Tuesday, October 12, 2010

Widgets

ඔබගේ වෙබ් අඩවියයේ TRAFFIC වැඩි කරගන්නේ කොහොමද? - 4

පළමු ලිපියට මෙතනින් යන්න.
දෙවන ලිපියට මෙතනින් යන්න.
තෙවන ලිපියට මෙතනින් යන්න.

අද සිව්වන කොටස.
පටන් ගමු, අංක 38න්.

Social Bookmarking අඩවි භාවිතය





38. අනෙකුත් පුද්ගලයින්ට ඔබගේ අඩවි ලිපි බුක්මාක් කරන්න අවස්ථාව දෙන්න. ඔබගේ මිතුරන් සිටිනවා නම් Stumble Upon භාවිතා කරන, ඔවුන්ට කියන්න ඔබගේ හොඳ ලිපි ඒ හරහා ප්‍රසිද්ධ කරවන්න කියල. ඔබගේ ලිපි හොඳ නම්,  වැදගත් නම්, ඒ හරහා ඔබට හොඳ ට්‍රැෆික් එකක් ලැබේවි.  

39. Digg හි මුල් පිටුවට එන්න උත්සාහ කරන්න. මේක නම් ලේසි වැඩක් නෙමෙයි කොහොමවත්ම. නමුත් උත්සාහ කරන එක වටිනවනෙ, මොකද එහෙම කළාට පස්සෙ ඔබට දහස් ගණන් visitorsල ලැබෙනව. (හැබැයි ඉතින් සිංහල බ්ලොග් එකකට නම් මේක කරන්න අමාරුයි.) මේක කරන්න නම් ඔබ මුලින්ම ක්‍රියාකාරී Digg භාවිතා කරන්නෙකු වෙන්න වෙනවා. පුළුවන් තරම් මිතුරන් එකතු කරගන්නත් ඕනෙ. ඉන්පසු මිතුරෙකු හරහා ඔබගේ හොඳම ලිපියක් Digg වෙත Submit කරවන්න. ඊට පස්සෙ ඔබගේ සමාජයට කියන්න ඒකට ඡන්දය දෙන්න කියල,. 

40. ඔබගේ ලිපි Reddit වෙත submit කරන්න. Reddit කියන්නෙත් Digg වගේම එකක්. Digg හරි ගියෙ නැත්තම් Reddit වෙත එන්න. නමුත් මේක Digg වලට වඩා පොඩියි, නමුත් හොද සමාජයක් තිබෙනව. ඒ නිසා සමහර විට මේකෙදි ඔබගේ ලිපි වලට හොඳ තැනක් ලැබෙන්න ඉඩ තිබෙනවා. විනෝදාත්මක දේවල්, තාක්ෂණය, දේශපාලනය, වගේ මාතෘකා වඩා ජනප්‍රිය වෙන්න ඉඩ තිබෙනවා.

41. Delicious මත ඔබගේ ලිපි බුක්මාක් කරන්න දෙන්න. ඔබට පුළුවන් නම් Delicious මත "How to" ලිපි හා "Tutorials" ප්‍රසිද්ධ කරවන්න, ඒ හරහා හොඳ ට්‍රැෆික් එකක් ගෙන්න ගන්න ඔබට පුළුවන්. කරන්න තියෙන්නෙ Delicious icon එක ඔබගේ බ්ලොග් එකට එකතු කරන එක විතරයි. මිතුරන් කිහිපදෙනෙක් එකතු කරගන්න, ඔබගේ ලිපි බුක්මාක් කරන්න. කෙටි කාලයකින්, ඇති වෙන්න බුක්මාර්ක්ස් එකතු උනොත්, ඔබගේ ලිපිය delicious මුල් පිටුවට පවා යන්න ඉඩ තිබෙනව. 

42. Social Bookmarking අයිතම ඔබගේ අඩවියට එකතු කරන්න. එතකොට ඕනෙම කෙනෙක්ට පුළුවන් ඔබගේ ලිපි බුක්මාක් කරගන්න, ප්‍රසිද්ධ කරන්න, බෙදාහදා ගන්න. ඒකෙන් නම් ගොඩක් හොඳ ට්‍රැෆික් එකක් එකතු කරගන්න පුළුවන්.

43. ඔබගේ පරාසයට (niche) අදාල අඩවි වල bookmark කරන්න. මේ ඉහත කිව්ව ඒව පොදුවේ හැම දෙයක්ම බුක්මාක් කරන හුඟක් ලොකු වෙබ් අඩවිනෙ. ඒත් තවත් පොඩි පොඩි අඩවි තිබෙනව ඒ ඒ විෂය කරුණු සම්බන්ධයෙන් පමණක් බුක්මාර්ක් කරන. මෙන්න මෙතන තියෙනව එහෙම අඩවි ලැයිස්තුවක්. බලන්නකො ඒවායින් ඔබට කොතරම් ට්‍රැෆික් එකක් එකතු කරගන්න පුළුවන්ද කියල. 

