Sunday, March 2, 2014

Widgets

මම කැමතිම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ලිස්ට් එක - 2

ටික දවසකට ඉස්සෙල්ල මම මේ සම්බන්ධයෙන් එක් ලිපියක් ලිව්ව. ඒක බලන්න මෙතනින් යන්න. ඒකට හුඟක් පේජ් වීව්ස් ආව. (අදට 750ක් වගේ)
ඉතින් ඒ ලිස්ට් එකේ ඉතිරියත් ලියන්න හිතුව. මේ ලිපියත් දිග වැඩි උනොත් තවත් කොටසක් දාන්නම්.

Photo Studio
සරළව ෆෝන් එකේ කැමරාවෙන් ෆොටෝ එකක් අරගෙන, ඒකට ඇඩ්වාන්ස් ලුක් එකක් දෙන්න පුළුවන් ඇප් එකක් තමයි මේක. මේකෙ සල්ලි දීල ගන්න තියෙන සංස්කරණයකුත් තිබෙනවා. ඒකෙ ඉතින් ඔප්ෂන්ස් වැඩියි.

ඉස්සරනෙ Google Talk තිබ්බෙ. දැන් තියෙන්නෙ Google HangOuts. මේකෙ ඉතින් ටෝක් වලට වඩා පහසුකම් වැඩියි. මේක වැඩිපුරම ප්‍රොමෝට් කරන්නෙ ගෲප් චැට් ඇප් එකක් විදිහට තමයි.


ගූගල් ට්‍රාන්ස්ලේටර් එක භාවිතා කරල නැති කෙනෙක් නම් හොයාගන්න නැති වෙයි මම හිතන්නෙ. ඒ ගැන කියන්න දෙයක් නැති තරම්.


ෆ්ලිකර් භාවිතා කරන්නෙ ඉතින් ඡායාරූපකරණයට බර අය තමයි. මේක Photo Sharing Platform එකක්නෙ. නමුත් ඉතින් අනිත් අයටත් තමන්ගෙ ෆොටෝ ශෙයා කරන්න මේක භාවිතා කරන්න පුළුවන්. 

මෙන්න නියම භාණ්ඩයක්. ෆෝන් එකේ කැමරාවෙන් ෆොටෝ එකක් හෝ කිහිපයක් අරගෙන, ඒක PDF එකක් කරගන්න මේකෙන් පුළුවන්.  


මේ කාලෙ හුඟක් ප්‍රසිද්ධ වෙලා තිබෙන චැට් ඇප් එකක්නෙ මේක. ස්කයිප් වගේ තමයි, නමුත් එතරම්ම ඔප්ෂන් නෑ. මේකෙ තිබෙන එක් විශේෂත්වයක් තමයි කෝල් වලදි භාවිතා කරන බෑන්ඩ්විඩ්ත් එක අඩු එක. ඉතින් වේගය අඩු ඉන්ටර්නෙට් සබදතාවයකිනුත් වොයිස් කෝල් ගන්න මේකෙන් පුළුවන්.


මේක සරළම නෝට් පෑඩ් එකක් කියල කිව්වොත් නිවැරදියි. වැඩි වැඩ නෑ. හිතට එන ඕනෙ දෙයක්, අමතක වෙන්න ඉස්සෙල්ල ලියල තියාගන්න ගැළපෙන ඇප් එකක්.


දැන් තියෙන්නෙ bar code නෙමෙයිනෙ, QR code. ඉතින් දැන් ටික ටික මේක ජනප්‍රිය වේගෙන එන්නෙ. බාර් කෝඩ් එකකට වඩා විශාල දත්ත ප්‍රමාණයක් මේකෙ ගබඩා කරන්න පුළුවන්කම තමයි හේතුව. ඉතින් මේකත් ඉදිරියට නැතිවම බැරි ඇප් එකක් වෙනවා නම් ශුවර්.


English to Sinhala Dictionary එකක් ෆෝන් එකේ තියෙන එක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් අවස්ථා එමටයි. අපේ ධනික සහෝදරයාගේ සමාගමේ නිර්මාණයක් වෙන මේ ශබ්දකෝෂය ඊට හොඳ සහයක් වේවි. මේක සම්මාන පවා දිනාගෙන තිබෙන ශබ්දකෝෂයක්.

