Saturday, December 21, 2013

Widgets

ඔබගේ වෙඩ් අඩවිය Googleහි මුල් පිටුවට ගන්නා හැටි - 1

බ්ලොග් ලියන්නන් ගූගල් ගැන දැන සිටිය යුතු දේවල්
google
ගූගල් එකෙන් යම් අඩවියක් ලිස්ට් කරනකොට ඔවුන් දේවල් දෙකක් ගැන සළකනවා.
  • අදාලත්වය
  • ප්‍රසිද්ධිය
ඔබගේ අඩවිය, ඔබගේ මාතෘකාවට අදාල හොඳ අන්තර්ගතයක් සහිත ප්‍රසිද්ධ වෙබ් අඩවියක් / බ්ලොග් අඩවියක් කරගන්නනෙ ඔබට අවශ්‍ය වෙන්නෙ, නේද?
ප්‍රසිද්ධිය කියන එක පිටතින් ලැබෙන දෙයක්. ඒක ලැබෙන්නෙ වෙනත් අය ඔබගේ ලිපි, ඔබගේ අඩවිය ගැන කතා කරනවිට. ඔබගේ අඩවියට සබැඳි යොදන විට, Social Media වල ශෙයා කරන විටයි.
අදාලත්වය කියන එක ඇතුළත තියෙන දෙයක්. ඒක කරන්න ඕනෙ ඔබයි. ඔබගේ බ්ලොග් අඩවියේ අදාලත්වයක් සහිත ලිපි ලියන්න ඕනෙ. ඔබ කරන්න අවශ්‍ය වෙන්නෙ මෙන්න මේකයි.

වටිනාකමක් ඇති අන්තර්ගතයන් නිර්මාණය කරන්න.

value
හොඳ ප්‍රසිද්ධියක් ලබාගන්න නම් ඔබගේ ලිපි වල අන්තර්ගතය හොඳ වෙන්න ඕනෙ. එතකොටයි වෙනත් අය ඔබගේ ලිපි ගැන කතා කරන්නෙ. ශෙයා කරන්නෙ.

අලුත් දේවල් නිතර පෝස්ට් කරන්න.

වැඩිපුර ලිපි ලිවීම මගින් ඔබ සෙවුම් යන්ත්‍ර වලටත් වැඩිපුර දේවල් ලබා දෙනව ඔවුන්ට ලිස්ට් කරගන්න. ඉතින් එතකොට ඔබගේ බ්ලොග් අඩවියට ලැබෙන ලින්ක් ගණන් වැඩ්වන නිසා තවත් පිරිස ඔබගේ බ්ලොග් අඩවියට පැමිණෙනවා. වැඩිපුර කියන්නෙ වැල්වටාරම ඕනෙවට එපාවට ලියන එක නෙමෙයි හරිද.

ස්වභාවික වන්න.

ඔබගේ ලිපි කියවන්න පිරිසක් එන්න නම් ඔවුන් ඔබ ලියන මාතෘකාව සම්බන්ධයෙන් සෙවුම් යන්ත්‍ර වල සෙවුම් කරන්න වෙනව. එතකොට ඔවුන් ටයිප් කරන්නෙ මොන වගේ දේවල්ද කියල හිතල බලන්න. ඒ අනුව ලියන්න, ඒ අනුව keywords ලබා දෙන්න.

Keywords සම්බන්ධයෙන් සමීක්ෂණ කරන්න.

Google keyword Tool එක භාවිතා කරල විවිධ keywords වලට තිබෙන ඉල්ලුම ගැන හොයල බලන්න. ඉතින් එතකොට ඔබට පුළුවන් ඊට අදාල ලිපියක් ලියනවිට ඒ keywords යොදල ලියන්න සහ ඒ keywords යොදාගන්න පුළුවන් ලිපි ලියන්න.

Analytics වලින් ලැබෙන තොරතුරු භාවිතයට ගන්න.

මම දන්නව, ඔයාල හැමෝම විවිධාකාරයේ Analytics, Visitor Counters භාවිතා කරනව. ඒවයේ විස්තර බලනව. නමුත් ඒකෙන් ඔයාල ප්‍රයෝජනයක් ගන්නවද? බොහොමයක් දෙනාට තියෙන උත්තරය “නෑ” කියන එක තමයි. ඉතින් ඒ තොරතුරු භාවිතා කරන්න, මොන වචන සෙවුම් කරල ආපු අයද ඉන්නෙ, මොන රටවල් වලින්ද, ඔය වගේ වටිනා තොරතුරු රැසක් එතනින් එකතු කරගන්න පුළුවන්.

ඔබගේ පරණ ලිපි යළි බලන්න.

ඔබගේ බ්ලොග් අඩවියේ Analytics බැලුවොත් ඔබට පෙනේවි, ඔබ කාලෙකට ඉස්සර ලියපු ලිපි තිබෙනව, තවමත් බොහොමයක් පිරිසක් කියවන්න එන. ඉතින් ඒ ලිපි බලල ඒව අලුත් කරන්න, ඒවට තවත් දේවල් එකතු කරල ඒ ලිපි දියුණු කරන්න. හැම වෙලේම ඒ වගේ ලිපි up to date තියාගන්න.

