Friday, February 24, 2017

Widgets

Solar Lighting System එකක් අපිම හදමු - DIY



තාම ප්ලෑනිං හොඳේ. 
දැන් හැමතැනම solar lighting systems ගැන කතාව. ආණ්ඩුවෙනුත් මේකට ලොකු තල්ලුවක් දුන්නනෙ.
කොහොම උනත් හොඳ වැඩක්. ණය පහසුකම් පවා දෙන නිසා මේක ඉස්සරහට යාවි කියල හිතෙනව. දැන් රජයේ ආයතන වලටත් ඕව හයි කරගෙන යනව. 

කොහොම හරි ඉතින් මමත් හිතුව අපේ ගෙදරටත් එකක් හයි කරන්න. හැබැයි අපේ ගෙදර බිල ඒකක 140-170 අතර තියෙන්නෙ. ඉතින් කෙලින්ම ලොකු සිස්ටම් එකක් හයි කරන එක එතරම්ම තේරුමක් නෑ. මොකද Payback period එක ගොඩක් වැඩියි.

මේ පහත තියෙන්නෙ CEB එකේ බිල හැදෙන විදිහ. 

Consumption per month(kWh)
Energy Charge (LKR/kWh)
Fixed Charge(LKR/month)
0-60
7.85
61-90
10
90
91-120
27.75
480
121-180
32
480
More Than 180
45
540


මේ තියෙන්නෙ විවිධ ඒකක ගණන් වලට බිල එන විදිහ.

Units
Bill
169
3,651.50
159
3,331.50
149
3011.50
139
2691.50
129
2371.50
119
2055.75
109
1778.25
99
1500.75
89
851.00
79
751.00

ඔයාලට පේනව ඇති, බිලේ ලොකු වෙනසක් වෙන්නෙ ඒකක 90 පනිනකොට හා ඒකක 180 පනිනකොට කියල. ඉතින් ඒකක 150ක සාමාන්‍යයක් තියෙන අපේ ගෙදරට ලොකු සිස්ටම් එකක්, ඒ කිව්වෙ 1kW, 2kW වගේ සිස්ටම් එකක් දාගන්න එක එතරම් තේරුමක් නෑ. යුනිට් 180 පනිනව නම් අනිවා 2-3kW වගේ එකක් සවි කරගන්න එක නම් ගොඩක් වටිනවා. (සාමාන්‍යයෙන් 1kW සිස්ටම් එකකින් යුනිට් 100-120 අතර ප්‍රමාණයක් ලබාගන්න පුළුවන් මාසෙකට)

මේ දේවල් අනුව මට ලොකු සිස්ටම් එකක් වැඩක් නැති නිසා මගෙ ප්ලෑන් එක 200W විතර සිස්ටම් එකක් හදාගන්න. Lighting සහ වැඩි වොට් ගාණක් නැති විදුලි උපකරණ ටිකක් වෙනුවෙන් භාවිතා කරන්න.

ඉතින් මම තාම බඩු ටික එකතු කරන ගමන් ඉන්නෙ.
මේ තියෙන්නෙ මගෙ ප්ලෑන් එක හා වියදම් විස්තරය. මම කරන්න හදන්නෙ inverter එකක් හරහා 230V අරගෙන change over එකක් හරහා ගෙදරට දෙන එක. 


Unit Price
No. of Units
Price
Buy from
Solar Panel 100W
11500
2
23000
local
Charging Controller
1200
1
1200
ebay
100Ah Deep Cycle Battery
9000
2
18000
Local, Used
220V 1000W inverter
3300
1
3300
ebay
Miscellaneous
2000

2000
Local
Total
47500

Miscellaneous කියල දාල තියෙන්නෙ change over switch, වයර්, ප්ලග්, ටේප්, වගේ දේවල් වලට වියදම් වෙන් කරල. 
පැනල් තියන ෆ්‍රේම් එකට නම් මම ගාණක් දාල නෑ. 

සෝලාර් පැනල්
පැනල් ගැන කිව්වොත්, අපේ වැඩේට ඕනෙ කරන්නෙ Poly crystalline Solar Panels. Mono crystalline ඒව වඩා හොඳ උනත් ලංකාව වගේ රටකට එතරම් විශේෂයක් නෑ. ඒවයෙ මිලත් සාපේක්ෂව වැඩියි. 

