Tuesday, October 29, 2019

Widgets

ඔබගේ ඉංග්‍රීසි හැකියාව දියුණු කරගන්න ක්‍රම 100ක් - දෙවන 25

ඔබට මතකයිනෙ මම මේ මාතෘකාව යටතේම "පළමු 25" කියල ලිපියක් ලිව්ව.
ඒක බලන්න මේ පහත සබැඳීයෙන් යන්න.
https://madhawaweblog.blogspot.com/2019/09/100-tips-to-improve-english-part-1.html

මම මුලින්ම ඉංග්‍රීසි භාෂා හැකියාව දියුණු කරගන්න ටිප්ස් කිහිපයක් එක්ක ලිව්ව ලිපිය බලන්න මේ සබැඳිය භාවිතා කරන්න.

https://madhawaweblog.blogspot.com/2019/01/learn-to-speak-english.html

හරි එහෙනම් මේ ක්‍රම 100යේ ලිපි මාලාවේ දෙවන කොටස. 26 - 50 දක්වා ටිප්ස්.


  1. දේවල් කියවනකොට සම්පූර්ණ වාක්‍යම නැතිනම් වාක්‍යයක හැම කොටසක්ම තේරුම් ගන්න උත්සාහ කරන්න එපා. සරළව එහි අදහස තේරුම් ගන්න උත්සාහ කරන්න. පසුව නොතේරෙන වචන, වාක්‍ය කොටස් පිළිබඳ සොයා බලා තේරුම් ගන්න. 
  2. ඔබට නොතේරෙන වචන තිබෙන විට ඒ වාක්‍යයේ අනෙකුත් වචන සමඟ වාක්‍යයේ අදහස තේරුම් ගන්න උත්සාහ කරන අතරෙ අර නොදන්නා වචනයේ තේරුම තේරුම් ගන්න උත්සාහ කරන්න. වටේ තියෙන වචන හරහා ඔයාට ඉඟියක් ගන්න පුළුවන් වෙයි. ඒ තේරුම එක්ක යළි වාක්‍ය තේරුම් ගන්න. පසුව නිවැරදිම තේරුම සොයා බලන්න.
  3. වචනයකට සමාන තේරුම් තිබෙන පද හඳුනා ගන්න උත්සාහ කරන්න. එතකොට ඔබට වචන තේරුම් ගැනීම වඩාත් පහසු වෙනවා.  (උදා: Scribe = Write, Minimum = Small)
  4. අලුත් වචනයක් ඉගෙනගත්තම ඒකෙ තියෙන අනෙකුත් අවස්ථා පිළිබඳත් සොයා බලන්න, ඉගෙනගන්න. උදා: Beautiful (Adjective-නාම විශේෂණ පදය), Beauty (Noun-නාම පදය), Beautifully (Adverb-ක්‍රියා විශේෂණය)
  5. උපසර්ග පද ඉගෙනගන්න. (Prefixes and Suffixes). ඒවායින් වචන වල තේරුම් වෙනස් වන හැටි ඉගෙනගන්න. ඒ හරහා ඔබගේ Vocabulary එක දියුණු කර ගැනීම තවත් පහසු වේවි. (Prefixes = dis---, un---, re--- = DISlike, UNresponsive, REwork, Suffixes = ---ly, ---ment, ---ful = correctLY, achieveMENT, beautiFUL)
  6. ඔබට හැකි සෑම විටම හැකි සෑම අවස්ථාවකදීම ඉංග්‍රීසි භාවිතා කරන්න. 
  7. ඔබ ඉංග්‍රීසි කියවනකොට, අහගෙන ඉන්නකොට කිසිම වෙලාවක ඒක ඔබගේ මව් භාෂාවට පරිවර්තනය කර කර තේරුම් ගන්න උත්සාහ කරන්න එපා. ඉංග්‍රීසියෙන් හිතන්න. ඉංග්‍රීසියෙන් ඔබ සමඟ සිතින් කතා කරන්න. එතකොට ඔබගේ ඉංග්‍රීසි භාෂා හැකියාව තව තවත් දියුණු වෙනවා. 
  8. ඉංග්‍රීසි භාෂාව පෙළ පොත් කියවලම ඉගෙනගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබට එය භාවිතා කරන්නම සිද්ද වෙනවා. 
  9. ඉංග්‍රීසි ව්‍යාකරණ ඉගෙන ගන්න තිබෙන පහසුම ක්‍රමය තමයි ඉංග්‍රීසියෙන් කතා කරන එක එතකොට ටික ටික ඔයාට ඉබේම ව්‍යාකරණ රීති මතක හිටිනවා. ඔබ එන්න එක්ක නිවැරදිව කතා කරන්න ගන්නවා. 
