Wednesday, January 27, 2010

Google Docs, File Storage මාධ්‍යක් ලෙස භාවිතා කරන්න

GDrive ගැන අහල නැති අය නම් මේකෙන් හුඟක් සතුටු වෙයි.Google Docs වල වැඩි දියුණු කිරීමක් වෙලා තිබෙනව, දැන් Google Docs වලට ඕනෑම ෆයිල් ජාතියක් අප්ලෝඩ් කරන්න පුළුවන්. ෆයිල් එකක විශාලත්වය 250MB වලට යටත්ව, 1GB දක්වා ඉඩ ප්‍රමාණයක් මේ සඳහා ඔබට ගූගල් විසින් ලබා දෙනව. එක පැත්තකින් පෙන් එකක් අරන් යනවට වඩා මේක හරිම ලේසි වැඩක්නෙ, නේද?ඔබට ඒ ඉඩ ප්‍රමාණය මදි නම්, වසරකට 1GB වලට ඩොලර් 0.25 බැගින් ගෙවල වැඩි ඉඩ ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්.Chrome OS එකත් එක්කම ගූගල් විසින්...

Monday, January 25, 2010

කොටස් වෙළඳපළ ආයෝජනයට බිය විය යුතුද?

උත්තරය හරිම සරළයි, නෑ. කිසිම විදිහකින් බියවිය යුතු නෑ.සමහරු මේ වැඩේට බය වෙන්න හේතු වෙන දේවල් කිහිපයක් තිබෙනව. එයාල මෙන්න මෙහෙම හිතන අය.මේක කරන්න පූළුවන් ලොකු ලොකු සල්ලි කාරයන්ට විතරයි.මේව කරන්න ගිහින් මගෙ අතේ තියෙන තුට්ටුවත් නැති වෙයි.කොටස් වෙළඳපළ තියෙන්නෙ කොළඹ ලොකු බිල්ඩිමක, මම වගේ පොඩි එකෙක්ට ඒ වගේ තැනකට යන්න බෑ. එතනට යන්න පුළුවන් ලොකු ලොකු බිස්නස් කාරයො විතරයි.මම ඉන්නෙ කොළඹ නෙමෙයි ඒක නිසා මේක මට බෑ.මම ඉංග්‍රීසි දන්නෙ නෑ, ඒ නිසා මට මේව තේරෙන්නෙ නෑ.මට ගිණුම්, ආර්ථික විද්‍යාව, මේ වගේ දේවල් ගැන කිසිම දැනුමක් නෑ.ඔන්න ඕව තමා සාමාන්‍ය කෙනෙක්ට...

Sunday, January 24, 2010

Avast වයිරස් ගාඩ් එක Google Pack එකට එකතු වෙයි

සතියක් විතර පරණ තොරතුරක්. ගූගල් පැක් එකත් සමඟ Avast Free Antivirus මෘදුකාංගයත් දැන් ගූගල් මගින් දෙනව. තාම Czech, French, German, Italian, Polish, Portuguese, Russian, හා Spanish කියන භාෂා 8 එක්ක විතරයි දෙන්නෙ. ට්‍රයි කරල බලන්නකො ඒ භාෂාවකින් පැක් එක බාල. මේකෙන් වැඩිපුරම බලාපොරොත්තු වෙන්නෙ Avast වලට තියෙන තැන ටිකක් උස්සල දෙන එකයි, තව පරිගණක කිහිපයක හරි මේ නිසා ඒක ස්ථාපනය වේවිනෙ.අසාමාන්‍ය දෙයක් තමයි Avast නැතුව Spyware Doctor...

Saturday, January 23, 2010

කාලෙකට පස්සෙ

ඔන්න කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආව, මාසෙකින් විතර පෝස්ට් එකක් දාන්න බැරි උනානෙ. මේ විභාග ඉවර වෙන්නෙම නෑ නෙ. මට විභාග ඉවර වෙන්නෙ පෙබරවාරි 6. පහුගිය ටිකේ ඒවට ලෑස්ති වෙනව මිසක් අඩු ගානෙ හරියකට සින්ඩිය පැත්තෙවත් යන්න බැරි උනා.ඡන්දෙ නිසා සතියක නිවඩුවක් සෙට් උනා, ඒ උනාට ඊළඟට තියෙන ඒවටත් ලෑස්ති වෙන්න එපැයි. පුළුවන් උනොත් හෙට වගේ පෝස්ට් එකක් දාන්න ඕනෙ. මගෙ මේ බ්ලොග් එකේ හා Photography බ්ලොග් එකේ පාඨකයො (මේක නම් එච්චර වැදගත් නෑනෙ, Photography එක තමා වැදගත්ම) මා එක්ක තරහ නැතුවැතිනෙ නේද?කොහොම හරි මේ වැඩ අස්සෙත් පොඩි වැඩක් කළා, මේ දවස් වල ජනාධිපතිවරණ උණුසුමනෙ,...

Friday, January 1, 2010

සුභ නව වසරකට ආසිරි!!!

මාගේ සියළුම පාඨකයන්ටත්, සියළුම සිංහල බ්ලොග්කරුවන්ටත්, සියළුම ලක් වාසීන්ටත්, සියළු ලෝ වැසියන්ටත් තම සිතුම් පැතුම් ඉටුවන, සාර්ථකත්වයේ වසරක් වේවා, මේ නව වසර....