10W, 20W, 50W, 70W, 100W, 150W පැනල් වලින් 12V ප්‍රතිදානයකුත්, ඊට වැඩි ඒවායින් 24V ප්‍රතිදානයකුත් ලැබෙනව. ඉතින් මම තෝරා ගත්තෙ 100W Panels 2ක්.  
මම ලංකාවෙ පැනල් විකුණන කිහිප දෙනෙක්ටම කතා කළා. මට හොඳ මිලක් ලැබුනෙ කඩවත ලලිත් මහතාගෙන්. එයාගෙ ඉක්මන් එකේ ඇඩ් එක පහත තියෙනව. චීනයෙන් ගෙන්වල ලද පැනල් තමා ඔහු ලභ තියෙන්නෙ. 
https://ikman.lk/en/ad/solar-panel-70w-for-sale-gampaha
https://ikman.lk/en/ad/20w-solar-panel-for-sale-gampaha


UPDATE (30/07/2017)
මම ගත්ත 150W panel එකක්. පස්සෙ 300W වලට upgrade කරන්න ලබාගෙන. 

Charging Controller
බැටරි හරියට චාර්ජ් කරන්න, පැනල් එක, බැටරිය පරිස්සම් කරගන්න මේක අත්‍යවශ්‍යයි. 
Charging Controller එක ගත්ත ebay එකෙන්. 30A එකක්. මගෙ දැන් සිස්ටම් එකට 10A එකකුත් ඇති. නමුත් ඉස්සරහට වැඩි කරන්න ප්ලෑන් එකක් තියෙන නිසා වැඩි එකක් ගත්ත. EBay එකෙන් තමා ගත්තෙ. 
ගන්නකොට මතක් කරල MPPT වර්ගයෙන් ගන්න. ඒක තමා හොඳ එක. 
Battery Bank
බැටරි ගැන දෙයක් කියන්න තියෙනව. Deep Cycle Batteries තමා මේ වැඩේට හොඳම. ඒව අලුත්ම එකක් රු. 30,000 - 40,000ක් වගේ වෙනව. නමුත් මේ වැඩේට පාවිච්චියෙන් ඉවත දාපු හොඳ කන්ඩිෂන් එකේ තියෙන එකක් ගන්න පුළුවන්. ලොකු සමාගම් වල UPS systems වලින් ඉවත් කරන ඒව මේ වැඩේට ඉහටත් උඩින්.


උඩ කිව්ව ලලිත් මහතා ගාවත් තියෙනව. නමුත් මිල ටිකක් වැඩියි. මට පහත ලින්ක් එක ඊයෙ හම්බුනා. එතන නම් ගාණ ටිකක් අඩුයි. හැබැයි ඒ බැටරි ලොට් එක එන්නෙ මාර්තු වලලු. මම, මට හා මිතුරෙක්ට බැටරි 4ක් pre-order කළා. ඔයාලටත් ඕනෙ නම් දැන්ම මේල් එකක් / කෝල් එකක් දාල බැටරි බුක් කරගන්න. (First Come First Serve දෙන්නෙ. ඒ නිසා ඉක්මන් වෙන තරමට හොඳයි.) මේ ඇඩ් වල හැටියට 8000-9000/= අතර මිලකට 90 හෝ 100Ah බැටරි ගන්න පුළුවන්.
https://ikman.lk/en/ad/deep-cycle-ups-battery-solar-for-sale-colombo
https://ikman.lk/en/ad/deep-cycle-battery-for-solar-for-sale-colombo
UPDATE: ඇඩ් දෙක expire වී ඇත. අලුත් ඇඩ් එකක් දැක්ක ගමන් මම දාන්නම් මෙතනම. 

මම තව හොයනව. මීට අඩු තැනකුත් හොයාගන්න තියෙනවද කියල. 

ඒව හොයා ගන්න බැරි නම් හෝ මිල වැඩි නම් භාවිතයෙන් ඉවත් කරපු Starter Battery එකක් උනත් කමක් නෑ. (වාහන බැටරි) ඒකක් නම් රු. 2000-5000 අතර ගාණකට හොයා ගන්න පුළුවන්.

