Thursday, February 13, 2014

Widgets

Ingress සෙල්ලම් කළාද?

තවම ගොඩක් අය මේ ගේම් එක ගැන දන්නෙ නැතිවැති. නමුත් මේක 2012 සිට එන ගේම් එකක්. ගූගල් විසින්ම හදවපු ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් ගේම් එකක්. 2013 වසරෙදි හොඳම ගේම් එක විදිහටත් මේක සම්මාන දිනල තියෙනව. 
මේක Real World Reality Game එකක්. GPS හා ඉන්ටර්නෙට් ඕනෙ කරනව ගේම් එක සෙල්ලම් කරන්න.


මේක ගැන විස්තරයක් කිව්වොත් මෙහෙම පටන් ගමු.


පිටසක්වල සිට Exotic Matter අත්භූත ශක්ති විශේෂයක් අපේ ලෝකෙට එනවලු. ඒව පරිසරයට එන්නෙ ප්‍රසිද්ධ ස්ථාන, ප්‍රථිමා, වගේ තැන් වලින්ලු. ඒවට Portals කියල කියනව. ඒව හොඳයි ඒකෙන් මිනිසා දියුණු වෙනව කියල විශ්වාස කරන කණ්ඩායමක් ඉන්නව. එයාලට කියන්නෙ Enlightened කියල. ඒකට විරුද්ධ, ඒක අනතුරුදායකයි කියන තව කට්ටියක් ඉන්නව. එයාලට කියන්නෙ Resistance කියල. 

ඉතින් ගේම් එකේදි කරන්න තියෙන්නෙ මේ පිල් දෙකෙන් එකක් ඔයාලත් තෝරාගෙන ඒ පිලේ අභිමතාර්ථය වෙනුවෙන් වැඩ කරන එකයි. 

සෙල්ලම් කරන හැටි මේ විඩියෝ එකේ සරලව තියෙනව.


අර කිව්ව Portals තමන්ගෙ පිලට නතු කර ගැනීම, ඒවා පවත්වාගෙන යාම, විරුද්ධ පිලේ Portals වලට පහර දීම, එවා අල්ලා ගැනීම සිට තව ලොකු වැඩ තියෙනව. කණ්ඩායම් වශයෙන් එකතු වෙලා සෙල්ලම් කරන්න ඕනෙ ගේම් එකක්. 
හැබැයි මේක ගහනව නම් ඒ ඒ තැන් වලට යන්නම ඕනෙ. ඒ කිව්වෙ Portals වලට පහර දෙන්න, අල්ලා ගන්න, ඒක තියෙන තැනට යන්නම ඕනෙ. 
ලංකාවේ තවම එතරම්ම ජනප්‍රිය නොවුනත්, ලෝකය පුරා ඉතා වේගයෙන් ජනප්‍රිය හා ව්‍යාප්ත වෙමින් පවතින ගේම් එකක්. ලංකාවේ නම් කොළඹ අවට නම ගේම් එක ටිකක් ජනප්‍රියයි, නමුත් ඉන් පිටත ඉතාම අඩු Portals ගණනක් තමයි තවමත් හැදිල තිබෙන්නෙ. 


ඉතින් මමත් මේ ගේම් එක ගහන්න ලෑස්ති වෙන්නෙ. මගෙ යාලුවෙක් මේ ගැන මට මාස 3,4කට කලින් කිව්වෙ. දැක්ක ගමන් මාර ආසාවක් ආව. නමුත් අලුත් ෆෝන් එකක් ගන්න කිසිම උවමනාවක් තිබ්බෙ නැති නිසා ආසාව යටපත් කරගෙන හිටිය. ඒත් දැන් තත්වෙ වෙනස්. එන සතියෙ ෆෝන් එකක් ගන්නව. දැනට මම මේක මගෙ ලැප්ටොප් එකෙ BlueStacks Player දාල ඉන්ස්ටෝල් කරල චෙක් කරන ගමන් ඉන්නෙ. 

ඔයාලත් ට්‍රයි කරල බලන්න. මේකට 512MB RAM එකක් එක්ක 480*800px Screen එකක් තියෙන ෆෝන් එකක් අඩුම තරමින් තියෙන්නෙ ඕනෙ. 1GB RAM තියෙනව නම් කිසිම කරදරයක් නෑ. 
මම තෝරා ගත්තේ Enlightened පිල. ඔයාලටත් මම recommend කරන්නෙත් ඒකම තමයි. :)

විස්තර දැනගන්න, හා ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න www.ingress.com වෙත යන්න. ඔයාලට ගූගල් ගිණුමක් තිබිය යුතු වෙනවා. 

ඉතින්, එකතු වෙන්න ලෝකය දියුණු කරන්න / බේරා ගන්න. මම නම් දියුණු කරන්නයි කැමති. 

මෙන්න ගේම් එකේ ස්ක්‍රීන්ශොට්ස් ටිකක්. ඔක්කොම ගත්තෙ Google Play Store එකෙන්.




එහෙනම් Ingress ලෝකය තුලදී හමුවෙමු.

15 comments:

  1. මමත් Install කරලා බැලුවා මේක ඒත් හරියට සෙට් උනේ නෑ තාම. ගොඩක් දේවල් දැනගත්තේ දැන්. වැදගත් ලිපියක්..

    ReplyDelete
  2. අනේ කියන තැනකට වඳින්නම යහතින් ඉන්න උන් ටිකව පිස්සු වට්ටන්නේ නැතුව ඉන්නවද! ඔය මගුල හින්දා හදිස්සියකට කොල්ලෙක් හොයාගන්න නෑ. උන් ඔක්කොම රට වටේ ඉන්ග්‍රෙස් ගහනවා

    ReplyDelete
  3. ගහලා නම් නෑ.. ඔන්න ඔහේ දාගෙනම බලමුකෝ කොහොමද කියලා..

    ReplyDelete
  4. ROFL... Who recommend Enlightened? SL Resistance ROX!

    ReplyDelete
  5. මම නම් කොම්පියුටර් ගේම් වලට ආස නෑ..

    ReplyDelete
    Replies
    1. මේක මල්ලි කොම්පියුටර් ගේම් එකක් නෙමෙයි, ෆෝන් එකේ සෙල්ලම් කරන්න තියෙන ගේම් එකක්.

      Delete
  6. 1 GB ram nam thiyenawa.. eth saho meke thiyena pic tikawath mata penne na :/

    ReplyDelete
  7. 1 gb nam thiyenawa eth saho meke thiyena pic tikawatha du tharame penne na.. :/

    ReplyDelete
  8. 1 GB ram nam thiyenawa.. eth saho meke thiyena pic tikawath mata penne na :/

    ReplyDelete
    Replies
    1. එහෙනම් සෙල්ලම් කරන්න පුළුවන්. රූප පේන්නෙ නැති ප්‍රශ්නෙ ආපු එකම එක්කෙනා ඔයා නෙමෙයි. මේ රූප ගත්තෙ Play Store එකෙන්. ඒකෙ සමහර රූප මටත් පෙන්නන්නෙ නෑ ඔෆිස් එකෙන් බලනකොට. :(
      අලුත් ලිපියත් කියවන්න. ඒකෙ සවිස්තරාත්මකව තිබෙනවා.
      http://madhawaweblog.blogspot.com/2014/03/ingress-playing-guide.html

      Delete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.