Monday, March 21, 2016

Widgets

Windows / Android / iOS අතරින් හොදම ජංගම දුරකතන මෙහෙයුම් පද්ධතිය මොකක්ද?


තාක්ෂණය අපේ වටපිටාවේ හැමතැනම තියෙනව. තාක්ෂණය දැන් අපි ස්මාර්ට්ෆොන් එකක හැඩයෙන් හැමතැනම අරගෙන යනවා. කිහිපදෙනෙක්ට තමන්ගේ ජංගම දුරකතනය ගැන හොඳ දැනීමක් තිබුණත් බොහෝ දෙනෙක් ජංගම දුරකතනයක් මිලදී ගන්නේ ඒහි විශිෂ්ට ලෙස නිමවා ඇති ආකර්ශනීය ස්පර්ශක තිරය ගැන පමණක් අවධානය යොමුකරලා. ඒ නිසා ජංගම දුරකතනයක් මිලදී ගන්න කොට ඔබ මිලදී ගන්නේ මොන විදිහේ එකක්ද සහ ඔබ ඒ වෙනුවෙන් ගෙවන මිලට ලැබෙන වට්නාකමක් ලැබෙනවාද නැද්ද යන දේ ගැන විමසිලිමත් වීම වැදගත් වෙනවා. ඒ තීරණය ගන්න ඔබට උදව්වක් විදිහට මම විවිධ ජංගම දුරකතන මෙහෙයුම් පද්ධති අතර සංසන්දනයක් කරා. මේ දැක්වෙන ඔනෑම ජංගම දුරකතනයක් ශ්‍රි ලංකාවේදී විවිධ වෙබ් අඩවි ඔස්සේ ඉතාම සාධාරණ මුදලකට අන්තර්ජාලය හරහා මිලදී ගන්න ඔබට පුලුවන්. Kaymu වෙබ් අඩවිය ඒවා අතරින් එකක්.  (මමත් ටෙස්ට් කරන්න පොඩි දෙයක් විකුණන්න දැම්ම.) 

මෙය ඉතාම සරළ සංසන්දනයක් බවත් සළකන්න. 


මෙහෙයුම් පද්ධති සංසන්දනය




  • මුහුණත
android වලදී විවිධ නිශ්පාදකයින් විවිධ interface මගින් මෙහෙයුම් පද්ධති ප්‍රතිනිර්මාණය කරනවා. මේ දුරකතන වල මූලිකාංග සමාන වුවත් විවිධ කුඩා වෙනස්කම් රැසක් දකින්න පුලුවන්. ඒ නිසා ඔබට ගැලපෙන interface එක සහිත දුරකතනයක් තොරාගැනීම ඔබට අවස්ථාව තියෙනව.
Apple ios වලදී වඩාත්ම කැපී පෙනෙන්නේ එහි slick animations සහ සරළ බවයි. යාවත්කාලීන වලදීත් මේය එතරම් වෙනස් වෙන්නේ නෑ.
Windows phone වල ප්‍රධානම අංගය live tiles. එවා කැමති විදියට customize කරන්නත් පුලුවන්. එත් මෙවායේ ක්‍රියාකාරීත්වය android සහ ios තරම් යහපත් නැහැ.
Android වල්දී ඔබට සියලු Google apps ලබාගන්න පුලුවන්. එත් windows phone වලදී මේ පහසුකම ලැබෙන්නේ නැහැ.

  • Apps සහ විකල්ප App Stores
Android වලට ඇති ඉල්ලුම නිසාම වෙනත් app store මෙවනවිට බොහෝ ජනප්‍රිය වෙලා තියෙනවා. ios app store වලදී ඔබට වඩා ගුණාත්මක apps ලබාගන්න පුලුවන් වුනත් වැඩිපුරම නොමිලේ ලබාදෙන apps ඇත්තේ android play store (Google Play) වලයි.
Android වල ඔබට වෙනත් app stores වල ඇති apps පවා දුරකතනයට ඇතුල් කරගන්න පුලුවන් (side loading apps), එත් apple ios සහ windows වල ඔබට මේ පහසුකම ලැබෙන්නේ නැහැ.

