Monday, December 14, 2015

"රැකියා වෙළඳපළ ජය ගනිමු" ග්‍රන්ථය ඔබත් ලබාගන්න

මාස කිහිපයක උත්සාහයකින් පසුව ඔන්න ඔයාල බලාගෙන හිටිය අත්පොත එළිදක්වන්න තමයි මේ සූදානම් වන්නෙ. පිටු 50කින් යුත් මේ පොතෙන් අන්තර්ගතය ගැන මුලින්ම කියන්නම්. "රැකියාවක්” කියන්නෙ මොකද්ද ඇත්තටම??? ඇයි අපිට රැකියාවක් ඕනෙ කරන්නෙ? සාර්ථක CV එකක් සාදා ගනිමු මොකද්ද මේ CV එකක් කියන්නෙ? CV එකක් හදන්න ස්ථිර ක්‍රමයක් තිබෙනවද? CV එකක් භාවිතා කළ යුත්තේ ඇයි? ඔබ CV කීයක් සෑදිය යුතුද? ඔබගේ CV එකේ තිබිය යුතු ගුණාංග මොනවාද? CV එක තුළ තිබිය යුතු විස්තර මොනවාද? සාර්ථක...

Saturday, October 31, 2015

මහතෙක් යයි කිව හැකි කොන්දොස්තර මහතෙක්

කොන්දොස්තර කිව්වම බස් වල යන ඕනෙ කෙනෙක්ට මතක් වෙන්නෙ "මොකද ඔතන නැවතිලා ඉන්නෙ, ඉස්සරහට යන්න", "ඔය මැද නැවතිලා ඉන්න මල්ලි, ඉස්සරහට යන්න", "ඔතනින් පස්සට යන්න" වගේ කතා කරුණාවෙන් නෙමෙයි සැර වැර දාල කතා කරන පුද්ගලයින් කණ්ඩායමක් නේද? ඊට පස්සෙ, ඉතුරු නොදී මඟ ඇරල, අපි බහින තැන ලං වෙනකොට ඉතුරු ඉල්ලන්න කොන්දොස්තර හොයාගෙන බස් එකේ එක කෙළවරක ඉඳන් අනිත් කෙළවරට සෙනඟ මැද්දෙන් පීරගෙන යන්න වෙන අවස්ථා ඕනෙ තරම් ඔබ හැමෝම අත්විඳල ඇතිනෙ? නේද? අද මම කාලෙකින් බස්...

Wednesday, October 14, 2015

ISO 9001 නව සංස්කරණය හා බැදේ

ISO 9001: 2015 සංස්කරණයද පැමිණ ඇත. අපි ISO 9001:2008 සංස්කරණයෙන් 2015 සංස්කරණය වෙත වසර 3ක් ඇතුළත මාරු විය යුතුය. එසේ නොවුවහොත් අප වෙත ලැබී ඇති තත්ව සහතිකය අවලංගු වනු ඇත. නමුත් පුදුමයට කරුණක් වනුයේ, සමහර ප්‍රසිද්ධ සමාගම් තමන් ISO 9001:2000 තත්ව සහතිකය ලබා ඇති බව පවසමින් මාධ්‍ය වල වෙළඳ දැන්වීම් පළ කිරීමය. ISO 9001:2000 තත්ව සහතිකය අවලංගු වී දැනටමත් වසර 12 ගෙවී ඇති බව බොහෝ දෙනා නොදන්නා නිසා ඔවුන් මෙසේ තම පාරිභෝගිකයින් රවටයි. නොදන්නා...

Sunday, September 20, 2015

පොත් ප්‍රදර්ශනය බලන්න යනවාද? උපදෙස් ටිකක්

මුලින්ම කියන්න ඕනෙ, මේ උපදෙස් මම කොපි පේස්ට් කල ඒව ටිකක්. මනෝරම වීරසිංහ අය්ය මුහුණු පොතේ දාල තිබ්බ එකක්. නමුත් ඒක සිය ගුණයක් වටින නිසා ඒකම බෙදාගන්න හිතුවා.  කෑම පුලුවන් නම් පිටින් අරං යන්න... ඉතාම දියාරැ, මස්කට්ටක් දාපු බත් වේලක් BMICH කැන්ටිමෙන් කන්න පැය භාගයක් පෝලිමේ ඉන්න වෙනවා.. වතුර බෝතලයක් අරං බැක් පැක් එකක දාගෙන යන්න.. ලැප් එක අයින් කරල.. මොකද අත රිදෙනවා නැත්තං.. නූඩ්ල්ස් කන්න එපා! බාගෙට තම්බල දෙන්නෙ හදිසිය නිසා.. වරක් කල් ඉකුත්වූ...

