Saturday, April 28, 2012

Widgets

වෙබ් අඩවි සෑදීමේදී ඔබ නොකළ යුතු දේවල් - 2 කොටස

මතක ඇතිනෙ ගිය සතියෙ ලිපියෙන් කතා කළා මේ සම්බන්ධ දේවල් 10ක් ගැන. කියෙව්වෙ නැති අය මෙතනින් ගිහිල්ල කියවන්න. ඉතින් අද තවත් එහෙමම දේවල් 10ක් ගැනයි කියන්න යන්නෙ.


11. ඔබට ශබ්ද ගොනුවක් වාදනය අත්‍යවශ්‍ය නම් එය වාදනය ඇරඹීම භාවිත කරන්නාට කරන්නට දෙන්න.

සමහරක් අවස්ථා වලදි ඔබට යම් දබ්ද පටයක් වාදනය කරවීම අත්‍යවශ්‍ය වන්නට ඉඩ තිබෙනවා. කවුරුන්හෝ පවත්වන කතාවක්, ගීතයක්, වගේ දෙයක්. ඒකට කමක් නෑ, නමුත් අනිවාර්යයෙන්ම ඒක වාදනය කරවීමේ අයිතිය වෙබ් අඩවියට පැමිණෙන්නාට ලබා දෙන්න. ඔහුටම Play බොත්තම ඔබන්නට ඉඩ දෙන්න. 

12. වෙබ් අඩවිය විවිධ Badges වලින් පුරවන්න එපා. 
මේ බැජ් කියල කිව්වෙ විවිධ Networks, Communities වල Logos වැනි දේවල්. මේව තමයි යම් වෙබ් අඩවියක් unprofessional කියල පෙන්වන ප්‍රධානම දේවල් වලින් ටිකක් වෙන්නෙ. ඒ වගේ දේවල් පොඩියට අයිනකින් පමණක් දාන්න. ඒව විතරක්ම නෙමෙයි, ඔබ ලැබූ Awards වගේ දේවල් සම්බන්ධ බැජ් උනත් එච්චරයි, ඒ වගේ දේවල් නම් About Us වැනි පිටුවේ පමණක් යොදන්න. 

13. වෙබ් අඩවියට යන්නට පෙර තවත් නිවෙස් පිටුවක් භාවිත කරන්න එපා. 
සමහර වෙබ් අඩවි වල ඔබ දැකල ඇති අඩවියට ගියාම පොඩි විස්තරයක් නැත්තම් ලොකු රූපයක්/ රූප කිහිපයක් ඇති පිටුවක් ලැබෙනව, ඒකෙ තියෙන ලින්ක් එකක්/බොත්තමක් ක්ලික් කළාම තමයි හරි අඩවියට යන්නෙ. හුඟක් අය හිතනව එහෙම කළාම වෙබ් අඩවියට ලස්සනක් එකතු වෙනවා කියල. වෙන්න පුළුවන්, නමුත් ඒ එක්කම ඔබ අඩවියට එන්නාගේ තරහ අවුස්සනව. ඔබගේ අඩවියේ අන්තර්ගතයට යන්න තිබෙන පියවර ගණන අඩු වෙන්න අඩු වෙන්න තමයි ඔබගේ අඩවියට මිනිස්සු කැමති වෙන්නෙ. 

14. ඔබ සමඟ සම්බන්ධ විය හැකි මාර්ග දක්වන්න අමතක කරන්න එපා.

වෙබ් අඩවියේ තිබෙන දේ සම්බන්ධව කවුරුන්හෝ සමඟ සම්බන්ධ වෙලා විස්තර දැන ගැනීමට නොහැකි වෙබ් අඩවියක් තරම් නරක වෙබ් අඩවියක් නම් නෑ. ඒක අඩවියට එන අයට විතරක් නෙමෙයි, ඔබටත් ගොඩක් පාඩුයි. ඔබට වාසියක් සැළසෙන දෙයක් ඔබට වැදගත් වන තොරතුරක්, දැනගැනීමට තිබෙන අවස්ථාවක් ඔබ නැති කරගන්නවා පමණක් නෙමෙයි, ඔබගේ අඩවිය ගැන අනිත් අයට තිබෙන විශ්වාසයත් අඩු වන්නට මෙය හේතුවක් වනවා.

