Saturday, June 29, 2013

Widgets

ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද?

"ආරම්භය" 

 "පුතා ලොකු උනාම කවුරු වෙන්නද හිතාගෙන ඉන්නේ?" නැත්තම්, "දුව ලොකු උනාම කවුරු වෙන්නද කැමති?" කියල පොඩි දරුවෙක්ගෙන් ඇහුවොත් ඔහු / ඇය දෙන පිළිතුර කුමක්ද? 
"මට ඉංජිනේරුවෙක් වෙන්න ඕනෙ", 
"මම ඩොක්ටර් කෙනෙක් වෙනව", 
"මම ටීචර් කෙනෙක් වෙන්නයි කැමති", 
"මම පයිලට් කෙනෙක් වෙනව" 
කියල තමයි අපිට බහුලව ඇහෙන්නෙ. 
ඒක ඒ දරුවන්ගෙ හීනය. 

නමුත් ඇත්තටම ඒක ඒ දරුවගෙ හීනයමද? 
දන්නෙ අහල තියෙන්නෙ ඒ රැකියාවන් ගැන විතරක් නිසාද? 

ඔයාල පොඩි කාලෙ එහෙම ඇහුවොත් මොකද්ද දුන්න උත්තරය? 

මම කිව්වෙ, "මම ඩොක්ටර් කෙනෙක් වෙනවා" කියල. ඇත්තම කිව්වොත් මම ඒක ගැන ලොකුවට හිතල නෙමෙයි ඒ කාලෙ කිව්වෙ. 

ඔයාල? 

ඔයාල සාමාන්‍ය පෙළ විභාගය ලියන කාලෙ කවුරුහරි ඇහුවනම් ඔය ප්‍රශ්නෙ, අර පොඩි කාලෙ දුන්නු උත්තරේමද ඔයාල දුන්නෙ? පොඩ්ඩක් මතක් කරල බලන්නකො. 
උසස් පෙළ කරන්න යනකොට විෂය තෝරගන්නකොට ඒ විෂයයන් තෝරාගත්තෙ ඇයි? 
ආසාවටද? ගෙදර අය කිව්ව නිසාද? අනිත් අයත් කරන නිසාද? නැත්තම් ඔයාගෙ අනාගතය ඔයාට ඕනෙ විදිහට හැඩගස්ව ගන්න ඕනෙ නිසාද? 

මම පොඩි කාලෙ වෛද්‍යවරයෙක් වෙන්නෙ ඕනෙ කිව්වට මම සාමාන්‍යපෙළ කරන කාලෙ ඒක ඉංජිනේරුවෙකුට වෙනස් උනා. ඉතින් මම ඒක වෙනුවෙන් උසස්පෙළට ගණිතය තෝරාගත්තා.

ඔයාල ඒලෙවල් කරනකොට / කරන්න ලෑස්ති වෙනව නම් ඇයි ඔයාල ගණිතය තෝරාගත්තෙ? විද්‍යාව තෝරාගත්තෙ? වාණිජ තෝරාගත්තෙ? නැතිනම් කළාව තෝරාගත්තෙ? නැත්තම් ඒලෙවල් නොකර කෙලින්ම වෙනත් මාර්ගයක යන්න තීරණය කළේ?

දෙන්න බලන්න උත්තරයක්.

මේ වේදිකා නාට්‍ය ගීතය මතකද?
"විභාගෙ විභාගේ 
එහෙ බැලුවත් විභාගේ........
...............
..... ඉතින් පුතේ නම්බුවක්ගෙ ෆේල් උනත් විද්දියාව විසයෙන් විභාගෙ කොරල...." 
ඔයාලටත් එහෙම වෙයිද / උනාද?

මෙතනින් ආරම්භය ගනිමු මේ ලිපියේ මාතෘකාවට ප්‍රවේශයක් වශයෙන්. 
ඉතින් ඔබගේ පිළිතුරු ලබා දෙන්න ඉහත ප්‍රශ්නයට.

මේ වගේ දේ සම්බන්ධයෙන් ඉදිරියේදී තවත් ලිපි ලියවේවි. "Career-Guidance" කියන ටැගය යටතේ ඔයාලට ඒ ලිපි කියවන්න ලැබේවි. 
ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ලිපිය ගෙන්නගන්න පහත ඔබගේ ඊ ලිපිනය ඇතුළු කරන්න.


වෘත්තීය මාර්ගෝපදේශනය සම්බන්ධව ලිපි ලියවෙන වෙනමම බ්ලොග් අඩවියක් මම ආරම්භ කළා. ඔබ සැමට ආරාධනා කරනව ඊට එකතු වන ලෙස.



ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළු කරන්න:


FeedBurner අනුග්‍රහයෙනි.

