Monday, June 29, 2009

Widgets

ගුරු ගීතය - චිංගීස් අයිත්මාතව්

මම කියවපු පොතක් ගැන කියන්න හිතුන. කතුවරයා "චිංගීස් අයිත්මාතව්", පොත "ගුරු ගීතය". හුඟක් අය මේක කියවල ඇති, කතාවත් දන්නව ඇති. මේ ඒ ගැන නොදන්න ටික දෙනාට.

මේ පොතේ කතාව දිග හැරෙන්නෙ කිර්ගීසියාවේ සොවියට් බලය ස්ථාපනය වන කාලය තුළ. තරුණ ගුරුවරයෙක්ගෙ තරුණ විය හා පළමු ආලය ගැන තමා මේකෙ කියන්නෙ.
කතාව හුඟක් ලස්සනයි. පොඩි පොතක්, කියවල බලන්න.

කතුවරයා ගැනත් චුට්ටක් කියන්නම්. චිංගීස් අයිත්මාතව් කියන්නෙ 1928 උපන්න, "සුප්‍රකට සෝවියට් ලේඛක ලෙනින් ත්‍යාගය" හා "රාජ්‍ය ත්‍යාගය" දිනා ගත්තු ප්‍රසිද්ධ ලේඛකයෙක්.
තව පොඩි දෙයක් කියන්න ඕනෙ. මට මේ පොත ගැන කිව්වෙ මම IDM Computer Studies එකේ පරිගණක පාඨමාලාවක් හදාරන කාලෙ ඒකෙ හිටපු මගෙ යෙහෙළියක්. පස්සෙ මම පොත මිලදී ගත්ත. ඊට පස්සෙ මම චිංගීස් අයිත්මාතව්ගෙ පොත් එකතු කරන්න පටන් ගත්ත. ඒව හුඟක් ලස්සනයි. තව මට එකතු කරගන්න පොත් කිහිපයක් තියෙනව. ඒ ටිකත් ගන්න ඕනෙ.

2 comments:

  1. ජමීලා විතරයි මම කියවලා තියෙන්නේ. හැබැයි ඒකේ ලස්සනින් වසඟයට පත්වෙන එකනම් වලක්වන්න බෑ.

    ReplyDelete
  2. මම නම් කැමතිම පොත "ධීවර ගීතය", ඒත් සමහරු ඒකට කැමති නෑ, රචනා වගේ කෑලි තියෙනව කියල. මම චින්ගීස් අයිත්මාතොව්ගෙ මුලින්ම කියවපු පොත තමයි ගුරු ගීතය, පස්සෙ මම එයාගෙ පොත් එකතු කරන්න පටන් ගත්ත.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.