Monday, October 9, 2017

සිතන පතන දේ ලබා ගන්නා හැටි How to achieve what you wish for

"ඔබගේ ජීවිතය වෙනස් කළ හැක්කේ ශක්තිමත් සිතුවිලි වලින් මිස භක්තිමත් යාදිනිවලින් නොවේ" දොස්තර වරු තම බිරිඳට ලැබෙන්න සිටින දරුවා නිරෝගීව ලබාදෙන ලෙස ඉල්ලා දෙවියන්ට භාර වෙති සියට සීයක් ආරක්ෂාව සලකා බලා නිෂ්පාදනය කරන මෝටර් රථ වලට ලංකාවේදී දෙහි ගෙඩි දෙකක් සහ අමු මිරිස් කරල් තුනක් එල්ලා මෝටර් රථයේ ආරක්ෂාව එයට භාර දෙති. සිවිල් ඉංජිනේරුවන් නිවසක් තැනීමට පෙර නිදන් වස්තු වළලති. සමහරු කේන්දර ඉතා තදින් විශ්වාස කරනවා, කේන්දර වලින් තොරව කිසිමදෙයක්...

Are you a සබන්බෝල Man

මේක මම කාලෙකට ඉස්සර කියවපු දේකින් හදපු එකක්. R U a සබන්බෝල Man, Or a සම්බෝල Man, Or a Footබෝල Man. Be a අද Man. Not a හෙට Man. මොන විකාරයක්ද මේ කියන්නෙ???? නේද? කවියෙ කියල තියෙන දේවල් ගැන පොඩ්ඩක් හිතුවොත්, කවියෙ තේරුම හිතට එනව.  සබන්බෝල, සම්බෝල, ෆුට් බෝල, අද, හෙට.  මොකද්ද මේ කියන්නෙ? සබන් බෝල තියෙන්නෙ මොහොතයි. වෙන වෙන වැඩ කර කර හිටියොත් සබන්බෝල වල ලස්සන බලන්න බැරි වෙනව. සම්බෝල කියන්නෙ දවසෙන් කාල ඉවර කරන්න...

Sunday, October 8, 2017

ඔව් මට පුළුවන් YES I can

නව අවස්ථා වලට "ඔව්" කියන්න. මිනිසුන් හට "ඔව්" කියන්න. දුෂ්කර අවස්ථා වලට "ඔව්" කියන්න. අන්‍යන්ගෙන් "ඔව්" යන්න කියවා ගත හැකි පරිදි ධනාත්මක ප්‍රතිචාරයන් ලබා ගැනීමට උගනින්න. "ඔව්. කැමතියි" යන්න මුළු හිතින්ම, හැඟීමකින්ම කියන්න. "ඔව්"  කියන්නෙ හරිම ප්‍රභල වචනයක්. හරිම ධනාත්මක වචනයක්. ඒක අපේ ජීවිතයට ලං කරගන්න ලං කරගන්න අපේ වැඩ හුඟක් සාර්ථක වෙනව.  "නෑ", "බෑ", "ඕව හරියන්නෙ නෑ", "මට මේක බෑ", "මම දන්නෙ නෑ" වගේ දේවල් අපි හුඟක් දෙනෙක්ගෙ...

මානසික අක්‍රමිකතා වලින් මිදෙන්නේ කෙසේද

මුලින්ම කියන්න ඕනෙ, මම මානසික වෛද්‍යවරයෙක් නෙමෙයි. ඉතින් ඔබට බරපතල මනසික අක්‍රමිකතාවයක් හෝ මානසික ගැටළුවක් තිබෙනවා නම් ඔබ වහාම සුදුසුකම් ලත් මානසික වෛද්‍යවරයෙක් හමුවන්න. ඒ කෙසේ වෙතත් මිතුරෙක්ට හෝ නෑදෑයෙක්ට හෝ ඔබගේ මවට, පියාට, සහෝදරයෙකුට, සහෝදරියකට පවසා ඔබගේ ගැටළුවට යම් සහනයක් ලබාගන්නට උත්සාහ කළ හැකියි. (එහෙම සමහරක් මගේ මිතුරු මිතුරියන් මා සමඟත් කතා කර යම් විසඳුම් ලබාගෙන තිබෙනවා.)  මම මෙතන කතා කරන්න බලාපොරොත්තු වන්නේ යම් සරළ දේවල් ටිකක්....

කිසිදා තෘප්තිමත් වන්නට එපා DO NOT be Content

"ලද දෙයින් සතුටු වන්න" කියල කියමනක් තිබෙනවා තමයි. නමුත් මේක හැම අවස්ථාවකටම තෘප්ත වන්නේ නෑ.  “The drive to close the gap between near-perfect and perfect is the difference between great and unstoppable.” — Tim Grover ටිම් ගෲවර් කියන්නෙ ප්‍රසිද්ධ මලල ක්‍රීඩකයෙක්. ඔහු කියනව ආසන්න වශයෙන් පරිපූර්ණ තත්වයේ සිට පරිපූර්ණත්වයට යනව කියන්නෙ ඔබ බලවත් කෙනෙකුගෙන් නොනැවැත්විය හැකි පුද්ගලයෙකු බවට පත් වනවා කියන එකයි කියල.  ඔබ ඔබගේ ඉලක්කයක් සපුරා...

Wednesday, September 27, 2017

මේ පාර බුක් ෆෙයා ගමන

කට්ටිය සෙට් උනෙත් නෑ. මුලදි පෝස්ට් එකක් දෙන්නත් බැරි උනා ඉස්සර අවුරුදු වල වගේ. මේක ලියන්නත් පරක්කු උනා. ගත්තු පොත් වලින් කොටසක් කොහොම හරි, මම මේ පාර පොත් සල්පිලට ගියේ මගෙ නෝනත් එක්ක ටිකක් රෑ වෙලා. මොකද පොඩ්ඩගෙ වැඩත් එක්ක නිවඩු දවසක දවාලක යන එක ඉම්පොසිබල්. :) කොහොම හරි මේ පාර ගත්තු මගෙ පොත් ලැයිස්තුව තමයි මේ. Book Name Author Publisher Price පුනර්භව ගවේශන පරි: කුමාර සිරිවර්ධන දයාවංශ ජයකොඩි 400.00 ...