  10. ඉංග්‍රීසියෙන් දින පොතක් ලියන්න. මුලදි වාක්‍ය කිහිපයකින් ආරම්භ කරන්න. පස්සෙ ටික ටික වැඩි කරන්න. එතකොට ඉංග්‍රීසියෙන් ලියන පුරුද්ද ඔබට ඉබේම එනව. ඒ හරහාම ඔබ දියුණු වෙනවා. 
  11. ඉංග්‍රීසියෙන් ලියන බ්ලොග් එකක් ආරම්භ කරන්න. ඔබගේ දැනුම, අදහස් ඉංග්‍රීසියෙන් ලියල ලෝකය එක්කම බෙදා හදා ගන්න 
  12. ඔබට හොඳ ඉංග්‍රීසි කතුවරයෙන් වෙන්න ඕනෙ නම් මුලින් ව්‍යාකරණ, අක්ෂර වින්‍යාසය ගැන හිතන්නෙ නැතිව කොලේක හිතෙන හිතෙන දේවල් ලියන්න. ඔබට අවශ්‍ය ආකෘතිය ගැන පමණක් හිතන්න.  Brain Storm කරන්න. එහෙම සකස් කරගත්තට පස්සෙ, ව්‍යාකරණ, අක්ෂර වින්‍යාස ගළපමින් ඔබේ නිර්මාණය සිදු කරන්න. අන්තිමට ඒක වඩා දැනුමැත්තෙක්ගෙ අතට දීල සෝදුපත් කියවාගන්න. 
  13. විරාම ලකුණු ගැන අවදානය යොමු කරන්න. මොකද වැරදි තැනක යොදන කොමාවකින් මුළු වාක්‍යකම තේරුම කනපිට හරවන්න පුළුවන්. ඒ නිසා විරාම ලකුණු නම් වරද්දගන්න එපා. උදා: බලන්න මේ වාක්‍ය දෙක. 1. A woman without her man is nothing”. 2. “A woman: without her, man is nothing”. පේනවනෙ? එකම වචන සෙට් එකට විරාම ලකුණු දෙකකින් කරපු වෙනස?
  14. ඔබ ගායනයට දක්ෂද? ඉතින් ඇයි ඔබගේ ඉංග්‍රීසි දැනුම ඉංග්‍රීසි ගීත හරහා දියුණු කර නොගන්නෙ? ඉංග්‍රීසි ගීත ඉගෙනගන්න. ඒව ශබ්ද නගා ගායනා කරන්න. ඒකෙන් ඔබගේ ඉංග්‍රීසි දැනුම විතරක් නෙමෙයි, ඔබගේ ගායන හැකියාවත් දියුණු වෙනවා. 
  15. ඔබට ඉංග්‍රීසි කතා කරන්න බයද, කෙනෙක් නැද්ද? Chat rooms, Forums, Community Sites කියන්නෙත් හොඳ විසඳුමක්. ඒවා හරහා වෙනත් අයත් එක්ක ඉංග්‍රීසියෙන් චැට් කරන්න ඔබට පුළුවන්, ඉංග්‍රීසියෙන් ඔබගේ අදහස් ලියන්න පුළුවන්. 
  16. ඉංග්‍රීසි කියන්නෙ භාෂා කථනයේදී සමහර තැන් වල වචනය බර කරල කතා කරන භාෂාවක්. ඒක අපි ඉගෙනගන්න ඕනෙ. නැත්තම් වචන වන හරි උච්ඡාරණය ගන්න බෑ. ඒක හරිම ලේසි දෙයක්. එසේ බර කරල ශබ්ද කරන්නෙ අනිවාර්යයෙන්ම ස්වරයක්. (a,e,i,o,u). ස්වර එකක් තියෙන වචනයකදී ඒ ස්වරයත්, ස්වර දෙකක් හෝ කිහිපයක් තිබෙන වචනයකදී දෙවන ස්වරයත් මත තමයි බර යෙදෙන්නෙ. උදා: beGIN, TEAcher, HAPpy....  වශයෙන්.
  17. ඉංග්‍රීසි භාෂාව භාවිතා වන දෙබස් තිබෙන වැඩසටහන්, කතා බලන ගමන් ඒ දෙබස් අනුකරණය කරන්න. වාක්‍ය කිහිපයක් අහගෙන ඉඳල,  ඒක pause කරල ඒ වාක්‍ය ඒ විදිහටම කියන්න. ඒ කතා වල තිබෙන රටාව, කතා විලාසය ඉගෙන ගන්න. 
  18. නිවසේ, වාහනයෙදී, ගමන් බිමන් වලදී ගුවන්විදුලිය අසනවාද? එසේ නම් ඉංග්‍රීසි වැඩසටහන් වලට සවන් දෙන්න. නිවසේදී හෝ වාහනයෙදී ඔබ උවමනාවෙන් ඒ දෙබස්  ඇසුවෙ නැතත්, ඔබ ඔබගේ කණ ඉංග්‍රීසි වලට හුරු කිරීමක් ඔබට නොදැනීම සිදු කරනවා. 
