Sunday, May 6, 2012

Widgets

තව දින 6යි

මොකටද????

ඔයාලට මතකද දන්නෙ නෑ කාලෙකට ඉස්සර මම "Photography සිංහලෙන්" කියල ඡායාරූපකරණය ගැන ලියවෙන බ්ලොග් එකක් කළා. මුලින්ම බ්ලොගර් වල පටන් අරගෙන ඊට පස්සෙ වර්ඩ්ප්‍රෙස් දාල Roosara.info යන ඩොමේනය යටතේ අඩවිය පවත්වාගෙන ගිහිල්ල, ඊටත් පස්සෙ Roosara.net යන ඩොමේන් එක යටතේ පවත්වාගෙන ගියා. පස්සෙ පස්සෙ මට හරියකට වෙලාවක් නැති වෙලා බ්ලොග් එක අප්ඩේට් උනේ නෑ එතරම්. ඉතින් ටිකක් අභාවයට ගියා. 
අන්තිමට කෙල උනා. ටෙක්නිකල් ප්‍රොබ්ලම් එකක් නිසා ඩොමේන් එකට කෙල උනා. ඉතින් මම තීරණේ කළා උන දේ උනේ හොඳටයි කියල,
කට්ටියගෙන් අදහස් විමසල අලුත්ම ආරක වෙබ් අඩවියක් දෙන්න බලාපොරොත්තුවෙන් අලුතින්ම ඩොමේන් එකක් අරගෙන වැඩේට සෙට් උනා. ජනවාරි මාසෙ අඩවිය හදන්න පටන් අරගෙන, ඒකෙත් අවුල් ගොඩක් නිසා 75%ක් විතර හදල තිබ්බ අඩවිය අතෑරලම දැම්ම. ඊට පස්සෙ මේ අප්‍රේල් වල අවුරුද්දෙන් පස්සෙ ආපහු මේක ගොඩ දානවමයි කියල හිතාගෙන ආපහු මුල සිටම වැඩේට බැස්ස. 
ඉස්සෙල්ල පාර මාස 2ක් විතර තිස්සෙ කළ දේවල් ටික, මේ පාර සති 3කින් ගොඩ දැම්ම. තනියම නෙමෙයි, මගෙ මිත්‍රයෙක් මට ලොකු සහයක් උනා. අඩවියේ කටයුතු 90%ක්ම ඉවරයි. හැබැයි ලිපි ගොඩක් තව ඕනෙ කරල තිබෙනව. අනෙකුත් වැඩ නම් බොහොමයක් ඉවරයි. ඉතින් එන 12 වන සෙනසුරාදා සවස 6.00ට, මේ කියන වෙබ් අඩවිය ඔබ වෙනුවෙන් විවෘත වෙනවා.

ඔක්කොම හරි, මොකද්ද ඉතින් මේ වෙබ් අඩවිය??? පහල විඩියෝ එක බැලුවොත් ඔයාලටම තේරෙයි.




තේරුනා නේද දැන් මේ කියන්නෙ මොකක් ගැනද කියල?
"PhotographyLK" ඡායරූපකරණය සම්බන්ධ සියළුම පුද්ගලයින් එකම වේදිකාවක් මතට ගෙන එන්නට උත්සාහ දරන වෙබ් අඩවියක්. සේවාවන් බොහොමයක් එක්ක එන අඩවියක් කියල වීඩියෝව දැක්කම පේන්න ඇතිනෙ?

මේ අඩවිය මම තනියම හදපු එකක් නෙමෙයි. මනුෂාන් විමංස මල්ලි එක්ක එකට එකතු වෙලා හැදුවෙ. මනුෂාන් ලොකු වැඩ ප්‍රමාණයක් කළා. ඔහුට මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. 

ඉතින් මේ එක්කම ඔබගෙනුත් ඉල්ලීමක් කරන්නට කැමතියි. 
ඔබට ඡායාරූපකරණය සම්බන්ධ ලිපි ලිවීමේ හැකියාවක් තිබෙනවා නම් හෝ වෙනත් ආකාරයකින් අඩවියට සහයක් වීමට කැමති නම් ඔබගේ ඊ මේල් ලිපිනය එක්ක කමෙන්ට් එකක් දාන්න. ඒ කමෙන්ට් එක පබ්ලිශ් කරන්නෙ නෑ මම. නමුත් ඔබ හා සම්බන්ධ වෙන්නම් මේල් එකක් හරහා. 

තව කරන්න දේවල් ගොඩක් තිබෙනවා. ඒව ටික ටික සම්පූර්ණ කරගන්න පුළුවන්. වෙබ් අඩවියේ දුර්වලතා තිබුණොත් සමාවෙන්න ඕනෙ. (දැන්ම නම් දැනගන්න ලැබෙන්නෙ නෑ ඉතින් එන සෙනසුරාද වෙනකම්ම ඉන්න වෙනව. :) )

PhotographyLK කණ්ඩායමත් එක්ක එකතු වෙන්න ඔබටත් ආරාධනා...

11 comments:

  1. සුබ අනාගතයක් ඒ කටයුත්තට...අපිත් බලන්න එනවා

    ReplyDelete
  2. බොහොම ස්තුතියි නීනු. එන්න එන්න.

    ReplyDelete
  3. නියමයි කාලයක් රූසර අඩවියත් එක්ක හිටිය පාඨකයෙක් විදිහට ඔයාගේ අලුත් කාර්යය සාර්ඨක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ජය වේවා !!!

    ReplyDelete
  4. හොද වැඩක්.
    මම නම් ෆොටෝ ග්‍රැෆි දන්නේ නෑ. ඒ උනාට ඉගෙන ගන්න ආසයි !!

    ReplyDelete
  5. සුභ පැතුම්!

    ReplyDelete
  6. නියම වැඩක්. මගෙනුත් සුභ පැතුම්..

    ReplyDelete
  7. @Hasitha: එහෙනම් මේකත් එක්කත් එකතු වෙලා ඉන්න. අරිට වඩා ගොඩාක් දේවල් මේකෙන් දෙන්න බලාපොරොත්තු වෙනවා.

    @මධුරංග: ඉගෙනගමු මල්ලි ඉගෙනගමු. ඔයාට මම කතා කරන්නම්.

    @Sabith සහ කනියා: බොහොම ස්තුතියි.

    ReplyDelete
  8. අප්පේ මාධව අලුතෙන් වැඩක් පටන් අරන් වගේ. මමත් එන්නම්කො ඔය පැත්තෙ. :)))

    ReplyDelete
  9. වගේ මොනාද, පටන් අරන් තමා. එන්ට එන්ට. :)

    ReplyDelete
  10. සුභපැතුම්!! අතරමඟ නතරනොවි පුළුවන් තරම් දුරකට යන්න හැකිවේවා!!!

    ReplyDelete
  11. ගොඩක්ම වටිනා වැඩක්.. සුබ පතනවා වැඩේ අති සාර්ථක වෙන්න කියලා!

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.