Saturday, August 12, 2017

Widgets

ගෙදර භාවිතයට පොඩි Solar Electricity System එකක් අපිම හදමු. DIY FINAL


මම ඉස්සෙල්ල පෝස්ට් එකක් ලිව්ව මේ ගැන. හැබැයි ප්‍රායෝගික දැනුමක් රහිතව. හොයල බලල, අහල බලල, කියවල බලල ගත්තු දැනුමෙන්. (http://madhawaweblog.blogspot.com/2017/02/diy-solar-lighting-system.html
ඉතින් ඒ දැනුමත් එක්ක මමම සිස්ටම් එකක් හැදුව. පොඩි එකක්. සරළ එකක්. ඒ ගැන කියන්නයි දැන් හදන්නෙ.

මම හදපු සිස්ටම් එක ගැන සරළව.
150W Solar Panel with 180Ah Battery Backup and 1000W Inverter with DC Lighting

වොට් 150 සෝලර් පැනල් එකක් භාවිතා කරල තමයි හැදුවෙ. භාවිතයෙන් ඉවත ලූ 90Ah Deep Cycle Batteries දෙකක් දාල ඉන්වර්ටර් එකකින් 230V වලට හරවන්න හැදුවෙ. ඒත් එක්කම 12V output එකක් භාවිතා කළා බල්බ් කිහිපයක් දල්වන්න.

මගෙ සිස්ටම් එකේ ඡායාරූප කිහිපයක් පහතින්.

පැනල් එක වහලය උඩ සවි කර ඇති අන්දම

බැටරි බැක් අප් එක (UPS එක ගැන වෙනමම කියන්නම්)

මගෙ control panel එක. සරළයි නේද? (Connection දීල නැති ඒව ගැනත් කියන්නම්)

"ඔය පොඩි එකටද ඔච්චර ඇඩ් එකක් දුන්නෙ???" කියල හිතුනද?
කමක් නෑ. එහෙම තමයි ඉතින් මුලින්. :) 

අවශ්‍ය උපකරණ


මට මිස් උනා insulation tape එක, Hacksaw Blade එක, කියත, Measuring Tape එක. මේ හැමදෙයක්ම උවමනා නෑ. ශේප් කරගන්න පුළුවන් නම්. 

අවශ්‍ය උපකරණ හා වියදම්

කියන්න එපැයි වැදගත්ම දේ.
Budget එක. හැමෝම අහන්නෙ මේකනෙ. මේ මගෙ වියදම් විස්තරය. 

Description
Unit Price
No. of Units
Price
Buy from
Solar Panel 150W (12V)
14000
1
14000
local
Charging Controller (30A)
1129.8
1
1129.8
ebay
LED 25W
250
3
750
Local
90Ah Battery (12V)
2700
2
5400
Local, Used
12->220V 1000W inverter
3249.4
1
3249.4
ebay
Wires (15A and 5A)

 7m, 5m
800
Local
15A 2 pole Breaker
750
1
750
Local
Watt Hour Meter
2457
1
2457
ebay
Misc
1054

1054
Local
Total


29590.2


පැනල් එක ගත්තෙ කඩවත ලලිත් මහතාගෙන්. ඔහු ලඟ ඔනෑම සයිස් එකක පැනල් තියෙනව 10-250W. ඉක්මන් එකේ ඇඩ් තියෙනව. (Lalith Amarasinghe)
Charging Controller (30A) and Inverter (MPPT Modified Sin Wave, 1000W) ගත්තෙ eBay. හැබැයි ඉතින් ඒවයෙ durability ගැන නම් සහතිකයක් නෑ. ඉතින් මම තව charging controller එකක් ඕඩර් කළා. inverter එකට බැකප් එක වෙනුවට තමයි මගෙ අවුරුදු 12ක් පරණ UPS එක සවි කරල තියෙන්නෙ.