  19. පොඩි කාලෙ ඉංග්‍රීසි කාලච්ඡේදයේදී කරපු Dictation මතකද? ඇයි දැනුත් ඔබට ඒක කරන්න පුළුවන්. ඔබ සවන් දෙන ඉංග්‍රීසි ලියන්න පුරුදු වෙන්න. ඔබගේ Listening and writing skills දෙකම ඒකෙන් වැඩි දියුණු වෙනවා. 
  20. හුඟක් අය තමන්ගේම කටහඬ අහන්න කැමති නෑ. නමුත් මෙතනදි නම් එහෙම වෙලා බෑ. ඔබ ඉංග්‍රීසියෙන් කතා කරන දේවල් පටිගත කරන්න. ඒවා යළිත් අසන්න, ඔබගේ වචන උච්ඡාරණය, භාෂා විලාසය ඔබම පරික්ෂාවට ලක් කරන්න. එවිට ඔබටම හැකියාව ලැබෙනවා ඔබගේ දුර්වලතා හඳූනා ගන්න. 
  21. ඔබගේ ඉංග්‍රීසි ගුරුවරයා කියනා දේවල් ඔබ පටිගත කර ගැනීමට අවසර ගන්න. ඒ පටිගත කරගත් කටහඬ යළිත් අසමින්, ඔහුගේ / ඇයගේ භාෂා විලාසය, වචන උච්ඡාරණය හරහා ඉගෙනගන්න උත්සාහ කරන්න. (ඔබගේ ගුරුවරයා හොඳින් ඉංග්‍රීසි හසුරවන්නෙක් යයි උපකල්පනය මත.)
  22. ඉංග්‍රීසි - ඉංග්‍රීසි ශබ්ද කෝෂයක් භාවිතා කරන්න. එවිට ඔබට හැකියාව ලැබෙනවා ඉංග්‍රීසි සිංහලට පරිවර්තනය කරමින් තේරුම් ගන්න උත්සාහ කරන්නෙ නැතුව, ඉංග්‍රීසියෙන්ම හිතන්න, දේවල් තේරුම් ගන්න උත්සාහ කරන්න, ඉගෙන ගන්න. ඉංග්‍රීසි - සිංහල ශබ්ද කෝෂ නම් භාවිතයට ගන්න උත්සාහ කරන්නම එපා. 
  23. ඉංග්‍රීසි - ඉංග්‍රීසි ශබ්ද කෝෂයක් භාවිතා කරන්න අපහසු නම් ඔබට තවත් විසඳූමක් තිබෙනවා. ඒ තමයි English Learners' Dictionaries. මේවා සකසා ඇත්තේ විවිධ මට්ටම් වල ඉංග්‍රීසි ඉගෙනගන්න සිසුන් සඳහාමයි. 
  24. ශබ්ද කෝෂයක් කියන්නෙ, පහසුකමක් / අත්වැලක් පමණයි. ඒක ඔබගේ ගුරුවරයා කරගන්න උත්සාහ කරන්න එපා. නොදන්නා වචන වල තේරුම් හිතලම තේරුම් ගන්න උත්සාහ කරන්න. 
  25. අතාරින්න එපා. ධනාත්මකව හිතන්න. ඔබට සමහර අවස්ථා වලදී හිතෙන්නට පුළුවන් ඔබට අවශ්‍ය තරම් ඉක්මනින් ඔබ ඉගෙනගන්නේ නෑ කියල. හුඟක් අයට මෙහෙම හිතෙනව. එහෙම හිතුන කියල අත අරින්න එපා. ටික ටික හරි ඔබට ඔබගේ ඉලක්කයට යන්න ශක්තිය ලැබෙනව. 
හරි අදට ඇති. මේ මාතෘකාව යටතේ එතකොට තව ලිපි 2ක් එනව. මම 100ක ලිව්වට පස්සෙ ඒ 100 එකතු කරල තව දේවලුත් එකතු කරල PDF එකක් වශයෙන් ඒක ඔයාලට ලබා දෙන්න බලාපොරොත්තු වෙනව ඔයාලට අත් පොතක් වශයෙන් භාවිතා කරන්න පුළුවන් වෙන්න. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න.

මගෙ බ්ලොග් එකට සබ්ස්ක්‍රයිබ් වෙලා නැතිනම් දැන්මම සබ්ස්ක්‍රයිබ් වෙන්න. එතකොට අලුත් ලිපි ඔයාලගෙ ඊ මේල් ඉන්බොක්ස් එකට එවෙලෙම එනව. ඒකට පහත බොක්ස් එක භාවිතා කරන්න. 

Enter your email address:


Delivered by FeedBurner



2 comments:

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.