Thursday, January 3, 2019

Widgets

සාර්ථකව ඉංග්‍රීසි කතා කරමුද?



ඉංග්‍රීසි
හුඟක් අයට තියෙන ප්‍රශ්නයක්

ඉංග්‍රීසි කතා කිරීම
හුඟක් අයට තියෙන බයක්. 

ඉතින් මගෙ අදහස් ටිකකුත් කියන්න හිතුව.

මුලින්ම මගෙ කියවන්නන් සියළුම දෙනාට සුභම සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා. ඔබ සියළු දෙනාගේම සියළුම අනාගත සැලසුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!!

ආපහු සබ්ජෙක්ට් එකට. 
මම පාසලේදී පමණක් නෙමෙයි, අමතර පංතියක් හරහාත් ඉංග්‍රීසි හොඳින් ඉගෙනගත්ත. ඔව්. මට සා. පෙළ වෙනකොට ඉතා හොඳින් ඉංග්‍රීසි ලියන්න හා කියවන්න පුළුවන්. නමුත්, මට කතා කරන්න ඉතාම අපහසුතාවයක් තිබ්බ. 
මම සිංහල සාහිත්‍ය සංගමයේදී, පාසල් රැස්වීම් වලදී සිංහලෙන් කතා පවත්වා පවා තිබුණත් ඉංග්‍රීසියෙන් කතා කිරීම මට හරිම අපහසුවක් තිබුණ. මම හරිම බය උනා. 
ඉතින් මම මොකද කළේ? ටික ටික කතා කරන්න ආරම්භ කළා. උසස් පෙළදී මම පාසලේ පංතියේ ඉංග්‍රීසි කාල පරිච්ඡේදයේදී ඉංග්‍රීසියෙන් කතාවක් කළා. ඒකත් එක්ක මටම තේරුනා මට කතා කරන්න පුළුවන් කියල. ටික ටික ප්‍රසිද්ධි‍යේ කතා කරන්න හුරු උනා. 
විශ්ව විද්‍යාලයේදී කථිකාචාර්ය වරු එක්ක කතා කරනකොට, ප්‍රශ්න අනහකොට, ප්‍රශ්න වලට උත්තර දෙනකොට තව තවත් හුරු උනා. 
මම රැකියාවට එනකොටත් හොඳින් මට ඉංග්‍රීසි කතා කළ හැකියි. රැකියාවේදී ඉංග්‍රීසි භාවිතය ඉතාම ඉහළයි. ඉතින් තව තවත් හැකියාව ඉහළ නංවා ගත්ත. අපි පිටරට අය එක්කත් සම්බන්ධතා පවත්වනවා. ඔවුන් එක්ක උනත් ඉතා පහසුවෙන් ඉංග්‍රීසියෙන් කතා කිරීමට පවා හැකියාව දැන් දියුණුයි.

ඉතින් මේ පහත දේවල් ටික කළොත් ඔයාලටත් හොඳින් බය නැතිව ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ලබා ගන්න පුළුවන්. 

අංක 1.
"අනිත් අය මට හිනා වෙයිද!"
"අනේ මට වරදීද!"
"වෙන අය මගෙ ගැන මොනව හිතයිද!"
ඔබත් මෙහෙම හිතන කෙනෙක්ද?
එහෙනම් මුලින්ම මේ සිතිවිල්ල ඉවත් කරගන්න. මොකද මේ සිතිවිල්ල එක්ක නම් සාර්ථකව ඉංග්‍රීසි කතා කිරීම සිහිනයක්ම පමණයි.
බය නැති කරගන්න. මේක තමා සාර්ථකව ඕනෑම භාෂාවක් කතා කිරීමට අවැසි වන මූලිකම හා ප්‍රධානතම අවශ්‍යතාවය.
තමන් ගැන විශ්වාසය ගොඩ නඟාගන්න. වැරදීමට බිය වෙන්න එපා. 
ඔබ පොඩි කාලයේදී එක පාරම නැගිටල දිව්වෙ ඇවිද්දෙ නෑ නේද? භාෂාවකටත් ඒක පොදුයි.
වෙන අයට පුළුවන් නම් ඇයි ඔබට බැරි?

"ඔව්. මට පුළුවන්. මම බය නෑ" 
එහෙම හිතන්න.


......................................................................
......................................................................

මේ ලිපියේ තව මේ වගේ වටිනා tips 9ක් තියෙනව. සම්පූර්ණ ලිපිය කියවන්න මගෙ අලුත් personal web site එකේ ලිපියට මේ පහත සබැඳියෙන් යන්න.



-----------------------------------------------------------------------------------------
BONUS
-----------------------------------------------------------------------------------------


I will be talking about tips and tricks on improving your English speaking, reading, writing and listening skills on my podcast. You can listen to them also. 


All these are the recordings I did for "OpenTalk" App.
You can view my OpenTalk profile by going through the below link.

OpenTalk is an android/iphone app which can be used to talk with people all around the world to improve your language speaking skills. It is not limited to English, but many other languages. You can create your account, follow me and add me as a buddy to listen to my podcasts on the app and also talk with me to improve your English language skills. 
-----------------------------------------------------------------------------------------

මෙවන් ප්‍රයෝජනවත් ලිපි ඔබගේ ඊ මේල් ගිණුමටම ලබා ගන්න, මා සමඟ Subscribe වන්න පහත ඔබගේ ඊ මේල් ලිපිනය එකතු කරන්න.


Enter your email address:


Delivered by FeedBurner

11 comments:

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.