12V LED Bulb නම් හැමතැනම ගන්න තියෙනව හුඟක් අඩු මිලට. ලලිත් මහතා ලඟත් තිබෙනව. මම ඔහුගෙන් 25W වගේ LED බල්බ් 3ක් ගත්ත. 
මෙතන බැටරි වලට මම රු.2700‍x2 ක් දාල තියෙනව. භාවිතයෙන් ඉවත ලූ Deep Cycle Battery මිල වෙන්නෙ රු. 8000 සිට ඉහළට. (75Ah වලින් ඉහළට) නමුත් මට ඔය බැටරි දෙකටම ගියේ රු.5400යි. ඒ මිලට නම් හොයන්න අමාරු වෙයි. එතනින් තමා සිස්ටම් එකේ මිල ලොකුවටම වෙනස් වෙන්නෙ. (මගෙ මුළු වියදම රු. 29,600ක් වගේනෙ. මාකට් එකේ තියෙන බැටරියක් ගන්නකොට ඔයාලගෙ වියදම තව රු. 3000-4000කින් වගේ වැඩි වෙයි.)
පැනල් එකෙන් කොන්ට්‍රෝලර් එකට, කොන්ට්‍රෝලර් එකෙන් බැටරියට 15A වයර් භාවිතා කළා ඇම්පියක් 8-9ක් උපරිම පැනල් එකෙන් එක නිසා. 15A දැම්මෙ මගෙ බලාපොරොත්තුවක් තියෙන නිසා තව 150W panel එකක් සවි කරන්න මේකට)
බැටරිය, සිස්ටම් එකෙන් වෙන් කරන්න තමයි 15A 2 Pole Breaker එක භාවිතා කළේ.
ඡායාරූපයේ තිබෙන 5A Breaker එක මම සවි කළේ බැටරියෙන් inverter එක වෙන් කරන්න. දැනට මම inverter එක සම්බන්ධ කරල නෑ. බැකප් එකට තියන් ඉන්න UPS එකේ ඉන්වර්ටර් එක තමා භාවිතා කරන්නෙ 230V ගන්න.
අමතර වියදම් ගියේ, පැනල් එක ගහල තියෙන ලෑල්ල, ඉස්කුරුප්පු ඇණ, කනෙක්ටර්, පැනල් එකට වයර් සම්බන්ධ කරන්න භාවිතා කරන සොකට්, ඩිජිටල් වෝල්ට් මීටර්, rail mount, ස්විච් වගේ දේවල් වලට. 

Electronic Watt Hour Meter එකක් සවි කරන්න ඉන්නව. eBay එකෙන් දැම්ම තාම ආවෙ නෑ. ඒකෙ මිලත් මම උඩ එකතු කරල තියෙන්නෙ. 

ගණනය කරන ආකාරය
මම මේ කියන්නෙ ඉතාම සරළ ආකාරයේ ගණනය කිරීමක්. මීට වඩා සංකීර්ණව හා වඩා නිවැරදිව ගණනය කරන්න පුළුවන්. 

විදුලිය භාවිතය
අපි මේකෙන් දිනකට ගන්න බලාපොරොත්තු වෙන බලශක්තිය කොච්චරක්ද කියල මුලින්ම අදහසක් ගන්න ඕනෙ. අපි හිතමු දවසකට පැය 4කට වොට් 150ක් ගන්නව කියල. 
ඒ කියන්නෙ 600Wh

පැනලය තෝරා ගැනීම
ඊට පස්සෙ අපි හිතමු දිනකට පැය 4ක හොඳ හිරු එළියක් තිබෙනවා කියල. එතකොට තමා පැනල් එකෙන් සම්පූර්ණ බලශක්තිය ලබා දෙන්නෙ. 
එතකොට 600Wh නිපදවන්න අවශ්‍ය පැනල් එකේ සයිස් එක වෙන්නෙ 600Wh/4h = 150W.
Loss එක zero කියල උපකල්පනය කළොත් 150W පැනල් එකක් තිබ්බ නම් එතකොට ඇති. 

150W Panel එකෙන් දෙන්නෙ 12V DC Out එකක්. එතකොට ඉතිරි සියළුම දේවල් 12V වලට ගැළපෙන්නයි ගන්න ඕනෙ. 
150 හා ඊට අඩු ඒව 12V. 150W වලට වැඩි ඒව 24V තමයි out කරන්නෙ. 

ඉන්වර්ටර් එකේ loss එක 20%ක් කියල ගත්තොත් 190W පැනල් එකක් ඕනෙ වෙනව වැඩේට. අපි ඒ අමතර 40W අර උඩ කිව්ව සූර්යාලෝකය ලැබෙන පැය 4ට අමතර පැය වලින් නිපදවෙන විදුලියෙන් කපා හරිමු. එතකොට 150W Panel එකක් අපිට ඇති. 

150W panel එකක උපරිම output Current එක 8.7A වගේ. ඒ ගණන හිතාගෙන අනිත් ගණනය කිරීම් කරන්න. 

Charging Controller and Wiring
එහෙම බැලුවම 150W system එකක් හදාගන්න ඕනෙ කරන උපකරණ, වයර්, 10A වලට ගැළපෙන්න හදාගන්න. හැබැයි මම කියන්නෙ අනාගතේ ගැන හිතල තව ටිකක් upgrade කරන්න බලාගෙන ඉඩ තියාගෙන හදන්න. මම හැදුවෙ 300W වලට upgrade කරන්න පුළුවන් වෙන්න. 

Inverter
150W ගන්න නම් ඉතින් 250W Inverter එකක් ඇති වෙයි. එතකොට මිල තව ටිකක් අඩු වෙයි උඩ මම කියල තියෙන ගණනට වඩා. 