මේ දෙකේ ප්‍රධාන වෙනස ගැන කිව්වොත්, Deep cycle batteries වල මුලු ධාරිතාවයෙන් 80% විතර භාවිතයට ගන්න පුළුවන් උනාට starter battery එකක පුළුවන් 50%ක් වගේ. (මේ සංඛ්‍යා ගැන නම් මට හොඳම අදහසක් නෑ හැබැයි)
ඒත් එක්කම සෝලාර් වලට මේ දෙජාතියෙන් බැටරි ගන්නව නම් durability හා life time අතින් deep cycle batteries ගොඩක් ඉහළයි. 

12V to 220V Inverter
ඉන්වර්ටරයක් භාවිතා කරන්නෙ නැති නම් අපි වෙනමම wiring එකක් කරගන්න හා 12V වලින් වැඩ කරන උපකරණ ගන්න අවශ්‍ය වෙනව. 12V වැඩ කරන බල්බ්, ෆෑන්, වතුර මෝටර්, ස්ත්‍රික්ක තියෙනව. ඒව ගන්න වෙනව.
ඒක කරදර වැඩක් නිසා මම කරන්නෙ inverter එකක් භාවිතා කරල 12V DC විදුලිය 230V AC වලට හරවන එක. එතකොට change over switch එකක් හරහා මට ඕනෙ වෙලාවට CEB එකෙන් Inverter එකට මාරු වෙන්න පුළුවන්. 

මම මගෙ පැනල් ධාරිතාවය, බැටරි ධාරිතාවය, භාවිතය ගැන හිතල 1000W එකක් තමා ගත්තෙ.  පස්සෙ ඕනෙ උනොත් ඊට වැඩක් එකක් ගන්නව.  වැඩි ලෝඩ් එකක් හයි කළොත් මේකෙ තියෙන ආරක්ෂක විධිවිදාන වලට අනුව මේක ඕෆ් වෙනව. මේකත් ගත්තෙ Ebay එකෙන්. 
තව මේකට උවමනා උපකරණ තමයි change Over Switch, Plugs, Wires වගේ දේවල්.

ගෙදර lighting, fans, TV, Radio, Chargers වගේ දේවල් වලට තමා මම මේක භාවිතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ. Fridge එකට පුළුවනද කියල හරියටම කියන්න බෑ. තව ටිකක් හොයල බලන්න ඕනෙ. මොකද ෆ්‍රිජ් එකේ wattage එක ලොකු ගාණක් නොවුනත් ඒකෙ compressor එකේ starting current එක කොහොමද කියල මම දන්නෙ නැති නිසා. හොයල බලන්න ඕනෙ.

UPDATE (30/07/2017)
Inverter නොවන ශීතකරණ නම් දුවන්නට බැරිය. (starting power එක 1000W වගේ. ඉතින් inverter එක ඕෆ් වෙනව ෆ්‍රිජ් එක ඔන් කළ ගමන්. Inverter ෆ්‍රිජ් දුවන්න පුළුවන් වෙයි. 

මේ තියෙන්නෙ wiring diagram එකක්.



ගණං මිනුම් ටිකක් කරන ගමන් ඉන්නෙ. ඒවයෙ අප්ඩේට් එකකුත් දාන්නම් ඉක්මනටම. 

real system photos එක්ක මේ සම්බන්ධ අප්ඩේට් එකක් එක්ක එන මාසෙ එන්නම්. 

ඔයාලගෙ ගෙදරට එකක් හදාගන්න මොකක් හරි හෙල්ප් එකක් ඕනෙ නම් දෙන්නම්. හැබැයි මම මේ  සම්බන්ධයෙන් ඉහළම තාක්ෂණික දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි. මමත් හොයමින් ඉගෙනගනිමින් කරන්නෙ. මගෙ දැනුමෙ හැටියට දෙන්න පුළුවන් හොඳම පිළිතුර දෙන්නම්, නැතිනම් අහල / හොයල හරි කියන්නම්. කමෙන්ට් එකක් දාන්න ගැටළුවත් එක්ක.  

පහත කමෙන්ට් වල ඉන්න Thiwanka Wimalasooriya මේ සම්බන්ධයෙන් හොඳ දැනුමැත්තෙක්. ඔහුගෙනුත් උපදෙස් ගන්න පුළුවන්. http://twimalasuriya.blogspot.com මේ තියෙන්නෙ ඔහුගෙ බ්ලොග් එක.


