Wednesday, January 21, 2015

Widgets

අලුත් බ්ලොග් කියවනයක් හා දැන් කාලෙ සිංහල බ්ලොග් ලියවිල්ල

මම සම්බන්ධ වෙලා ඉන්න පොඩි වැඩක් ගැන කියන්න සහ මේ කාලෙ සිංහල බ්ලොගිං ගැන මට හිතෙන දේවල් ටිකකුත් එකතු කරන්න තමයි මේ ලිපිය ලියන්න හිතුවෙ. ඒත් එක්කම පරණ බ්ලොග් කරුවන්ට ඒ කාලෙත් පොඩ්ඩක් මතක් කරන්න. 


"ලක් දැල" නැතිනම් "LK Grid" නමින් අලුතින්ම සිංහල බ්ලොග් සින්ඩිකේටරයක් අන්තර්ජාලයට එකතු වෙලා තිබෙනවා. 

"LK Grid" වෙබ් අඩවිය හරහා අනාගතයේදී තවත් වෙනත් සේවාවන් ලබා දෙන්න වැඩ කටයුතු සැළසුම් වෙමින් පවතිනවා. මුල්ම සේවාව හැටියට ඔබ වෙත ගෙන එන්නේ මේ සිංහල බ්ලොග් කියවනයයි.

මෙහි යම් නීති රීති ටිකක් තිබෙනවා. සමහරවිට ඔබට හිතේවි මේ නීති නම් තද වැඩිද මන්ද කියල. නමුත් එවන් නීති දැම්මෙ දැනට සිංහල බ්ලොග් ලියන්නන් කරන යම් යම් වැරදි යම් ප්‍රමාණයකට හරි අඩු කරන්න පොඩි තල්ලුවක් දෙන්න.
උදා: වෙනත් අඩවි වලින් කොපි පේස්ට් බෑ, පුවත් අඩවි වලින් එහෙමම දාන්න බෑ, රූප විදිහට ලිපි තියෙන්න බෑ, යුනිකෝඩ් වෙන්න ඕනෙ පුළුවන් තරමක්, සියළුම ඉල්ලීම් බ්ලොග් අඩවියේ ඇති ලිපි පරික්ෂා කිරීමෙන් අනතුරුව සළකා බලන්නෙ, එක එක තේරුමක් නැති ගැජට් එල්ලන් ඉන්න බෑ, තවත් තියෙනවා.

ප්‍රධානම නීතිය: ඔබගේ බ්ලොග් අඩවියේ තිබෙන ලිපි ගුණාත්මක භාවයෙන් ඉහළ වෙන්න ඕනෙ. 

මොකද මෙහෙම නීති දාන්න හේතුව?
අලුතින් ඇවිල්ල තිබෙන හුඟක් සිංහල බ්ලොග් ලියන්නන් කරන වැරදි තමයි, එහෙන් මෙහෙන් අහුල ගත්තු දෙයක් හොයන්නෙ බලන්නෙ නැතිව ඔහේ හිතේ හැටියට ලියල දානව. ලියනව කිව්වට සමහර ඒවයෙ වැකි නෙමෙයි තියෙන්නෙ, වචන වල ඉස්පිලි පාපිලි නෑ, ලියන සමහර දේවල් කිසිම තේරුමක් නෑ, සමහර ඒව බොරු. සමහර අඩවි වලට යන්න බෑ පරිගණකයත් එක්ක ස්ලෝ වෙනව. දැන හෝ නොදැන මැල්වෙයා දාගෙන, එක එක තේරුමක් නැති ස්ක්‍රිප්ට්ස් දාගෙන බ්ලොග් එක විනාස කරගෙන, ලෝඩ් වෙන්න හැට පැයක් යනවා.......
ඉතින් එහෙම බ්ලොග් වලට ඇත්තටම "ගුණාත්මක අන්තර්ගතයක් තිබෙන බ්ලොග් එකක්" කියන්න බෑනෙ. අන්න එහෙම ඒව අපි මේ සින්ඩියට එකතු කරන්නෙ නෑ. තරහ වෙන්න එපා. 

බ්ලොග් එක පිළිවෙලට ලස්සනට හදාගෙන, ලස්සනට වැදගත් විදිහට ලිපි ලියන බ්ලොග් වලට අපි ඉහළින්ම තැන දෙනව. ඉතින් අන්න එහෙම මට්ටමකින් එන්න.