බැටරි
deep cycle battery තමා මේකට හරියටම හරියන්නෙ. මොකද ඒව තමා ගැළපෙන්නෙ හෙමින් චාජ් වෙලා හෙමින් ඩිස්චාජ් කරන්න. අනිත් එක වැඩි කාලයක් විදුලිය ගන්න ගැළපෙන්නෙත් ඒව. ඒව අලුත්ම එකක් නම් ගොඩක් මිලයි. භාවිතයෙන් ඉවත් කරපු එකක් හොයාග්ංඅන්න ට්‍රයි කරන්න. බැරිම උනොත් starter battery එකක් භාවිතා කරන්න. (ඒකෙන් ගන්න පුලුවන් තියෙන capacity එකෙන් බාගයයි කියල හිතල ගණනය කිරීම් කරන්න. 
ඉතින් 150W පැය 4ක් ගන්න නම් ඉන්වර්ටරයක් භාවිතා කරමින්, . 
අපි හිතුවොත් 200Wක් (Inverter loss එක එකතු කරල), පැය 4 ක් ගන්න ඕනෙ කියල, ගණං හැදුවම අපිට එනව 67Ah කියල. ඒ කියන්නෙ 90Ah බැටරි එකක්වත් ඕනෙ වෙනව. 

ඉහත ගණනය කිරීම් න්‍යායත්මක මට්ටමෙන් කරල තියෙන්නෙ. ඉතින් සත්‍ය තත්වය වෙනස් වෙන්න පුළුවන් අඩු හා වැඩි පැත්තට. 

ඉතින් උපකරණ ටික හරි නම් වැඩේ ආරම්භ කරන්න තියෙන්නෙ.

Wiring සිදුකරගන්නා ආකාරය 
මේ තියෙන්නෙ මම මුලින්ම කුරුටු ගාපු කටු සටහනක්.


ඕක අමතක කරන්නකො. මෙන්න මේක තමා මගෙ wiring diagram එක.  



ඕකෙ විදිහට තමා එතකොට අමුණන්න ඕනෙ. 

නම් කරල තියෙන ඒව නම් ගැටළුවක් නෑනෙ. අංකනය කරල තියෙන ඒව ගැන ආපහු පොඩ්ඩක් කියන්නම්.
1. 15A Cable භාවිතා කරන්න.
2. DC විදුලිය ගන්න Outputs ටික මම වෙනම කොටසකට සෙට් කළා. 12V හා 5V output ගන්න කොටස් ටික සවි කරගන්න පැනල් එකේ කොටසක් වෙන් කළා. 5V outputs තාම සවි කළේ නෑ. 
3. 15A Cable භාවිතා කරන්න. (1/.178)
4. 5A Cable භාවිතා කරන්න. (1/.113)
5. WH Meter
6. ගෙදර Socket Outlet එකක්. 

පැනලය සවි කිරීම
එක එක අය එක එක දේවල් කියනව. ඉතින් මට හොඳම කියල හිතුව විදිහට කළා. හරිම කියල හිතුනෙ නිරිතට අංශක 15ක් ඇල කරල සවි කරන එක. මම සවි කළේ බටහිරට අංශක 20ක විතර ඇලයක් තියල. උළු වහලය උඩ නිසා ඇලය පොඩ්ඩක් වැඩියි. නමුත් මට ඒක අවුලක් වෙන එකක් නෑ කියල හිතල තමා එහෙම සවි කළේ. වහලයේ පහලින් සවි කරල තියෙන නිසා වහලයට වඩා ඇලය අඩු කළාට වැඩක් නෑනෙ හිරු එලිය ඒ කෝණයෙන් තියෙනකොට එන්නෙ නැති නිසා. 

පැනලයේ සිට Charging Controller එකට 15A වයර් එකක් තමා ඇදල තියෙන්නෙ. මේක පුළුවන් තරම් කෙටි වෙන තරමට හොඳයි. නමුත් තට්ටු දෙකක් පහළට ආවට අවුලක් නෑ. 

Charging Controller එකෙහි වැදගත්කම
ඇයි මේක භාවිතා කරන්නෙ?
බැටරි ආරක්ෂා කරගන්න. මොකද දන්නවද, මේක නැති උනොත් බැටරිය over charge හා over discharge වෙලා බැටරියේ ආයු කාලය අඩු වෙනව. බැටරිය පුපුරන්න උනත් බැරි නෑ. ඉතින් මේක අත්‍යවශ්‍ය වෙනවා. 

Inverter එක සවි කිරීම
Inverter එක කෙලින්ම බැටරියට සවි කරන්න. මොකද ඒකෙන් ගන්න ලොකු ඇම්පියර් ගාණ Charging Controller එකට දරන්න බැරිව Charging controller එක ඉක්මනට පිච්චෙන්න ඉඩ තියෙනව.  
ඒක බැටරි වලින් වෙන් කරන්න ස්විච් එකක් දාන්න. මම අර 5A Breaker එක දාල තියෙන්නෙ ඒකට. වයර් සම්බන්ධ කරල නැත්තෙ දැනට මම ඒ ඉන්වර්ටර් එක භාවිත නොකරන නිසා. 