වටින්නෙ ගණන නෙමෙයි තත්වයයි.

quality-assurance

සමහරු හිතනව ලිපි මහ ගොඩක් ලියන එක තමයි සෙනඟ ගෙන්නගන්න තිබෙන හොඳම ක්‍රමය කියල. නමුත් ඒක නෙමෙයි ඇත්ත. එතරම් වටිනාකමක්, ප්‍රයෝජනයක් නැති ලිපි 100ක් ලියල ගෙන්නගන්න පුළුවන් සෙනඟ ප්‍රමාණය වටිනා, ප්‍රයෝජනවත් ලිපි 1-2කින් උනත් ගෙන්නගන්න පුළුවන්. ඉතින් ලිපි මහ ගොඩක් ලියන එක ගැන හිතන්න එපා, ලියන එක ලිපිය උනත් හරියට ලියන්න. නමුත් ඇත්ත, ලිපි ලියන්න ඕනෙ. වටිනා ලිපි ටිකක් වටිනව වැඩක් නැති ලිපි ගොඩකට වඩා.

නොමිලේ සබැඳි ලබාගන්න.

බ්ලොග් එක අනිවාර්යයෙන්ම Google Web Master Tools වලට එකතු කරගන්න. ඒකෙ Crawl Errors වලින් හොයාගන්න පුළුවන් ඔබගේ බ්ලොග් එකේ dead links, invalid links තිබෙනවද කියල. ඒව බලල අනිවාර්යයෙන්ම හදන්න, ක්‍රියාකරන ලින්ක් හරහා ඔබගේ Search Engine Ranking එක ඉහළ යනව පමණක් නෙමෙයි, ඔබගේ අඩවිය ගැන එන අයට විශ්වාසයකුත් ඇති වෙනව.

කෙටි ක්‍රම, රැව්වටිලි වලින් වළකින්න.

සෙවුම් යන්ත්‍ර වල ඉහළටම යන්න කෙටි ක්‍රම, පහසු ක්‍රම නෑ. එහෙම ඒව ගැන කියන අයව විශ්වාස කරන්න එපා. වැඩේ හරියට කරල විතරයි මේක දිනන්න පුළුවන්.

ඊලඟ කොටස් වලින් කොහොමද වටිනා, වැදගත් අන්තර්ගතයක් නිර්මාණය කරගන්නෙ, Blogger, Wordpress අඩවියක් හරියට Optimize කරන්නෙ, කියල සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනව.


2 කොටසට යන්න >>


"Get-Traffic" කියන ටැගය යටතේ ඔයාලට මේ මාතෘකාව සම්බන්ධ සියළු ලිපි කියවන්න පුළුවන්. 
ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ලිපි ගෙන්නගන්න පහත ඔබගේ ඊ ලිපිනය ඇතුළු කරන්න.


ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළු කරන්න:


FeedBurner අනුග්‍රහයෙනි.

22 comments:

  1. වැදගතත් ලිපියක් සිංහලෙන් ලියන අයට තියෙන ලොකුම අඩුවක් තමයි සිංහලෙන් සෙවුම් කරන්න තරම් තවම පිරිස දියුනු වෙල නැති එක.

    ReplyDelete
    Replies
    1. නිවැරදියි. නමුත් අපිට සිංහලෙන් මොනව හරි හොයාගන්න ඕනෙ නම් අපි සිංහලෙන්ම හොයන්නැපැයි. :)

      Delete
  2. එළස්.. දෙයියෙනේ කියල මගේ නම හෙව්වම මුල්ම සර්ච් රිසල්ට් එකට බ්ලොග් එක එනව දැන්... පරණ වෙන්න වෙන්න තමයි වැඩිපුර index වෙන්නෙ...
    වැදගත් ලිපියක් සහෝ...

    ReplyDelete
    Replies
    1. නමම නෙමෙයි, අන්තර්ගතය සර්ච් කළාම ඔයාගෙ ලිපි එනවද බලන්න. ඒකනෙ අවශ්‍ය.

      Delete
  3. ස්තුතියි වටින ලිපියක්

    ReplyDelete
  4. නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. බොහෝම ස්තුතියි.

    ReplyDelete
  5. මාත් ඔය ක්‍රම ටික අත්හදා බලන්න ඕනා.. !!!

    ReplyDelete
  6. වටින ලිපියක් සහෝ සිංහල බ්ලොග් වලට සින්ඩිකේටර තියෙනවා වගේ ඉංග්‍රීසි බ්ලොග් පබ්ලිෂ් කරන්නත් සින්ඩිකේටර තියෙනවද දන්නවනම් කියන්න ලොකු උදව්වක් ...