15 comments:

  1. මං නම් ගණිතය විෂය ධාරාව තෝරා ගත්තේ ඒ විෂයට වැඩියෙන් ආදරය කළ නිසායි.

    ReplyDelete
    Replies
    1. ඔයා ගැන ඉතින් මම දන්නවනෙ හොඳට. අක්කගෙ අඩි පාරෙම යාවි. :)

      Delete
  2. මාත් එහෙමයි.. වෙන්න හිතුවෙ මොකාද ? ඉගෙන ගත්තෙ තව එකෙක් වෙන්න... දැං වෙන්න හදන්නෙ මොකෙක්ද...

    ReplyDelete
  3. if you continue this really appreciate, because there many guys looking get guidance like me

    ReplyDelete
    Replies
    1. Absolutely. Will do that. But from the number of comments, seams that there are not many as thought. :(

      Delete
  4. සංවාදයට ලක් කළ යුතු අනගි මාතෘකාවකට හොඳ පිවිසීමක්.

    මගේ පිළිතුර නිතර වෙනස් වුනා ... දැනුම බෙදන කෙනෙක් වෙන්න කැමැත්ත ඉස්මතු වී අනෙක් ඒවා කෙමෙන් අඩුවෙලා ගියා .. ගුරුවරියක් වෙන්න නොලැබුනා නම් අවසානයේ ඉතිරි වෙලා තිබිච්ච ඒවයෙන් අනිත් තෝරා ගැනීම වුනේ රේස් කාර් ඩ්‍රැයිවර් කෙනෙක් වීමයි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් කොහොම හරි ඕනෙ තැනට ගියානෙ. :)

      Delete
  5. මට ගැලපෙන දේ මොකක්ද කියල තාමත් මට හරියටම හිතාග අමාරුයි, බලමුකො ඉස්සරහට
    මාධව අයියෙ Guide to Cse මම බලපු මුල්ම බ්ලොග් අඩවිය,ගොඩක් දැනුම ලබාගත්ත ඒකෙන්,මගේ බ්ලොගයේ ඒ ගැනත් ලියල තියනව.

    සිතුම් සයුර

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට බලා ඉන්න නෙමෙයි මල්ලි ඕනෙ, තමුන්ගෙ අනාගතය තමුන්ම නිර්මාණය කර ගැනීම.
      Guide To CSE එක නම් දැන් හුඟ කාලෙකින් අප්ඩේට් කළේ නෑ. :(

      Delete
  6. why we cannot see comments

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නෙ විසඳුවා. සෙටිංස් වල අවුලක් වෙලා තිබ්බෙ.

      Delete
  7. mamath A/l ganithaya thamayi kale,
    habayi mama akamathima ekath ekama thama. Mama e kale indalama kamathi IT walata.
    E wunata waradila wage ucsc set wuna. Dan awulak ne,
    mama danna tharamata dan bahutharayak A/L karanne job ekakatayi salary ekatayi witharayi. E itin ape rate hati. Mama dakapu deyak thamayi A/l walin hondata goda giya kena sahenna samajaya piligannawa, 3A's aran campus giya kena aththatama supiri pudgalayek kiyala ape samajaya piligannawa. Eth e ape rate.
    Mama dakina widihata manussayekta tiyenna one "theoritical knowledge" ekakata wada "practicle knowledge" ekak.
    Me deka athare wenasa apita mehedi nam dakinna amaruyi. Eth wena ratakata gihilla eyalath ekka ekata wada karanakota thamayi aththa therenne.

    Itath katada kiyanna puluwan campus yanna bari wuna kenek adakshayi kiyala. Eth samaje wakrakarawa kiyanne ehema aya adakshayi kiyala.
    Poson ekath pahu wunane, moratuwe awurudu 4k train wunu kenek ta "analog system " ekak pawichchi karala("flasher kotayak" wage) thoranak design karanna kiwwoth karayida?
    Oke anith paththa gaththoth "lankawe lassana thoran design karana hamotama Bsc. ekak tiyanawada?"

    ReplyDelete
    Replies
    1. විභාග කියන්නෙ එක්තරා මාර්ගයට එලඹෙන්න තිබෙන එක්තරා ආකාරයක්. ඒක නෙමෙයි එකම ආකාරය.
      විභාගයකදි අඩු ලකුණක් ගන්න ගොඩක් හේතු තිබෙනවා. එහෙම උනා කියල දිනන්න බෑ කියල කියන්න බෑ. අපි බලමු ඉදිරියට යනකොට මේ ලිපි මාලාවේ. :)

      Delete
  8. හැමෝම විද්‍යාව කරන්න කියද්දී කලා විෂයන් තෝරාගත්තේ මගේ කැමැත්ත නිසා. ඒ නිසා මම අද සතුටින් :)

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.