Wednesday, September 2, 2015

Widgets

ඔබගේ වෙඩ් අඩවිය Googleහි මුල් පිටුවට ගන්නා හැටි - 2

ඔබගේ වෙඩ් අඩවිය Googleහි මුල් පිටුවට ගන්නා හැටි - 1 ලිපිය ලිව්වෙ ගොඩක් කාලෙකට ඉස්සර. ඒකෙ ඉතිරි ටික ලියල තිබ්බත් පෝස්ට් කරන්න අමතක වෙලා තිබ්බෙ.
මම තවත් පොත් පිංචක් ලියල ඒකට දානව කියල කිව්වත්, ඒකත් ලියවුනේ නැති නිසා පෝස්ට් එකක් විදිහටම දාන්න හිතුවෙ.



තත්වයෙන් උසස් අන්තර්ගතයක් නිර්මාණය කරන ආකාරය

ඉහත මම කිව්ව වගේ, අන්තර්ගතය උසස් වීමම ඉහළ Search Engine Ranking එකක් එන්න හේතුවක්. හොඳ අන්තර්ගතයක් සහිත ලිපියක් නැති නම් ඔබගේ අඩවියට කිසිදු කෙනෙක් පැමිණෙන එකක් නෑ, ඔබට විශ්වාසවන්තී පිරිසක් එකතු වෙන එකක් නෑ, හොඳ search engine ranking එකක් ලැබෙන එකකුත් නෑ.
ඉතින්, ඔබ වටා පිරිසක් එක් කරගනිමින්, සමාජ ජාල වල බෙදා හදා ගැනීම් එක්ක සබැඳි රැසක් එකතු කරගන්න පුළුවන් වටිනා, ප්‍රයෝජනවත් අන්තර්ගතයක් නිර්මාණය කරන්න සරළ උපදෙස් ටිකක් මෙන්න.

  • සිත්ගනාසුළු දේවල් ලියන්න උත්සාහ කරන්න. මොකද කවුරුත් කැමති නෑනෙ කම්මැලි හිතෙන දේවල් කියවමින් කාලය අපතේ හරින්න.
  • ප්‍රයෝජනවත් දේවල් ලබා දෙන්න. මිනිසුන්ට උදව් කරන්න, ඔවුන්ට ඔවුන්ගේ ගැටළු විසඳා ගත හැකි දේවල් ලබා දෙන්න.
  • ඔබම සමීක්ෂන කරල හොයල බලල අලුත්ම දෙයක් වාර්තා කරන්න. වෙන අයත් දාල තියෙන දේවල් එහෙම්මම දාන්න යන්න එපා. අලුත් දෙයක්, වටිනා දෙයක් නිර්මාණය කරන්න.
  • අධ්‍යාපන වටිනාකමක් සහිත වැදගත් තොරතුරු, පාඩම්, උපදේශන ලිපි ඔබගේ ශ්‍රාවකයින්ට ලබා දෙන්න. යමක් නිවැරදිව සිදුකරනා ආකාරය ඔවුන්ට කියල දෙන්න.
  • විවිධාකාරයේ ලැයිස්තු හදන්න, ගොඩක් අය ඒවගෙ දේවලට බොහොම කැමතියි.
  • වීඩියෝපට පළ කරන්න. වීඩියෝපට කියන්නෙ හරිම පහසුවෙන් බෙදාහදාගැනෙන, සබැඳි විශාල ප්‍රමාණයක් ලබාගන්න පුළුවන් දෙයක්. හුඟක් අය කැමතියි විඩියෝපට නරඹන්න. ඒව හරිම පහසුවෙන් ඉක්මනින් ශෙයා කෙරෙන දේවල්.
  • නිර්මාණාත්මක විෂය පරාසයක් තෝරාගන්න. උදාහරණයක් විදිහට ඔබ Photo Editing වගේ දේ වලට දක්ෂයෙක් නම් ඔබට පුළුවන් යම් යම් දේවල් ගැන රූපාකාරයෙන් කියල දෙන්න.
  • විවාදාත්මක කරුණු ගෙනහැරපාන්න. විවාදාත්මක ලිපි ලියන්න. එවිට එයට එකඟ වන අයත් එකඟ නොවන අයත් එකතුවී අදහස් දක්වමින්, හොඳ සංවාදයක් සිදු කරාවි.

Wordpress කොහොමද Optimize කරගන්නෙ.