Control Panel එක සකසා ගැනීම 
Plywood Sheet කෑල්ලක් හොයා ගත්තම ඉහත කොටස් ටික පිළිවෙලට අමුණගන්න පුළුවන්. ඩ්‍රිල් එකක් තිබ්බ නම් ලේසී වයර් සවිකරන්න සිදුරු ටික හදා ගන්න. මම නම් ඇලිස් කටුවෙන් හෙමීට සිදුරු කරගත්ත. 
මගෙ Control Panel එක තමා උඩ දාල තිබ්බෙ. ඒක බිත්තියට සවි කරගන්න ඕනෙ. තාම ඒක කළේ නෑ. වයර් ටිකත් කේසිං වල දාල පිළිවෙළක් කරන්න ඕනෙ. 
බෝඩ් එකේ ඉඩ තියල තියෙන්නෙ Backup Charging Controller, Backup Inverter, Watt Hour Meter, 12V, 5V outputs ports සවිකරගන්න. 

හරියට සවි කරගත්ත නම්, 
යන්තම් හරි එළිය තියෙනව නම්, Charging Controller එකේ "Solar" කියල සඳහන් වෙලා තියෙන බල්බය දැල්වෙන්න ඕනෙ. (මගෙ එකේ නැත්තෙ, මම ෆොටෝ එක ගත්තෙ රෑ 12.30ට)
බැටරියෙ විදුලිය තියෙන ප්‍රමාණය අනුව Battery Level එකට අදාල LED දැල්වෙයි. (මගෙ එකේ 12.7 වගේ තිබ්බෙ. ඒකයි LED 2/3ක් දැල්විලා තියෙන්නෙ. 
DC Load එකක් සම්බන්ධ කරල තියෙනව නම් LOAD කියල තියෙන LED එක දැල්වෙයි.



හරි. දැන් අපේ සිස්ටම් එක හදල අවසානයි හා වැඩ කරනව. දැන් ඉතින් දෙය්යනේ කියල LED ටිකක් සවි කරගෙන, නැත්තම් inverter එකෙන් ගෙදර විදුලියට සම්බන්ධ කරගන්න තියෙන්නෙ. 

සැළකිය යුතුයි.
ගෙදර විදුලියට සම්බන්ධ කරනකොට අනිවාර්යයෙන්ම ගෙදර distribution panel එකේ Main Switch හා Trip Switch Off කරන්න. 

මෙම ඉන්වර්ටරයට සම්බන්ධ කළ හැකි හා නොහැකි උපකරණ
අඩු විදුලියක් ගන්න LED බල්බ්, LED TV, Table/Pedestal Fan, Radio, Equipment with DC Adapters කිසි අවුලක් නැතිව පුළුවන්. 
MPPT Modified Sin Wave Inverter වල තියෙන්නෙ real sin wave එක නෙමෙයි. ඒ වගේ digital wave එකක්. ඉතින් real sin wave ඕනෙ කරන උපකරණ දුවන්න බෑ. උදා: මෝටර්
ඒ වගේම Starting Current එක වැඩි උපකරණ දුවන්න බෑ. උදා: ශීතකරණය, වතුර මෝටරය, CRT TV. හැබැයි inverter type fridge වැඩ කරන්න පුළුවන්.

DC 12V වලින් භාවිතා කළ හැකි උපකරණ මොනවද
LED Bulbs කවුරුත් දන්නවනෙ. ඊට පස්සෙ ෆෑන්. සමහරු දන්නෙ නැතිව ඇති, 12V වලින් වැඩ කරන වතුර මෝටර්, විදුලි ස්ත්‍රික්ක, Pedestal Fans එහෙමත් තියෙනව කියල. ඔය ඔක්කොම අර උඩ කිව්ව කඩවත ලලිත් මහතා ලඟ තිබෙනව.
ඒවාට අමතරව 12v වලින් වැඩ කරන ශීතකරණත් තිබෙනව. නමුත් ලංකාවෙ නම් දැනට නෑ.
සිගරට් ලයිටර් හෝල්ඩර් එකට ගහල ක්‍රියාත්මක කරන්න පුළුවන් විදුලි ඉලෙක්ට්‍රොනික උපකරණත් අපිට මේකෙන් වැඩ කරවගන්න පුළුවන්. තියෙන්නෙ කාර් වල සිගරට් ලයිටර් හෝල්ඩර් එකට ගහන සොකට් එකක් ගෙනත් මේකට සවි කරගන්න එක විතරයි.

ඉතින් මෙච්චර තමයි මගෙ ප්‍රොජෙක්ට් එක.
ඔයාලත් මේ වගේ ගෙදර පොඩි වැඩකට Off Grid Solar System එකක් හදාගන්නව නම් නිවසේ විදුලි බිල පොඩි ප්‍රමාණයකින් අඩු කරගන්න පුළුවන්. මගෙ ඉලක්කය යුනිට් 20ක් අඩු කිරීම. ඒ හරහා එන ඉතිරියෙන් මගෙ සිස්ටම් එකේ වියදම වසර 2-3 අතර කාලයකින් මට කවර් කරගන්න පුළුවන්.

