Friday, October 2, 2009

Widgets

ගූගල් වෙබ් අඩවි පරිවර්තන ටූලය (Website Translator Gadget) නිකුත් කරයි


ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවක වෙබ් අඩවියක් කියවන්න, එම භාෂාව අපි දැන සිටිය යුතු වෙනව. මේ ප්‍රශ්නය නිසා සමහර වෙබ් අඩවි ලොව පුරාම භාවිත වීම අඩු වෙනව. (එම භාෂාව දන්නා අය විතරනෙ ඒක බලන්නෙ.) මේ නිසා එම පුද්ගලයින්ට උදව් කිරීමට, ගූගල්, වෙබ් අඩවියක් වෙනත් භාෂාවකට පරිවර්තනය කළ හැකි ටූලයක් ඉදිරිපත් කරල තිබෙනව.
මේක ක්‍රියාත්මක වෙන්නෙ "Google Translate" හරහා. මේ මගින් ඔබේ වෙබ් අඩවිය භාෂා 51කින් පෙන්වීමට ඔබට හැකියාව ලැබෙනව. ඉතින් මේක දාගත්තට පස්සෙ. ඔබේ අඩවියට යමෙක් පැමිණෙන විට, ඔබේ අඩවියේ භාෂාව හා ඔහුගේ/ඇයගේ වෙබ් බ්‍රවුසරයේ භාෂාව නොගැළපෙනවනම්, ඔහුට හෝ ඇයට, ඔබේ අඩවිය විසින්, අඩවිය තුළ පවතින තොරතුරු, ඔවුන්ගේ භාෂාවට පරිවර්තනය කළ යුතුදැයි අසාවි.




මේක කරගන්න හරිම ලේසී. ඔබට තිබෙන්නෙ, ගූගල් විසින් ලබා දෙන පොඩි කේත කොටස ඔබේ වෙබ් පිටුවට ඇතුළු කිරීම පමණයි.
හැබැයි පොඩි දෙයක් කියන්න ඕනෙ, මේකෙන් හරියටම හරි විදිහටම පරිවර්තනය වෙන්නේ නෑ. පොඩි පොඩි වෙනස්කම්, අවුල් වෙනව. ඒ නිසා සමහර දේවල් පරිවර්තනයෙන් පස්සෙ තේරුම් ගැනීමේ අපහසුතා එන්න පුළුවන්. වෙබ් පිටුව තුළ හුඟාක් තාක්ෂණික දේවල් නම් තියෙන්නෙ මේක හුඟක්ම ලෙඩ දෙයි.


ඒ උනාට ඉතින් මේ වැඩේ අගයන්න ඕනෙ, මොකුත් නැතුවට වඩා මෙහෙම එකක් හරි තියෙන එක ලොකු දෙයක්නෙ. අනේ ඉතින් මේ භාෂා 51ට සිංහලත් දාගන්න පුළුවන් නම් ගොඩම තමා. ඒත් ඒක වෙයි කියල නම් හිතන්න ටිකක් අමාරුයි, මොකද ලෝකෙ සිංහල භාවිත කරන්නන් ප්‍රමාණය ඉතා සුළු ප්‍රමාණයක් නිසා.

3 comments:

  1. සැලෙන්ඩ නරකයි සහෝ අපි අපේ බ්ලොග් කලාව දිගටම කරගෙන යමු
    දවසක සිංහල ලිපි ප්‍රමාණෙ වැඩි වෙයිනෙ

    ReplyDelete
  2. කවද හරි (ලගදිම) සිංහලත් ඒවි තන්ඩර්බර්ඩ් ‍ෆයර්ෆෙක්ස් සිංහල අතුරැ මුහුනත් විස්ටා ඔෆිස් මේවත් ආපු එකේ සිංහලත් ඒවි හැබයි ඒව පාවිච්චි කරන්නෑනේ අපේ ගොඩක් උන් :P

    ReplyDelete
  3. මේකනම් ගොඩක් වටින දෙයක්. සිංහල දාගන්ඩ පුලුවන්නම් ඉතින් ගොඩම තමයි.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.