Friday, April 10, 2015

Widgets

ආලෝකය හා සාපේක්ෂතාවාදය

ආලෝකය හා සාපේක්ෂතාවාදය දෙක ගැන කතා කළොත්, සරළව කිව්වොත් දෙකම තේරුම් ගන්න අමාරු විෂයයන් දෙකක්.

පොඩි ගැටළු දෙකක් ගමු.

1. ඔබ ආලෝකයේ වේගයෙන් ගමන් කරනවා නම් ආලෝකය ඔබට පෙනෙන්නේ කොයි ආකාරයෙන්ද?

ඔබ ආලෝකයේ වේගයෙන් යන විට ආලෝකය තවමත්, ආලෝකයේ වේගයෙන් ගමන් කරනවා ඔබට දකින්නට පුළුවන්. ඉතින් න්‍යායාත්මකව බැලුවොත් එය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය ආකාරයට සිදු වනවා පෙනේවි. මේක කියවෙන්නෙ අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදයේ.
අපේ සූර්යයා වටේ අපි අති විශාල වේගයකින් ගිහිල්ල, සූර්යයා අභ්‍යාවකාශය තුළ විශාල වේගයකින් ගිහිල්ල, අපගේ මණ්දාකිණිය ඊටත් වඩා විශාල වේගයකින් ත්වරණය වෙලා උනත්, ආලෝකය ඒ කිසිම වේගයක සම්බන්ධයක් නැතිව ආලෝකයේ වේගයෙන්ම ගමන් කරනු ඇති.



2. අපිට ආලෝකයට වඩා වේගයෙන් ගමන් කළ හැකිද?

ගණං හදල, පරීක්ෂණ කරල කියන විදිහට ආලෝකයේ වේගය, තත්පරයට මීටර් 299,792,458 යි. ඔය වේගෙන් යන්න පුළුවන් නම් අපිට තත්පරයකින් ලෝකේ වටේ වට හතහමාරක් යන්න පුළුවන්.
ඒක ඇවිල්ල අපි දන්න වේගවත්ම දේනෙ. හරි, ඇයි ඒත් මේ වේගෙන් යන්න මේ තරම් අමාරු??? අපි හිතමු, ඔය ගුරුත්වාකර්ෂණය, ඝර්ෂණය වගේ ප්‍රතිරෝධී බල නෑ කියල. එහෙනම් ඉතින් ත්වරණය වෙවී වෙවී හිටියොත් අපිට කවද හරි ආලෝකයේ වේගයට යන්න පුළුවන් කම තියෙන්න ඕනෙ. නැද්ද?

පොඩි ගැටළුවකට තියෙන්නෙ, එහෙම හරි යන්නෙ නෑ.

අයින්ස්ටයින් ඒකටත් පොඩි කේස් එකක් දාල තියෙනව එයාගෙ "සාපේක්ෂතාවදය" තියරියෙදි.
ඒකෙ කියන විදිහට මොකක් හරි චලනය වන වස්තුවක වේගය වැඩි වීමත් සමඟ, ඒකෙ ස්කන්ධයත් වැඩි වෙනවා. එහෙම ගත්තම, වස්තුව ආලෝකයේ වේගයට එළඹෙනකොට එහි ස්කන්ධය අනන්තයක් වෙනවා. එහෙම අනන්තයක වස්තුවක් චලනය කරවන්න අනන්ත ශක්තියක් අවශ්‍ය වෙනවා. 
ඉතින් එහෙම ශක්ති ප්‍රභව මේ විශ්වයේ තියෙනවද කියල නම් අපි දන්නෙ නෑ. 

ඉතින් මේ අවස්ථා දෙක ගත්තම, දෙකම තේරුම් ගන්න අපහසු අවස්ථා දෙකක්. තවත් මේ වගේ අවස්ථා අපිට හමු වෙනවා ඉහත කිව්ව විෂයන් දෙක ගැන කතා කරනකොට. 


මේ ලිපිය බ්ලොග් වසන්තය වෙනුවෙයි. 


බ්ලොග් වසන්තය වෙනුවෙන් ලියවෙන සියළු බ්ලොග් ලිපි කියවන්න "ලක් දැල බ්ලොග් කියවනය"ට යන්න.

