Saturday, April 11, 2015

Widgets

"මින්ට්" සීතල ඇයි?

Mint ටොෆි

මින්ට් කිව්වම මින්ට් ජාති ගොඩක් තියෙනවනෙ. පෙපර්මින්ට් තමයි මම දන්න පරණම එක. පොඩි කාලෙ ඒවට මම නම් හුඟක් ආසයි. දැන් නම් පෝලෝ තියෙනව, තව ජාතිත් තියෙනව.
ඉතින් ඇයි මේව කනකොට සීතලක් දැනෙන්නෙ???

ඉස්සෙල්ල අපි බලමු අපිට කොහොමද උෂ්ණය / සීතල කියන එක දැනෙන්නෙ කියල.
අපේ ඇඟ පුරාම ස්නායු තියෙනවනෙ. ඉතින් ඔය ස්නායු වලින් මොළයට යවන එක් විදුලි පණිවුඩ වර්ගයක් තමයි උෂ්ණත්වය. සිසිල් හා උෂ්ණ කියන සංවේදන දෙකට අදාල විදුලි සංඥා වර්ග දෙකක් තිබෙනවා. අපිට උණුසුම් දෙයක් ස්පර්ශ වනවිට ස්නායු තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියාව හරහා ඇතිවන විදුලි සංඥාව ස්නායු මගින් මොළයට යවනව. සිසිල් දෙයක් ස්පර්ශ වන විට, පරිසරය සිසිල් වන විට, ඊට අදාලව ස්නායු තුළ සිදුවන රසායනික ක්‍රියාවලිය හරහා ඊට අදාල විදුලි සංඥාව මොළයට යවනව.
ඉතින් ඒ පණිවුඩ මගින් තමා මොළය හඳුනා ගන්නේ පරිසරයෙ සිදුවන උෂ්ණත්ව වෙනස්කම් හා අපි ස්පර්ශ කරන දේ වල තිබෙන උෂ්ණත්ව වෙනස්කම්. ඒ අනුව තමයි අනිත් පැත්තට මොළයෙන් පණිවුඩ එවන්නෙ "ඕක ගොඩක් රස්නෙයි, අල්ලන්න එපා" වගේ පණිවුඩ.

ඉතින් මින්ට් වලදි මොකද වෙන්නෙ? ඒක රස්නෙත් නෑ සීතලත් නෑනෙ.
මින්ට් වල තිබෙනවා "මෙන්තෝල්" කියන ක්‍රියාකාරී රසායනිකය.
ඊට හැකියාව තිබෙනවා අර කිව්ව ස්නායු වල (මින්ට් එකක් කනව නම්, මුඛයේ තියෙන ස්නායු වල) රසායනික ක්‍රියාකාරිත්වය වෙනස් කරන්න. ඒ වෙනස් කරන්නෙ සිසිලස දැනෙන විට සිදුවන ආකාරයට එම රසායනික ක්‍රියාවලිය සිදුවන්නට. එවිට ඇතිවන විදුලි සංඥාව මොළයට ගියාම, මොළය හඳුනාගන්නවා සිසිල් දෙයක් එම ස්නායු සමඟ ස්පර්ශ උනා කියල. 
ඉතින් අන්න ඒ නිසා තමයි අපි මින්ට් එකක් ආහාරයට ගන්නකොට සිසිලසක් දැනෙන්නෙ.

පෙපර්මින්ට් ශාකය


මෙම ලිපිය බ්ලොග් වසන්තය වෙනුවෙනි.
බ්ලොග් වසන්තය වෙනුවෙන් ලියවෙන සියළු බ්ලොග් ලිපි කියවන්න "ලක් දැල බ්ලොග් කියවනය"ට යන්න.

9 comments:

  1. එතකොට පෙපර්මින්ට් හදන්නේ මින්චි කොල වලින්ද ?

    ReplyDelete
    Replies
    1. පෙපර්මින්ට් හදන්නෙ පෙපර්මින්ට් ශාකයෙන් ලබාගන්නා නිස්සාරණයකින්.
      Mentha aquatica (watermint) සහ Mentha spicata (spearmint) කියන ශාක වර්ග දෙක මුහුන් කරල හදාගත්තු ශාකයක් තමයි peppermint කියන්නෙ.

      Delete
    2. peppermint කියන්නෙ රසකාරකයක් වගේ දෙයක්. oil එකක්.

      Delete
  2. එතකොට ඇගට වසක් විසක් නැද්ද

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය මට්ටමක් කිසිම අවුලක් නෑ කියලයි කියන්නෙ. පෙපර්මින්ට් ඖෂධයක් වශයෙනුත් භාවිතා වෙනව. Likely Safe කියන කාණ්ඩයටයි අයිති වෙන්නෙ.
      සමහර අයට overdose එකකදි පපුව දැවිල්ල, මුඛ තුවාල/සමේ රතු පැල්ලම්/හිස කැක්කුම වගේ අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්.

      Delete
  3. මේක කියෝල මගෙ web browser එකට කූඹි එයිද දන්නෙ නෑ නේද?

    ReplyDelete
  4. අදයි සමහර දේවල් දැනගත්තේ.... තැන්කූ

    ReplyDelete
  5. මටත් තිබුන පුරස්නයක් ඕක...

    ReplyDelete
  6. දැන් එතකොට අපි කන මිංචි කොල කියන්නේ මුහුන් කරල නිර්මාණය කරපු එකක්ද?

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.