Thursday, June 28, 2012

අවුරුදු තුනයි

දෙයි හාමුදුරුවනේ, දන්නෙම නැතිව මගෙ බ්ලොග් එකට අවුරුදු තුනකුත් වෙලා. 2009 ජුනි 28 වෙනිද පටන් ගත්තු බ්ලොග් එකට අද වෙනකොට අවුරුදු 3ක් පිරිල. 
මුල් කාලෙ එතරම්ම තේරුමක් තිබ්බෙ නෑ ලියන එක ගැන, නමුත් පස්සෙ මම විවිධ මාතෘකා ඔස්සේ ලිපි ලිව්ව. කොටස් වෙළඳපළ ගැන, ඡායාරූපකරණය ගැන, වෙබ් අඩවි ගැන එහෙම. 
පසුගිය අවුරුද්දෙ වැඩිපුරම ලිව්වෙ නම් වෙබ් අඩවි / බ්ලොග් අඩවි සැදීම සම්බන්ධ ඉඟි හා උපදෙස්. විශේෂයෙන්ම ට්‍රැෆික් ගෙන්න ගන්න එක ගැන එහෙම. ඇයි තොටගමුවේ හාමුදුරුවන්ගෙ ජනප්‍රවාද පෙළ. 
ඒත් මේ අවුරුද්දෙ එතරම් ලිපි නම් ලියවුනේ නෑ. 
පසුගිය වසරේ ලිව්ව ලිපි අතරින්, විශේෂ ලිපි ලෙස කියන්න පුළුවන්, ජනප්‍රිය උනු ලිපි ගැන කිව්වොත් මෙහෙමයි.

"Image Today" බලන්නට ගියෙමි සහ තවත් කතාපොත් ප්‍රදර්ශනේ බලන්න ගියෙමි සහ යන්න ඉන්න අයට උදව්වක්ඊයෙ ගොඩක් විශේෂ දවසක්එදා විහිළු හා අද විහිළු
ඔන්න ඔහොමයි සිද්ධිය.
වෙබ් අඩවි සෑදීමේදී ඔබ නොකළ යුතු දේවල් කියන මාතෘකාවෙනුත් ඉස්සෙල්ල මම දුන්නු පොත් පිංච වගේ පොත් පිංචක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. බලමු ඉදිරියට. :)

Sunday, June 3, 2012

වෙබ් අඩවි සෑදීමේදී ඔබ නොකළ යුතු දේවල් - 3 කොටස

මතක ඇතිනෙ, පසුගිය ලිපි දෙකකින් මම කතා කළා වෙබ් අඩවි සෑදීමේදී ඔබ නොකළ යුතු දේවල් 20ක් ගැන. 
ඉතින් අද තවත් එහෙමම දේවල් 10ක් ගැනයි කියන්න යන්නෙ. 

21. Text Navigation භාවිතා කරන්න. 
වෙබ් පිටු හරහා යාමට තිබෙන හොඳම සහ වේගවත්ම ක්‍රමය තමයි මේක. සමහරක් වෙබ් අඩවි පරිශීලකයින් රූප disable කරලයි අන්තර්ජාලය තුළ සැරිසරන්නේ. 

22. ඔබ යම් PDF ගොනුවකට සබැඳියක් යොදනවා නම් ඒක කියන්න. 
ඔබටත් අත්දැකීම් ඇති, ඔබ සබැඳියක් මත ක්ලික් කළාම ඔබට අවශ්‍ය නැති PDF ගොනුවක් ඕපන් කරන්න Adobe Reader එක ඕපන් වෙනකම් ඔබගේ බ්‍රවුසර් එක හිර වෙලා තියෙනව. මේක හරිම නරකයි. ඔබ ලින්ක් කරන්නෙ PDF ගොනුවකට නම් ඒක ඉස්සෙල්ල කියල තියන්න. එතකොට එම ලින්ක් එක ක්ලික් කරන පුද්ගලයාට පුළුවන් ඒක තමුන්ට ඕනෙ විදිහට හසුරවාගන්න. 

23. වෙබ් අඩවියේ versions ගොඩක් දීල අඩවියට එන පුද්ගලයාව අන්දමන්ද කරන්න එපා.
මම හිතන්නෙ දැන් නම් මේක එතාම් අවශ්‍ය නෑ, මොකද හැමෝම දැන් වේගවත් අන්තර්ජාල සබඳතා වලට හිමිකම් කියනව. ඉතින් ඔබට අවශ්‍ය කුමන bandwidth එකක්ද? 56Kbps? 128Kbps? Flash? HTML? වෙබ් අඩවියට එන මනුස්සය කියන්නෙ, මොකක් හරි කමක් නෑ මට අවශ්‍ය තොරතුරු ටික දෙන්න කියලයි. 

