අන්තිමට කතාව ඉවර උනේ කොහෙන්ද?...... ආ උපාසකයො රාහුල හාමුදුරුවන්ගෙන් මෙහෙම ඇහුව.
"ඈ අපේ පොඩි හාමුදුරුවනෙ, ඔබවහන්සේ නෙළන්නෙ අර කළටි පොල් වල්ලද?" කියල.
කියෙව්වෙ නැතිනම් මෙතනින් ගිහිල්ල කියවන්න.
රාහුල හාමුදුරුවො කියපි.
"උඹල කෑ ගහන්නෙ නැතිව ඉදපියව්. පොල් කඩන දවසට උදලු ටිකකුයි පස් ඉවත් කරන්න කූඩ ටිකකුයි අරන් වරෙල්ල" කියල.
මොකද්ද අප්පේ ඒ කතාව??? පොල් කඩන්න මොකටෙයි උදලු??? පස් කූඩ?????
උපාසකයින්ට මාර ප්රශ්නෙ මොකද්ද මේ කතාව කියල. ඒත් ඉතින් සද්ද නැතිව උන්න.
ඔන්න දවස උදා උනා...
අහල පහළ ගම් වල විතරක් නෙමෙයි, ඈත ගම්මාන වල පවා කට්ටිය ඇවිල්ල සිද්ධිය බලන්න. මොකද වෙන්නෙ බලන්න. ඇයි අප්පේ රාහුල හාමුදුරුවො මොකද කරන්නෙ කියන්නෙ කියල බලන්න එපැයි.
ගුරු හාමුදුරුවො උජාරුවෙන් ඉන්නව තමුන්ගෙ ගහේ ඵලදාව බල බල. රාහුල හාමුදුරුවොත් ගානක්වත් නැතිව ඉන්නව. හරි නම් මේ වෙලාවට පොළව පලාගෙන යන්න තරම් ලැජ්ජාවක් වෙන්න ඕනෙනෙ. ඇයි අනේ කඩන්නෙ අර පුවක් ගෙඩි සයිස් කළටි ගෙඩි ටිකද????
ඔන්න ඉතින් කට්ටිය සෙට් වෙලා ගුරු හාමුදුරුවන්ගෙ ගහේ පොල් ටික කැඩුව, මොන ටිකද, පොල් ගෙඩි 200ක් විතර!!!. කඩල ඒ ටික ගොඩ ගහල ගුරු හාමුදුරුවො ඔලොක්කුවට වගේ රාහුල හාමුදුරුවො දිහා බැලුව.
රාහුල හාමුදුරුවො හිනා වෙලා මොකද දන්නවද කිව්වෙ?
"උපාසක, ගනිල්ල ඔය උදලු ටික, හාරපල්ල පොල් ගහ වටේටම."
පුදුමයෙන් හාමුදුරුවො දිහා බලපු උපාසක ගොල්ලො උදලු කූඩ අරගෙන පොල් ගහ වටේ හාරන්න පටන් ගත්ත.
මෙන්න පුදුමයක්, පොල් ගහේ මුල පලාගෙන පොලු හැදිල, එකක් දෙකක් නෙමෙයි මහ විසාල ප්රමාණයක්, වළු ගාණක්. ගම්මුන්ට විතරක් නෙමෙයි මෛත්රී හාමුදුරුවන්ටත් අදහා ගන්න බෑ. ඇයි දෙය්යනේ පොල් මුලෙන් ගෙවි හැදෙනවද!!!!
ඔක්කොම කැඩුව. කැඩුව කිව්වට ගහට නැගල නෙමෙයි, ගහටත් වඩා පහළට බැහැල.
ඔක්කොම පොල් ගෙඩි 300කටත් වැඩී. ගුරු හාමුදුරුවො එතනිනුත් පරාදයි ගෝළයට.
මොකද වෙලා තිබ්බෙ?රාහුල හාමුදුරුවො දැනන් හිටිය හරියටම නැකතට වෙලාවට හිටෙව්වොත් පොල් මුලෙන් උනත් ගෙඩි හැදෙනව කියල. මෛත්රී හාමුදුරුවො පොල් පැළය ඉහළට ඔසවන් ඉඳල වලට දානකොට නැකතෙන් ක්ෂණයක් පහු උනා. නමුත් රාහුල හාමුදුරුවො කළේ පොල් පැළය කකුලෙන් රඳවන් ඉඳල ගානට වෙලාවට වලට අත හැරපු එකනෙ.ඔන්න ඔහොමයි කතාව. එදත් කොහොම හරි ගුරා පැරදුනා ගෝළයට. අනේ එහෙමයි කියල මේ ගුරු හාමුදුරුවො කවදාවත් ගෝළයට වල කපල නම් නෑ. හැම වෙලේම ගෝළයගෙ දියුණුව පැතුව, දියුණුවට අත දුන්න....

12:00 PM
Madhawa Habarakada
Posted in




Send a mail to madhawa86(at)gmail(dot)com.




නැකතට බලයක් තිබුනට... නැකත මත්තෙම ඉන්න ඔනේ නෑ කියලයි මට නම් හිතෙන්නේ... මොකද මෙතන කියල තියනව වගේ.. තප්පර ගානක වෙනසක් වෙන්න පුලුවන්නේ අපේ වැඩ වලදී...
ReplyDeleteඅපේ පැරණි ජන කතා මතක්කරල දුන්නට ස්තූතියි...
එල සීන් එකනෙ .......
ReplyDeleteඅන්න ගුරෝ...කවද්ද අනික දන්නේ?
ReplyDelete