මම සිංහල බ්ලොග් එකක් හදල ලියන්න ගත්තු කාලෙ සිංහල බ්ලොග් 50ක්වත් තිබුණෙ නෑ. හැබැයි ඒවායේ තිබුණු අන්තර්ගතය වටිනව, ගුණාත්මකයි. දැන් නම් ඒ කාලෙ බ්ලොග් ලිව්ව බොහොමයක් අයගෙ බ්ලොග් වසර ගාණකින් යාවත්කාලීන වෙලා නම් නෑ. නමුත් ටික දෙනෙක් ඉන්නව තාමත් ලියන. (මම ඇතුළුව)

ඒ කාලෙ අපි හැමෝගෙම දැක්මක් තිබුණ.
මොකද්ද?
"අන්තර්ජාලය තුළ ගුණාත්මක භාවයෙන් ඉහළ සිංහල අන්තර්ගතයක් ඇති කිරීම"
ඉතින් අන්න ඒක හිතාගෙන තමයි ඒ කාලෙ අපි ලිපියක් උනත් ලිව්වෙ. 

දැන් සිංහල බ්ලොග් ලියන අයට නම් එහෙම කිසිම හැභීමක් නෑ. හුඟක් අය වැඩිපුරම හොයන්නෙ Alexa Rank එක ඉහළ නංවගන්න, Traffic වැඩි කරගන්න විතරයි. බ්ලොග් එකේ වැදගත් දෙයක් ලියන එක නෙමෙයි. ඒවට එක එක ක්‍රම හොයනව. නමුත් එයාල දන්නෙ නෑ ඒකට තියෙන හොඳම ක්‍රමය "ගුණාත්මක ලිපි ලිවීම" කියල. 

දැනටමත් බ්ලොග් කිහිපයක් එම කියවනයට ඇතුළත් කරල තිබෙනවා. ඔබටත් පුළුවන් ඔබගේ බ්ලොග් අඩවිය ඇතුළු කරන්න ඉල්ලුම් කරන්න. පැය කිහිපයකින් ඇතුළු නොවේවි. නමුත් දිනක් දෙකක් ඇතුළත ඔබට පණිවුඩයක් ඒවි, බ්ලොග් එක ඇතුළත් කළාද නැද්ද කියල. (ඇතුළත් කලේ නැතිනම් ඒකට හේතුවත්).

එහෙනම්, අන්තර්ජාලය තුළ ගුණාත්මක භාවයෙන් ඉහළ සිංහල අන්තර්ගතයක් ඇති කිරීමට දායක වීමට ඔබටත් හැකි වේවායි පතනවා.

ලක් දැල මුහුණු පොතේ පිටුවටත් එකතු වෙන්න ආරාධනා කරනවා.

ප. ලි.: කිහිප දෙනෙකුගෙන්ම මට අසන්නට ලැබුණා ඔවුන්ගේ බ්ලොග් එක එකතු කළාද නැතිද යන වග සඳහන් කර එවන ලද ඊ ලිපිය ඔවුනට ලැබුණේ නැති බව.
බොහෝවිට එම ලිපිය ස්පෑම් ෆෝල්ඩරයට ගියා වන්නට පුළුවන්. එම නිසා ඔබ බ්ලොග් අඩවිය එකතු කරන්නට පෝරමය පුරවා info[at]lkgrid[dot]com ඊ මේල් ලිපිනය ඔබගේ Address Book එකට එකතු කරගන්න. එවිට, ලක් දැල හරහා එන සියළුම ඊ ලිපි ඔබ වෙත පැමිණේවි. 

16 comments:

  1. හපොයි ඔච්චර මැරෙන්න ඕනයැ.. මේ ආතල් එකට ලියන එකට.. හැක්

    ReplyDelete
    Replies
    1. අනිවා, එහෙම ලියන එකට කිසිම අවුලක් නෑ. ආතල් එකට ලිව්වත් ගුණාත්මකභාවය කියන එක ඒකෙත් තියෙන්න පුළුවන්නෙ
      සරළ උදාහරණයක් ගමුකො. ඔයාගෙ බ්ලොග් එක. http://deshakaya.blogspot.com/
      මේක ඔයා දැන් ලියන්නෙ ආතල් එකටනෙ. නේද? නමුත් ඒකෙ තිබෙන ලිපි, මගේ මතයේ හැටියට මේ නීති මාලාවට අනුකූලයි. :) ලිපි ගුණාත්මකයි.

