Tuesday, June 11, 2019

Widgets

Arduino වලින් Remote Controlled Car එකක් - ඊළඟ ප්‍රොජෙක්ට් එක

මේ මගෙ තුන්වන ආර්ඩුයිනෝ ප්‍රොජෙක්ට් එක.

1. Arduino Smart Home with NodeMCU, IFTTT, Blynk, Google Home (සමාවෙන්න. ඒ ගැන ලියන්න බැරි උනා)
2. Arduino වලින් වෙසක් සැරසිලි with Pixel LED 
3. මේක. Arduino RC car with Radio Control (433MHz)

ඉතින් දැනට අවශ්‍ය දේවල් හැම දෙයක්ම ඕඩර් කරල තියෙන්නෙ. (AliExpress සහ එහෙන් මෙහෙන් හොයාගත්තුව)
උපකරණ දෙක එනකම් ඉවසන් බලන් ඉන්න තියෙන්නෙ.

අවශ්‍ය උපකරණ
පරණ කැඩුනු සෙල්ලම් කාර් එකක්. (චැසිය හා රෝද හොඳින් තිබිය යුතුයි)


Arduino Uno Boards 2ක්

TT Gear Motors 4ක් (ප්ලාස්ටික් Gear wheel තියෙන ඒව ඉක්මනින් කැඩෙනව කිව්ව නිසා Metal gear wheel තියෙන මෝටර් 4ක් ඕඩර් කළේ.)

L298N Motor Driver Controller Board Module 2ක්

2.4G wireless modules 1100-Meters Long-Distance NRF24L01+PA+LNA wireless modules (with antenna) 2ක්


Joystick Shield for Arduino Expansion Board

5-6V බැටරි පැක් 2ක් (කාර් එකට එකයි, රිමෝට් එකට එකයි) Power Bank එකක් උනත් හරියාවි.
(මම භාවිතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ 9V  battery එකක් හා Power Bank එකක්.)


Mini USB Cable 1ක් (රිමෝට් එකට Power දෙන්න. Power Bank එකකින් දුන්නොත්)

Jumper Wires අවශ්‍ය තරමට (Male-Male, Male-Female)

Mini Bread Board එකක්


ලයිට් එකක්, හෝන් එකක් එහෙම දාගන්න ඕනෙ නම් ඒවට ඕනෙ කරන LED, Buzzer, Resisters (220 ohms). 

පරණ සෙල්ලම් කාර් එක රැනුනම අනිත් උපකරණ ඔක්කොම aliexpress එකෙන් ඕඩර් කළේ. 
මුළු වියදම ගියේ රු. 3500ක් වගේ. (සෙල්ලම් කාර් එකේ මූලික වියදම නැතිව)
දැනට මගෙ ගාව තියෙන්නෙ, mini bread board, Uno 1, Jumber wires, mini usb cable, battery holder, හා කැඩුනු සෙල්ලම් කාර් එකක් විතරයි.

වයි ෆයි කැමරාවක් සවි කරන්නත් අදහස තිබෙනවා. 
ඒ අතරෙම පුළුවන් උනොත් ට්‍රයි එකක් දෙනව, මේකටම Obstacle Avoiding පහසුකමත් ලබාදෙන්න පුළුවන්ද කියල. 

එහෙනම් උපකරණ ටික එනකම් වැඩේ පටන් ගන්න බලාපොරොත්තුවෙන් දැන් නවතිනවා.

UPDATE (01/07/2019):
ඔන්න අද වෙනකොට ඔක්කොම උපකරණ ටික ලැබිල තියෙනව. 
මේ දවස් වල පොඩ්ඩක් වෙන දෙයකට හිර වෙලා ඉන්න නිසා තව ටික දවසක් මේක පටන් ගන්න ඉවසන්න වෙනව. ඉක්මනටම හදන්න ආරම්භ කරල ලියන්නම්. 

6 comments:

  1. Replies
    1. Tune in. I will be starting the project once the items arrived.

      Delete
  2. නියමයි. කෑලි අාවම හදල දාමු බලන්න.

    ReplyDelete
    Replies
    1. අනිවා. අර ඉස්සෙල්ල මගෙ සෝලර් සිස්ටම් ප්‍රොජෙක්ට් එක වගේ තමා මේකත්, ඉස්සෙල්ල එකයි, පස්සෙ එකයි. :)

      Delete
  3. එල මම මේ වැඩේ හැමදාම කරන්න හිතන් ඉන්නවා. හැබැයි කවදාවත් පටන් ගන්නේ නැහැ. Arduino Uno ඔර්ජිනල් බෝඩ් නැතුව ඔය එක එක නම් වලින් තියෙන බෝඩ් හරියන්නේ නැද්ද ?
    මගේ ගාව තිබ්බ බෝඩ් එකක් මම අපේ මල්ලි කෙනෙකුට දුන්න. දැන් මේ අලුතින් ඔරිජිනල් බෝඩ් එකක් ගන්නවද නැත්නම් ඔය ලාබ බෝඩ් ගන්නවද කියල කල්පනා කර කර ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නයක් නෑ. Uno Genuino එකක් ඕනෙ නෑ. Compatible එකත් අරව වගේම වැඩ කරනව. driver එක install කරගන්න ඕනෙ.

      Delete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.