
මම මීට පෙර ලිපියක කතා කළා මගෙ පුද්ගලික පුස්තකාලය නිර්මාණය උනේ කොහොමද කියල හා එහි පොත් සූචිගත කරන්න ගත්තු උත්සාහයන්. මෙතනින් ඒ ලිපිය බලන්න ඔයාලට පුළුවන්.ඒ ලිපිය ඉංග්‍රීසියෙන් ලිව්ව එකක් නිසා පොඩ්ඩක් ආපහු ඒ ගැන මම කියන්නම්. මම පොත් සූචිගත කරන්න ගත්තු උත්සාහයන් මොනවද කියල.මුල්ම කාලෙ, ඒ කියන්නෙ මම 9 වසරෙ වගේ ඉන්නකොට තමා පුස්තකාලයක් කියන අදහස එක්ක මම දෙයක් කරන්න ආරම්භ කළේ. එතකොට මම කලේ CR පොතක් අරගෙන පිළිවෙලට අංක යොදමින් පොත් වලට විස්තර වගුවකට එකතු කළ...