UPDATE (30/07/2017)
දැන් ඔක්කොම කොටස් මිලට අරගෙන තියෙන්නෙ. වයර් සහ ස්විච් ටික ගත්තම වැඩේ පටන් ගන්න පුළුවන්. මම අලුතින්ම පෝස්ට් එකක් දාන්නම් ආපහු. 

Update (12/08/2017)
සිස්ටම් එක හදල මම ලිව්ව අලුත් ලිපියත් බලන්න.
http://madhawaweblog.blogspot.com/2017/08/solar-electricity-system-diy.html


UPDATE: 
අපි FaceBook Group එකක් හැදුව Off Grid Solar Systems DIY හදන අයට සාකච්ඡා කරන්න. ඒකට එකතු වෙන්නත් ආරාධනා කරනවා. 


53 comments:

  1. හොඳින් ලියා තිබෙනවා. ගිය අවුරුද්දෙ මමත් මෙහෙම එකක් ලිව්වා. මේක මගේ පොස්ට් එකට වඩා හොඳයි

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ ලිපිය මමත් ඉස්සෙල්ල කියෙව්ව. ඒකෙ ගොඩක් විස්තර තිබුණ. ගොඩක් වැදගත් උනා මටත්. මේකට වඩා ඒකෙ ගොඩක් විස්තර තිබුණ.ගණනය කිරීම් සම්බන්ධව එහෙම.
      මගෙ ගණනය කිරීම් වල අවුලක් අහු උනා. ඒ නිසා ඒක දැම්මෙ නෑ. හරිගස්සල ඒක දාන්නම්.

      Delete
    2. Your Blog for others to refer.
      http://twimalasuriya.blogspot.com/

      Delete
  2. 12V වලින් වැඩ කරන උපකරණ වල මිල සාපේක්ෂව වැඩිද?

    ReplyDelete
  3. නියමයි. ඉදිරියටත් විස්තර බලාපොරොත්තු වෙනව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. පුළුවන් ඉක්මනට දාන්න බලාපොරොත්තු වෙනව.

      Delete
  4. ගොඩාක් වටින ලිපියක්.අහම්බෙන් වගේ දැක්කෙ.තෙරෙන සින්හලෙන් ලියලා තියනවා...ස්තුත්යි

    EBAY LINK ටිකත් දාන්න

    ReplyDelete
    Replies
    1. ඒක දැම්මෙ නැත්තෙ ලිස්ටිං එක ඉවර උනාම ලින්ක් එක invalid වෙන නිසයි.

      Delete
  5. ගොඩාක් වටින ලිපියක්.අහම්බෙන් වගේ දැක්කෙ.තෙරෙන සින්හලෙන් ලියලා තියනවා...ස්තුත්යි

    EBAY LINK ටිකත් දාන්න

    ReplyDelete
  6. මමත් මේකක් හොයා-හොයා හිටියේ. දැනට මේ ව්‍යාපාරේ කරන එවුන් ෆුල් ගාන කපනවා. ලක්ෂ -10 අතරේ ගණන් කියන්නේ. මොකද මම ඉන්න ගෙදර තට්ටු දෙකට වෙනම කනෙක්ෂන් අරගෙන නෑ. යුනිට් 500ට වඩා යනවා.

    ReplyDelete
    Replies
    1. ඔයාට නම් ගොඩක් ලාභ වෙයි වෙන වෙනම කනෙක්ෂන් දෙකක් අරගෙන යුනිට් 140ක් අඩු කරගන්න පුළුවන් සිස්ටම් එකක් හදා ගත්ත නම්. 2kW සිස්ටම් එකක් ඇති වෙයි. 400,000 අවට ගාණකින් කරගන්න පුළුවන් වෙයි.

      Delete
    2. 2kW system එකකින් යුනිට් 220ක් විතර generate කරන්න පුළුවන්.

      Delete
    3. 2kw system eka diagram eka hadala denna

      Delete
  7. Hi Madhawa,
    Very good post. Its very useful for everyone who like for low cost Solar system. I am also working with this and still in the prototype level since my new house is under construction. once it over will implement my system.

    ReplyDelete
    Replies
    1. Thanks Nilnuvan
      We had an email conversation regarding the matter.
      You can also post some info and photos of your system after implementing.
      Good Luck.

      Delete
    2. Hi Madhawa.
      Any update on the batteries?

      Delete
    3. Sorry bro. Still no. They said that their maintannce delayed to early April.

