මම කියවපු පොතක් ගැන කියන්න හිතුන. කතුවරයා "චිංගීස් අයිත්මාතව්", පොත "ගුරු ගීතය". හුඟක් අය මේක කියවල ඇති, කතාවත් දන්නව ඇති. මේ ඒ ගැන නොදන්න ටික දෙනාට. මේ පොතේ කතාව දිග හැරෙන්නෙ කිර්ගීසියාවේ සොවියට් බලය ස්ථාපනය වන කාලය තුළ. තරුණ ගුරුවරයෙක්ගෙ තරුණ විය හා පළමු ආලය ගැන තමා මේකෙ කියන්නෙ. කතාව හුඟක් ලස්සනයි. පොඩි පොතක්, කියවල බලන්න. කතුවරයා ගැනත් චුට්ටක් කියන්නම්. චිංගීස් අයිත්මාතව් කියන්නෙ 1928 උපන්න, "සුප්‍රකට සෝවියට් ලේඛක ලෙනින් ත්‍යාගය" හා "රාජ්‍ය ත්‍යාගය" දිනා ගත්තු ප්‍රසිද්ධ ලේඛකයෙක්. තව පොඩි දෙයක් කියන්න ඕනෙ. මට මේ පොත ගැන කිව්වෙ මම IDM Computer...