WinRAR කියන්නෙ පරිගණකයකට නැතිවම බැරි ඇප් එකක්නෙ, ඇයි ඉතින් ෆෝන් වලට. ඒත් එහෙමම වගේ තමයි. ගොනු කම්ප්‍රෙස් කරල ඩවුන්ලෝඩ් කරගන්න, ඒව ඕපන් කරන්න අත්‍යවශ්‍යයිනෙ මෙවන් මෘදුකාංගයක්.

හරි ඔන්න අදත් වැදගත් ඇප්ස් 10ක් කිව්ව. මම ගණං කරල බැලුව. මගෙ විශ්ලිස්ට් එකේ ඇප්ස් 70ක් විතර තියෙනව. :D ඒවායින් මම බාගයක් වගේ ටෙස්ට් කරල තියෙන්නෙ. Free Apps වගේම Paid Apps දෙවර්ගයම.
තවත් වැදගත් ඇප්ස් ටිකක් ඊලඟ ලිපියෙන් දෙන්නම්. ඔයාලත් වැදගත් කියල හිතෙන ඇප්ස් තියෙනව නම් කමෙන්ට් එකකින් ඒ ගැනත් කියන්න.
මෙවත් තවත් ලිපි ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ගෙන්නගන්න ඕනෙ නම් මගෙ බ්ලොග් එකට Subscribe වෙන්න. 

10 comments:

  1. මෙතන කිවා ගොඩාක් ඇප් මමත් පාවිච්චි කරනවා මිට අමතරව මට නැතිවම බැරි එවා ටිකක් කිවොත්
    ඩ්‍රොප්බොක්ස්
    පි ඩි එෆ් විවර්
    වට්ස් ඇප්
    මැසෙන්ජර්
    හෙලකුරු
    ට්‍රෙන් ශෙඩියුල්
    කලම්බු බස් රවුට්

    ReplyDelete
    Replies
    1. PDF Viewer, DropBox, Helakuru, Train Scheduler නම් මගෙ ලිස්ට් එකෙත් තිබෙනවා. WhatsApp නම් මම ට්‍රයි කරල තියෙනව. ඒත් එක චැට් සහ files sending වගේ දේවල් වලට පමණක් සීමා වෙලා තියෙන දෙයක් නිසා සහ දන්න කියන අය භාවිතා කරන එක අඩු නිසා මම ඒකට එතරම්ම කැමති නෑ.

      Delete
  2. ලිපියට ස්තූතියි! මමත් ඇන්ඩ්‍රොය්ඩ් ෆෝන් එකක් බලාපොරොත්තුවෙන් තමා ඉන්නේ. දැනට තියෙන ඒවායින් මගේ තෙරීමනම් Nexus 5 තමා.
    ඇන්ඩ්‍රොයිඩ්වල සිංහල සහය තාම හරියට නැති නිසා Bhashaහි Helakuru, SETT browser, MobiTV, Viyunu, Puvath වගේ ඇප්ස් පාවිච්චි කරන්නත් වෙයි.
    ඊට අමතරව ළගදී දැක්ක සෝනි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් තමා TrackID කියන්නේ. ඒකෙන් සිංදුවක් අහන්න සැලැස්සුවම ඒක මොකක්ද කියලා ටක් ගාලා කියනවා.

    ReplyDelete
    Replies
    1. අපේ ධනික සහෝදරයාගේ සමාගමේ ඇප්ස් ටික ඔක්කොම වගේ ගොඩක් ප්‍රයෝජනව්ත් වෙනව සිංහලත් එක්ක ඇන්ඩ්‍රොයිඩ් වල වැඩ කරනකොට.
      TrackID කියන එක සෝනි වලටම වෙන් උනු ඇප් එකක්. Shazam කියන එකෙනුත් වෙන්නෙ TrackID එකෙන් කරන වැඩේම තමයි. නමුත් තවත් ගොඩක් ඔප්ෂන්ස් ඒකෙ තිබෙනවා.

      Delete
  3. ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන අයට ගොඩක් වටියි :)

    ReplyDelete
  4. Icta train app,cricinfo,cam card,photo grid ,dem,silent camera,automatic call recorder,flashlight,king soft office,free books,file manager also some usable apps

    ReplyDelete
  5. pdf balanna supirima E book droid,calls black lists,call history,sms bakup plus,wifi file transfer,

    ReplyDelete
  6. මචං හෙළකුරු ඇප් 1ත් මේ අතරට එන්නම ඕනේ ඇප් 1ක්.

    ReplyDelete
  7. හෙළකුරු, මැසෙන්ජර්,එකතු ව්ය යුතුයි

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.