ඔයාලත් සිස්ටම් එකක් හදනව නම් මගෙ දැනුමෙ හැටියට දෙන්න පුළුවන් සහයක් දෙන්නට පුළුවන්. මොනව හරි උපාංගයක් සොයා ගන්න අපහසුතාවයක් තිබ්බොත් ඒකටත් සමහරක් විට මට සහය වෙන්නට පුළුවන් වෙයි. මතක් කරල පරණ ලිපියත් කියවන්න. මේකෙ නැති දේවල් ඒකෙ තියෙනව.
 (http://madhawaweblog.blogspot.com/2017/02/diy-solar-lighting-system.html)

ගැටළු කමෙන්ට් වල දාන්න. මම දන්න විදිහට උත්තර දෙන්නම්.

සිස්ටම් එකක් හැදුවොත්, ඔයාලගෙ අත්දැකීම් අපිටත් කියන්න කියල ආරාධනා කරනව.

මේක මට අත්දැකීමක් එකතු කරගන්න විශේෂයෙන්ම හදපු එකක් මිසක් ලොකු ඉතිරියක් ප්ලෑන් කරල හදපු එකක් නෙමෙයි. නමුත් තත්වය බලල ඉතිරිය වෙනුවෙන් මේක වැඩිදියුණු කරන්න නම් ඉඩ තිබෙනවා.

මේ ලිපියට එන කමෙන්ට් හරහා හැමෝටම තවත් ඉගෙනගන්න දේවල් ලැබෙයි. ඉතින් කමෙන්ට් වලට සබ්ස්ක්‍රයිබ් වෙන්න. එතකොට ඔයාලටත් ඒ දැනුම ලැබෙනවා.
එහෙනම් හරිත යුගයකට සුභ පැතුම්!!!

ඔයාලත් මෙහෙම සිස්ටම් එකක් හදන්න සූදානම් වෙනව නම්, යම් තාක්ෂණික හෝ වෙනත් සහයක් අවශ්‍ය නම් මට ඊ මේල් එකක් දාන්න, මම හැකි සහයක් දෙන්නම්. මගෙ මේල් එක madhawa [at] engineer [dot] com. 
------------------
මේ වගේ මට එක එක වෙලාවට හිතට එන ප්‍රොජෙක්ට් මම කරනව.
ඔයාලට මතක ඇති සමහරවිට, මම මීට ඉස්සෙල්ල කරපු ප්‍රොජෙක්ට් එක තමයි ඔන්ලයින් බිස්නස් එකක් ස්ටාට් කරන්න ටෙස්ට් කළ එක. ඒක නම් ගොඩක් සාර්ථක උනා. ඒ අත්දැකීම තමයි මම මේ පෝස්ට් එකෙන් බෙදාගත්තෙ.
http://tyroclub.blogspot.com/2016/10/start-your-own-business.html

තවත් ප්‍රොජෙක්ට් එකකින් හමුවෙමු.

තාම හිතනව ඊළඟට මොකද කරන්නෙ කියල. දැනට අදහස් කිහිපයක් තියෙනව.
1. CCTV Camera System එකක් ගෙදරට
2. Arduino වලින් Smart Home
3. Arduino වලින් remote controlled car
4. මාළු ටැංකියක් සෑදීම

ඔයාටත් අදහස් තියෙනව නම් මට කියන්න.


UPDATE: 
අපි FaceBook Group එකක් හැදුව Off Grid Solar Systems DIY හදන අයට සාකච්ඡා කරන්න. ඒකට එකතු වෙන්නත් ආරාධනා කරනවා. 

58 comments:

  1. Replies
    1. Dear Madhawa,this is really interested. I think I am not too late. accidentally I found this & iam really mad on this solar systems. I am reading & doing various experiments on this. I am going to start my own Solar system. expect your help on this. please send me your contact No. My mail ID is kelumkonara@yahoo.com. so much of appreciated sharing your experiences & thoughts. all the best ...cheers..kelum Konara.

      Delete
    2. Great to hear.
      Sent you an email. Good Luck.

      Delete
  2. Maru.. math solor system ekak gena me wage post ekak hoya hoya hitiye. Mata mehema prashnayak thiyanawa, sampurna wiyadama api awurudu 2kin cover karanda hithagena hitiyata e athara eka maintain cost eka ekka me wede labada. Example ekak widiyata solar panel eka 2 years ekama widiyata weda karayda? Aluthen battery danda weyda? Solar eke repair ekak eyda? Wage dewal.

