Showing posts with label university of moratuwa. Show all posts
Showing posts with label university of moratuwa. Show all posts

Friday, May 28, 2010

E‍xMO 2010 - ඉංජිනේරු ප්‍රදර්ශනය


මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කරනු ලබන දැවැන්තම තාක්ෂණික හා අධ්‍යාපනික ප්‍රදර්ශනයක්, ExMO 2010. මුළු ඉංජිනේරු පීඨයම මේ සඳහා දායක වන නිසා මේක ඉතාම දැවැන්තව මෙවර පැවැත්වෙනවා.
ප්‍රදර්ශනයේ ආරම්භක උත්සවය පැවැත්වෙන්නේ ජුනි මස 10 වනදා උදෑසන 10ටයි. එය දහවල් 12ට අවසන් වේවි. ඉන්පසු ප්‍රදර්ශනය විවෘත කෙරෙනවා. නමුත් මෙදින ප්‍රදර්ශනය නැරඹීමට අවසර ඇත්තේ, පාසල් සිසුන්ට, තාක්ෂණික අංශයේ පුද්ගලයින්ට (කර්මාන්ත හා ආයතන), හා විශේෂ ආරාධිතයින්ට පමණයි. 
ඊට පසු දින සිට සියළුම ජනී ජනයාට ප්‍රදර්ශනය විවෘත වෙනවා. මෙම ප්‍රදර්ශනය උදෑසන 9 සිට රාත්‍රී 7 දක්වා විවෘතයි. 
ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණු වන්නේ, ඉංජිනේරු ක්ෂේත්‍ර පිළිබඳ, කර්මාන්ත ක්ෂේත්‍රය, ජනතාව හා පාසල් සිසුන් දැනුවත් කිරීමත් ඒ හරහා ඉංජිනේරු උපාධිධාරීන් පැතිරී ඇති පරාසයන් පුළුල් කිරීමත්, පාසල් සිසුන්ගේ අනාගත ඉලක්ක සඳහා ගමන් කිරීමට ඔවුන් කළ යුතු දේ පිළිබඳ දැනුමක් ලබාදීමත්ය.
මීට අමතරව, මෙම ඉංජිනේරු සිසුන් ක්‍රියාත්මක වන ක්ෂේත්‍ර මොනවාද, ඒ ඒ ක්ෂේත්‍ර තුළ සිදුවන්නේ මොනවාද යන්නත් මේ හරහා ජනතාවට හා කර්මාන්ත ක්ෂේත්‍රයට ඇති ප්‍රයෝජන පිළිබඳවත්, අප රටට මෙම විවිධ ක්ෂේත්‍ර තුළින් සිදුවන සේවය පිළිබඳව දැනුවත් කිරීමත් මෙමගින් සිදු වෙනවා. 
මීට අමතරව තව එක් විශේෂ දෙයක් තිබෙනව, කවුරුහරි කියනව නම් "අපේ බදු මුදල් වලින් මුන් පිස්සු නටනව" කියල, එන්න ඇවිල්ලම බලන්න මේ ඉංජිනේරු සිසුන් මොනවද කරන්නෙ කියල, ඔවුන්ගෙන් රටට වන සේවය මොකද්ද කියල. ඔබේ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් වේවි.

හරි දැන් ටිකක් මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය ගැන පොඩ්ඩක් කියන්න.
මොරටුව විශ්ව විද්‍යාලයේ මේ වන විට ප්‍රධාන ඉංජිනේරු ක්ෂේත්‍ර 9ක් ක්‍රියාත්මක වෙනවා.
  • ඉලෙක්ට්‍රොනික හා සන්නිවේදන ඉංජිනේරු
  • පරිගණක විද්‍යා හා ඉංජිනේරු
  • විදුලි ඉංජිනේරු
  • කාර්මික ඉංජිනේරු
  • සිවිල් ඉංජිනේරු
  • රසායන හා ක්‍රියාවලි ඉංජිනේරු
  • ද්‍රව්‍ය විද්‍යා හා ඉංජිනේරු
  • භූ සම්පත් ඉංජිනේරු
  • පේෂ කර්ම ඉංජිනේරු

මෙම විවිධ ක්ෂේත්‍ර තුළ විවිධාකාරයේ තාක්ෂණික ක්‍රියාකාරකම් මෙම සිසුන් ඉගෙන ගන්නව, හා ඔවුන් ඒ හරහා විවිධ දේ සොයාගන්නව, ක්‍රියාත්මක කරනව විතරක් නෙමෙයි, ඒවායින් රටට ලොකු සේවයකුත් වෙනව. 
මෙම විවිධ ඉංජිනේරු ක්ෂේත්‍ර තුළ වෙන්නෙ මොනවද කියල ඔයාල දන්නෙ නැත්තම්, එන්න ඇවිල්ල බලන්න. මේ සමහර ක්ෂේත්‍ර ගැන ඔබ හොඳට දන්නව ඇති, සමහර ඒව ගැන ටිකක් දන්නව ඇති, සමහර ඒව නම් අහලවත් නැතුව ඇති. මේ හැම එකක් ගැනම ප්‍රදර්ශනය තුළදි ඔබට දැක ගන්න, අහගන්න, දැන ගන්න පුළුවන්. 
ඉංජිනේරු සිසුන්ගේ හැකියාවන් දැකගන්න, ලෝකයේ තිබෙන විවිධ තාක්ෂණික දේවල් පිළිබඳ දැනගන්න, ලෝකයේ නව තාක්ෂණයන්ට විවෘත වන්න......

මෙම ප්‍රදර්ශනය, ඔබගේ දැනුම, සිතිවිලි, ආකල්ප වෙනස් කරනු නොඅනුමානයි.

(ඉදිරියට මේ ගැන තව විස්තර කියන්න බලාපොරොත්තු වෙනවා. එකතු වෙන්න අප සමඟ.)