සමාජ ජාල (Social Networks)

44. බොහොමයක් සමාජ ජාල අඩවි වල profile එකක් හදා ගන්න. එම වෙබ් අඩවි වල ප්‍රොෆයිල් එකක් හදාගත්තම ඔබට පුළුවන් ඔබගේ වෙබ් අඩවිය ගැන එහි විස්තර දාන්න, ඔබගේ අඩවියට සබැඳියක් එක් කරන්න. මේක link building කිරීමක්. ඒ හරහා ඒ වටා පිරිසක් එකතු කර ගැනීම වගේම ඒ හරහා හොඳ ට්‍රැෆික් එකක් ගෙන්නගන්න පුළුවන්. මෙන්න තියෙනවා සමාජ ජාල වෙබ් අඩවි ලැයිස්තුවක්

45. මුහුණු පොත භාවිතා කරන්න. මේක නම් කට්ටියට කියන්නත් දෙයක් නෙමෙයිනෙ. Social Media හරහා ට්‍රැෆික් ගන්න ඕනෙ නම් මේක තමා හොඳම තැන. කියන්න ඕනෙ නෑ නෙ මොකද කරන්න ඕනෙ කියල. ගිණුමක් හදා ගත්ත, පුළුවන් තරම් කට්ටිය තමුන් වටා එකතු කරගනිමින්, ඔබට කියන්න ඕනෙ දේ එයාලට දෙන එකයි කරන්න ඕනෙ. 

46. මුහුණු පොතේ රසික පිටුවක් (Fan page) අරඹන්න. මේකත් කියන්නම දෙයක් නෙමෙයි, මේකත් හුඟක් අය කරනවනෙ. තමුන්ටම කියල රසිකයින් කණ්ඩායමක් එකතු කරගන්න මේ හරහා පුළුවන්, එයාලට updates යැවීමත් මේ හරහාම කරන්න පුළුවන්නෙ. ඔවුන් ඔබගේ ලිපි බලයි, ඒවට අදහස් දක්වයි. මෙමගින් ඔබට අළුත් අදහස් ලබාගෙන ඔබගේ අඩවිය තවත් දියුණු කරගන්න උනත් පුළුවන්නෙ.

47. ඔබගේ අඩවියට/ලිපි වලට FaceBook Like බොත්තමක් එකතු කරන්න. මේක මුහුණු පොත ලඟදී එකතු කල දෙයක්. Like බොත්තම හරහාත් පුළුවන් ඔබගේ ලිපි මුහුණු පොත හරහා බෙදා හරින්න. මේක හරිම ලේසි වැඩක්, FaceBook Developer අඩවියෙන් මේ ගැන විස්තර බලාගන්න පුළුවන්. 

48. ට්විටරය භාවිතා කරන්න. Twitter කියන්නෙත් සමාජ ජාල අඩවියක් හා Micro Blogging අඩවියක් කියලත් කියන්න පුළුවන්. මේකෙත් ඔබට පුළුවන් ඔබගේ වෙබ් අඩවියේ updates වෙනත් දේවල් පවා බෙදා හදා ගන්න. ඔබ ගිණුමක් අරඹල ඒකේ ඔබේ profile එකට ලින්ක් එකක් ඔබගේ අඩවියේ ප්‍රසිද්ධ කළාම ට්විටරය භාවිතා කරන්නන්, ඔබව follow කරන්න පටන් ගනීවි, එතකොට ඔබ publish කරන ඒව එයාලත් දකිනව.

49. TweetMe බොත්තමක් ඔබගේ අඩවියට එකතු කරන්න. ඔබගේ ට්විටර් ගිණුමෙන් බැලීම විතරක් නෙමෙයි, කවුරුහරි ඔබගේ ලිපියක් කියවන්නෙක්ට ඒක හොඳයි කියල හිතිල ඒක ඔහුගේ ට්විටර් මිතුරන් එක්ක බෙදාහදා ගන්න හිතුනොත් (Reweet) ඒකටත් අපි ඉඩක් දෙන්න ඕනෙනෙ, ඒකට තමා Tweetme බොත්තමක් ඔබගේ ලිපි වලට අනිවාර්යයෙන්ම යෙදිය යුත්තේ. 

50. ඔබගේ අවකාශයට (niche) අදාල සමාජ ජාල ගැනත් හොයල බලන්න. ඉස්සෙල්ල කිව්වෙ ඔබගේ අවකාශයට අදාල social bookmarking අඩවි ගැන. ඒත් එක්කම ඔබගේ අවකාශයට අදාල Social Networks ගැනත් බලන්න වෙනවා. Facebook හා Twitter හරහා තරම් මේවා හරහා ට්‍රැෆික් එකක් නොඑන්න පුළුවන්, නමුත් මේවායින් එන්නෙ targeted traffic එකක් නිසා ඒකත් වැදගත්. මෙන්න තියෙනවා එහෙම අඩවි 233ක ලිස්ට් එකක්.

මතු සම්බන්ධයි.

මෙම ලිපි මාලාවට Subscribe වන්න. මෙතන කොටන්න.

මෙම බ්ලොග් අඩවියේ ලිපි වලට එකතු වන්න:  

4 comments:

  1. ඇත්තටම ගොඩක් වැදගත් ලිපි මාලාවක්. මමත් මේවා ක්‍රියාත්මක කරනව. මම මේව ක්‍රියාත්මක කරන්න පටන් ගත්ත මුල්ම පෝස්ට් එකේම ලස්සන Anonymous Comment එකක් දාලත් තිබුන. :D. සුබ පතනව ඔයාට. එල...

    ReplyDelete
  2. ඈත්තටම වැදගත් ලිපි පෙලක්.දිගටම දැනුවත් කරන්න,ගොඩක් දේවල් දැන ගත්තා.සුභ පතනවා...

    ReplyDelete
  3. ඈත්තටම වැදගත් ලිපි පෙලක්.දිගටම දැනුවත් කරන්න,ගොඩක් දේවල් දැන ගත්තා.සුභ පතනවා...

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.