      Delete
  8. Really useful post. Thanks for sharing...

    ReplyDelete
  9. Use pure sine waver invertor. then you can user all the electric good include refrigerator and washing machine.

    http://www.chinasuoer.com/imageRepository/a123a406-e0c7-4e93-8c78-da8a5efccfe7.jpg

    ReplyDelete
  10. Battries ganna tanak danne nadda labeta?

    ReplyDelete
    Replies
    1. මම දන්න කෙනෙක්ගෙන් කිහිපයක් සෙට් වෙන්න තිබුණ මාර්තු මැද. නමුත් ඒක ලැබුණෙ නෑ. එයා කිව්ව එයාට බැටරි ලොට් එක ලැබෙන්නෙ අප්‍රේල් මැද වගේ කියල.

      Delete
  11. පැනල් දෙකක් ඒකට සම්භන්ධ කරන්නේ කොහොමද ? අනික ebay ඒකෙන් මේවා ගෙදරට ඒනවද අවුලක් නැතුව.

    ReplyDelete
    Replies
    1. ඊ බේ එකෙන් උපකරණ ටික කිසිම අවුලක් නැතිව ගෙදරටම ආව.
      පැනල් දෙක සමාන්තරගතව සම්බන්ධ කරන්න ඕනෙ. ටිකක් මහත වයර් එකක් යොදාගන්න.

      Delete
  12. oya panel dekak gatta kiwwa ne oya ea dekama ekata connect kale kohomada diagrame ekak denawada pahadili wenna.

    ReplyDelete
    Replies
    1. සියළු පැනල් සමාන්තරගතව එකට සම්බන්ධ කරගන්න.
      මේ ඉමේජ් එක බලන්න.
      http://4.bp.blogspot.com/-7YJRFclPlss/VrDU4I721kI/AAAAAAAAAdQ/_xfN_nw7BsQ/s1600/connecting_solar_panels_in_parallel.JPG

      Delete
  13. මමත් ඔය වගේ එකක් assemble කෙරන කරන්න ඉන්නේ.තාම පටන් ගත්තේ නම නෑ Battery එක බහින කොට automatically domestic current එකට switch කරන්න විදිහක් තියෙනවද? එහෙම නම් ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න පුළුවන්.
      Charging Controller එකෙන් බැටරි එක බහිනකොට පවර් කට් කරනව. එතකොටම රිලේ එකකින් 230V වලට මාරු වෙන්න හදන්න පුළුවන්.

      Delete
  14. Good one Madhawa. Waiting to see the implemented system and results.

    ReplyDelete
  15. on grid ekak gedaradi hadaganna barida off grid nogihin

    ReplyDelete
  16. අලුත් අදහස්. කරලා බලන්න ඕන.

    ReplyDelete
  17. Thank you I try it Now, If I found a problem can you help me

    ReplyDelete
  18. ඔයා ගත්ත එක හරි නැත්නම් recommend කරන්න පුළුවන් MPPT Controller එකක ebay Link එක දෙන්න පුළුවන්ද? ගොඩක් ඒවා MPPT කියලා ගහලා තියෙනවා. ඒත් description එකේ PMW කියලා තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. මම ගත්තු එකත් MPPT එකක් තමයි. ඒකෙ අවුලක් නෑ.
      https://www.ebay.com/itm/322190791679
      මෙන්න මේ වගේ එකක් තමයි මම ගත්තෙ.

      Delete
    2. මේ link එක Inverter එකක. පුළුවන් නම් charging controller එකේ ලින්ක් එක දාන්න. ස්තුතියි.

      Delete
  19. මගේ ලඟ තියෙන්නෙ නම් පරණ Shell Solar චාර්ජින් සර්කිට් එකක්.. ඒත් තාමත් සුපිරියට වැඩ
    දිගටම ලියමු... ජය වේවා!

    ReplyDelete
  20. Thank you Mr.Madhawa Habarakada. I'm Lalith Amarasinghe from Kadawatha.

    We have solar panels,DC 12v LED bulbs, solar charge controller,DC 12v stand fan,wall fan, ceiling fan, DC 12v water pumps DC 12v deep cycle AMARON battery and others.

    More information-o777308568

    ReplyDelete
    Replies
    1. Glad to see you here. I’ve given a good recommendation regarding you for many people.

