Monday, June 29, 2009

ගුරු ගීතය - චිංගීස් අයිත්මාතව්

මම කියවපු පොතක් ගැන කියන්න හිතුන. කතුවරයා "චිංගීස් අයිත්මාතව්", පොත "ගුරු ගීතය". හුඟක් අය මේක කියවල ඇති, කතාවත් දන්නව ඇති. මේ ඒ ගැන නොදන්න ටික දෙනාට.
මේ පොතේ කතාව දිග හැරෙන්නෙ කිර්ගීසියාවේ සොවියට් බලය ස්ථාපනය වන කාලය තුළ. තරුණ ගුරුවරයෙක්ගෙ තරුණ විය හා පළමු ආලය ගැන තමා මේකෙ කියන්නෙ.
කතාව හුඟක් ලස්සනයි. පොඩි පොතක්, කියවල බලන්න.

කතුවරයා ගැනත් චුට්ටක් කියන්නම්. චිංගීස් අයිත්මාතව් කියන්නෙ 1928 උපන්න, "සුප්‍රකට සෝවියට් ලේඛක ලෙනින් ත්‍යාගය" හා "රාජ්‍ය ත්‍යාගය" දිනා ගත්තු ප්‍රසිද්ධ ලේඛකයෙක්.
තව පොඩි දෙයක් කියන්න ඕනෙ. මට මේ පොත ගැන කිව්වෙ මම IDM Computer Studies එකේ පරිගණක පාඨමාලාවක් හදාරන කාලෙ ඒකෙ හිටපු මගෙ යෙහෙළියක්. පස්සෙ මම පොත මිලදී ගත්ත. ඊට පස්සෙ මම චිංගීස් අයිත්මාතව්ගෙ පොත් එකතු කරන්න පටන් ගත්ත. ඒව හුඟක් ලස්සනයි. තව මට එකතු කරගන්න පොත් කිහිපයක් තියෙනව. ඒ ටිකත් ගන්න ඕනෙ.

සිංහල බ්ලොග්කරණ තරගාවලියට ඇතුළත්වීම

මට මේ දැන් මේල් එකක් ආව මගෙ බ්ලොග් එකත් තරඟයට ඇතුළත් කර ගත්ත කියල. ඉතින් දැන් ලියන්න එපැයි මොනව හරි හොඳ යමක්. බලමුකෝ...

විශේෂ දිනයක්

මට මේක ඊ මේල් එකකින් ආපු එකක්.
2009 අගෝස්තු 7 වෙනිද දවල්, පැය 12යි විනඩි 34යි තත්පර 56ට වෙලාවයි දවසයි වෙන්නෙ, 12:34:56 07/08/09
>>> 1 2 3 4 5 6 7 8 9
මේක වෙන්නෙ ජිවිතේටම මෙච්චර තමයි. (ආපහු කාලය 0 උනේ නැත්තම් ඔච්චරම තමයි )

බ්ලොග් ලිවීම හා ඇබ්බැහි වීම

මම මේ දැන් තමයි සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සයිට් එකේ "බ්ලොග් එකක් කියන්නෙ මොකද්ද?" කියන ලිපිය කියෙව්වෙ. ඒකෙ යටින්ම තියෙන වගන්තියට මගෙ හිත ගියා, "බ්ලොග් කරුවන්ගේ අවවාදයයි: බ්ලොග් ලිවීම ඇබ්බැහි වීමට ඉඩ තිබේ". කතාව 200%ක් ඇත්ත. මටත් දැන් එහෙම හිතෙනව.

Followers Widget එකේ ප්‍රශ්නයක්

මේකෙ මේ Followers Widget එකේ අකුරු ටික පාට කරන්නම බෑනෙ. කොහොමද ඒක කරන්නෙ !!!
ඔක්කොම කලු නිසා කිසි දෙයක් හරියට පේන්නෙ නෑ. දුක තමා ! :(

Registration

Sinhala bloggers Union එකට මගෙ බ්ලොග් එක එකතු කලා. ඒක පිළිගන්න එක එයාලට බාරයි.
ගූගල් සමූහයටත් එකතු උනා. ඒක නම් හරි.
අපේ පාසලේ (මම ඉගෙන ගත්තු ) සාහිත්‍ය සංගමයෙන් තියනවලු බ්ලොග්කරණ තරගාවලියක්. ඒකටත් ලියාපදිංචි උනා. එයාල බලල කියයිනෙ මගෙ බ්ලොග් එක වැඩේට ගැලපෙනවද ලියල.
ඔයාලත් ගිහින් පොඩ්ඩක් බලල ලියපදිංචි වෙන්න. මෙන්න ලින්ක් එක.

තවත් යුද්ධයක්

ඔන්න තවත් යුද්ධයක් එනව. ඌව පළාත් සභා මැතිවරණය. අගෝස්තු 8 ලු තියෙන්නෙ. දැන් ඔන්න කට්ටියගෙ නොම්මර ටිකත් බෙදනවලු. මොනව වේද දන්නෙ නෑ. බලා ඉමු.

අපේ කොම්පැණිය


ඉස්සෙල්ල පෝස්ට් එකේ තිබ්බ ප්‍රොජෙක්ට් එක ලැබුනෙ අපේ යාලුවො සෙට් එකක් කරන කොම්පැණියට. මාත් එකෙ ඉන්නව. තාම ඉන්නෙ ළදරු අවදියෙ. ගිහින් බලන්නකො අපෙ සයිට් එකට.

Sunday, June 28, 2009

අපේ අලුත්ම ප්‍රොජෙක්ට් එක


අපිට ලැබුන වෙබ් ඩිවෙලොප්මන්ට් ප්‍රොජෙක්ට් එක ගැන අද අපේ ගෙදර පොඩි සාකච්ඡාවක් තිබ්බ. අපේ දෙන්නයි, එහෙන් දෙන්නයි. කතාව හොඳට ගියා, හොඳ ගානක් හොයා ගන්න බැරි වෙන එකක් නෑ වගේ.

පටන් ගැන්ම


සිංහල බ්ලොග් එකක් පටන් ගත්ත වගේ නෙමේ මොනවද ලියන්නෙ කියල කල්පනා කරන්නත් එපැයි. තාම හිතා ගන්න බෑ මොනවද ලියන්නෙ කියල.

සිංහලෙන් බ්ලොග් ලිවීම


මටත් පොඩ්ඩක් සිංහලෙන් මොනව හරි ලියන්න හිතුන. ඒක නිසා මමත් සිංහල බ්ලොග් එකක් පටන් ගත්ත. ලංකාවෙ ඉන්න සිංහල බ්ලොග් ලියන්නන් ගාන දක්කම මට පුදුමත් හිතුන. එක අතකින් සතුටටත් කාරණයක් මෙච්චර ගානක් හරි ඉන්න එක ගැන. ඔන්න ඒ ගානට
තවත් එකෙක්.