදුවන්නේ මොනවාද යන්නත් මේ හරහා ජනතාවට හා කර්මාන්ත ක්ෂේත්‍රයට ඇති ප්‍රයෝජන පිළිබඳවත්, අප රටට මෙම විවිධ ක්ෂේත්‍ර තුළින් සිදුවන සේවය පිළිබඳව දැනුවත් කිරීමත් මෙමගින් සිදු වෙනවා. 
මීට අමතරව තව එක් විශේෂ දෙයක් තිබෙනව, කවුරුහරි කියනව නම් "අපේ බදු මුදල් වලින් මුන් පිස්සු නටනව" කියල, එන්න ඇවිල්ලම බලන්න මේ ඉංජිනේරු සිසුන් මොනවද කරන්නෙ කියල, ඔවුන්ගෙන් රටට වන සේවය මොකද්ද කියල. ඔබේ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් වේවි.

හරි දැන් ටිකක් මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය ගැන පොඩ්ඩක් කියන්න.
මොරටුව විශ්ව විද්‍යාලයේ මේ වන විට ප්‍රධාන ඉංජිනේරු ක්ෂේත්‍ර 9ක් ක්‍රියාත්මක වෙනවා.
  • ඉලෙක්ට්‍රොනික හා සන්නිවේදන ඉංජිනේරු
  • පරිගණක විද්‍යා හා ඉංජිනේරු
  • විදුලි ඉංජිනේරු
  • කාර්මික ඉංජිනේරු
  • සිවිල් ඉංජිනේරු
  • රසායන හා ක්‍රියාවලි ඉංජිනේරු
  • ද්‍රව්‍ය විද්‍යා හා ඉංජිනේරු
  • භූ සම්පත් ඉංජිනේරු
  • පේෂ කර්ම ඉංජිනේරු

මෙම විවිධ ක්ෂේත්‍ර තුළ විවිධාකාරයේ තාක්ෂණික ක්‍රියාකාරකම් මෙම සිසුන් ඉගෙන ගන්නව, හා ඔවුන් ඒ හරහා විවිධ දේ සොයාගන්නව, ක්‍රියාත්මක කරනව විතරක් නෙමෙයි, ඒවායින් රටට ලොකු සේවයකුත් වෙනව. 
මෙම විවිධ ඉංජිනේරු ක්ෂේත්‍ර තුළ වෙන්නෙ මොනවද කියල ඔයාල දන්නෙ නැත්තම්, එන්න ඇවිල්ල බලන්න. මේ සමහර ක්ෂේත්‍ර ගැන ඔබ හොඳට දන්නව ඇති, සමහර ඒව ගැන ටිකක් දන්නව ඇති, සමහර ඒව නම් අහලවත් නැතුව ඇති. මේ හැම එකක් ගැනම ප්‍රදර්ශනය තුළදි ඔබට දැක ගන්න, අහගන්න, දැන ගන්න පුළුවන්. 
ඉංජිනේරු සිසුන්ගේ හැකියාවන් දැකගන්න, ලෝකයේ තිබෙන විවිධ තාක්ෂණික දේවල් පිළිබඳ දැනගන්න, ලෝකයේ නව තාක්ෂණයන්ට විවෘත වන්න......

මෙම ප්‍රදර්ශනය, ඔබගේ දැනුම, සිතිවිලි, ආකල්ප වෙනස් කරනු නොඅනුමානයි.

(ඉදිරියට මේ ගැන තව විස්තර කියන්න බලාපොරොත්තු වෙනවා. එකතු වෙන්න අප සමඟ.)

6 comments:

  1. එල වැඩක් මල්ලි..

    විශ් කොරනවා සින්නෙක් විදියට උඹලගේ.. !

    ReplyDelete
  2. එල එල.. ඔහොම යං.
    මොරටුවෙ නම දිගටම අරගෙන යන්න තවත් මොරටුවෙන් බිහි වෙච්ච එකෙක්ගෙන් සුභ පැතුම්!

    ReplyDelete
  3. දෙන්නටම බොහොම ස්තුතියි. අනිවාර්යයෙන්ම, අපි මේක ඉහළින්ම කරනව.

    ReplyDelete
  4. නියමයි නියමයි....

    අයියෙ පලවෙනි දවසෙ පාසල් ලමයිට බලන්න දෙන්නෙ යුනිෆෝම් එකෙන් ආවොත් විතරද?

    ReplyDelete
  5. ඔව්. පාසල් වලින් ගුරුවරු සමඟ එන සිසු කණ්ඩායම් සඳහා පමණයි ප්‍රදර්ශනය විවෘත. යුනිෆෝම් නම් අනිවාර්ය වෙයි.

    ReplyDelete
  6. නියම වැඩක් අයියා....මම දැක්කා පොස්ටර් පාර ඒත් කියවන්න වෙලාවක් තිබ්බෙ නෑ. දැන් තමා හරියටම සීන් එක දැනගත්තෙ මම අනිවා එනව බලන්න.Engineering fields ගැන මට ගොඩක් දේවල් තියෙනව දැන ගන්න.uniform වලින් ආවෙ නැත්නම් පළවෙනි දවසෙ බලන්නම බැරිද? Teachers ලත් එක්කම එන්න ඕනෙද?
    මොනව උණත් නියම වැඩේ මේ වගේ වැඩ ඕනෙ මොරටුව විශ්වවිද්‍යාලය තවදුරටත් මොරටුව විශ්වවිද්‍යාලයම කරන්න.Good luck.Have a blazt..

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.