Saturday, June 26, 2010

Widgets

ලස්සන Blogger Templates ටිකක්

මම ඉතින් මගෙ බ්ලොග් වලින් වැඩි ප්‍රමාණයක් හොස්ට් කරන්නෙ Blogspot උඩනෙ, ඉතින් blogger templates  ගැන මම ගොඩක් හොයනව, ලස්සන ටෙම්ප්ලේට්ස් හොයනව. (හැබැයි මේ බ්ලොග් එකේ, රූසර බ්ලොග් එකේ, මගෙ ඉංග්‍රිසි බ්ලොග් එකේ එහෙම තියෙන්නෙ මමම හදපු තීම්ස්) මම විතරක් නෙමෙයි අපේ Bloggersල ගොඩක් අය ඉන්නෙ Blogspot උඩනෙ. මේක එයාලටත් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව.

මම අද හිතුව ලස්සන බ්ලොගර් ටෙම්ප්ලේට්ස් ටිකක් ගැන කියන්න. මීට වඩා ලස්සන ඒව ඕනෙ තරම් ඇති, නමුත් මම ඉතින් ඔය වටපිටාවෙ ඇවිදිනකොට හම්බ වෙච්චි ටිකක් තමා මේ. හුඟක් ඒව ඉතාම සරළයි, නමුත් professional look එකක් තියෙනව.






Aparatus



Blogger Template Image

Aparatus කියන තීම් එකට සරළ නමුත් professional look එකක් තියෙනව. උඩ තියෙන රතු පාට කොටස කැපිල පේන විදිහට තමා හදල තියෙන්නෙ, හොඳට ඉඩ තියෙනව.Twitter update icon එකක් උඩින් තියෙනව, අළුත්ම twitter update එකත් එක්ක. අඩවියේ නම දාන්න තියෙන තැන හොඳට ඉඩ තියෙනව, ඔබේම logo එකකුත් දාගන්නත් එක්ක.


Notepad



Blogger Template Image

අත් අකුරු වගේ text තියෙන කඩදාසි වගේ පසුබිම් තියෙන බ්ලොග් ඕනෙ තරම් ඔයාල දැකල ඇති, නමුත් මේ notepad layout එක අළුත්ම ලස්සන නිමාවක් එක්ක තියෙන ටෙම්ප්ලේට් එකක්. Social media links ටිකකුත් තියෙනව ටෙම්ප්ලේට් එකේම, ඒ එක්කම search bar එකකුත් තීම් එකටම ලස්සනට ගැළපෙන විදිහට දාල තියෙනව. ලිපියේ දිනය ලිපියට වම් පැත්තෙන් පේන විදිහට තියෙන එකත් ලස්සනයි.


Clean Type



Blogger Template Image
ඔබ සරළත්වයට කැමති නම් Clean Type කියන තීම් එකත් ඔබට හොඳට ගැළපෙනව. හුඟක් සුදු අවකාශයක් තිබෙන තීම් එකක්. තැඹිලි වර්ණය ලස්සනක් එකතු කරනවා. වම් පැත්තෙන් ඔයාලගෙ logo එක එක්ක නම දාන්න ඉඩත් දකුණු පැත්තට වෙන්න subscribe links ටිකක් තියෙනව. ඒ ටිකත් තැඹිලි වර්ණයේ ප්‍රභේද වලින්ම තිබ්බොත් කැපිල පේන header එකක් ඔයාලට හදාගන්න පුළුවන්.

Twitter



Blogger Template Image

මෙන්න මට නියමෙටම හිතට අල්ලපු එක. මේක දාල මමත් හදන්න ඕනෙ බ්ලොග් එකක්. Blogger වෙනුවෙන් හදල තියෙන Twitter layout එකට සමීපතම replica එක මේක තමා. ට්විටරයේ layout එක එහෙමම පේන්න මේක හදල තියෙනව. හැම ලිපියක්ම ට්වීට් එකක් වගේ තියේවි, Side bar එක ලස්සනට අරගෙන තියෙනව ඔයාලගෙ profile info එහෙම දාන්න පුළුවන් වෙන්න. ගැළපෙන widgets කිහිපයක් එක්ක, ඔයාලට ෂුවර් එකටම පුළුවන් කිහිප දෙනෙක්ව හරි රවටන්න.


Tune Up



Blogger Template Image

ඔයා කැමතිම වර්ණය නිල් පැහැය නම්, මේක නියම තීම් එකක්. සරළ වගේම හොඳ තීම් එකක්. Header එක්ට පහලින් තිබෙන පටිය ත්‍රිමාණ බවක් එකතු කරනවා, ඒ එක්කම ඔයාලගෙ widgets ලස්සන shade එකක් එක්ක සුදු පැහැයෙන් පෙන්වනවා. අනිත් ඔක්කොම සුදු පාට නිසා ලිපි වල තියෙන graphics වලට කවදාවත් කරදරයක් වෙන්නෙ නෑ.


