Saturday, July 17, 2010

වෙලාවක් නෑ

සමා වෙන්න ඕනෙ, මේ බ්ලොග් එකෙයි, "Photography සිංහලෙන්" බ්ලොග් එකෙයි මේ සතියෙ හරි හමන් ලිපියක් ලියන්න විදිහක් නෑ, වෙලාවක් නෑ. යන්තම් "Guide To CSE" බ්ලොග් එකේ ලිපියක් ලිව්ව.
Assignments, Reports, Courseworks, වැහි වැහැල. ඒ අස්සෙ අනිද්ද job interview එකකුත් තියෙනව. ඒ අස්සෙ අපේ CSE Talk ෆෝරම් එක හොස්ට් කරපු උන් server upgrade එකක් යනව කියල, ෆෝරම් එක නවත්තල. ඉතින් ඒක තාවකාලිකව දැන් වෙන තැනක deploy කරල තියෙන්නෙ. 

"Technology Management" assignment එකක් කරන්න ලෑස්ති වෙන්නෙ දැන්, ගොඩ වෙලාවක ඉඳන් ලෑස්ති වෙනවා තාම පටන් ගන්න බැරි උනා, මේක කරන්න මොකක්හරි innovative idea එකක් ඕනෙ. ලෝකෙටම අළුත් ලංකාවෙ market කරන්න පුළුවන් product එකක් ගැන හිතල ඒකට අදාලව report එකක් හදන්න ඕනෙ. ඉතින් ඔක්කොම කරන්න පුළුවන්, එහෙම innovative දෙයක් හිතන එකනෙ අමාරුව. එහෙම කරන්න පුළුවන් නම් ඉතින් මම දැනටමත් පේටන්ට් 7,8ක්ම අරගෙන :D
හ්ම්ම්, මොනා හරි කොරන්න ඕනෙ ඒකට, නැත්තම් ලකුණු 10කට කෙල වෙනවනෙ. :(

කාට හරි අදහසක් ආවොත් කියන්න හොඳේ. මම report එක හදල ඔයාටම දෙන්නම්කො. ඒක commercialize කරන්නෙ කොහොමද, ඕනෙ technologies මොනවද, ඒව කොහොමද ලබාගන්නෙ, ඒ ඔක්කොම දේවල් හදන්න ඕනෙ, ඔයාලගෙ අදහසක් තියේ නම් මම ඒ ටික හදල ඔයාලටම දෙන්නම්, එතකොට ඔයාලට ඒ අදහස ක්‍රියාත්මක කරන්න ඕනෙ උනොත් එහෙම කරන්න තියෙන දේවල් වලින් එක පැත්තක් හරිනෙ. :)

Saturday, July 10, 2010

ඔබගේ බ්ලොග් අඩවිය ජංගම දුරකථන වලිනුත් බලන්න පහසු කරන්න

මේ කාලෙ ජංගම දුරකථන හරහා අන්තර්ජාලය හා සම්බන්ධ වීම ඉතාම ජනප්‍රියයිනෙ. විවිධ මෘදුකාංග වගේම 3G වගේ වේගවත් අන්තර්ජාල සබදතාත් තියෙනවනෙ දැන් දුරකථන වලට. ඉතින් ඔයාලගෙ බ්ලොග් අඩවියටත් ජංගම දුරකථන හරහා පැමිණෙන්න පුළුවන් වෙන්න හදා ගත්තොත් කොහොමද? ඒ හරහාත් ඔබට කියවන්නන් පැමිණෙනවනෙ.
නිකනුත් පුළුවන් තමා, නමුත් බ්ලොග් එකේ බර ජංගම දුරකථන browser එකට බර වැඩි නිසා ලේසියෙන් ලෝඩ් වෙන්නෙ නම් නෑ. ලෝඩ් වෙන්න හුඟක් වෙලා යනවා වගේම හරියට දුරකතනයේ තිරයට ගැළපෙන්න පෙන්නන්නෙත් නෑ.
ඉතින් මෙන්න ඒකට විසඳුම.
ඔබගේ බ්ලොග් අඩවිය ජංගම අන්තර්ජාලය හරහා පහසුවෙන් බලන්න සකසා ගන්නෙ මෙහෙමයි.


යන්න බ්ලොග් අඩවියේ Design > Edit html
ඊට පස්සෙ මෙන්න මේ කෝඩ් එක හොයාගන්න.


<b:include data='blog' name='all-head-content'/>
මේ පහළ තියෙන කෝඩ් එක, ඒකට පහළින් පේස්ට් කරන්න.


