Wednesday, February 19, 2014

Widgets

මම කැමතිම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ලිස්ට් එක - 1

ඇන්ඩ්‍රොයිඩ් දැන් නැගලම යන OS එකක් වෙලානෙ. ඉතින් දැන් බොහොමයක් දෙනා භාවිතා කරන ෆෝන් ඇන්ඩ්‍රොයිඩ් ඒව වෙලා. ඉතින් මමත් ඒ ජාතියෙන් එකක් ගන්න ඉන්නෙ. තාම නම් ගත්තෙ නෑ. නමුත් මම BlueStacks App Player කියන මෘදුකාංගය භාවිතා කරල ඇන්ඩ්‍රොයිඩ් අත්දැකීම් ලබා ගන්නව, සහ ඇප්ස් ටෙස්ට් කරල බලනව. 
ඉතින් මම හිතුව කාටත් ප්‍රයෝජනවත් වෙයි කියල් හිතෙන ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග ලිස්ට් එකක් දෙන්න. 

මේ සියළුම මෘදුකාංග Google Play Store හරහා භාගත කරගන්න පුළුවන් ඒව.


මේක ගැන ඉතින් කතා කරන්න දෙයක් නෑනෙ. ලෝකයේ දැන් තිබෙන ජනප්‍රියම වෙබ් බ්‍රවුසරය මේකනෙ.


මේක ගැනත් කියන කිසිම දෙයක් නෑනෙ. මේක නොදන්න කෙනෙක් ඉන්නව කියල මම හිතන්නෙ නෑ.


ඔෆිස් වැඩ කරන්න ගැළපෙන මෘදුකාංගයක්. MS office ගොනු මේකෙන් එඩිට් කරන්න, හදන්න පුළුවන්. ගූගල් එකෙන්ම දෙන මෘදුකාංගයක්.

භාවිතය ඉතාම පහසු, ගූගල් වෙතින්ම ලබා දෙන ෆයිල් හොස්ටිං සේවාව.

වීඩියෝ / වොයිස් චැට් කරන්න, ලෝකයේ වැඩිමදෙනෙක් භාවිතා කරන මෘදුකාංගය.

ෆෝන් එකේ / ටැබ් එකේ තියෙන තාවකාලික ෆයිල්, කෑශ් ඒව මේව කුණු ගොඩවල් සුද්ද කරන්න කියාපු සොෆ්ට්වෙයා එක.

මේක ෆයිල් බ්‍රවුසර් එකක්. සාමාන්‍ය ෆෝන් එකේම තියෙන ෆයිල් බ්‍රවුසරයට වඩා දියුණු හා සංකීර්ණ දේවල් කරන්න පුළුවන්. ෆෝන් එක Root කළොත් අනිවාර්යයෙන්ම දාගන්න ඕනෙ ඇප් එකක්.

මේක ඉතාම හොඳ මීඩියා ප්ලේයර් එකක්. බොහොමයක් ෆයිල් වර්ග ප්ලේ කරන්න මේක භාවිතා කරන්න පුළුවන්.

ඔබට නෝට් කරගන්න ඕනෙ දේවල් නෝට් කරල තියාගන්න සුදුසුම ඇප් එක. සියළුම ඇන්ඩ්‍රොයිඩ් උපාංග වලින් ඒ Notes Sync කරන්න පුළුවන්.

Foursuare කියන්නෙ Location Sharing කරන Social Network එකක් කියන්න පුළුවන්. අපිට විවිධ ස්ථාන වලට Chekin වෙන්න, ඒ තැන් ගැන අදහස් දක්වන්න පුළුවන්. මේකට GPS ඕනෙ.

Google Calender එක මමත් ලඟදි තමයි හරියකට භාවිතා කරන්න පටන් ගත්තෙ. ඒක මට ගොඩක් හිතට අල්ලල ගියා. SMS Alerts, Daily Agenda EMail, Calender Event Email වගේ ගොඩක් ප්‍රයෝජනවත් ඔප්ෂන් ටිකකුත් මේකෙ තියෙනව. Google Calender ඔන්ලයින් එකත් එක්ක මේකෙ කැලැන්ඩරය Sync වෙනවා.

ලිස්ට් එක ඉවර නෑ. තව තියෙනව. තවත් ටිකක් තවත් ලිපියකින් දාන්නම්.

12 comments:

  1. ඉතුරු ඒවා ටිකත් දාන්න.. අනිත් අයට වැදගත් වෙයි.. :)

    ReplyDelete
    Replies
    1. අනිවා. දවසකින් දෙකකින් දානවා.

      Delete
  2. I prefer kingsoft office. For me it works better than king office.

    ReplyDelete
    Replies
    1. මමත් Kingsoft Office භාවිතා කරල තියෙනව. ඒකත් ගොඩක් හොඳයි.

      Delete
  3. මරු ඇප්ස් ටිකක්...
    මම නම් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් පාවිච්චි කරලා නෑ..

    ReplyDelete
  4. කෝ බ්ලොග් ආර්කයිව් විජට්ටුව ?

    ReplyDelete
    Replies
    1. Search Box එකට යටින් තියෙන "ලේඛනාගාරය" බොත්තම ක්ලික් කරන්න.

      Delete
  5. අහහ... ඕකට තව ඉතිං Adobe Reader , Camera360, Drop Box, Font Installer, Go SMS Pro, Root Explore, Shazam, Sinhala Dic, Super Backup, Titanium backup,.... Etc ඔන්න ඔය ටිකත් අනිවා ඕනේ.. අහහ තව Touch

    ReplyDelete
    Replies
    1. ලිස්ට් එක තව දිගයි. මම ඉතිරියත් ලියන්නම්කො. ඔයා කියපුවත් කිහිපයක් එතන තියෙනව. ස්තුතියි කමෙන්ට් එකට.

      Delete
  6. android කියන්නේ ලෝකේ දැනට වෙලාගෙන තියෙන මෙහෙයුම් පද්ධතියක්. දැනට වැඩියෙන්ම apps තියෙන mobile OS එක කිව්වොත් එහෙම පුදුම වෙන එකක් නැහැ කට්ටිය :)

    දෙල තියෙන ගොඩක් ඒවා ෆෝන් එකත් එක්ක හම්බෙනවා නේද? එහෙම නැති අනිත් ඒවා නම්ගොදක් අයට වැදගත් වේවි, ගිටාර් ගහන කට්ටියට වැදගත් වෙන app එකක් තමයි gStrings කියන්නේ.

    හැබැයි ගොඩක් apps හොද වර්ෂන් එක තියෙන්නේ සල්ලි දීල ගන්න, මේවා ඉතින් වෙන වෙන තැන වලින් හොරෙන් බාගන්න පුළුවන්: http://sinhalahelp.com/discussion/1045/

    ඔතන ගිහින් බලන්නකෝ, ඒ වගේ තව ගොඩක් තාක්ෂණික හා එසේ නොවන ගැටළු වලට පිළිතුරු ගන්න පුළුවන් තැනක් තමයි සිංහල හෙල්ප් කියන්නේ. ඔයාලත් එකේ සම්බන්ද වෙලා තියෙන ප්‍රශ්න විසදගන්න :)

    http://sinhalahelp.com/discussions

    ReplyDelete
    Replies
    1. මගෙ බ්ලොග් එකේ කමෙන්ට් වල දැන්වීම් පළ කිරීමට මම විරුද්ධ උනත් ප්‍රයෝජනවත් අඩවියක දැන්වීමක් නිසා කමෙන්ට් එක පළ කලා. සුභ පතනවා!

      Delete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.