Sustainability සහ බුදු දහම

මම මුලින්ම Sustainability කියන්නෙ මොකද්ද කියල කිව්ව ඔයාලට මතක ඇති. අද කියන්න හදන්නෙ නම් පොඩි බණ කතාවක්. මේක තියෙන්නෙ ත්‍රිපිටකයේ විනය පිටකයේ චුල්ල වග්ගයේ. ඔන්න දවසක් උදේනි රජතුමා ආනන්ද හාමුදුරුවන්ව හමු වෙන්නට ගියා. ආචාර සමාචාර පවත්වල එතුමා එකත්පස්ව හිඳගෙන කතාවට වැටුන. අන්න ඒ දෙබස මෙන්න මෙහෙම එකක්. රජතුමා අහනව, "හිමියනි, අද දින අපගේ දේවිය මෙහි පැමිණියාද? ආනන්ද හිමියන් පවසනව "ඔව් රජතුමනි, ඇය පැමිණියා" "ඇය ඔබ වහන්සේට...

Sunday, September 13, 2015

හරිතාගාර ආචරණය හා අපි

මුලින් මම ප්‍රවේශය ගත්තෙ මොකද්ද sustainability කියන්නෙ කියන එකත් එක්ක. ඒක ඔයාල කියවන්න ඇතිනෙ නේද? අද මාතෘකාව හරිතාගාර වායු හා හරිතාගාර ආචරණය ගැන. තාම මම අදාල මාතෘකාවට ආවෙ නෑ. ඒකට අවශ්‍ය වෙන මූලික කරුණු ගැන ඔබට යම් අදහසක් ලබා දීල තමයි මම අදාල විෂයයට එන්නෙ. තව ලිපි කිහිපයක් ලියන්න තියෙන ඒකට.  ඒක නෙමෙයි, මේ දවස් වල හරිම රස්නෙයි නේද? මේ දවස් වල කියලමත් නෙමෙයි, කොච්චර වැස්සත් දැන් අවුරුද්දක දෙකක ඉඳල, ටික කාලෙකට ඉස්සෙල්ලට වඩා සැළකිය යුතු උණුසුමක්...

Sunday, September 6, 2015

නව විෂයකට ප්‍රවේශයක් - මොකද්ද මේ Sustainability කියන්නෙ?

අලුත් දෙයක් ගැන කතා කරන්න හිතුව. ඒකට ප්‍රවේශයක් වශයෙන් මේ "Sustainability" කියන දේ ගැන ටිකක් කතා කරන්න හිතුව. "Sustainability" කියන එකට ප්‍රවේශයක් මම ගන්නව මෙන්න මේ චීන කියමනින්. (ඉංග්‍රීසියෙන් තිබ්බ එක මම සිංහලට පරිවර්තනය කළා.) "අප ජීවත් වන්නේ අපේ මුතුන් මිත්තන්ගෙන් අපට ලැබුනු දේපළක් වන ලෝකයක නොව, අපගේ දරු මුණුබුරන්ගෙන් ණයට ඉල්ලා ගත් දේපළක් වන ලෝකයකය." පොඩ්ඩක් මේ ප්‍රකාශය ගැන කල්පනා කරන්නට ඔබට ආරාධනා කරනව. ඒකෙන් කියවෙන දෙය ඔබ තේරුම් ගත්තොත්,...

Wednesday, September 2, 2015

ඔබගේ වෙඩ් අඩවිය Googleහි මුල් පිටුවට ගන්නා හැටි - 2

ඔබගේ වෙඩ් අඩවිය Googleහි මුල් පිටුවට ගන්නා හැටි - 1 ලිපිය ලිව්වෙ ගොඩක් කාලෙකට ඉස්සර. ඒකෙ ඉතිරි ටික ලියල තිබ්බත් පෝස්ට් කරන්න අමතක වෙලා තිබ්බෙ. මම තවත් පොත් පිංචක් ලියල ඒකට දානව කියල කිව්වත්, ඒකත් ලියවුනේ නැති නිසා පෝස්ට් එකක් විදිහටම දාන්න හිතුවෙ. තත්වයෙන් උසස් අන්තර්ගතයක් නිර්මාණය කරන ආකාරය ඉහත මම කිව්ව වගේ, අන්තර්ගතය උසස් වීමම ඉහළ Search Engine Ranking එකක් එන්න හේතුවක්. හොඳ අන්තර්ගතයක් සහිත ලිපියක් නැති නම් ඔබගේ අඩවියට කිසිදු කෙනෙක්...