<meta content='IE=EmulateIE7' http-equiv='X-UA-Compatible'/>
<b:if cond='data:blog.isMobile'>
<meta content='width=device-width, initial-scale=1.0, user-scalable=0' name='viewport'/>
<b:else/>
<meta content='width=1100' name='viewport'/>
</b:if>


දැන් කෝඩ් එක සේව් කරන්න.

එච්ච්රයි. දැන් ඔබේ බ්ලොග් අඩවිය ජංගම දුරකථන හරහා ඉතා වේගයින් බලාගන්න පුළුවන්.

Sunday, July 4, 2010

තවත් ලස්සන Blogger Templates ටිකක්

මම ඉස්සෙල්ල ලිපියකත් Blogger templates ටිකක් ගැන කිව්ව, ඒක දැක්කෙ නැත්තම් මෙතනින් ගිහින් බලන්න.
අදත් එහෙමම ලිපියකට තමා සැරසෙන්නෙ. තවත් ලස්සන බ්ලොගර් ටෙම්ප්ලේට්ස් ටිකක් ගැන කියන්න.






Bluefolio



ඔයාගෙ ඔන්ලයින් Portfolio එකට ගැළපෙන තීම් එකක්. හුඟක්ම සරලයි, ඕනෙ නම් photo gallery එකකුත් මේකෙ දාල හදාගන්න බැරිකමක් නෑ.






මේක හොඳයි online magazine එකකට එහෙම. තනිකරම නිල් පාටයි, වටේ තියෙන නිල් වර්ණය සහිත හිස් ඉඩට නම් සමහරුන් අකමැති වෙන්න ඉඩ තියෙනව.
Diadema



මේකත් online magazine එකකට ගැළපෙනව. අඳුරු පැහැ තීම් එකක්. නමුත් ඉතාම ලස්සනයි. social bookmarking buttons ටිකකුත් තියෙනව. header එකෙත් වෙළඳ දැන්වීමකට ඉඩ තිබෙනව. මගෙත් හිතට අල්ලපු තීම් එකක්.



මේක වර්ණවත් තීම් එකක්. මේකත් ගැළපෙන්නෙ magazine එකකට වගේ තමයි. අඳුරු පසුබිමේ තැඹිළි පැහැය ඉතාම ලස්සනට කැපිල පේනව. ඉහළම විජට්ටුව ටැබ් සහිත එකක්. Social Bookmarking සැබැඳි කිහිපයකුත් තීම් එකේම තියෙනව.




මේකත් මගෙ හිතට හොඳටම අල්ලපු තීම් එකක්. සහ විශේෂ එකක්. තීම් එකේ ලිපි ලියන කොටසයි විජට් ටිකයි එතරම්ම ලස්සන නම් නෑ, නමුත් මේකෙ Header එකේ තමා විශේෂය තියෙන්නෙ. ඔයාලම බලන්නකො මොකද්ද කියල, අනිවා ඔයාලගෙ හිතත් ඇදිල යනවා.
Todays News




පුවත් අඩවියක් වෙනුවෙන්ම හදපු තීම් එකක්. තද අඳුරු වර්ණය එක්කම ලිපි වසුබිම සඳහා සුදු වර්ණය යොදල තියෙනව, Social Sharing icons සමඟින්ම එන තීම් එකක්. side bars දෙකක් තිබෙනව පළල වෙනස්, වෙළද දැන්වීම් පළ කරන්න නම් හොඳට ගැළපෙනව කෙළවරේම side bar එක.




මේ දවස් වල Foot Ball උණ තියෙන කට්ටියට ගැළපෙන තීම් එකක්. පසුබිම ඉතාම වර්ණවත්ව හා පාපන්දු ක්‍රීඩකයින්ගේ රූපත් සමඟ තියෙන තීම් එකක්. 2 column ටෙම්ප්ලේට් එකක්. නමුත් මම දැක්ක අවුලක් තමයි හරියට Blog title එක පේන්නෙ නැති එක. ඒක නම් හදා ගන්න බැරි වෙන එකකුත් නෑ, පොඩ්ඩක් html/css දන්නව නම්. තීම් එක ලෝඩ් වෙන්න නම් ටිකක් වෙලා යනවා.




Computer Games වලට කැමති කට්ටියට ගැළපෙන තීම් එකක්. හුඟක්ම අඳුරුයි, නමුත් ලස්සනයි, side bar එක කොටස් දෙකටට තමා තියෙන්නෙ.