16 comments:

  1. වටිනා ලිපියක්

    ReplyDelete
  2. මේ ලිපිය නම් ටිකක් බරපතලයි.
    මම කොහෙදි හරි අහල තියෙනව හිතේ වේගය තමයි කවදහරි මිනිහෙකුට ළඟා කරගන්න පුළුවන් උපරිම වේගය කියලා. හිත දියුණු කරගත්තු උදවියට ඇසිපිය ගහන කාලයක් තුළදි සක්වල වටේ වටයක් උණත් ගිහින් එන්න පුළුවන් කියන්නෙ ඒ අයට ආලෝකයේ වේගයත් පරදවල හිතේ වේගයෙන් ගමන් කරන්න පුළුවන් නිසා ලු.

    ReplyDelete
    Replies
    1. එතනදි යන්නෙ හිත විතරයි නේද?
      Physical Body එකයි Mental Body එකයි ක්‍රියා කරන්නෙ ආකාර දෙකකට නිසා හිතට සමහරවිට ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් යන්න පුළුවන් ඇති.

      Delete
    2. දියුණු සිතක් ඇති කෙනෙකුට සිතේ වේගයෙන් සිරුර චලනය කළ හැක. ක්ෂනයකින් මෙලොවින් නික්මී දිව්‍ය, බ්‍රහ්ම ලෝක වල පෙනී සිටීමට බුදුවරුන්ට හැකියාව ඇත්තේ ඒ නිසාය.

      Delete
    3. එතන පොඩි ගැටළුවක් තිබෙනවා. බුදු හාමුදුරුවො එහෙම ගියා කියනවනෙ. ඒ ඇත්තෙන්ම භෞතික ශරීරයෙන් නෙමෙයි නේද? මනසින් ගිහිල්ල එතන hologram එකක් වගේ හදාගෙන බණ කියල නේද?

      Delete
    4. බුදු හාමුදුරුවො සෘද්ධි බලයෙන් භෞතික ශරීරයත් සමඟම ගමන් කරල තියෙනවා. 'තුරිත ගමන්' කියල හඳුන්වන්නෙ එහෙම සෘද්ධි බලයෙන් සිදු කරන ගමන් බිමන්.
      බුදු හාමුදුරුවෝ එකපාරක් බ්‍රහ්ම ලෝකෙද කොහෙද බණ දේශනා කරමින් ඉන්න අතරතුරදි ආපහු පොළොවට වඩින්න අවශ්‍ය වෙලා බ්‍රහ්ම ලෝකය තුළ hologram එකක් මවලා තියල බ්‍රහ්මයින්ට නොදැනෙන්න භෞතික ශරීරයෙන්ම පොළවට වැඩියා කියල නම් මම අහලා තියෙනවා.

      Delete
    5. ඔය විදිහෙම දෙයක් ගැන ශ්‍රී පාදයේ දිවා ගුහාව ගැනත් කියවෙන කතාවක් තියෙනව නේද?

      Delete
  3. Mama usas pela student kenek.. usaspelata galapena lipith hemin sare daanawanam.. hodai.. oya engineer kenekuth wenawane... :) Thankz Lipiyata

    ReplyDelete
  4. අනේ අනිච්චං.. කතා කරන්නේ සාපේක්ෂතාවාදය ඒත් ඉන්නෙ ආගම අස්සෙ හිර වෙලා..

    ReplyDelete
    Replies
    1. නිකන් ගොන් කතා කියන්න එපා. බුද්දාගමෙන් පුළුවන් ඔය හැම විද්‍යාවම ඔප්පු කරන්න. අනිත් එක පොඩ්ඩක් බලන්න ඔය හැම විද්‍යාවෙන්ම අන්තිමට ඔප්පු වෙන්නෙත් අපේ බුදු හාමුදුරුවෝ දේශනා කරපු ඒවම නේද??

      Delete
    2. @Ano, දෙක පටලවගන්නෙපා මිත්‍රයා. දෙකේ සබඳතා දහස් ගණනක් තිබෙනව. නමුත් ආගමට හිර වීමක් මෙතන වෙලා නෑ. අපි හැම දෙයක් ගැනම හිතන්න ඕනෙ.

      @Sameera. ඔයා හරි.

      Delete
    3. Sapekshathwaya gananm supiri...eeunta aii agam gana katha karannne...agam adala nane..buddha darshane nm adalaii....

      Delete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.