Wednesday, June 24, 2015

Group Buying සයිට් වලින් බඩු ගැනීම

මොනවද මේ Group Buying Sites? තේරුම නම් අහන්නෙපා. උදාහරණෙකින් කියන්නම්. ඩිස්කවුන්ට් සයිට්. උදා: buynow.lk, mydeal.lk, anything.lk, easy.lk .................... මේවයෙ හරි ලාභෙට බඩු තියෙනවනෙ. ඔයාල දැකල ඇති. එයාල කියන විදිහට සමහර බඩු වල ඔරිජිනල් මිලෙන් 50%කට වඩා අඩු මිලකට එයාල සමහර බඩු අපිට දෙනවා. ඒ කියන තරම් එච්චර අඩු මිලට දෙන්නෙ කොහොමද ඇත්තටම? මම නම් වැඩිපුර දන්නෙ නෑ. නමුත් දේවල් දෙකක් දන්නව. 1. එයාලට Showroom maintenance වියදමක් යන්නෙ...

Tuesday, April 14, 2015

සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය පිරි සුභ නව වසරක් වේවා!...

Monday, April 13, 2015

මිරිස් මෙච්චර සැර ඇයි?

ඉස්සෙල්ල අපි කතා කලා සීතල දෙයක් ගැන. දැන් කතා කරන්න හදන්නෙ පිච්චෙන දෙයක් ගැන. මිරිස්!! මිරිස් කිව්වම එක එක ජාතියෙ මිරිස් තියෙනව. මාලු මිරිස්, කොච්චි මිරිස්, නයි මිරිස්, වැරණිය මිරිස්, තව එක එක ජාති. එක එක ඒව එක එක මට්ටමින් සැරයි. සමහර ඒව නම් පොඩ්ඩක්වත් සැර නෑ නිකං කන්න පුළුවන්. සමහර ඒව නම් යංතං ගෑවුනත් කෙලින් ඉන්න බැරි තරම් දැවිල්ලයි. සමහර අය මිරිස් කන්න හරිම ආසයි. ඒකෙන් එයාල අමුතුම සතුටක් ලබනව. සරළව කිව්වොත් අමුතුම කික් එකක්. :) ඉතින්...

Saturday, April 11, 2015

"මින්ට්" සීතල ඇයි?

Mint ටොෆි මින්ට් කිව්වම මින්ට් ජාති ගොඩක් තියෙනවනෙ. පෙපර්මින්ට් තමයි මම දන්න පරණම එක. පොඩි කාලෙ ඒවට මම නම් හුඟක් ආසයි. දැන් නම් පෝලෝ තියෙනව, තව ජාතිත් තියෙනව. ඉතින් ඇයි මේව කනකොට සීතලක් දැනෙන්නෙ??? ඉස්සෙල්ල අපි බලමු අපිට කොහොමද උෂ්ණය / සීතල කියන එක දැනෙන්නෙ කියල. අපේ ඇඟ පුරාම ස්නායු තියෙනවනෙ. ඉතින් ඔය ස්නායු වලින් මොළයට යවන එක් විදුලි පණිවුඩ වර්ගයක් තමයි උෂ්ණත්වය. සිසිල් හා උෂ්ණ කියන සංවේදන දෙකට අදාල විදුලි සංඥා වර්ග දෙකක් තිබෙනවා. අපිට...

අලුත් අවුරුදු නැකැත්

අලුත් අවුරුදු චාරිත්‍ර වලට අදාල නැකැත් කුමනාකාරයටද යෙදිල තියෙන්නෙ කියල බලාගන්න. (වෙනත් වෙබ් අඩවියකින් උපුටා ගන්නා ලදී.) හරියට බලාගන්න රූපය ලොකු කරගන්න ඒ මත ක්ලික් කරන්න. ...

Friday, April 10, 2015

බාර් කෝඩ් වැඩ කරන්නේ කොහොමද

බාර් කෝඩ් කියන්නෙ මොනවද කියල නොදන්න කෙනෙක් නෑනෙ. නේද? ඒත් ඉතින් මොනවද මේ බාර් කෝඩ් කියන්නෙ කියල ලිපිය පටන් අරගමු, වෙළඳපළේ තිබෙන දේ වල ලේබල් එක මත විවිධ පළලින් යුතු ඉරි රැසක් තිබෙනවා ඔබ දැක ඇති. තව ඉලක්කමක් එක්ක. අන්න ඒක තමයි බාර් කෝඩ් එකක් කියන්නෙ. ඕක තමයි බහුලවම භාවිත වෙන බාර් කෝඩ් වර්ගය. මේවා One Dimensional bar Codes කියලත් හඳුනවනවා. ඊට අමතරව තව වර්ගත් තිබෙනවා.  ඒක, යන්ත්‍රයකින් කියවිය හැකි පරිදි සකසන ලද අකුරු හා ඉලක්කම් සහිත කේතයක්. වෙළඳ...