හරි මේ ඇති වගේ. :)
ඉස්සෙල්ල කතාවම තමා කියන්න තියෙන්නෙ. ඔයාලත් දන්න අඩවි තියෙනව නම් හොඳ බ්ලොගර් තීම් තියෙන, ලියල යන්න අමතක කරන්න එපා.


Saturday, June 26, 2010

ලස්සන Blogger Templates ටිකක්

මම ඉතින් මගෙ බ්ලොග් වලින් වැඩි ප්‍රමාණයක් හොස්ට් කරන්නෙ Blogspot උඩනෙ, ඉතින් blogger templates  ගැන මම ගොඩක් හොයනව, ලස්සන ටෙම්ප්ලේට්ස් හොයනව. (හැබැයි මේ බ්ලොග් එකේ, රූසර බ්ලොග් එකේ, මගෙ ඉංග්‍රිසි බ්ලොග් එකේ එහෙම තියෙන්නෙ මමම හදපු තීම්ස්) මම විතරක් නෙමෙයි අපේ Bloggersල ගොඩක් අය ඉන්නෙ Blogspot උඩනෙ. මේක එයාලටත් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව.
මම අද හිතුව ලස්සන බ්ලොගර් ටෙම්ප්ලේට්ස් ටිකක් ගැන කියන්න. මීට වඩා ලස්සන ඒව ඕනෙ තරම් ඇති, නමුත් මම ඉතින් ඔය වටපිටාවෙ ඇවිදිනකොට හම්බ වෙච්චි ටිකක් තමා මේ. හුඟක් ඒව ඉතාම සරළයි, නමුත් professional look එකක් තියෙනව.






Aparatus



Blogger Template Image

Aparatus කියන තීම් එකට සරළ නමුත් professional look එකක් තියෙනව. උඩ තියෙන රතු පාට කොටස කැපිල පේන විදිහට තමා හදල තියෙන්නෙ, හොඳට ඉඩ තියෙනව.Twitter update icon එකක් උඩින් තියෙනව, අළුත්ම twitter update එකත් එක්ක. අඩවියේ නම දාන්න තියෙන තැන හොඳට ඉඩ තියෙනව, ඔබේම logo එකකුත් දාගන්නත් එක්ක.


Notepad



Blogger Template Image

අත් අකුරු වගේ text තියෙන කඩදාසි වගේ පසුබිම් තියෙන බ්ලොග් ඕනෙ තරම් ඔයාල දැකල ඇති, නමුත් මේ notepad layout එක අළුත්ම ලස්සන නිමාවක් එක්ක තියෙන ටෙම්ප්ලේට් එකක්. Social media links ටිකකුත් තියෙනව ටෙම්ප්ලේට් එකේම, ඒ එක්කම search bar එකකුත් තීම් එකටම ලස්සනට ගැළපෙන විදිහට දාල තියෙනව. ලිපියේ දිනය ලිපියට වම් පැත්තෙන් පේන විදිහට තියෙන එකත් ලස්සනයි.


Clean Type



Blogger Template Image
ඔබ සරළත්වයට කැමති නම් Clean Type කියන තීම් එකත් ඔබට හොඳට ගැළපෙනව. හුඟක් සුදු අවකාශයක් තිබෙන තීම් එකක්. තැඹිලි වර්ණය ලස්සනක් එකතු කරනවා. වම් පැත්තෙන් ඔයාලගෙ logo එක එක්ක නම දාන්න ඉඩත් දකුණු පැත්තට වෙන්න subscribe links ටිකක් තියෙනව. ඒ ටිකත් තැඹිලි වර්ණයේ ප්‍රභේද වලින්ම තිබ්බොත් කැපිල පේන header එකක් ඔයාලට හදාගන්න පුළුවන්.

Twitter



Blogger Template Image

මෙන්න මට නියමෙටම හිතට අල්ලපු එක. මේක දාල මමත් හදන්න ඕනෙ බ්ලොග් එකක්. Blogger වෙනුවෙන් හදල තියෙන Twitter layout එකට සමීපතම replica එක මේක තමා. ට්විටරයේ layout එක එහෙමම පේන්න මේක හදල තියෙනව. හැම ලිපියක්ම ට්වීට් එකක් වගේ තියේවි, Side bar එක ලස්සනට අරගෙන තියෙනව ඔයාලගෙ profile info එහෙම දාන්න පුළුවන් වෙන්න. ගැළපෙන widgets කිහිපයක් එක්ක, ඔයාලට ෂුවර් එකටම පුළුවන් කිහිප දෙනෙක්ව හරි රවටන්න.