24. තොරතුරු අතරතුර දැන්වීම් පළ කරන්න එපා. 
ඔබගේ ලිපි අතරමැද දැන්වීම් පළ කරන එක ඔබගේ දැන්වීම් වලට ලැබෙන ක්ලික් ප්‍රමාණය අනිවාර්යයෙන්ම වැඩි කරනවා තමයි. නමුත් ඒක කෙටි කාලීනයි. දිගුකාලීනව බැලුවොත් ඒක ඔබගේ කියවන්නන් ගණන අඩු කරනවා. තරහ ගිය පරිශීලකයෙක් කියන්නෙ ඉදිරියටත් ඔබගේ පරිශීලකයෙක් නෙමෙයි. 

25. සරළ Navigation Structure එකක් හදන්න.
සමහරක් වෙලාවට සරල බව තමයි හොඳම වෙන්නෙ. මේක හුඟක් මිනිස්සුන්ටත් තේරීම් කරද්දිත් වලංගුයි. ඔබගේ වෙබ් අඩවියට සරළ හා පිළිවෙලට ඇති Navigation Structure එකක් හදන්න. ඔබගේ අඩවිය තුළ සැරිසරන්නාට සංකීර්ණ දේවල් දීල එයාව අවුල් කරන්න ඕනෙ නෑනෙ. 

26. හැඳින්වීම් දාන්න එපා. 
මේ කියන්නෙ වෙබ් අඩවියට ඇතුළු වෙනකොට මුලින්ම එන්න දාන Intros ගැනයි. හුඟක් අය කැමතියි, තමුන්ගෙ වෙඑබ් අඩවියට කවුරුහරි එනකොට, මේ අඩවිය මොන වගේ එකක්ද කියල ලස්සන ෆ්ලෑෂ් ඇනිමේෂන් එකක් එහෙම දාල, කියන්න. අඩවියට පිවිස්සෙන්නාට අනවශ්‍ය දේවල් ඕනෙ නෑ, එයාට ඕනෙ කරන තොරතුරු ටිකයි එයාට ඕනෙ. 

27. Front Page භාවිතා කරන්න එපා. 
මේක සියළුම බාල ගණයේ HTML Editors වලට අදාල වෙනවා. එයාල පෙන්නනව එබ් ඩිසයින් ගොඩක් පහසු කරනව කියල, නමුත් අවසාන ප්‍රථිඵලය වෙන්නෙ ඉතාම නරක විදිහට හැදුනු කෝඩ්ස් ටිකක්. සමහර බ්‍රවුසර් සපෝට් කරන්නෙ නෑ, වැරදිත් තිබෙනව. 

28. ඔබගේ අඩවිය හැම බ්‍රවුසරයකම හරි හැටි ක්‍රියාත්මක වන ලෙස සකසන්න.
හැම බ්‍රවුසරයක්ම හදල තියෙන්නෙ සමානවෙ නෙමෙයිනෙ. ඒ ඒ එව සමානව නෙමෙයි CSS හෝ වෙනත් භාෂා පරිවර්තනය කරගන්නෙ. ඔබ කැමති උනත් අකමැති උනත් ඉතින් ඔබට සිද්ධ වෙනවා, ඔබගේ අඩවිය විවිධ වෙබ් බ්‍රවුසර වල හරි හැටි ක්‍රියාත්මක වෙනවද කියල පරික්ෂා කරල බලල අවුල් තිබෙනව නම් සකසන්න. නැත්තම් වෙන්නෙ ඔබගේ අඩවියට මිනිස්සු එන එක අඩු වෙන එකයි. 

29. සබැඳියන් තුළ Anchor Texts යොදාගන්න
පිටුවක් ඇතුළෙ ලින්ක් දානකොට ඒ ලින්ක් එකෙන් යන්නෙ කොයි වගේ තැනකටද කියල කියවෙන වචනයක දෙකක විස්තරය තමා මේ ඇන්කර් ටෙක්ස්ට් කියන්නෙ. තමුන් මේ ලින්ක් එක ක්ලික් කළාම යන්නෙ කොයි වගේ තැනකටද කියල කියවන්නා දැන සිටීම ඔහුට ලොකු පහසුවක් වෙනව, මොකද, නිකම්ම Click Here කියල දාන එක එතරම්ම සාර්ථක නෑ. ඒත් එක්කම ඒක SEO වලටත් ගොඩක් හොඳයි. 

30. සබැඳියන් සඟවන්නට එපා
Anchor Text යොදනවාට අමතරව කියවන්නාට හැකියාව තිබිය යුතුයි මේ ලින්ක් එක ක්ලික් කිරීමෙන් පසුව තමන් යන්නෙ කොහෙටද කියල Browser එකේ Status bar එකේ පේන්න. ඒ කිව්වෙ ලින්ක් එකේ URL එක ඔබ නොසැඟවිය යුතුයි. ඒ සබැඳියන් Affiliate Link නිසා හෝ වෙනත් හේතුවක් නිසා හැංගුවොත්, කියවන්නාට ඔබ ගැන තිබෙන විශ්වාසය පලුදු වෙන්න ඒල හේතු වේවි/

තවත් දේවල් ටිකක් එක්ක ඊලඟ ලිපියෙන් හමු වෙමු.