  • මෙහෙයුම් පද්ධති යාවත්කාලීන වීම

සෑම ජංගම දුරකතනයක්ම නිතරම යාවත්කාලීන වෙනව. Microsoft සහ Apple ජංගම දුරකතන වල මෘදුකාංග ඔවුන් සතුවම තිබෙන නිසා නිරන්තරයෙන්ම යාවත්කාලීන කිරීම් ලබාදෙනවා. හැම අවුරුද්දකම අලුතින් Apple මෘදුකාංගයක් එලිදක්වනවා, එවිට කලින් තිබුණු devices යල්පැන යනවා. ඒ නිසා Windows  phone මේ අංශයෙන් ටිකක් ඉදිරියෙන් ඉන්නවා කියන්න පුලුවන්.
ඉදහිට කෙරෙන redesigning වලට අමතරව android දුරකතන එතරම් යාවත්කාලීන වෙන්නේ නැහැ. ඉතා සුළු ප්‍රතිශතයක් android උපාංගවල ප්‍රමාදවී යාවත්කාලීන ලැබෙන යෙදුම් ධාවනය වෙනවා.

  • වෙනස් කරගත හැකි බව
Android දුරකතන වල ප්‍රභලම ශක්තිය තමයි එහි වෙනස් කළ හැකි බව. එමගින් ඔබට ඔබේම interface එකක්, home screen කිහිපයක් shortcut සහ widgets සමග භාවිතා කිරීමට අවස්තාව ලැබෙනව. එවාගේම ඔබට කැමති යතුරුලියනයක් (keyboard) භාවිතා කිරීමේ අවස්ථාවද Google සමාගම ඔබට ලබා දෙනවා.
Windows phone වල live tiles වලින් එවායේ ප්‍රමාණය වෙනස්කරගන්න පුලුවන්, එත් iOS දුරකතන වල වගේම windows වලත් යතුරුලියනය (keyboard) එක වෙනස් කරන්න ඔබට බැහැ.
ප්‍රායෝගිකව බලනවිට සෑම ජංගම දුරකතනයක්ම විවිධ හාවිත කරන්නන් අරමුණු කරමින් නිශ්පාදනය කරන ලද ඒවායි. එක් සරළ සැසඳීමකින් ඔබට ජංගම දුරකතනයක් තොරාගැනීම කළ නොහැක්කක්, නිසා ඔබට ජංගම දුරකතනයක් අවශ්‍ය කුමන කාරණාවක් ඉටුකරගැනීමටද කියා තීරණය කිරීම වැදගත් වෙනවා. ශ්‍රි ලංකාවේදී ජංගම දුරකතනයක් මිලදී ගැනීමට takas වෙබ් අඩවියත් පහසුකම් සපයනවා.

17 comments:

  1. Windows මෙහෙයුම් පද්ධතිය සම්බන්ධයෙන් නම් මගේ තියෙන අත්දැකීම් බොහොම අඩුයි. නමුත් iOS සහ Android මෙහෙයුම් පද්ධති දෙකම එකවර භාවිතා කරන පරිශීලකයෙක් විදිහට මට නම් හිතෙන්නේ Android පද්ධතිය iOS වලට වඩා ගව් ගානක් ඉදිරියෙන් සිටින බව ය (මා මෙහිදී iOS සසඳන්නේ Samsung දුරකථන වල තිබෙන customize කරන ලද Android සමගයි).
    iPhone 6S වල තිබෙන සමහර නව යෙදුම් අප Samsung Android පද්ධතිය මත අත්විඳින්නේ iPhone 6S නිකුතුවට වසර කීපයකටත් කලින් සිටයි.
    Android සහ iOS මෙහෙයුම් පද්ධති අතර පවතින පරිශීලක මිත්‍රශීලී බවෙහි වෙනස පිළිබඳ හොඳ අත්දැකීමක් මට අපේ කාර්යාලයේ සේවය කරන සගයින් වෙතින් පහුගිය දින වල ලබා ගන්න පුළුවන් වුණා. මෑතක් වන තුරු අපගේ රාජකාරි ජංගම දුරකථනය වී තිබුණේ BlackBerry දුරකථනයි.නමුත් ඒවා යල් පැනීමත් සමග අපට අලුතෙන් Apple iPhone ලබා දීමට අපගේ පාලනාධිකාරිය තීරණය කර තිබුණා. මේ තීරණයත් සමගම තම පුද්ගලික දුරකතනය වශයෙන් කලක් තිස්සේ Android smart phones භාවිතා කළ අයට iPhones සමග කටයුතු කිරීමේ අවස්ථාව ලැබුණා (මාත් මේ කණ්ඩායමට අයිතියි). මේ අතර කලක් තිස්සේ පුද්ගලික දුරකතනය ලෙස iPhone භාවිතා කළ සමහර සගයින් රාජකාරි දුරකථනය ලෙස iPhone එකක් ලැබුණු නිසා තම පුද්ගලික දුරකථනය Android smart phone එකකට මාරු කළා.
    iOS වලින් Android වෙතට මාරු වූ සගයින් තම නව දුරකථනය සංකීර්ණ වැඩි යයි මැසිවිලි නගන අතරෙදි අලුතෙන් iOS භාවිතා කරන්නට පටන් ගත් Android වලට හුරුව සිටි සගයන් Apple iPhone යනු කිසි කමකට නැති දුරකථනයක් යයි මැසිවිලි නගන්න වුණා. මේකට හේතුව මට පෙනෙන විදිහට නම් මෙන්න මේකයි.
    Android වල තිබෙන අධි පහසුකම් වලට හුරු වූ පරිශීලකයින්ට එතරම් පහසුකම් නැති iPhone එක පෙනෙන්නේ කිසි කමකට නැති උපකරණයක් විදිහටයි. තමන්ට අවශ්‍ය පරිදි අතුරු මුහුණත සකසා ගැනීමට නොහැකි වීම, dictionary සහ auto suggestion හි ඇති දුර්වලතා මෙහි ප්‍රධාන අඩුපාඩු ලෙස ඒ අය දකිනවා. නමුත් කාලයක් තිස්සේ iOS වලට හුරු වී සිටි අයට එවැනි අඩුලුහුඬු කම් ලොකුවට දැනෙන්නේ නැහැ. ඒ අයට Android සංකීර්ණ යයි කියා සිතෙන්න බලපාන මූලිකම කරුණ එතෙක් කල් iOS තුළ අත්නොවිඳි options ගණනාවක් එක්වරම Android තුළ අත්විඳින්න ලැබීමයි.

    යාවත්කාලීන වීම් පැත්තෙන් බැළුවොත් iOS වලට ලැබෙන යාවත්කාලීන කිරීම් ගණන Android වලට ලැබෙන යාවත්කාලීන කිරීම් ගණනට වඩා වැඩියි. මෙසේ වන්නේ Android යාවත්කාලීන කිරීම් දුරකථන නිෂ්පාදකයා මත රඳා පවතින නිසයි. සමහර නිෂ්පාදකයින් යාවත්කාලීනයන් කිහිපයක් නිකුත් කරන විට තවත් නිෂ්පාදකයෙක් නිකුත් කරන්නේ එක් යාවත්කාලීනයක් පමණයි. තවත් සමහර නිෂ්පාදකයින් යාවත්කාලීනයන් ඉදිරිපත් කරන්නේම නැහැ. කෙසේ නමුත් Samsung, LG වැනි නිෂ්පාදකයින්ගේ Android පද්ධති වලට වසරකට යාවත්කාලීන කිරීම් දෙකක් හෝ තුනක් ලැබෙනවා. බටහිර රටවලදී Android යාවත්කාලීන කිරීම සිදුවන්නේ දුරකථන සේවා සපයන්නා හරහා යි. අදාළ දුරකථන නිෂ්පාදන සමාගම (Samsung, HTC, LG,...) විසින් අදාළ යාවත්කාලීන කිරීම දුරකථන සේවා සපයන්නා (Verizon, AT&T, T-Mobile...) වෙත ලබාදෙන අතර මූලික තත්ව පරීක්ෂාවකින් පසු එම සේවා සැපයුම් ආයතන මගින් පරිශීලකයා වෙත එම යාවත්කාලීනය ලබා දීම සිදු කරනවා. මෙසේ කරන්නට සිදු වෙන්නේ දුරකථන නිෂ්පාදන සමාගම විසින් එක් එක් සේවා සැපයුම් ආයතනයට අනුවත් Android පද්ධතිය customize කිරීමයි. (උදා: Verizon මගින් සේවා ලබාදෙන Android දුරකථනයක ඇති යෙදුම් AT&T මගින් සේවා ලබාදෙන එම මාදිලියේම Android දුරකථනයක ඇති යෙදුම් වලට වඩා වෙනස් ය)