Tune Up



Blogger Template Image

ඔයා කැමතිම වර්ණය නිල් පැහැය නම්, මේක නියම තීම් එකක්. සරළ වගේම හොඳ තීම් එකක්. Header එක්ට පහලින් තිබෙන පටිය ත්‍රිමාණ බවක් එකතු කරනවා, ඒ එක්කම ඔයාලගෙ widgets ලස්සන shade එකක් එක්ක සුදු පැහැයෙන් පෙන්වනවා. අනිත් ඔක්කොම සුදු පාට නිසා ලිපි වල තියෙන graphics වලට කවදාවත් කරදරයක් වෙන්නෙ නෑ.


Indicator



Blogger Template Image

පොඩ්ඩක් අඳුරු පැහැයක් තියෙන තීම් එකක්. තද පසුබිමක් එක්ක යන්තම් අඳුරු පැහැයක් සහිත පසුබිමක් ලිපි සඳහා සකසල දීල තියෙනව. විශාල රූප, Youtube video වගේ තියෙන widgets දාගන්න පුළුවන් විදිහෙ පළල් side bar එකකුත් මෙහි තිබෙනවා. Side bar එකේ widgets title එක පෙන්නන කොටසෙ තියෙන ඊ හිස වගේ කොටසින් තීම් එකට ලස්සනක් එකතු කරල තියෙනව.


Vio



Blogger Template Image

බ්ලොග් එකට ටිකක් කෝමල ගතියක් දෙන්න ආස නම් රෝස පාටත් එක්ක Vio තීම් එක ගැන පොඩ්ඩක් හිතල බලන්න. රෝස පාට header එකකුයි හොඳට ඉඩ කඩ ඇතුව ඉන්න පුළුවන් white space එකකුයි, unique layout elements ටිකකුයි මේකෙ තියෙනව. මේක ඇවිල්ල 2 column බ්ලොග් ටෙම්ප්ලේට් එකක් නමුත් එක column එකක් දෙකට කපල වගේ. ඒව හුඟක්ම සිහින් නිසා ඔයාට ඒව පාවිච්චි කරන්න පුළුවන් ඔයාගෙ ප්‍රේක්ෂකයින්ට ඕනෙ දේවල් හොඳට පේන්න දාන්න, නැතිනම් දැන්වීම් එහෙම දාන්න. තව ලස්සන දෙයක් තමයි ලිපියක මාතෘකාවත් එක්ක තියෙන comment bubble එක.


Colorbold



Blogger Template Image

Colorbold කියන්නෙ තද පැහැ වර්න තියෙන කලු පසුබිමක අඩවියේ නම තියෙන තද නිල් පැහැ menu bar එකක් එක්ක පළල් සුදු පැහැ කොටසක ලිපි ලියන්න තියෙන තීම් එකක්. දැන්වීම් පළ කරන්නත් කොටසක් වෙන් කරල තියෙනව.


Arclite



Blogger Template Image

Arclite කියන්නෙ උණුසුම් වර්ණ තියෙන තීම් එකක්. දුඹුරු පාට header එකත් එක්ක ලොකු හිස් ප්‍රදේශයක් තිබෙනව. නිල් පැහැති රවුම් menu bar එකත්, රෝස පැහැ title එකක් තියෙන widgets ටිකක් පිටුවට කැපිල පේන ගතියක් දෙනව. ඕනෙම වැඩකට ගැළපෙන තීම් එකක්.


DailyNotes



Blogger Template Image

දෙපැත්තෙම සිදුරු තියෙන pin feed printer paper එක දන්නව නම්, මේ ලස්සන design එක්ට නම් ඔයාලගෙ හිත යන්න ඕනෙ. මේකත් ලස්සන තීම් එකක්. ටිකක් සංකීරණ පෙනුමක් නම් තියෙනව තමයි, නමුත් ඉතාම හොඳට හදල තියෙන තීම් එකක්. මේක සාමාන්‍ය two-column layout එකක් එක්ක තියෙන කඩදාසි වල පෙනුම දීල තියෙන තීම් එකක්. කඩදාසි පෙනුමත් එක්ක ඔයාලගෙ logo එක ටිකක් නොගැළපෙන්න ඉඩ තියෙනව, ඒ නිසා ඒක ගැනත් හිතන්න, නැතිනම් ඉතින් දීල තියෙනව වගේ සුදු පැහැති අකුරුම යොදන එකම හොඳයි.