මේ කොටස නම් අදාල වෙන්නෙ ඔබ විසින්ම හොස්ට් කරන ලද වර්ඩ්ප්‍රෙස් ස්ථාපනයක් මත ඔබගේ වෙබ්/බ්ලොග් අඩවිය පවත්වාගෙන යනවා නම් තමයි.
ඉස්සෙල්ල කිව්ව වගේ වැදගත් අන්තර්ගතයක් නිර්මාණය කිරීම තමයි ප්‍රධානතම දේ. නමුත් වර්ඩ්ප්‍රෙස් භාවිතා කරන්නන්ට තව වැදගත් දේවල් ටිකක් කරන්න තිබෙනව. මේ වගේම දේවල් තිබෙනව බ්ලොගර් භාවිතා කරන්නන්ටත්.
  • මුලින්ම බ්ලොග් එක හදනකොට වර්ඩ්ප්‍රෙස් තුළින් අපි අපගේ අඩවියේ වෙබ් ලිපිනය කෙසේද කියන එක හදන්න ඕනෙ. http://www.myblog.com ලෙස හෝ http://myblog.com ලෙස. මේ දෙකෙන් එකක් ඔබ මුලින්ම තෝරාගන්න ඕනෙ. ඒක ආපහු වෙනස් කරන්න එපා කවදාවත්. ඒ ඩොමේන් නාමයම තමයි ඔබ Google Webmaster Tools වලට ලබා දිය යුත්තේ.
  • ඊලභට කරන්න ඕනෙ custom permalinks දාගන්න එක. සාමාන්‍යයෙන් වර්ඩ්ප්‍රෙස් වල තිබෙන permalinks structure එක වෙනස් කරන්න ලිපියේ නම, පිටුවේ නම් ලින්ක් එක තුළට එන ආකාරයට. Settings > Permalinks වලට ගිහිල්ල “Post Name” හෝ “Custom Structure” දීල ඒකට : /%category%/%postname%/ ආකාරය දෙන්න. මේක ඉහළ Search Engine Ranking එකක් ලබා ගන්න අතිශයින්ම වැදගත් දෙයක්.
  • ඔබ ලිපි වෙන් කිරීමට Categories භාවිත කරන්නේ නම්, අනිවාර්යයෙන්ම ගැළපෙන keywords සහිත Allias සහිත categories භාවිතා කරන්න.
  • ලිපියේ නම සහ ලිපියේ ලින්ක් එක එකිනෙකට වෙනස් අකාරයට සකසන්න. ඒකෙන් ඔබට පුළුවන් ඔබට යොදාගන්න බැරිඋනු keywords තව ටිකක් ලිපියට ඇතුළු කරගන්න. ලිපියේ ලින්ක් එක පෙන්වන තැන තිබෙන Edit බොත්තම ක්ලික් කරල url එක වෙනස් කරන්න. හැබැයි අදාල වෙන ආකාරයේ ලින්ක් එකක් යොදන්න.
  • Related Posts plugin එකක් භාවිතා කරල කියවමින් පවතින පිලියට ගැළපෙන වෙනත් ලිපිත් කියවන්නාට පෙනෙන්නට සළස්වන්න. ඒ හරහා ඔබට පුළුවන් ඔබගේ අඩවියේ කෙනෙක් ගත කරන කාලය වැඩි කරන්න, ඔවුන් කියවන ලිපි ප්‍රමාණය වැඩි කරන්න.  ඒත් එක්කම ඔබගේ අඩවියේ Bounce Rate එකත් අඩු වෙනවා. ‍YARRP කියන්නෙ ඒකට හොද ප්ලගිනයක්.
  • පිරිසිදු Code හා CSS සහිත සරළ නමුත් හොඳ තීම් එකක් හොයාගෙන භාවිතා කරන්න. Premium Theme එකක් වඩාත් හොඳයි. ඒකට නම් යම් මුදලක් වියදම් කරන්න වෙයි. ඒත් එක්කම, නොමිලේ ලබාදෙන හොඳ තීම් උනත් තියෙනව.
  • සැමවිටම ඔබගේ වර්ඩ්ප්‍රෙස් ස්ථාපනය, නවතම සංස්කරණයට උසස් කරන්න. පැරණි සංස්කරණ හැක් කරන්න පහසුයි අලුත් එකකට වඩා. ඒත් එක්කම Secure Wordpress වැනි ආකර්ෂණ ප්ලගිනයකුත් ස්ථාපනය කරගන්න.
  • Google Site Map වැනි Site map ප්ලගිනයක් ස්ථාපනය කර ඒ site map එකේ ලින්ක් එක Google Web Master Tools වලට ලබා දෙන්න. ඒතකොට ඔබගේ අඩවියේ පිටු ගූගල් මගින් වඩා කාර්යක්ෂම ලෙස crawl කරනවා.

තවත් දේවල් ඔබගේ හිතෙත් ඇති, ඔබත් දන්නවා ඇති. ඉතින් ඒව ක්‍රියාත්මක කරන්න. ගූගල් කියන්නෙ අන්තර්ජාලය තුල තිබෙන විශාලතම සෙවුම් යන්ත්‍රය. ඉතින් ඒ හරහා තමයි ඔබගේ අඩවියට වැඩිපුරම ට්‍රැෆික් එන්නෙ.


"Get-Traffic" කියන ටැගය යටතේ ඔයාලට මේ මාතෘකාව සම්බන්ධ සියළු ලිපි කියවන්න පුළුවන්. 
ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ලිපි ගෙන්නගන්න පහත ඔබගේ ඊ ලිපිනය ඇතුළු කරන්න.


ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළු කරන්න:


FeedBurner අනුග්‍රහයෙනි.

5 comments:

  1. බොහෝම වටින ලිපියක්

    ReplyDelete
  2. ගොඩ කාලෙකින් ලිපියක් ලියලා.වටිනා ලිපියක් :)

    ReplyDelete
  3. හොද දේවල් පලකිරීමේ ගැන ඔබට ගොඩක් ස්තුතියි.ජය වෙවා!

    ReplyDelete
  4. ඇඩ්මින් සහෝ මම ඔයාගෙ මේ බ්ලොග් එකත් මගේ සිංඩියට ඇඩ් කරා ඇවිත් බලන්නකො http://www.akurasyndiya.tk අපේ සිංඩියේ බැනර් එකත් පුලුවන්නම් ඔයාගෙ බ්ලොග් එකට දාන්න බැනර් කෝඩ් සිංඩියට ගිහින් ගන්න

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.