    නමුත් මා දන්නා තරමින් ලංකාවේ මෙසේ සේවා සපයන්නා අනුව මෙහෙයුම් පද්ධතිය customize නොවන නිසා Android දුරකථන සඳහා යාවත්කාලීනයන් ලැබීමේ ප්‍රමාදයක් සහ අඩුවක් පැවතිය හැකිය.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි උදිත, ඉතා දිගු හා සවිස්තරාත්මක අදහස් දැක්වීමට.
      මට වින්ඩෝස් හා ඇපල් දුරකතන සම්බන්ධව තිබෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් වලට සාපේක්ෂව අඩු අත්දැකීමක්, නමුත් ඔබ කියන්නා වගේ ඇන්ඩ්‍රොයිඩ් වල තිබෙන පහසුකම් රැස එක්ක බැලුවම ඇපල් හා වින්ඩෝස් වල තිබෙන්නේ අඩු පහසුකම් ප්‍රමාණයක්.
      ඒ නිසා මමත් ඇන්ඩ්‍රොයිඩ් වලට තමා වැඩි කැමැත්ත.

      Delete
  2. මට නම් කියන්න තියෙන දේ සරලයි. මගේ සහ මිතුරන්ගේ අදහස්, ගුණ දොස් හා මැසිවිලිවලට අනුව වැඩිපුරම හොද ඇන්ඩ්‍රොයිඩ් බවයි. ඇපල්වල ඇත්තේ සමාජය අතර පොෂ් පෙනුමක් ලබාගැනීමපමණයි. මයික්‍රොෙසාෆ්ට් ගැන කතා කිරීමෙන් පලක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහසටත් ඉහළින්ම එකඟයි. :) මටත් iphone එකක් ගැනීමේ ආශාවක් තිබුණ. නමුත් ඉන් මට නොලැබෙන දේ ගැන කල්පනා කරලම ඒ ආශාව නැතිකරගත්ත. ඇන්ඩ්‍රොයිඩ් නම් ඕනෙ ඕනෙ වැඩකට හරියන මෘදුකාංග පවා තිබෙනවනෙ.

      Delete
    2. මමත් අපේ office එකෙන් අපට අළුත් iPhone දෙනකල් බොහොම ආසාවෙන බලාගෙන හිටියෙ. මොකද ඊට කලින් iPhone එකක් පාවිච්චි කරල තිබුනෙ නැති නිසා සහ ඒක හෙන සුපිරි භාණ්ඩයක් විදිහට අපේ ඔළු වලට කාවද්දල තිබුණ නිසා (marketing තමයි..)

      ඒත් ෆෝන් එක හම්බ වෙලා පැයක් දෙකක් විතර යනකොට හිතුණා "මේ මොන බම්බුවක්" ද කියලා. ඔන්න ඕකයි මගේ හිතේ iPhone ගැන ඇති වුණ අවංක හැඟීම.

      Windows පද්ධතිය එක්ක ඒ තරම් වැඩ කරලා නැති වුණත් ඒකත් නරකම OS එකක් නෙවෙයි කියලයි මම හිතන්නෙ. Windows Phones පාවිච්චි කරන මගේ යාළුවො කීප දෙනෙක්ම මාත් එක්ක කියල තියෙනවා Windows කියන්නෙ බොහොම ලේසියෙන් පරිශීලකයාට භවිතා කරන්න පුළුවන් සරල මෙහෙයුම් පද්ධතියක් කියලා. ඉක්මනටම හුරු වෙන්නත් පුළුවන්ලු.
      ඒ කතාවෙ ඇත්තක් තියෙන්න පුළුවන් කියල හිතුනෙ අපේ අම්මට Windows Phone එකක් අරන් දුන්නට පස්සෙ. කාලයක් තිස්සෙ පරණ ෆෝන් එකක් පාවිච්චි කර කර හිටපු අපේ අම්මට මම ලඟදි Nokia Lumia එකක් අරන් දුන්නා. කොච්චර කියල දුන්නත් අපේ තාත්තගෙ Android ෆෝන් එකෙන් හදිස්සියකට කෝල් එකක් ගන්න හැටි මතක තියාගන්න බැරුව හිටපු අම්මා දවස් කීපයක් යනකොටම Windows Phone එකේ වැඩ කෑලි ටික අල්ල ගත්තා.

