Wednesday, April 27, 2016

Widgets

3D Stereograms බලමුද

මේකට සිංහලෙන් කියන්නෙ මොකද්ද කියල නම් මම දන්නෙ නෑ. ඉංග්‍රීසියෙන් කියන්නෙ 
3D Stereograms කියල. මේ පහල තියෙන රූපෙ දැක්කම මොකද්ද හිතෙන්නෙ? මොකුත් නෑ?
ඔයාලට මතකද, අර චූටි චූටි බුද්ධ රූප ගොඩක් තියෙන රූපෙ. ඔව්, ඔය පහළ තියෙන එක තමා.
එක දිහා බලා හිටියම ලොකු බුද්ධ රූපයක් මැවිල පේන? අන්න ඒ වගේ රූප තමා මේ. සමහරු නම් කියන්නෙ ඒක පේන්න පින තියෙන්න ඕනෙ කියල. (මෙම රූපය සොයා දුන් සන්ධ්‍යා මිතුරියට මගේ ස්තුතිය).



මේ ලිපිය කියවල ඉවර කළාට පස්සෙ ඒ පිනට ඔයාලටත් උරුමකම් කියන්න පුළුවන් වෙයි.

තෙරෙන්නෙ නැද්ද බලන්න? සමහරුන්ට මේක බලන්න හරි ලේසි, සමහරුන්ට උත්සාහ කලාම බලන්න පුලුවන්, හැබයි ටික දෙනෙක් ඉන්නව මේව බලන්න කොහොමවත්ම බැරි, ඒ අයට තමුන්ගෙ ඇස් වල නාභි දුර තමන්ට ඕනෙ ඕනෙ විදිහට වෙනස් කරන්න බෑ.
පොඩි උදව්වක් දෙන්නම්. මෙන්න මේ සටහනේ විදිහට බලන්න උත්සාහ කරන්න. ඇස් දෙක අනන්තයට නාභිගත කරල රූපෙ දිහා බලන්න ඕනෙ. මමත් පුරුදු උනෙ ඔහොම තමා, ටිකක් අමාරු වෙයි සමහරුන්ට. උත්සාහ කරන්නකො.


වැඩේ හරි නේද? ඒ විදිහට මේ පහල තියෙන එක බලන්න. ඒක බලන්න හරි ලේසි රූපයක්. මේකෙ ලස්සන සමනයෙක් හැංගිලා ඉන්නව. දැක්කද?



මේක බලන්නකො. මේ රූපෙ ඇතුළෙ බුදු පිළිමයක් හැංගිලා තියෙනව.


මෙවන් රූප ගොඩක් හොයාගන්න පුළුවන් අන්තර්ජාලය තුළ සෙව්වොත්.
මමත් ට්‍රයි කරල තමා ඕක බලන්න පුරුදු උනේ. දැන් නම් තත්පරයකින් දෙකකින් පුළුවන්.
මේ තියෙන්නෙ තවත් එවන් ඒවා.





24 comments:

  1. දැකල තිබුනට නම දැනගත්තේ අදයි.කොච්චර ට්‍රයි කලත් පේන්නේ නෑ මට ට්‍රයි කරලා බලන්නම් දිගටම. ස්තූතියි.

    ReplyDelete
  2. හොඳ මග පෙන්වීමක්

    ReplyDelete
  3. පළමු එකේ ත්‍රිකෝණාකාර උල් හැඩයක්ද, දෙවැන්නේ සමණලයෙක්ද,තුන් වැන්නේ බුද්ධ රෑපයක්ද ,හතර වැන්නේ බෝ පෙති (හදවත්) දෙකද්ද,පස් වැන්න දාදු කැටයක්ද ,හය වැන්නේත් දාදු කැටයක් උඩ තවත් පැතැලි හැඩැති කැටයක්ද, අන්තිම එකේ තාරතාවක්ද පෙනේ....

    ReplyDelete
  4. kiyala dunnata sthuthiyi. den hodata penawa. ara issara balanna beri una budda rupaya hoyala balanna one ayeth.

    ReplyDelete
    Replies
    1. මටත් ඉස්සර බැරි උනා. පුරුදු උනාට පස්සෙ අවුරුදු 2-3ක් ගිහිල්ල තමා ඒ බුද්ධ රූපෙ හම්බුනේ ආපහු. නුවර ගිය වෙලාවක දළදා මාළිගාව ගාව පාරෙ තියන් විකුණමින් හිටිය වෙළෙන්දෙක්ගෙන්. ට්‍රයි එකක් දෙන්නම් ඒකෙ ෆොටෝ එකක් ගහල මෙතන දාන්න.

      Delete
    2. http://www.elakiri.com/forum/showthread.php?t=1498800

      meken aran danna.

      Delete
    3. බොහොම ස්තුතියි, මම මේක දාන්නම්.

      Delete
  5. Replies
    1. මටත් මුලදි හරි අමාරු උනා. ට්‍රයි කරන්න තව.

      Delete
  6. ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන්ඩේ යූ කැන් ෆ්ලයි කියල තියෙනවනෙ. බලමු තවටිකක් උත්සාහ කරල.

    ReplyDelete
  7. මට කියනවද මේ බ්ලොග් එක ෆලෝ කරන්නෙ කොහොමද කියල.

    ReplyDelete
    Replies
    1. දකුණූ පස පැනලයේ,
      "එකතු වන්න" හරහා ඊ මේල් සබ්ස්ක්‍රයිබ් වෙන්න.
      "මා සමඟ එන්න" හරහා Blog follower කෙනෙක් වෙන්න.

      Delete
    2. ඉස්සෙල්ල බලනකොට දකුණු පස පැනලයක් දැක්කෙ නෑ. දැන් හරි. හැක්..

      Delete
  8. මටත් පුලුවන්නේ😀😀😀..මන් දැනන් හිටියෙ නෑ පුලුවන් කියල

    ReplyDelete
  9. Replies
    1. දිගටම ට්‍රයි කරන්න.

      Delete
    2. balamu. try and try one day you can fly kiyalane kiyanne :)

      Delete
  10. කුතුහලය දනවන අපූරු ලිපියක්....

    ReplyDelete
  11. I couldn't refrain from commenting. Well written!

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.