Friday, October 22, 2010

ඔබගේ වෙබ් අඩවියයේ TRAFFIC වැඩි කරගන්නේ කොහොමද? - 5

පළමු ලිපියට මෙතනින් යන්න.දෙවන ලිපියට මෙතනින් යන්න.තෙවන ලිපියට මෙතනින් යන්න.සිව්වන ලිපියට මෙතනින් යන්න.වෙබ් අඩවිය optimize කරගන්න 51. ඔබගේ 404 error පිටු නිවැරශිව සකසා ගන්න. මිනිස්සු කොහොම ඔයාගෙ වෙබ් අඩවියට ආවත් එයාලට සමහර වෙලාවට 404 error එකැන්න ඉඩ තිබෙනව. ඔවුන් ඔබගේ වෙබ් අඩවියේ ලින්ක් එක වැරදියට ටයිප් කරල වෙන්න පුළුවන්, නැතිනම් ඔබට ලින්ක් එකක් දාපු කවුරු හෝ ලින්ක් එක වැරදියට දාල වෙන්න පුළුවන්. ඉතින්...

Friday, October 15, 2010

3D Stereograms (ත්‍රිමාණ සැඟවුනු රූප)

ඔබ දැකල ඇති පොඩි පොඩි බුද්ධ රූප පිරිච්චි ලොකු රූපයක සැඟවුණු බුද්ධ රූපයක් සහිත රූපය. ඔබ ඒකෙ සැඟවිලා තියෙන රූපය දැකලත් ඇති, සමහරු ගොඩාක් උත්සාහ කරල දකින්න ඇති, තවත් සමහරුන්ට තාම ඒක දැකගන්න බැරි වෙලා ඇති. වයසක ආච්චිල සීයල නම් කියන්නෙ ඒක දකින්න පිං කරල තියෙන්න ඕනෙ කියල. නමුත් මම කියන්නෙ, ඒක දකින්න ඒක දිහා බලන්න ඕනෙ ක්‍රමයක් තිබෙනව, විද්‍යානුකූලව ඒ ආකාරයට බැලුවොත් ඒක දකින්න පුළුවන් කියලයි. ඉතින් ඔබ උත්සාහ කළේ කොහොමද? ඒක දිහා ඇස් රිදෙනකම්ම බලා හිටියද?...

Thursday, October 14, 2010

"Photography සිංහලෙන්" වසරක උපන්දිනය සමරයි

"Photography සිංහලෙන්" බ්ලොග් අඩවිය පටන් ගත්තෙ හරියටම 2009 වසරේ අද වැනි දිනක (08.14 වන දින)මුල්ම ලිපිය උනේ මෙන්න මේක.මේ අඩවිය පටන් ගන්න හේතු උනේ, මම විශ්ව විද්‍යාලයේදී ඡායාරූකරණය ඉගෙන ගැනීම. ඒ හරහා මට ඡායාරූපකරණය ගැන ලොකු ආසාවක් ආව. ඒ ගැන තව තවත් ඉගෙන ගන්න ඕනෙ උනා, ඒ එක්කම, ඒ දැනගන්න දේවල් අනෙත් අය එක්ක බෙදා හදා ගන්න ඕනෙ උනා. ඉතින් ඒ වෙනුවෙන් මම මේ අඩවිය සකස් කළා. ඉතින් මම ලෙක්වර් වල ඉගෙන ගත්තු දේවල් පිළිබඳ ලිපි ලිව්ව, තව තවත් වෙනත් අඩවි, පොත් මගින් තවත් ඉගෙන ගත්ත, ඒ ඉගෙන ගන්න දේවල් ගැන ලිව්ව.ඔන්න ඔය අතරෙ LKServers ආයතනයෙන් ඔවුන්ගේ Promotion...

Tuesday, October 12, 2010

ඔබගේ වෙබ් අඩවියයේ TRAFFIC වැඩි කරගන්නේ කොහොමද? - 4

පළමු ලිපියට මෙතනින් යන්න.දෙවන ලිපියට මෙතනින් යන්න.තෙවන ලිපියට මෙතනින් යන්න.අද සිව්වන කොටස.පටන් ගමු, අංක 38න්.Social Bookmarking අඩවි භාවිතය38. අනෙකුත් පුද්ගලයින්ට ඔබගේ අඩවි ලිපි බුක්මාක් කරන්න අවස්ථාව දෙන්න. ඔබගේ මිතුරන් සිටිනවා නම් Stumble Upon භාවිතා කරන, ඔවුන්ට කියන්න ඔබගේ හොඳ ලිපි ඒ හරහා ප්‍රසිද්ධ කරවන්න කියල. ඔබගේ ලිපි හොඳ නම්,  වැදගත් නම්, ඒ හරහා ඔබට හොඳ ට්‍රැෆික් එකක් ලැබේවි.  39. Digg හි මුල් පිටුවට...

Wednesday, October 6, 2010

"Techno" සහ මම

මේ පාරත් ඉතින් ඔන්න Techno එකට වැඩ. ගිය පාර වගේ රෑ 12 වෙනකම් නම් IESL එකේ ඉන්නෙ නෑ, නමුත් අදත් එහෙන් පිටත් උනේ රෑ 7.30ට. මම ඉතින් පුරුදු පරිදිම වැඩ කරන්නෙ "වසරේ කණිෂ්ඨ නව නිපැයුම් කරුවා" තරඟය වෙනුවෙන්. මේ පාරත් ප්‍රදර්ශනය බලන්න ආවොත් ඒ ප්‍රදර්ශන කුටියේ මම ඉඳීවි. (අපේ විශ්ව විද්‍යාලයේ තිබ්බ EXMO ප්‍රදර්ශනයට නම් ආපු අයගෙන් මාව දැකල කතා කළේ එකම එක්කෙනෙක් විතරයි. )මේ වැඩ නිසා බ්ලොග් වලට ලිපි ලියන්නත් වෙලාවක් නැති උනා. මේකත් මේ වැඩ අස්සෙම තමා ලියන්...

Saturday, October 2, 2010

චුට්ටිම චුට්ටි ගේම් එකක් හැදුවෙමි

ඔන්න මම චුට්ටිම චුට්ටි ගේම් එකක් හැදුවලුනෙ. :Dවැඩි දෙයක් නෑ හරිම සරළ ගේම් එකක්. අර පොඩිම පොඩි උන්ට තියෙන ජාතියෙ එකක්. මේක ඇවිල්ල මගෙ මංගල පරිගණක ගේම් එකනෙ. ඉතින් පොඩ්ඩක් බලන්නකො. හිනා වෙන්න එපා හොඳේ, Tutorial එකක් බලාගෙන හැදුවෙ. කරන්න තියෙන්නෙ නම් බෝම්බ වලින් බේරිලා පලතුරු එකතු කරන එක තමා.බාගෙන බලන්නකො. මෙන්න ලින්ක් එක. http://www.mediafire.com/?mejvykkyb8uc...