Indicator



Blogger Template Image

පොඩ්ඩක් අඳුරු පැහැයක් තියෙන තීම් එකක්. තද පසුබිමක් එක්ක යන්තම් අඳුරු පැහැයක් සහිත පසුබිමක් ලිපි සඳහා සකසල දීල තියෙනව. විශාල රූප, Youtube video වගේ තියෙන widgets දාගන්න පුළුවන් විදිහෙ පළල් side bar එකකුත් මෙහි තිබෙනවා. Side bar එකේ widgets title එක පෙන්නන කොටසෙ තියෙන ඊ හිස වගේ කොටසින් තීම් එකට ලස්සනක් එකතු කරල තියෙනව.


Vio



Blogger Template Image

බ්ලොග් එකට ටිකක් කෝමල ගතියක් දෙන්න ආස නම් රෝස පාටත් එක්ක Vio තීම් එක ගැන පොඩ්ඩක් හිතල බලන්න. රෝස පාට header එකකුයි හොඳට ඉඩ කඩ ඇතුව ඉන්න පුළුවන් white space එකකුයි, unique layout elements ටිකකුයි මේකෙ තියෙනව. මේක ඇවිල්ල 2 column බ්ලොග් ටෙම්ප්ලේට් එකක් නමුත් එක column එකක් දෙකට කපල වගේ. ඒව හුඟක්ම සිහින් නිසා ඔයාට ඒව පාවිච්චි කරන්න පුළුවන් ඔයාගෙ ප්‍රේක්ෂකයින්ට ඕනෙ දේවල් හොඳට පේන්න දාන්න, නැතිනම් දැන්වීම් එහෙම දාන්න. තව ලස්සන දෙයක් තමයි ලිපියක මාතෘකාවත් එක්ක තියෙන comment bubble එක.


Colorbold



Blogger Template Image

Colorbold කියන්නෙ තද පැහැ වර්න තියෙන කලු පසුබිමක අඩවියේ නම තියෙන තද නිල් පැහැ menu bar එකක් එක්ක පළල් සුදු පැහැ කොටසක ලිපි ලියන්න තියෙන තීම් එකක්. දැන්වීම් පළ කරන්නත් කොටසක් වෙන් කරල තියෙනව.


Arclite



Blogger Template Image

Arclite කියන්නෙ උණුසුම් වර්ණ තියෙන තීම් එකක්. දුඹුරු පාට header එකත් එක්ක ලොකු හිස් ප්‍රදේශයක් තිබෙනව. නිල් පැහැති රවුම් menu bar එකත්, රෝස පැහැ title එකක් තියෙන widgets ටිකක් පිටුවට කැපිල පේන ගතියක් දෙනව. ඕනෙම වැඩකට ගැළපෙන තීම් එකක්.


DailyNotes



Blogger Template Image

දෙපැත්තෙම සිදුරු තියෙන pin feed printer paper එක දන්නව නම්, මේ ලස්සන design එක්ට නම් ඔයාලගෙ හිත යන්න ඕනෙ. මේකත් ලස්සන තීම් එකක්. ටිකක් සංකීරණ පෙනුමක් නම් තියෙනව තමයි, නමුත් ඉතාම හොඳට හදල තියෙන තීම් එකක්. මේක සාමාන්‍ය two-column layout එකක් එක්ක තියෙන කඩදාසි වල පෙනුම දීල තියෙන තීම් එකක්. කඩදාසි පෙනුමත් එක්ක ඔයාලගෙ logo එක ටිකක් නොගැළපෙන්න ඉඩ තියෙනව, ඒ නිසා ඒක ගැනත් හිතන්න, නැතිනම් ඉතින් දීල තියෙනව වගේ සුදු පැහැති අකුරුම යොදන එකම හොඳයි.

__________________________________________________________________
මේවට හිත ගියානම් හෝ, තව ඔයාලගෙ අදහස් තියෙනව නම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා. තව ඔයාල දන්න templates තියෙන අඩවිත් කියන්න.

2 comments:

  1. නැද්ද හොද වෙබ් ටෙම්ප්ලේට් ටිකක් හොයා ගන්න...

    ReplyDelete
  2. @රනේ: වෙබ් ටෙම්ප්ලේට් කිව්වෙ html templates ද? බලමුකො එහෙම එකකුත් ලියන්න. පොඩ්ඩක් ගූගල් කළා නම් හොද සයිට්ස් ටිකක් හොයාගන්න බැරි නෑ. :)

    මමත් හැදුවනෙ Twitter thm එක දාල බ්ලොග් එකක්.
    http://chitbits.blogspot.com

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.