    ReplyDelete
    Replies
    1. මේක සහයක් වෙයි කියල හිතනව ඔයාට. සාමාන්‍යයෙන් පැනල් වල රෙපෙයාර් එන්නෙ නෑ.අවුරුදු 5ක් අඩුම ගාණෙ වොරන්ටි දෙනවනෙ. අවුරුදු 10ක් නම් දුවනවමයි ඉතින්. බැටරි අලුත් ඒව නෙමෙයි නම් ඕනෙ වෙලාවක අවුල් යන්න පුළුවන්. අලුත්ම එකක් දැම්මොත් අවුරුදු 5ක් දිව්වැකි කරදරයක් නැතිව අනිවා. ඊට පස්සෙ බැටරිය ටික ටික අවුල් යනව. මොකක් හරි උපාංගයක් පිච්චුනොත් තමා ඉතින්. චීන ලාභ ඉන්වර්ටර්, චාජ් කොන්ට්‍රෝලර් තමා පිච්චුනොත්.
      ඕව හැර වෙන රෙපෙයාර් එන්නෙ නෑ.

      Delete
  3. අගෙයි.
    මගෙත් ආසාවක් තියෙනව මේ වගේ දේකට. බලමු.

    ReplyDelete
    Replies
    1. මට වැඩි තේරුමක් නෑ මේ ගැන, ඔබතුමා ට පුළුවන් ද, කුඩා සයිස් පැනලයක් සවිකර ගන්න උදව් කරන්න , කරුනාකරලා ස්තුතියි

      Delete
  4. ඔයාගෙ වැඩෙ නම් සුපිරි.. මාත් මේ වැඩක් කලා දැනටත් වැඩ කරනව ඒත් මටත් ලොකුම ප්‍රශ්නෙ තිබ්බෙ බැටරි ගැන තමා..මන් දාල තියෙන්නෙ වාහන වල පාවිච්චි කරන ඒවා . use කරපු ඩීප් සයිකල් බැටරි ගන්න පුලුවන් තැනක් ගැන් පොඩ්ඩක් කියන්න පුලුවන්ද. ලොකු උදව්වක්.

    ReplyDelete
    Replies
    1. ලලිත් මහතා ගාවත් deep cycle battery තියෙනව. තව මගෙ ගාව numbers කිහිපයක් තිබ්බ. මම හොයල කියන්නම්.

      Delete
    2. බොහොම ස්තූතී මාදව අයියේ. මේ වගෙ වැඩ දිගටම කරන්න. සුබපතනවා ඔයාට.

      Delete
  5. Really Useful & valuable post...

    ReplyDelete
  6. Great and awesome work dude!!!

    btw, a very small correction regarding a term. As far as I know it is not 'Axo blade' but 'Hacksaw blade'.

    ReplyDelete
    Replies
    1. Ah. Yes. I was reminding d word. But didn't got it.
      Thanks. Will correct.

      Delete
  7. Great work,,,,,,,
    payback period eka kochcharada?

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර විදුලි බිලත් එක්ක, මේ වියදම බැලුවම, මගෙ payback period එක මාස 25යි.

      Delete
  8. charging controller එකක් තියෙන Inverter එකක් ගත්තා නම් වැඩේ තවත් simple නේද? තව වැඩක් තියෙනවා.. ගෙදර wiring කරනකොට Essential, Non essential කියලා වෙනමම වයරින් කරන්න ඕනා.. Essential supply එකක inverter through වැඩ කරන විදිහට. හැබැයි එතකොට solar නෙමෙයි. CEB supply එකෙන් battery charge කරලා CEB cutoff උන ගමන් battery backup එකෙන් අල්ලන් ඉන්න විදිහට. තව පුංචි නිවැරදි කිරීමක් Axo Blade නෙමෙයි Hack Saw Blade. ගොඩක් මහන්සි වෙලා ලියලා තියෙනවා.. ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. ඔව්. මේ wiring එක isolate කරගන්න එක හුඟක් හොඳ අදහසක්. මමත් මේක කරන්න හිතාගෙන ඉන්නව අනිවාර්යයෙන්ම මම ගෙයක් හදන කාලෙට.

      Delete
  9. ඔව් ඒක වඩාත් පහසුයි. ඒ විතරක් නෙමෙයි, ඉන්වර්ටර් එක පැනල් එකටම සම්බන්ධ කරල එන පැනල් තියෙනව. ලංකාවෙ නම් තියේද දන්නෙ නෑ.
    වචනයේ වැරැද්ද මට හදන්න බැරි උනා. දැන් හදන්නම්.
    ස්තුතියි අදහසට.

    ReplyDelete
  10. "Arduino වලින් Smart Home." මේ Project එක ඉක්මනට කරමු.