      Delete
    2. What about 12v, 100Ah deep cycle battery price?

      Delete
  21. මමත් අවුරුද්දකට විතර කලින් මෙහෙම පද්ධතියක් හයි කළා. මම ඔක්කොම බඩු ගත්තේ කොළඹින්. මම ගත්තේ modified sine wave ඉන්වර්ටර් එකක්. ඒත් ඒක වැඩි දවසක් යන්න කලින් පිච්චුණා. දැන් මම Prolink 1200S කියන පරණ UPS එකක් දාලා තියෙනවා. ඒකෙන් වොට් 800 විතර ගන්න පුළුවන්. මම දාලා තියෙන්නේ නම් 65 A Starter බැටරියක්. ලයිට් පත්තු කරන්න විතරයි පුළුවන්. පැය 2ක් විතර දාන්න පුළුවන්. වෙට් 100 පැනල් එක. මම Change Over switch එකක් වෙනුවට DPDT Relay switch එකක් හයි කළා. දැන් ලයිට් ගියාම ස්වංක්‍රීයව ගෙදරට කරන්ට් එක එනවා. ලයිට් ආපු ගමන මේන් පවර් එක එනවා. මතේ මේක තව වැඩි දියුණු කරලා තව උපකරණ දුවන්න පුළුවන් විදියට හදන්නයි ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. නියමයි. මගෙත් inverter එක පිච්ච්ලා, දැන් දාල තියෙන්නෙ පරණ UPS එකක්.
      DPDT Relay switch කියන එක මමත් ට්‍රයි කරල බලන්න ඕනෙ. මොකද මටත් ඕක කරන්න උවමනාවක් තිබ්බ. එතකොට දවල්ටත් CEB ගියොත් Solar එකෙන් දෙනවද?
      ෆ්‍රිජ් එක එහෙම ගහල තියෙනකොට ලෝඩ් එක වැඩි වෙලා cut වෙන්නෙ නැද්ද?

      Delete
    2. E relay eka hadaganna widiya danna puluwan nam.mamath hoya hoya hitiye

      Delete
  22. ඔබගේ ලිපිය මම කියවා බලා තේරුම් ගත්තා එම ලිපියට බොහොම ස්තූතියි නමුත් මේ සම්බන්ධයෙන් වැඩිදුර ්‍රශ්නයක් ආවාට ඔබ සම්බන්ධ කර ගන්නේ කෙසේද ලංකාවේ දුරකථන අංකය තිබේද බොහොම ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ඔබට මාව madhawa(at)engineer(dot)com හරහා සම්බන්ධ කර ගත හැකියි. දුරකතන අංකය ප්‍රසිද්ධියේ පළ කරන්න කැමති නෑ. පසුව අංකය ඔබට පුද්ගලිකව දෙන්නම්.

      Delete
  23. ගොඩාක් වටින ලිපියක්. මමත් ඒකක් හදන්නයි හිතාග‌ෙන ‌ඉන්නෙ.hybrid වග‌ try කරලා තිය‌ෙනවද , use ‌ව‌ෙක Walt ඒක අනුව CED - SOLAR switch ‌‌‌වෙන.

    ReplyDelete
    Replies
    1. මම නම් උත්සාහ කරල නෑ. නමුත් අපේ facebook group එකේ ඔය ගැන දන්න අය ඉන්නව. ඒකට සම්බන්ධ වෙලා අහන්න.
      https://www.google.com/url?q=https://www.facebook.com/groups/405691366673574/

      Delete
    2. contect karagana kohomada

      Delete
    3. මගෙ ඊ මේල් එක madhawa@engineer.com. කතා කරන්න ඕනෙ නම් මට මේල් එකක් දාන්න. මම ෆෝන් නම්බර් එක දෙන්නම්.
      ගැටළු තියෙනව නම් අපේ DIY Offgrid Sri Lanka FB Group එකෙත් අහන්න පුළුවන්.
      https://www.facebook.com/groups/405691366673574/

      Delete
  24. Battery ganna thenak hamba unada?

    ReplyDelete
    Replies
    1. අපේ facebook grp එකේ කිහිප දෙනෙක්ම ඉන්නව.
      https://www.facebook.com/groups/405691366673574/

      Delete
  25. Hi, We have created a website called Jobboard for help people to find their dream job i kindly request you to check out this website and give your feedback

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.