Sunday, April 22, 2012

Widgets

ඉතින් කොහොමද?

ඉතින් කොහොමද කට්ටියගෙ සැප සනීප? අවුරුදු ඉවර වෙලා දැන් වැඩ පටන් අරගෙන ඇති. ඉස්කෝලෙ, කැම්පස්, රැකියා, හැම එකක්ම. (ඉස්කෝලෙ පටන් ගන්නෙ නම් හෙටද මන්ද.)
කොහොම හරි, පරක්කු වෙලා හරි, හැමෝටම සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා.
ඉතින් අවුරුදු සරුද? මට නම් ඉතින් විශේෂයක් නම් නෑ. පොඩි පොඩි අදහස් ටිකක් ඇවිල්ල ඒව ක්‍රියාත්මක කරන්න ප්ලෑන් කරනව. :) මේ දවස් වල ටිකක් නිදහස්. ෆැක්ටරි එකේ Shut Down. ඒ කීවෙ අවුරුද්දකට සැරයක් අප්‍රේල් මාසෙ අල්ලල ෆැක්ටරි එකේ වැඩ සම්පූර්ණයෙන්ම නවත්තල මාසයක් තිස්සෙ Preventive Maintenance කරනව. පැය 24ම වැඩ කරන ෆැක්ටරි එකක්නෙ. මැයි මාසෙ ඉඳල ආපහු වැඩ පටන් ගන්නව. 
ඉතින් මේ දවස් ටිකේ ෆැක්ටරියෙ වැඩ ගැන බලන්න දෙයක් නෑ, ISO වැඩ ටිකක් හා, තවත් ඩොක්‍යුමන්ට් වැඩ ටිකක් තමා තියෙන්නෙ. ඒ අතරෙ අපේ ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කරන ළමයින්ගෙ හා අපේ වැඩ පහසු කිරීම සඳහා කඩදාසි වල පුරවන තොරතුරු පරිගණකගත කරන්න සොෆ්ට්වෙයා එකක් හදමින් පවතිනව. ඒක නම් කරන්නෙ මගෙ අනිත් මිත්‍රය. මමත් පොඩි පොඩි හෙල්ප් දෙනව. ඒකෙන් අපේ වැඩ උනත් හුඟාක් පහසු වෙනව. 

දවසක් කිව්ව වගේ අලුත් ලිපියක් සකසමින් ඉන්නෙ. "වෙබ් අඩවි සෑදීමේදී ඔබ නොකළ යුතු දේවල්" කියල. ඒක තාම ඉවර නෑනෙ. කොටස් කිහිපයක් වශයෙන් දෙන්න තමා ඉන්නෙ. අද එක කොටසක් දෙන්නම්.

එහෙනම් ඇති. මම ගිහිල්ල එන්නම්.

2 comments:

  1. මම අලුත් වැඩක් පටන් ගන්න යන්නේ ඒ තමා ලාංකික බ්ලොග් කරුවන් හට 2leep, Wahoha, Zaparena ව‍ගේ Traffic Exchange සේවාවක් ලබා දීම.
    ඉතින් ඒකට $99 වගේ මුදලක් යනව script එක මිලදි ගන්න. $80 වගේ මුදලක් තියෙනවා දැනට තව ටික කලකින් ඉතුරු ටිකත් හොයා ගන්න පුළුවන් වෙයි. script එක අත්හදා බැලිමට හා ඉදිරි වැඩකටයුතු සදහා ඔබගේ උදව් දිගටම බලාපොරොත්තු වෙනවා.
    ඒ වගේම මෙක සින්ඩියක් නම් නෙමෙයි. දැනට විහාල‍ සේවයක් කරන කිසිදු සින්ඩියකට පහර ගැසිමක් නෙමෙයි. ලාංකික බ්ලොග්කරැවන් හට නවමු අද්දැකිමක් සමගින් වැඩි පාඨක සංඛ්‍යාවක් ලබා දීමයි මගේ අරමුණ.
    මට උදව් කරන්න කැමති අය මට mail එකක් දාන්න lasitha119[at]gmail[dot]com

    ReplyDelete
  2. 2leep නම් මමත් දන්න අඩවියක්. :) අනිත්ව නම් දන්නෙ නෑ. පුලුවන් සහයක් දෙන්නම්. :) සුභ පතනවා.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.