Sunday, August 20, 2017

Widgets

දැන් බ්ලොග් ලියන්න හරි පහසුයි



ඔන්න මමත් voice typing කරන්න හදන්නේ. මේ voice typing වලින් මම කරන පලවෙනි බ්ලොග් පෝස්ට් එක. මම මේ සඳහා පාවිච්චි කරන්නේ හෙළකුරු sinhala voice typing app එක. වෙලාවකට පොඩි පොඩි පිස්සු වචන දැම්මත් මේක මාර ම effective කියල නම් තේරෙනවා.
මේ හරහා සිංහල ටයිප් කිරීම ඉතාම පහසු වීම නිසා අනිවාර්යෙන්ම තව සිංහල බ්ලොග් නං ලියවෙයි කියලා මට හිතෙනවා. සිංහල ටයිප් කරන්නට බැරි අයට නම් මේක හොඳ විසඳුමක්. සිංහල ටයිප් කිරීමට වඩා ඉතාම වැඩි වේගයකින් sinhala ටයිප් කිරීමට හැකිවීම නිසා අපිට බ්ලොග් ලිපියක් ලිවීමට යන කාලය ඉතාම අඩු වෙනවා. මේ බ්ලොග් ලිපිය ලිවීමට මට විනාඩි 2-3 වඩා නොයන බව නම් අනිවාර්යෙන්ම ෂුවර්.
මෙහි තිබෙන තවත් විශේෂ වාසියක් වන්නේ අපි හට ඇඳේ දිගා වී විවේකීව කැමති විදියකට වාඩි වී හෝ ඇල වි ලිපියක් ලිවීමට හැකියාව ලැබීමයි.
 අවසාන වශයෙන් කිව්වොත් මේක නම් සුපිරි.
මම මේක දිගටම use කරාවි.
එහෙනම් දැනට ආයුබෝවන් යලිත් හමුවෙමු.

ප.ලි. මේ කොටස ලියන්නෙ පරිගණකයෙන්. වොයිස් ටයිප් කරනකොට වැරදි වචන ටයිප් උනු ඒව නම් හරිගැස්සුව.
මේක ලියද්දි උඩ ලියනවට වඩා වැරදුනාද මන්ද. :D :D :D 



4 comments:

  1. මගේ පෝන් එකට ඒක හරිගියේ නෑ.. හදාගන්න දන්නෙත් නෑ.

    ReplyDelete
  2. හ්ම්ම්. G Board එක නම් මට හරි ගියෙ නෑ. හෙලකුරු එක සුපිරි. gboard එකට සාපේක්ෂව ගොඩක් ඉස්සරහින් ඉන්නව. iPhone වලට develop කරන්න නම් තව ටික කාලයක් යයි කියල ධනික කිව්ව.

    ReplyDelete
    Replies
    1. මගේ පෝන් එකේ ප්ලේ ස්ටෝර් එක ඩිඇක්ටිවේට් වෙලා මොන දහං ගැටේ දැම්මත් ඒක එනේබල් කරගන්න බෑ. නැත්නං මෙලහට මාත් මේ වගේ පෝස්ට් පනහක් ඉතර දාලා.. හැක්

      Delete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.