ආලෝකය හා සාපේක්ෂතාවාදය

ආලෝකය හා සාපේක්ෂතාවාදය දෙක ගැන කතා කළොත්, සරළව කිව්වොත් දෙකම තේරුම් ගන්න අමාරු විෂයයන් දෙකක්. පොඩි ගැටළු දෙකක් ගමු. 1. ඔබ ආලෝකයේ වේගයෙන් ගමන් කරනවා නම් ආලෝකය ඔබට පෙනෙන්නේ කොයි ආකාරයෙන්ද? ඔබ ආලෝකයේ වේගයෙන් යන විට ආලෝකය තවමත්, ආලෝකයේ වේගයෙන් ගමන් කරනවා ඔබට දකින්නට පුළුවන්. ඉතින් න්‍යායාත්මකව බැලුවොත් එය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය ආකාරයට සිදු වනවා පෙනේවි. මේක කියවෙන්නෙ අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදයේ. අපේ සූර්යයා වටේ අපි අති විශාල වේගයකින්...

Thursday, April 9, 2015

වසන්තයට මගෙන් - තාම කල්පනා කරමින්

හ්ම්ම්. බ්ලොග් වසන්තය පටන් අරගෙන දවස් දෙකක්. තාම බැරි උනා මොකුත් ලියාගන්න. ලියන්න දෙයක් හිතට එන්නෙ නෑ. ඒත් එක්කම හරි හමං විදිහට වෙලාවක් ආවෙ නෑ. මේ පෝස්ට් එක ලියන්නත් පේජ් එක ඕපන් කරල පැය ගානක් තිබිල තමයි මේ මොකක් හරි ලියන්නපටන් ගත්තෙ. ඉක්මනට මොනව හරි කල්පනා කරල ලියන්න දෙයක් හොයාගෙන, ලියන්න ඕනෙ. බ්ලොග් වසන්තය බ්ලොග් වසන්තයේ ලියවෙන බ්ලොග් වල ලිපි ඔයාලට පුළුවන් "ලක් දැල" බ්ලොග් කියවනය හරහා කියවන්න. "ලක් දැල" බ්ලොග් කියවනය ප.ලි....

Monday, March 30, 2015

බ්ලොග් වසන්තය

මේක අලුත් වැඩසටහනක්. තවත් බ්ලොග් සැණකෙලියක් නම් නෙමෙයි. බ්ලොග් ලියන කට්ටිය මුණගැහිල සෙට් වෙන්නෙ නම් නෑ. නමුත් ඔන්ලයින් සෙට් වෙන වැඩක්. මේක පටන් ගත්තෙ, අපේ සිංහල බ්ලොගෝලයේ මුල් කාලයේ හිටපු බ්ලොග් ලියන්නො ටික ආපහු බ්ලොග් පෝස්ට් එකක් දෙකක් හරි ලියන්න, එයාලගෙ බ්ලොග් වල අලු ගසා දාල ගන්න පොළඹවන්න. මේ තියෙන්නෙ මේකෙ, හේතු පාඨය, සූර්‍යා මීන රාශියේ සිට මේෂ රාශියට පැමිනෙන සුභ වෙලාවේදී සිංහල බ්ලොග් වසන්තයක් යළි උදා කිරීමට එකී මෙකී නොකී තරුණ මහළු...

Thursday, March 5, 2015

"Fiverr සිංහලෙන්" - Fiverr වෙත සරළ ප්‍රවේශයක්

Freelancing කියන්නෙ ලංකාවෙ තරුණ ප්‍රජාව පොඩියට හා ලොකුවට සම්බන්ධ වෙලා ඉන්න, කීය කීය හරි ඩොලර් ටිකක් හොයාගන්න සාර්ථකම ක්‍රමයක්.  ඒවා අතරින් Fiverr කියන්නෙ අතිශය ජනප්‍රිය වෙබ් අඩවියක්. මේ අඩවියේ විශේෂත්වය තමයි තියෙන්නෙ පොඩි පොඩි ප්‍රොජෙක්ට් හා ඒ කොයිවගෙත් මිල වෙන්නෙ ඩොලර් 5ක් වන එකයි. ඉතින් සරළ ප්‍රොජෙක්ට් නිසා හා පහසුවෙන් කළ හැකි ඒවා තිබෙන නිසා මෙය හුඟක් ජනප්‍රිය වෙලා තිබෙනවා.  මෙම අඩවියේ ගිණුමක් සාදා ගැනීම පහසු වුවත්, මෙහිදී ප්‍රොජෙක්ට්...