මතක ඇතිනෙ ගිය සතියෙ ලිපියෙන් කතා කළා මේ සම්බන්ධ දේවල් 10ක් ගැන. කියෙව්වෙ නැති අය මෙතනින් ගිහිල්ල කියවන්න. ඉතින් අද තවත් එහෙමම දේවල් 10ක් ගැනයි කියන්න යන්නෙ.
11. ඔබට ශබ්ද ගොනුවක් වාදනය අත්‍යවශ්‍ය නම් එය වාදනය ඇරඹීම භාවිත කරන්නාට කරන්නට දෙන්න.
සමහරක් අවස්ථා වලදි ඔබට යම් දබ්ද පටයක් වාදනය කරවීම අත්‍යවශ්‍ය වන්නට ඉඩ තිබෙනවා. කවුරුන්හෝ පවත්වන කතාවක්, ගීතයක්, වගේ දෙයක්. ඒකට කමක් නෑ, නමුත් අනිවාර්යයෙන්ම ඒක වාදනය කරවීමේ අයිතිය වෙබ් අඩවියට පැමිණෙන්නාට ලබා...