Sunday, December 15, 2019

Widgets

ඔබගේ ඉංග්‍රීසි වාග් මාලාව (Vocabulary) වැඩි දියුණු කරගන්න මේවා කරන්න

මේක සමහර අයට තිබෙන ප්‍රශ්නයක්.
කොහොමද මගෙ English Vocabulary එක වැඩි දියුණු කරගන්නෙ?
මොකද වැඩිපුර ඉංග්‍රීසි වචන දන්නකොට අනිත් අය කියන දේවල් පහසුවෙන් තේරෙනව වගේම හොඳ වචන භාවිතයක් කරන්නත් පුළුවන් වෙනව. 



ඉතින් මේක කරගන්නෙ කොහොමද කියල මම සරළව අයිතම කිහිපහකින් කියන්නම්. 

1. ඔබට හමුවන අලුත් වචන වල තේරුම් සොයන්න. 
එවෙලෙම හරි, එවෙලෙ බැරි නම් පසුව බලන්න පොඩි පොතක, ෆෝන් එකේ නෝට් එකක් දාගෙන තියාගෙන බලන්න.

2. ඔබගේ මිතුරන්ගෙන් අහන්න.
නොදන්න වචනයක තේරුම් ඒක දන්න මිතුරෙක්ගෙන්, නෑදෑයෙක්ගෙන්, ගුරුවරයෙක්ගෙන් අහල දැනගන්න. 

3. දිනපතා කියවන්න.
දිනපතා ඉංග්‍රීසි පොත්, පුවත්පත්, බ්ලොග්, කියවන්න මිනිත්තු 15 - 20ක කාලයක්වත් ගත කරන්න. ඒ කියවන්න ලැබෙන ඉංග්‍රීසි වචන වල තේරුම් ඉහත 1, 2 අනුව සොයාගන්න.

4. ඉවසිලිවන්ත වෙන්න.
හදිසි වෙන්න එපා. ඔබගේ වාග්මාලාව සෙමෙන් දියුණු කරගන්න, දියුණු වෙන්න ඉඩ දෙන්න. 

5. Podcasts, Audiobooks වලට සවන් දෙන්න.
පොතක්, පුවත්පතක් කියවන්න වෙලාව හා අවස්ථාව නැති නම් යන එන ගමන් podcast එකකට , Audiobook එකකට සවන් දෙන්න. 

6.  Mnemonic Devices (Memory devices) ක්‍රමය භාවිතා කරන්න.
දෙයක් මතක තියාගන්න අපි කලාත්මක ක්‍රම භාවිත කරන්න. අන්න ඒවට තමයි Mnemonic Devices කියල කියන්නෙ. උදා: ඉස්කෝලෙ යන කාලෙ ආවර්තිතා වගුව මතක තියාගත්තෙ, දිශා 8 මතක තියාගත්තෙ (උපාලි ඊළඟ නැවෙන් ගිහින්....), මාස වලට දින කීයද කියල knuckles භාවිතා කරන්නෙ. අන්න ඒවගෙ ඒව තමයි Mnemonic Devices.

7. ලියල තියාගන්න.
පස්සෙ බලන්න, තේරුම් හොයන්න, මතක් කරගන්න අලුත් වචන ලියල තියාගන්න.

8. හැම කියවීමක්ම ලිවීමක්.
අපි මතකයේ ලියවිලා තියෙන දෙයක් ආපහු මතක් කරනව කියන්නෙ මතකය කියවනව කියන එක. ඒ කියන්නෙ ආපහු ඒක මතකයේ ලියවනවත් කියන එක. ඉතින් මතකයේ තියෙන අලුත් වචන, නැවත නැවත මතක් කරන්න. 

9. සරළ වෙන්න, සංකීර්ණ නොවෙන්න.
සරළ කෙටි දෙයක් නිවැරදිව භාවිතය, සංකීර්ණ දිග දෙයක් වැරදිව භාවිතා කිරීමට වඩා හොඳයි. ඉතින් අමාරු වචනයක් මතක තියාගන්නවට වඩා වටිනව, ඒ තේරුමම දෙන්න පුළුවන් සරළ වචන කිහිපයක් මතක තබා ගන්න එක. 

මීට අමතරව ඔයාලගෙ ක්‍රම තියෙනව නම් මම ආරාධනා කරනව කමෙන්ට් එකකින් ඒක අනිත් අයත් එක්කත් බෙදා හදා ගන්න කියල.


============================================================

English Learning සම්බන්ධව මම ලිව්ව සියළුම ලිපි කියවන්න මෙතනින් යන්න. 

============================================================

මගෙ බ්ලොග් එකට සබ්ස්ක්‍රයිබ් වෙලා නැතිනම් දැන්මම සබ්ස්ක්‍රයිබ් වෙන්න. එතකොට අලුත් ලිපි ඔයාලගෙ ඊ මේල් ඉන්බොක්ස් එකට එවෙලෙම එනව. ඒකට පහත බොක්ස් එක භාවිතා කරන්න. 

Enter your email address:


Delivered by FeedBurner
============================================================

1 comment:

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.