Monday, October 9, 2017

Widgets

සිතන පතන දේ ලබා ගන්නා හැටි How to achieve what you wish for



"ඔබගේ ජීවිතය වෙනස් කළ හැක්කේ ශක්තිමත් සිතුවිලි වලින් මිස භක්තිමත් යාදිනිවලින් නොවේ"


දොස්තර වරු තම බිරිඳට ලැබෙන්න සිටින දරුවා නිරෝගීව ලබාදෙන ලෙස ඉල්ලා දෙවියන්ට භාර වෙති
සියට සීයක් ආරක්ෂාව සලකා බලා නිෂ්පාදනය කරන මෝටර් රථ වලට ලංකාවේදී දෙහි ගෙඩි දෙකක් සහ අමු මිරිස් කරල් තුනක් එල්ලා මෝටර් රථයේ ආරක්ෂාව එයට භාර දෙති.

සිවිල් ඉංජිනේරුවන් නිවසක් තැනීමට පෙර නිදන් වස්තු වළලති.
සමහරු කේන්දර ඉතා තදින් විශ්වාස කරනවා, කේන්දර වලින් තොරව කිසිමදෙයක් හිතන්නෙවත් කරන්නෙවත් නෑ.
සමහරු තමන්ගේ තියෙන සියලුම ප්‍රශ්න දෙවි දේවතාවන්ට පවසල උදව් ඉල්ලනවා. තමාගේ සියලුම ප්‍රශ්නවලට දෙවියෝ පිලිතුරු දේවි කියලා හිතනවා.
මෙවැනි දේ සිදු කිරීමට හේතුව කුමක් ද???
බහුතරයක් ථෙරවාදී බෞද්ධයන් සිටින ශ්‍රී ලංකාවේ මෙවැනි ඇදහීම් සිදු කිරීමට හේතුව කුමක්ද?
සමහර විට මේවා ඇත්ත තිබෙනවා පේන්න පුළුවන්, දැනෙන්න පුළුවන්.
බොහොමයක් දෙනා මේවා හරහා බොරු කරමින් මුදල් වංචා කරනවා වෙන්නත් පුළුවන්.
එහෙත් ටිකක් දිග වැඩි දුර හිතා බැලුවොත් මටම හිතෙනවා මේ ඇත්තටම කෙරෙන්නේ හිතක් සමග සංග්‍රාමයක් කියලා.
මේවා හරහා අපිට ජීවිතය වෙනස් වෙනවා වෙන්නත් පුළුවන්, වෙනස් කර ගන්නත් පුළුවන්. නමුත් ඔබට හිතෙන්නේ නැද්ද ශක්තිමත් සිතිවිලි ධාරාවකට මීට වඩා දෙයක් කළ හැකියි කියලා?
ඔබට අවශ්‍ය දේ ඔබගේ යටි සිතට ම කාවැද්දිය හැකි නම් ඒ හරහාත් අර ඉහතින් කිව්ව දේවල් කරගන්න පුළුවන් කියල හිතෙන්නෙ නැද්ද?
දේව යාදිනිවලින් තොවිල් පවිල් වලින් සිදු කරන්නේත් අපි බලෙන් සිතට ඇතුළු කළයුතු දේ වෙනත් ක්‍රමෝපායන් හරහා යටි සිතට කා වැද්දීමම නේද?
අපි උදාහරණයක් සිතමු
කෙනෙක්ට කොච්චර පාඩම් කළත් මතක හිටින්නේ නෑ. ඔහු දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා ඔහුට පාඩම් කරන දේ මතක හිටින්නට කියලා. ඉතින් ඉන් පසු දෙවියෝ මට උදව් කරාවි යන සිතිවිලි යටි සිතට කා වදිනවා. ඊට පස්සේ ඔහු පාඩම් කිරීම ආරම්භ කරනවා. ඔහුට පාඩම් කරන දේවල් හොදින් මතක හිටිනවා.
ඇත්තටම දෙවියන් ඔහුට උදව් කළා ද?
නැහැ.
ඔහු දෙවියන්ගෙන් කළ ඉල්ලීමට ඔහුගේ යටි සිතට කා වැදුණා. ඔහු හිතුවා දෙවියො මට උදව් කරයි කියල. ඉතින් යටි සිතෙන්නුඩු සිතට පණිවුඩය දෙනවා පාඩම් හොදීන් මතක හිටින්න කියල. ඒ පණිවිඩයත් සමඟ ඔහු පාඩම් කිරීම ආරම්භ කළා. ඉතින් ඔහුට හොඳින් පාඩම් මතක සිටියා.
ඉතින් මොකද ඔබ සිතන්නෙ?
ඔබගේ සිතිවිලි හරහාම ඔබගේ ජීවිතය වෙනස් කරගැනීම ඔබ අද සිටම ආරම්භ කරනවාද?

ඔබගේ අදහස් වලට විවෘතයි.

3 comments:

  1. ඇත්ත ධනාත්මක සිතිවිලි තියෙන එක වැදගත්.

    ReplyDelete
  2. niyamai math hodatama andila hitiye oya pissu vikara walata

    ReplyDelete
  3. නියමයි මිත්‍රයා අපි මේකට nlp කියලත් කියනවා.හැබැයි අපේ ආධි මුතුන් මිත්තෝ නව තාක්ෂණය එන්න කලින් යටිහිත එක්ක ගනුදෙනු කරලා තියනවා එක අතකට ඒ ගැන ආඩම්බරයක් ඇති වෙනවා. ඔබට ජය.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.