15. Back බොත්තමේ ක්‍රියාකාරිත්වය වළක්වන්න එපා. 

මේක භාවිතයේ පහසුව පෙන්වන සරළම දෙයක්. කුමන හේතුවක් නිසාවත් බැක් බොත්තම ඔබන්නට තිබෙන අවස්ථාව අහුරන්නට එපා. නව වින්ඩෝවක් විවෘත කිරීම මගින් මෙය සිදු වෙනවා. සහ ජාවාස්ක්‍රිප්ට් මගිනුත් මෙය සිදු කළ හැකියි.

16. Blinking Texts භාවිතා කරන්න එපා. 
නිවෙන පත්තුවෙන දේවල් වල කාලෙ ඉවරයි. ඔබ ඉන්නෙ 1996 නෙමෙයි. ඉතින් දැන් මේ ආකාරයේ දේවල් භාවිතා කරන්න එපා.

17. සංකීරණ URL Structures භාවිතා කරන්න එපා.
සරළ, keywords මූලික කරගත් URL structure එකක් භාවිතා කරන්න. මෙමගින් ඔබගේ අඩවියේ Search Engine Ranking එක වැඩි වෙනවා පමණක් නොවෙයි, අඩවියට පැමිණෙන්නාට ඒ ඒ පිටු වලට යන්නට පෙර ඒවායේ තිබෙන්නේ මොනවාද යන්න ගැන වටහා ගන්න ඉඩක් ලැබෙනවා. 

18. HTML වෙනුවට CSS භාවිතා කරන්න. 

ඉස්සට HTML භාවිතා කරල කරපු හුඟක් දේවල් දැන් ඊට වඩා පහසු හා දියුණු ලෙස CSS භාවිත කරල කිරීමේ හැකියාව තිබෙනව. HTML එක්ක CSS එකතු කරගෙන ඔබගේ වෙබ් අඩවිය වඩා වේගවත් හා ශක්තිමත් කරගන්න ඔබට හැකියාව ලැබෙනවා. සහ CSS මගින් වඩා වැඩි පහසුකම් ප්‍රමාණයකුත් ලබා දෙනවා.

19. ඔබගේ අඩවියට පැමිණෙන්නන්ට අඩවිය තුළ සෙවුමක් කරන්න හැකි විය යුතුයි. 

මේ නිසා තමයි සෙවුම් යන්ත්‍ර අන්තර්ජාලය තුළ විප්ලවයක් ඇති කළේ. ඔබගේ අඩවිය තොරතුරු වලින් පිරී තිබෙන්නක් නම් අනිවාර්යයෙන් මෙය අත්‍යවශ්‍යයි. වෙබ් අඩවි පරිශීලකයාට පහසුවෙන්ම ඔහුට අවශ්‍ය දේ සොයා ගත හැකි විය යුතුයි.

20. Drop Down Menus අවම කරන්න. 

සමහරක් වෙලාවට නම් මෙය අවශ්‍ය වෙනවා. නමුත් සමහරක් වෙලාවට නම් මෙය නරකයි. මොකද කිව්වොත් පරිශීලකයාට කෙලින්ම පහසුවෙන්ම වෙබ් අඩවියේ ඇති දේ දැක ගත හැකිවිය යුතුයි, වෙබ් අඩවිය තුළ පහසුවෙන් එහා මෙහා යා හැකි විය යුතුයි. Drop Down මෙනු වල කොටසක් සැඟවී තිබෙන නිසා සමහරක් අවස්ථා වල වෙබ් අඩවිය තුළ සැරිසරන්නා අන්දමන්ද විය හැකියි.

එහෙනම් මේ ලිපිය මෙතනින් අදටත් මතු සම්බන්ධයි... 
ඔබගේ අදහස් දක්වන්න.

10 comments:

  1. ""18. HTML වෙනුවට CSS භාවිතා කරන්න.

