Monday, April 13, 2015

Widgets

මිරිස් මෙච්චර සැර ඇයි?

ඉස්සෙල්ල අපි කතා කලා සීතල දෙයක් ගැන. දැන් කතා කරන්න හදන්නෙ පිච්චෙන දෙයක් ගැන.

මිරිස්!!


මිරිස් කිව්වම එක එක ජාතියෙ මිරිස් තියෙනව. මාලු මිරිස්, කොච්චි මිරිස්, නයි මිරිස්, වැරණිය මිරිස්, තව එක එක ජාති. එක එක ඒව එක එක මට්ටමින් සැරයි. සමහර ඒව නම් පොඩ්ඩක්වත් සැර නෑ නිකං කන්න පුළුවන්. සමහර ඒව නම් යංතං ගෑවුනත් කෙලින් ඉන්න බැරි තරම් දැවිල්ලයි. සමහර අය මිරිස් කන්න හරිම ආසයි. ඒකෙන් එයාල අමුතුම සතුටක් ලබනව. සරළව කිව්වොත් අමුතුම කික් එකක්. :)

ඉතින් මේ සැර, දැවිල්ල, පිච්චෙන ගතිය කොහොමද එන්නෙ???

මිරිස් වල තිබෙනව රසායනිකයක්, Capsaicin කියල. මින්ට් වලින් සීතල දැනෙන විට සිදුවන රසායනික ක්‍රියාවලිය ස්නායු වල ඇති කරනව වගේ, කැප්සයිසීන් වලින් කරන්නෙ, අපිව පිලිස්සෙන විට ඇති වන සංවේදනයට අදාල විදිහට ස්නායු තුළ රසායනික ක්‍රියාවලිය ඇති කිරීමට හේතු වන එක. එතකොට මිරිස් කෑවම අපිට පිච්චෙනව වගේ දැනෙන්න ගන්නව.
ඊට පස්සෙ මොකද වෙන්නෙ???
මොළය හිතන්නෙ අපිව පිච්චෙනව කියල. මොළය එතකොට කරන්නෙ එතනට යවනව, අපේ ශරීරයේ තිබෙන වේදනාව නසන රසායනිකය. Endorphins කියන්නෙ ඒක. අන්න ඒක දිව හා මුඛයට ආවම තමයි අර කිව්ව කික් එක එන්නෙ. 

ඉතින් මේ මිරිස් වල සැර මනින්න ක්‍රමයක් තියෙනවද??
තියෙනව. Scoville Heat Units (SHU) කියන්නෙ ඒක. මිරිස් වල සැර මනින්න 1912දි Wilbur Scoville විසින් නිර්මාණය කරන ලද ඒකකයක්. මිරිස් වලින් ලබාගන්නා ලද කැප්සයිසීන් නිසාරණයක් මිනිස් දිවට එහි සැර නොදැනන තරම් ජලය මගින් තනුක කළ යුතු ප්‍රමාණය තමයි මේක මනින ක්‍රමය. තනුක කරන්න ඕනෙ කරන ජලය ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න ඒ මිරිස් වල SHU අගය වැඩි වෙනව. ඒ කියන්නෙ සැර වැඩියි කියන එකයි.
නමුත් මේ මිනුම් ඒකකයේ ගැටළුවක් තිබෙනවා. මොකද මේ පරීක්ෂණයේදී භාවිතා වන පුද්ගලයා අනුව මෙහි මිනුම වෙනස් වෙන්නට පුළුවන් නිසා. ඉතින් පස්සෙ කාලෙක මිරිස් වල සැර මනින්න වෙනත් ක්‍රමයක් නිර්මාණය උනා liquid chromatography කියන තාක්ෂණය හරහා.

Carolina Reaper   2,200,000 SHU

(Trinidad moruga scorpion)
ලෝකෙ සැරම මිරිස් වර්ගය
http://www.hellawella.com/top-10-hottest-peppers-world

මෙම ලිපිය බ්ලොග් වසන්තය වෙනුවෙනි.
බ්ලොග් වසන්තය වෙනුවෙන් ලියවෙන සියළු බ්ලොග් ලිපි කියවන්න "ලක් දැල බ්ලොග් කියවනය"ට යන්න.

පරණ අවුරුද්දේ අවසන් ලිපිය තමයි මේ. එහෙනම් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

6 comments:

  1. ඒ කියන්න් මිරිස් වල සැර මනින්නත් මිම්මක් තියෙනවා.... වාව්

    ReplyDelete
  2. මිරිස් නැතිව මට නම් කෑම කටේ තියේන්නවත් බෑ....මිරිස් වැඩි පුර කෑම නිසා ගැස්ට්‍රික් වලිනුත් මම දැන් පීඩා විඳිනවා......! ඔය වගේ කිරලා මැනලා බඩට සෙට් වෙන විදිහට මිරිස් කන්න තියෙනවනම් මරු....!

    ReplyDelete
  3. මටත් ඉතින් කනවනම් මිරිස් ටිකක් වැඩිපුර තියෙන්න ඕනෙ. මෙහෙ උන් කන කෑම ඇල්වතුර වගේ. වැඩිපුර මිරිස් දාන්න කියලම තමයි කඩෙන් ගන්නවනම් කෑම එක හදාගන්න ඕනෙ.
    දුමී ට වගේම මටත් ගැස්ට්‍රයිටිස් තියෙනවා. ඒත් ඉතින් මිරිස් නැතුව කොහොමැයි කන්නෙ.

    ඇමරිකාවෙ සමහර කඩවල මිරිස් ගන්න ගියහම ඒකෙ සැර 1 ඉඳන් 10 වෙනකල් තියෙන පරාසයකට බෙදලා සඳහන් කරල තියෙනවා. 1 සැර අඩුම. 10 සැර වැඩිම. ඉතින් මිරිස් ගන්නකොට පාරිභෝගිකයාට ඔය අංකෙ දිහා බලල සැර ගැන අදහසක් අරගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. හික්ස්. පිට රට වල අයට ආසියානුවන් කන මිරිස් දැක්කම පිස්සු හැදෙනවලු නේද?
      අපේ ඔෆිස් එකේ කට්ටියක් ඉතාලියෙ ගිහිල්ල, එහෙ තියෙනවලු චිලී ඔයිල් එකක්. ඒව මහ ගොඩක් දාගෙන කෑවලු. එහෙ කට්ටිය ඇස් උඩ ගිහිල්ල බය වෙලා වගේ බලා හිටියලු.

      Delete
  4. සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  5. ඕ... වැරදුනා. සුභ නව වසරක් නෙමෙයි. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.