    ReplyDelete
    Replies
    1. ඔව්. මේක තමා මම ඊලඟට කලේ. 2019.02 වෙනකොට තමා ඉවර කළේ. නමුත් ඒ ගැන ලියන්න වෙලාවක් තාම ලැබුණෙ නෑ. :(

      Delete
  11. බොහොම අගෙයි .... ස්තුතියි ඔයාගේ අත්දැකීම් බෙදාගත්තට ... charging control , watt hour meter වල ebay ලින්ක් දෙන්න පුලුවන්ද

    ReplyDelete
  12. සුපිරි විස්තරයක්.. නියමෙට ලියල තියෙනවා... aliexpress එකට inverter එකකට ඕඩරයක් දාන්න ඕනි...

    ReplyDelete
  13. UPS BATTERY ME WADETA HODAI DA?

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒව තමයි හොඳම. Deep cycle batteries, seal type batteries.
      computer ups වල තියෙන්නෙත් ඒ වගේ එව තමයි.

      Delete
  14. මමත් එකක් ගෙදර හදලා තියෙනවා. මට වුණේ ලාභ චීන ඉන්වර්ටර් එකක් ගත්තා. ඒක පිච්චුණා. දැන් මම Prolink PRO1200S 1200VA වර්ගයේ පාවිච්චි කළ යූපීඑස් එකක් දාලා තියෙනවා. මම දාලා තියෙන්නේ වොට් 100 පැනල් එකක්. ඇම්පියර් 65 කාර් බැටරියක් දැම්මා. DPDT Realy Switch 2ක් දාලා තියෙනවා විදුලිය ඇණ හිටපු වෙලාවට ස්වයංක්‍රීයම නිවසට යූපීඑස් එක හරහා විදුලිය ලැබෙන විදියට. බල්බ්වලට යන පර්පථය මම වෙන් කර ගත්තා. ඒ නිසා විදුලිය ඇණ හිටපු වෙලාවට විදුලි බල්බ විතරක් පත්තු වෙනවා. හොඳ ඉන්වර්ටර් එකක් (Pure Sine)එකක් දලා මේක වැඩි දියුණු කර ගන්නයි බලාපොරොත්තුව තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. නියමයි. එහෙම තමයි ලේසිම. මගෙත් ප්ලෑන් එක තිබ්බෙ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ඔක්කොම CEB විදුලිය නැති වෙලාවට ඕෆ් කරල කෙලින්ම මුළු ගෙදරටම Inverter එකෙන් දෙන්න. නමුත් පත්තු කරන්නෙ බල්බ්, ෆෑන්, TV වගේ විතරයි.
      නමුත් වෙන power loss එක ගැන හිතල 12V bulbs ටිකක් වෙනමම wiring එකක් හරහා සෙට් කළා.

      Delete
    2. ඇත්තටම ඔබ මේ වගේ දැනුම බෙදා ගන්නා පෝස්ට් දැමීම ගැන ස්තූති වන්ත වෙන්න ඕන. හැම දෙනාටම වගේ මේ වගේ විදුලි බල පද්ධති සාදා පසුව වර්ධනය කර ගත හැකි නම්, අනාගතයේ එන බලශක්ති අර්බුදයට එයින් යම් විසඳුමක් ගන්න පුළුවන් වෙයි. විදුලිබල මණ්ඩලය සමග ක්‍රියාත්මක වන පුනර්ජනනීය බල පද්ධති සඳහා බොහෝ දෙනෙකුට එකවර වියදමක් දරන්න අපහසුයි. අනෙක විදුලි ඇණහිටීමකදී එයින් ප්‍රයෝජනයක් ද නැහැ.

      Delete
    3. ඔව් අනිවාර්යයෙන්ම. මේව පොඩියට හරි හදන්න හදන්න ceb එකට එන ලෝඩ් එකත් අඩු වෙනවනෙ.
      සූර්ය බල සංග්‍රාමයෙන් කරන ඒවට බැටරි දාන්නෙ නැත්තෙ බැටරි වල ආයු කාලය අඩු නිසා. එතකොට වසර 3කට සැරයක් වගේ බැටරි මාරු කරන්න වෙනවනෙ හරියට කරනව නම්.

      Delete
  15. නියම ලිපියක් .

    ReplyDelete
  16. නියමයි,,මගෙත් අදහසක් තියනවා සිස්ටම් එකක් හදන්න තවම මම අධ්‍යනය කරනවා.ඔබගේ දැනුම නිර්ලොභිව අන් අයට ඉදිරිපත් කිරිම බොහෝ‍ම අගය කරනවා.එහෙම අය අද අඩුයි.මම ඉන්නෙ⁣ මැද පෙරදිග රටක ලංකාවට ආවාම අනිවාර්යෙන්ම හදනවා.ගැටළු එන තැන් වලදි මට සහය වෙන්න.ස්තුතියි

    ReplyDelete
  17. Dear madhawa.very useful post. Can i run 9 led bulbs, 2 home ac machines and
    1 inverter refrigerator with this system? Or can u suggest me another upgraded sytem?