__________________________________________________________________
මේවට හිත ගියානම් හෝ, තව ඔයාලගෙ අදහස් තියෙනව නම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා. තව ඔයාල දන්න templates තියෙන අඩවිත් කියන්න.

Friday, June 25, 2010

කාලෙකට පස්සෙ

කාලෙකට පස්සෙ කිව්වට සති දෙකයි මට ලිපියක් දාන්න බැරි උනේ. මොකද කිව්වොත් අපේ ගෙඩහ්‍ර පොඩි කරදර ටිකක්, ඉතින් ඒව මේව නිසා ලිපියක් ලියන්න හරි හමං නිවාඩුවක් ලැබුනෙ නෑ, (ඒ උනාට කොහොමෙං කොහොමහරි Guide To CSE අඩවියටයි Photography සිංහලෙන් අඩවියටයි ලිපි දෙකක් ලියාගත්ත.)
තාම ඒ කරදර නම් ටික ටික තියෙනව, නමුත් මේ සති අන්තයේ නම් මේ බ්ලොග් එකට ලිපියක් ලියන්න තමා හිතාන ඉන්නෙ. පුළුවන් වෙයි කියල හිතනව. ටිකක් වැඩ කටයුතුත් තියෙනව, assignments, courseworks, වගේ ඒව එහෙම. :)
එහෙනම් ලිපියකින් හමු වෙමු. කියන්නකො බලන්න ඔයාල වැඩිපුරම කැමති මොන ජාතියෙ ලිපි වලටද කියල, මම මෙතෙක් ලියල තියෙන.
ආ කියන්න අමතක උනානෙ උපන්දිනයකුත් ලඟ පාත එනව, (ලොකු එකක් නෙමෙයි පළවෙනි උපන්දිනය. කාගෙද කියල හෙට අනිද්දට කියන්නම්කො. :) )

Saturday, June 12, 2010

[තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද] තොටගමුව නොව අපගමුව


මෙන්න තවත් තොටගමුවේ හමුදුරුවන්ගෙ කතාවක්.

ජනප්‍රවාද වල හැටියට තොටගමුවේ හාමුදුරුවො, ගුප්ත විද්‍යාවන්ගේ කෙල පැමිණියෙක්. උන්නාන්සෙ යක්කුන්ගෙනුත් වැඩ ගත්තලු. මේ වැඩට ගත්තු යක්කු, හිමාලයෙන් ගෙන්නගත්තු උන්ලු.
දවසක් ඉතින් හාමුදුරුවො දුර බැහැර බණකට වැඩල ආපහු පංසලට වඩිනව, හොදටම රෑ වෙලා තනියම. හාමුදුරුවන්ට මහන්සියයි තනිකමයි පාළුවයි නිසා හාමුදුරුවොමොකද කළේ, කතා කළා යක්කු දෙතුන් දෙනෙක්ට, ගෙන්නල කිව්ව,

"මාව තොටගමුවට ගෙන යව" කියල.

යක්කු මොකද කළේ, තොටගමුව කිව්වෙ තමුන්ගෙ ගම කියල හිතල තමුන් අරක් අරන් ඉන්නෙ හිමාලයට අහසින් යන්න පටන් ගත්ත. හාමුදුරුවන්ට හරිම මහන්සියි, ඉතින් හාමුදුරුවො සැතපුනා ටිකක්. ඔන්න එක පාරට ඇහැරිච්ච හාමුදුරුවො බැලුව මොකද බොලේ මේ තමුන්ව මුහුද උඩින් අරන් යන්නෙ කියල.
ඉතින් හාමුදුරුවො යක්කුන්ගෙන් ඇහුව මේ කොහෙද මේ යන්නෙ කියල. විස්තරේ ඇහුවම හාමුදුරුවන්ට තේරුනා තමුන් කියපු දේ යක්කු වැරදියට තේරුම් අරන් කියල. ඉතින් හාමුදුරුවො ආපහු කිව්ව,

"තොටගමුවට නොව අපගමුවට ගෙන යව" කියල.

ඔන්න ඉතින් යක්කු, හාමුදුරුවන්ගෙ අණ පිළිපදිමින් හාමුදුරුවන්ව තොටගමුවට ඇරලුව.

Wednesday, June 9, 2010

Blog එකේ ට්‍රැෆික් වැඩි කරගන්න

.
Smak ly කියන්නෙ Social News Network එකක්. මේකෙ තියෙන social widget එකෙන් content aggregation, rate, recommend කරල, බ්ලොගර්ස්ලට වැඩිපුර ට්‍රැෆික්, වැඩිපුර backlinks එකතු කරනව.