      Delete
    3. වින්ඩෝස් පරිගණක වලට හුරු වෙලා ඉන්න අපිට වින්ඩෝස් ෆෝන් එකත් පහසු වෙන්න පුළුවන්. නමුත්, පුද්ගලිකව මම නම් වින්ඩෝස් මොබයිල් වලට කැමති නෑ. සමහරවිට සරල වැඩි නිසා හෝ ඕනෙ කරන හැම දෙයක්ම කරගන්න බැරි නිසාද දන්නෙත් නෑ.
      iphone වල සරළව කිව්වොත් මට තියෙන්නෙ ලුක් එකයි නමයි විතරයි. ඒකෙ ඉන්ටර්ෆේස් එකටත් මම එතරම් කැමති නෑ.

      Delete
  3. ඔය මොනව කිව්වත් iphone හිර වෙන්නෙ නම් නෑ android වගේ.

    ReplyDelete
    Replies
    1. සමහර බ්‍රෑන්ඩ් වලදි ඔය වගේ හිර වෙන ප්‍රශ්න නම් තියෙනව තමා ඇන්ඩ්‍රොයිඩ් වල. නමුත් සමහර බ්‍රෑන්ඩ් වලදි නම් හිර වීම් වෙන්නෙ නෑ. එහෙම බ්‍රෑන්ඩ් මාරු කරපු ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන්නන් කිහිප දෙනෙක්ම මට ඒක කියල තියෙනව.

      Delete
  4. Android wala ati jvm eka nisa. Kalayath samaga ram 1ka load wenawa enisa paranawena kota stuck wenawa. Me doshaya warak google samagama palakara tiyanawa eya niwaradi karanna amarui kiyala. Enisa apple and windows fast and battery life eka wadai. Hybrid nisa windows business and multimedia walata ethamath useful.with office 365. Habai gunathmaka application tiyene apple store 1k. Kumak nisada , play store free nisa fake app wadi. 2016 windows and apple update walin pasu. Apple and windows company wala apps os type 2kema same widiyata wada karanna sakas karamin innawalu.

    ReplyDelete
  5. I'm a Windows Mobile user. For me its better and easier than Android or Apple. The major reason is that I can do the work on my laptop and mobile with the same conditions.

    ReplyDelete
    Replies
    1. You are correct for some extent. But now there are many apps which can work with windows related systems.
      eg: office apps, onedrive....

      Delete
  6. වටිනා ලිපියක් මාධව...
    දිගටම මෙවැනි ලිපි ලබාදෙන්න...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මෙවන් තවත් ලිපි කිහිපයක් ලියන්න බලාපොරොත්ති වෙනවා.

      Delete
  7. මම නම් භාවිතා කරන්නෙ ඇන්ඩ්‍රොයිඩ් තමා. අනිත්ව එක්ක වැඩි අත්දැකීමක් නෑ. නමුත් අනිත් දෙකටම වඩා ඇන්ඩ්‍රොයිඩ් වලට තියෙන සපෝට් එක, ඇප්ස්, පහසුකම් නම් වැඩි බව නම් මට ශුවර්.

    ReplyDelete
  8. වින්ඩෝස් ෆෝන් වලටත් වින්ඩෝස් පරිගණක වලට වගේ වයිරස් ගැටළු තියනවා ද ? වින්ඩෝස් ෆෝන් එකක් පාවිච්චි කරලාම නෑ.

    iphone තරමක් දුරටත් android වැඩියෙනුත් පාවිච්චි කරලා තියනවා. මං කැමති ඔය දෙකෙන් android වලට. මොකද, මාත් ෆෝන් එක මට ඕන ආකාරයට වෙනස් කර ගන්න කැමති කෙනෙක් නිසා.

    ReplyDelete
  9. iphone ekk kalayk use karanm eke tyna watia kama bala gnna puluwan. Android wimdows phone use krla apple ekk use karama ee 2 nikn sellam phone wage. Apple 4n wala scurty ekath wadi. Nathi unath bayak na. Hira wenneth na.4n ekakin krnna pulwan wada serma iphone eknuth karanna pluluwan. iphone ekk hariyata use karanne nathuwa ios hoda nai kiynna bane.

    ReplyDelete
    Replies
    1. Apple digatama use karana aya eke tiyena pahasuwa gana godak kiyanawa. Mata nam eke tiyena lokuma karadare one button syatem eka.

      Delete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.