      Delete
    2. හැක් හැක්.. මේක දාලා දෙන්ටකෝ අයියේ එහෙනං..

      atw-cmb.blogspot.com

      වැඩේ සාර්ථක වේවායි පතමි.. මං ඔය නීති රීති වලට කැමති නැහැ.. ස්වයං හික්මීම ගැන විතරයි දන්නේ..

      Delete
  2. ඉස්සල්ලා පටන් ගත්තානම් හොදයි... පස්සේ නීති දාගන්න... නැත්තම් ඉතින්..................

    ReplyDelete
    Replies
    1. බලමු අපි කරල. නේද මිත්‍රයා. :) නීති මුලින් දාගත්තෙ නැති නම් පවත්වාගෙන යන්න අමාරුයි නේද?

      Delete
    2. අවුලට හිතන්න ඒපා.... විහිලුවට වගේ කිව්වේ........ අපි දක්වන්න හැකි සහයක් දෙන්නම්.......... දිගට ම කරමු.........

      Delete
    3. අවුලක් හිතුවෙ නෑ මම. හෙල්ප් එකක් දෙන්න ඉතින්. ඔයාගෙ බ්ලොග් එකත් මම අහු වෙන වෙලාවට කියවන, හොඳ බ්ලොග් එකක්.

      Delete
  3. Rules එච්චරම තද නැහැ..
    වැඩේ හොදයි...

    ReplyDelete
  4. මුලින්ම ලක් දැල සින්ඩිකේටරයට මගේ සුබ පැතුම්.

    එක අතකට ගුණාත්මකභාවය ගැන වැඩි සැලකිල්ලක් යොමු කරන එකත් හොඳ දෙයක්. ලිපි ල්ව්වේ නැත්නම් බ්ලොග් අඩවිය ඉවත් කරන කාල සීමාව තෙමසක් (දින 90ක්) දක්වා දීර්ග කරන්න පුලුවන් ද ? මතක විදිහට සංසදයෙත් දින අනූවක් වෙනකන් කාල සීමාවක් තිබුනා.

    ReplyDelete
    Replies
    1. නීතිය අපැහැදිලියි වගේ.
      බ්ලොග් අඩවිය සින්ඩියෙන් ඉවත් වෙන්නෙ නෑ. නමුත් ලිපි ලැයිස්තුවෙන් ඉවත් වෙනවා. මොකද සින්ඩිය හදල තිබෙන්නෙ තියෙන ඔක්කොම බ්ලොග් වල අවසාන මාස 2ක ලිපි තබාගන්න විතරයි.

      Delete
  5. ඇත්තම කතාව.මන් බ්ලොග් එක ලියන්න ගත්තේ 2012 සැප්තැම්බර්.මං දැනගෙන හිටියේ නෑ බ්ලොග් ගැන මෙලෝ දෙයක්.ඒත් මට ඕනි උනේ මගේ ආශාව ඉටු කරගන්න.කල් යද්දී හැම බ්ලොග් 1ක්ම කියෙවුවා.සමහර ඒවා කුණුහරප.සමහර ඒවා කවි.ගුණාත්මක ගීත වෙනස් කරලා එයාගේ වචන දාලා.හොද ගුණාත්ම ලිපි තියෙන බ්ලොග් 4ක් 5ක් වගේ තමා දැකලා තියෙන්නේ.වෑයටම ගොඩක් සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. නරක ඒවත් තිබෙනවා. හොඳ ඒවත් තිබෙනවා. තව බලන්න.
      මේ බ්ලොග් කියවනය හරහා ගුණාත්මක ලිපි ලියන බ්ලොග් ප්‍රසිද්ධ කරන්න මම උත්සාහයක් ගන්නවා. ගිහිල්ල බලන්න. ඔයාගෙ එකත් එකතු කරන්න.

      Delete
  6. ඔන්න මමත් එකතු කළා. හොඳ බ්ලොග් සින්ඩිකේටර් එකක අවශ්‍යතාව මතු වුනු කාලයක්.

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ request එකත් මම බලන්නම්. බොහොම ස්තුතියි අදහසට.

      Delete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.