    HTML භාවිතා කළේ පිටු වල layouts හදන්න, නමුත් දැන් ඊට වඩා පහසු හා දියුණු CSS තිබෙනවා. එය භාවිතා කරන්න. ඔබගේ වෙබ් අඩවිය වඩා වේගවත් හා ශක්තිමත් කකරගන්න එමගින් හැකියාව ලැබෙනවා. සහ CSS මගින් වඩා වැඩි පහසුකම් ප්‍රමාණයකුත් ලබා දෙනවා.""

    සම්පූර්ණයෙන් වැරදි සහ අන්තිම දුර්වල ප්‍රකාශයක්. කොහොමද අයියා. LAYOUT DESIGN කරන්නෙ CSS වලින් විතරක්??? LOL, ඒකට HTML උවමානාවෙනව CSS වලින් කරන්නෙ HTML ELEMENTS කොහොමද RENDER වෙන්න ඕනෙ කියනදේ පාළනය කරන එක. දැන් CSS3 වල එන නවීන ක්‍රම මගින් ඉස්සර බාවිතා කල IMAGE BACKGROUND, JAVASCRIPT ANIMATIONS වගේ ‍දේවල් වෙනුවට සම්පූර්ණයෙන් CSS බාවිතා කරන්න පුලුවන්. ඒක වෙන්න ඇති ඔබතුමා කියන්න උත්සාහ කරල තියෙන්නෙ..හැබැයි ලියල තියෙන විදියෙන් ඉස්මතු වෙන්නෙ වැරදි අදහසක්..

    ReplyDelete
  2. පුළුවන් තරම් සරළව කියන්නයි ඕනෙ කළේ. ඔයා හරි. ඒකෙන් ටිකක් වැරදි අදහසක් එනවා තමයි. ඔබ කියන දේ තමා කියන්නට අවශ්‍ය උනේ. මම ඒක දැන්මම වෙනස් කරන්නම්. ස්තුතියි අදහසට හා උපදෙසට.

    ReplyDelete
  3. කාලීන ලිපියක් මාධව!

    ReplyDelete
  4. හරියට හරි !!!
    සමහර සයිට් ලෝඩ් වෙනකොට ෆ්ලෑශ් කෑලිත් ලෝඩ් වෙනවා. ඒ වගේම ඇනිමේටඩ් ඉමේජසුත් ලෝඩ් වෙනවා.

    ReplyDelete
  5. වෑදගත් අදහස් එකතුවක් කලින් ලිපිය වගේම , නාලක කියපු දේ මාත් කියන්නයි හිටියේ .

    ReplyDelete
  6. මාධව අයියේ මම ඔයාගේ බ්ලොග් එක නිතරම කියවන කෙනෙක්..ඔයාගේ බ්ලොග් එක ගොඩක් හොඳයි මොකද ඔයාගේ බ්ලොග් එකේ ගොඩක් ඉගෙන ගන්න දේවල් තියෙනවා..ඔයාට බ්ලොග් එක ඉදිරියටත් සාර්තකව පවත්වාගෙන යාමට හැකියාව ලැබෙන්න කියල මම සුභ පතනව..සහ මමත් ඔබේ පාසලේම ඉගෙනගත් මල්ලි කෙනෙක් වීම ගැන තවත් සතුටුයි..

    ReplyDelete
  7. මාධව අයියේ මම ඔයාගේ බ්ලොග් එක නිතරම කියවන කෙනෙක්..ඔයාගේ බ්ලොග් එක ගොඩක් හොඳයි මොකද ඔයාගේ බ්ලොග් එකේ ගොඩක් ඉගෙන ගන්න දේවල් තියෙනවා..ඔයාට බ්ලොග් එක ඉදිරියටත් සාර්තකව පවත්වාගෙන යාමට හැකියාව ලැබෙන්න කියල මම සුභ පතනව..සහ මමත් ඔබේ පාසලේම ඉගෙනගත් මල්ලි කෙනෙක් වීම ගැන තවත් සතුටුයි..

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.