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසි බ්ලොග් වලට සින්ඩිකේටර් අනන්තවත් ඇති. ඔය බ්ලොග් ඩිරෙක්ටරි තියෙන්නෙ ගොඩක්. ඒවත් එක්තරා ආකාරයක සින්ඩිකේටර් තමයි.

      Delete
  7. සරලව ලියලා තියෙනවා, ඇත්තටම සින්හල සයිට්ස් වලට හොද ට්‍රැ‍ෆික් එකක් ගන්න තියෙන ක්‍රම මොනවද..?

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිව්වොත් සිංහල අඩවි වලට Organic Traffic ගන්න ටිකක් අමාරුයි, මොකද සිංහලෙන් සර්ච් කරන අය අඩුව. වැඩිපුරම ට්‍රැෆික් ගන්න පුළුවන්කම තියෙන්නෙ Referral Links වලින් තමයි. ඒ කියන්නෙ Social Sharing හරහා හා වෙනත් අඩවි වල ලින්ක් එකතු කරගැනීමෙන් තමයි. තවත් ක්‍රම තිබෙනවා. මගෙ "ඕබගේ වෙබ් අඩවියට Traffic වැඩි කරගන්නේ කෙසේද" පොත් පිංචෙන් ඔබට තවත් අදහස් ටිකක් ගන්න පුළුවන් වෙයි.

      Delete
  8. ඔබ අන්තිමට කියලා තියෙන ටික වටිනවා. කෙටි ක්‍රම භාවිතා නොකිරීම. ලෝකයේ කිසිම දෙයකට කෙටි පාරවල් නෑ කියන එකයි මගේ විශ්වාසෙ.

    ReplyDelete
  9. English Blog නම් මේවා වටිනවා .. අනිවා හුගාක් අය Webmaster Index කරාට, analytics දැම්මට ඕව බලන්නෑ.. බලන්නේ Visits ගානයි. දවසේ Adsense ගානයි බලල.. ආදායම ඉහලා දාගන්න බලනවා.. නමුත් හුගාක් අය දන්නෑ.. අදාය ඉහල යන්න නම් මේ කරුණු ගැනත් අවධානය යොමු කරන්න ඕනේ කියලා.. සිංහලෙන් Google සෙවුම් ඉතාම සීමිතයි.. ඒක නිසා Sinhala Keyword නම් පිස්සුවක්.. 2050 දී විතර බැරිය

    ReplyDelete
    Replies
    1. එක අතකින් ඔබගේ කතාව හරියටම හරි.

      Delete
  10. Quality පොස්ට් එකක්. ගොඩක් වැදගත් කරුණු පොස්ට් එකේ කිල තිබුනා. උදාහරණයක් විදිහට Quality Over Quantity ගැන කියපු දේට මාත් එකඟයි. ගොඩක් අය ඔහේ පෝස්ට්ස් ලියන්නෙ, පැය ගාණක් අරගෙන High Quality Post එකක් ලියනවා නම් අනිත් කෙනාට වැදගත් වෙන විදිහට, ඒකම ඇති හොඳ Traffic එකක් ගන්න.

    සිංහලෙන් Search කරන කට්ටිය ඉන්නවා, සිංග්ලිශ් වලින් හොයන අය ඉන්නවා. සිංහල Unicode වලින් හොයන අය ඉන්නවා. ඒත් ඒක ලොකු නම්බර් එකක් නෙමෙයි. ඉස්සරහට මේ ගාන වැඩි වෙයි. ඒ වුනත් Ishara කිව්වා වගේ 2050 වගේ වෙයි Google Keyword Planner Tool එකෙන් සින්හල Keyword Data පෙන්වන්න, ;)

    ගොඩක් අය කියවලා යනවා විතරයි. ඔන්න මන් පොස්ට් එකට Google +1 එකක් දුන්න. :)

    Thanks,
    Shyam Chathuranga.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අදහසට.
      ඔබගේ කතාව හරියටම හරි.
      සිංහලෙන් මම උනත් සර්ච් කරන අවස්ථා තිබෙනවා. නමුත් අපිම දන්නව සිංහල අන්තර්ජාලය තුළ අඩුයි කියල. ඒක වැඩි කරන තරමට, කට්ටිය ඒ ගැන දැනගන්න තරමට, සිංහලෙන් සර්ච් කරන ප්‍රමානයත් වැඩි වෙයි.
      ----
      ඔයාගෙ බ්ලොග් එකත් මම බැලුව, ලිපි කිහිපයක්ම.
      ගොඩක් වටිනා දේවල් ටිකක් හුඟක් ඕනෙකමින් ලියල තිබෙනවා. බොහොම වටිනවා ඒ වගේ වෙබ් අඩවි. සුභ අනාගතයකට සුභ පැතුම්!!!

      Delete
  11. ඕං මාත් කියෙව්වා.. නියමයි පෝස්ට් එක..

    ReplyDelete
  12. godak watinawa sahoo.. Google keyword Tool eka ganne kohomada?

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.