    ReplyDelete
    Replies
    1. If we assume
      9 LEDs = 50W
      2 AC = 10,000W
      1 fridge = 10W
      You have to make a huge system with a big battery bank.
      Please join our FB group on "DIY Off Grid Solar Systems" and ask your question. There are many ppl to help.
      https://www.google.com/url?q=https://www.facebook.com/groups/405691366673574/

      Delete
  18. Can someone explain me the difference dc 12v vs dc 24v... why cant we make 24v system?..

    ReplyDelete
    Replies
    1. Difference is the output voltage.
      We can make 24V systems. use a 24V solar panel. (300W and above panels). Get 2 12V batteries and connect them serial. Use 24V charge controller. use a 24V-230V inverter.

      Delete
  19. Great work by sri lankan talented person...

    ReplyDelete
  20. Mandawa ඔබගේ ලිපිය අපගේ නවකයන්ට හරිම ප්‍රයෝජනවත් ඔබට ස්තුතියි ජයන්ත

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මිත්‍රයා. ඔයාලගෙ අදහස් තමයි මේව ලියන්න ලැබෙන මිල. :)

      Delete
  21. ඉතාම වටිනා ලිපියක්. පින්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මිත්‍රයා. මේ අගය කිරීම් තමා එකම සතුට. :)

      Delete
  22. ගොඩක් ස්තූතියි මාත් හදන ගමන් ඉන්නේ ඔය සොලා කොන්ටෝත්‍ලර් එකක්මයි මා ළඟත් තියෙන්නේ ඕක හොඳයිද තාම වැඩද? (සෝලා චාර්ජ් කොන්ටෝත්‍ලර් එක)

    ReplyDelete
    Replies
    1. ඔය දාල තියෙන චාර්ජ් කොන්ට්‍රෝලර් එක ටික කාලයක් යනකොට වැඩ කරන්නෙ නැතිව ගියා. එහෙම වෙලා පැනල් එකෙන් ආපු හයි වෝල්ටේජ් එක බැටරි වලට ගිහිල්ල බැටරි සවුත්තු උනා. ඊට පස්සෙ මම වෙන එකක් ගත්ත.
      ඒ නිසා ඕක පාවිච්චි කරන්න, නමුත් ප්‍රවේසමෙන්.
      මම දාල තියෙනව වගේ වෝල්ට්මීටර් එකක් සවි කරල තියන්න. එතකොට අවුලක් උනොත් ටක් ගාල අහු වෙනව.

      Delete
  23. මගේ සූර්ය විදුලි බල පද්ධතිය ගැන මම වීඩියෝ එකක් හැදුවා.
    https://vimeo.com/312877838

    ReplyDelete
    Replies
    1. හොඳ වැඩක්.
      පොඩි දේවල් ටිකක්.
      බැටරි කනෙක්ට් කරන්න terminal connectors යූස් කරන්න. crocodile clips වලින් හරියටම ටච් නොවෙන්න ඉඩ තියෙනව සහ ඕව ටික කාලයක් යනකොට මලකඩ කනව.
      තව ටිකක් ලස්සනට පිළිවෙලට වයරිං එක කරන්න.
      Panel, Charge controller, battery අතරට දාල තියෙන්නෙ අඩුම ගාණෙ 15Aවත් යන්න පුළුවන් වයර් නේද?

      Delete
    2. ඔව් ටිකක් ලස්සන කරලා ගන්න එක නම් හොඳයි තමයි. සමහර ඒවා හදිසියට අතට අහුවෙන ඒවායෙන් කරලා තියෙන්නේ. ඒවා හරිගස්සලා පිළිවෙලට හදාගන්න ඕන. අර කියපු තැන්වලට ඇම්පියර් 15 ඒවා දාලා තියෙනවා. ඔබේ කරුණු පැහැදිලි කිරීම්වලට ස්තූතියි.

      Delete
  24. මාදව, බොහොම ස්තූතියි ලිපියට. මම ලලිත් මහතාට කතාකරා. ඔහු දැන් යූස්ඩ් බැටරි විකුනන්නෑ ලු. ඔහු කියන විදිහට මාස කිහිපයකට වඩා යූස්ඩ් ජෙල් බැටරි පාවිච්චි කරන්න බෑ ලු. දැන් SOLTRON ඩීලර් කෙනෙක් කියුවා. ඔබගේ අත්දැකීම කොහොමද යූස්ඩ් බැටරි ගැන?

    ReplyDelete
    Replies
    1. ඔව්. දැන් එයා විකුණන්නෙ අලුත් ඩීප් සයිකල් ඒව විතරයි.
      මෙහෙමයි, හොඳ බැටරි එකක් නම් ලැබුණොත් කාලයක් භාවිතා කරන්න පුළුවන්. වසරකට වැඩි කාලයක්. අපේ ඕෆ් ග්‍ර්ඩි සෝලාර් ගෲප් එකේ ඉන්නව භාවිත කරපු ඩීප් සයිකල් බැටරි කාලයක් භාවිතා කරන අය.

      Delete
  25. Good ..
    ගොඩක් වටිනවා ...

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.