ඉතින් කට්ටිය කොහොමද? කාලෙකට පස්සෙ ආවෙ. සමාවෙන්ඩ ඕනෙ.
කැම්පස් අවුට් වෙලා ටික කලක් ගෙදරට වෙලා විවේකීව ඉඳල දැන් ජොබ් එකකට යනවනෙ. ඉතින් ටිකක් බිසී. පටන් ගත්තු ගමන්ම වැඩ නැති උනත් ගොඩක්. ගෙදර එන්නෙ රෑ වෙලා, දවස් 6ක් වැඩනෙ.
ඒ අස්සෙ ටිකක් කම්මැලිකමකුත් ඇවිල්ල තිබ්බෙ බ්ලොග් ලියවිල්ල සම්බන්ධයෙන්. ඒත් නවත්තන්නෙ නම් නෑ. :) යන්තම් "Photography සිංහලෙන්" එකටත් ලිපියක් දවාලියෙන් ලිව්ව.
ඉතින් පොඩ්ඩක් කියල ඉන්නම්කො මගෙ ජොබ ගැන.
මම "මාග ඉංජිනියරිං පුද්ගලික සමාගමේ" තත්ව ආරක්ෂණ විධායක නිලධාරියෙක්. තේරුනේ නෑ? Maga Engineering (Pvt) Ltd හි Quality Assurance Executive කෙනෙක්. දන් නම් තේරෙන්න ඇති ටිකක්.
මොකද්ද මේ "මාග"???
මාග කියන්නෙ ලංකාවෙ තිබෙන විශාලතම construction company එකක් කිව්වොත් හරි. (තනි අයිතියක් සහිත ලංකාවේ විශාලතම civil construction company එක) මාර්ග, පාලම්, ඇළ වේලි, ගොඩනැඟිලි සෑදීම, ජල නල පද්ධති එලීම තමා මේ සමාගමෙන් කරන වැඩ.
ඉතින් මොනවද මට කරන්න තියෙන්නෙ?
මගේ රාජකාරිය වෙන්නෙ සමාගම තුළ ක්‍රියාත්මක කෙරෙන තත්ව ප්‍රතිපත්ති හරි ආකාරව ක්‍රියාත්මක කෙරෙනවාද යයි පරික්ෂා කිරීමත්, ඒ සම්බන්ධව ගතයුතු අනෙකුත් අදාල ක්‍රියාමර්ග ගැනීමත් තමයි.
මාග ඉංජිනියරිං තුළ තත්ව සම්මත 3ක් දැනට ලබාගෙන ක්‍රියාත්මක කෙරෙනවා. ISO 9001 - Quality Management System, ISO 14001 - Environmental Management System හා OHSAS 18001 - Occupational Health and Safety Management System. ඔන්න ඔය ටික ගැන බලා කියාගෙන ඉන්න තියෙන්නෙ.
මගෙ ජොබ් එක තියෙන්නෙ නම් head office එකේ. නමුත් Quality Audits වලට එහෙම රට පුරාම තියෙන constructions sites වලට යන්න වෙනවා. යාපනේ, මන්නාරම, මොණරාගල, හම්බන්තොට, මහ නුවර, නුවර එළිය, කොළඹ අවට......
ඒව අස්සෙ තව වැඩත් තියෙනව. අපේ යාළුවො කිහිපදෙනෙක් සෙට් වෙලා හදාගත්තනෙ IT Firm එකක්. (පරණ එකේ යම් යම් අසාර්ථකකම් ටිකක් නිසා යළිත් මුළ සිටම ඇරඹුවා) ඒකෙ වැඩ ටිකකුත් කෙරෙනව. නම "NanoVik". නැණ + විකුම් කියන වචන දෙකෙන් තමයි නම හදාගත්තෙ. තාම ලොකුවට මොකුත් නෑ, අපිටත් වෙලාවක් නෑ නෙ. ඔයාල කැමති අය ඉන්නව නම් අපිත් එක්ක සෙට් වෙන්න. සයිට් එකේ තියෙන ඊ මේල් ලිපිනයට මේල් එකක් දාන්න. (දැනට නම් contract basis හොඳේ. )
"Photography සිංහලෙන්" එකෙත් වෙනස්කම් ටිකක් වෙයි ඉදිරි සති කිහිපය තුළ. ඒවත් බලන්න ඕනෙ. අපි කරන්න හිටි, නමුත් නැවතිලා තිබුනු දේවල් ටිකකුත් ආපහු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
"Guide To CSE" එකටත් තව සේවාවක් එක් වෙන්න තියෙනවා. (දැන් තියෙන එකක්ම නමුත් අලුත් ආරකින්). ඒකෙත් මේ දවස් වල testing යනවා.
ඒ අස්සෙ මේ දවස් වල මට ආපහු Quantum Physics ගැන ආසාවක් ඇවිල්ලනෙ. :)
ඒක නෙමෙයි ඔයාල දන්නවද Paradox of the Grand Hotel ගැන. interesting සිද්ධියක්., පොඩ්ඩක් කියවල බලන්නකො. සමහරුන්ට නම් තේරෙන එකක් නෑ. සමහර විට මම ඒ ගැන සරළ ලිපියක් ලියාවි. ඒත් ඉතින් මටත් ඕක හරියටම තේරෙන්නෙ නම් නෑ. :D
අද ලිපියෙන් නම් සමහරුන්ට කිසිම ප්‍රයෝජනයක් නැති වෙන්න ඇති, නමුත් කියන්න හිතුනු දේවල් ටිකක් කිව්වෙ. එහෙනම් මම ගියා. පුළුවන් වෙලාවක වැදගත් දෙයක් ලියන්නම්කො.
ප. ලි. ඒක නෙමෙයි, මගෙ බ්ලොග් එකේ folloiwersල ටිකටයි feed readersල ටිකටයි කෙල උනානෙ. ඉතින් කැමති නම් follow පාරක් දාල, feed එකටත් සෙට් වෙන්න ආරාධනා කරනවා...
පොටො කෙරුවාවටනම් සරු වෙයි මොකො රට හැම තැනම දැන් යන්න වෙනවනෙ :)
ReplyDeleteඅලුත් ජොබ කරගෙන යන්න සුබ පතනවා !!
ස්තුතියි මල්ලි. බලමුකො ඉතින්, ඒත් බං ජොබ් එකේ වැඩ වලට ගිහිල්ල ඕව කරන්න වෙලාව තියෙයිද දන්නෙ නෑ. ඒ මදිවට හරි හමන් කැමරාවකුත් නෑ නෙ. :(
ReplyDeleteayyandi magenuth suba pathum....**********************************
ReplyDeleteබොහොම ස්තුතියි..
ReplyDeleteall the best frnd...
ReplyDeleteසුබ පෑතුම් සහෝ ජයවෙවා!!!!
ReplyDeleteම්....ඒක තමා ටික දවසක් පේන්න හිටියෙ නැත්තෙ.ඉදිරිය ජයම වේවා.......!!
ReplyDeleteAll best Malli. Keep up the good work.
ReplyDeleteබොහොම ස්තුතියි හැමගේම සුභ පැතුම් වලට.
ReplyDeleteජයවේවා අයියෙ.. සුබපැතුම්.. !!
ReplyDeletemagen suba pathum :D
ReplyDeleteපොඩ්ඩා මල්ලිගෙනුත් උණුසුම් සුභ පැතුම්.... මාත් කාලෙකින් බ්ලොග් එකක් බැලුවෙත්...
ReplyDelete