Wednesday, October 14, 2015

Widgets

ISO 9001 නව සංස්කරණය හා බැදේ


ISO 9001: 2015 සංස්කරණයද පැමිණ ඇත. අපි ISO 9001:2008 සංස්කරණයෙන් 2015 සංස්කරණය වෙත වසර 3ක් ඇතුළත මාරු විය යුතුය. එසේ නොවුවහොත් අප වෙත ලැබී ඇති තත්ව සහතිකය අවලංගු වනු ඇත.

නමුත් පුදුමයට කරුණක් වනුයේ, සමහර ප්‍රසිද්ධ සමාගම් තමන් ISO 9001:2000 තත්ව සහතිකය ලබා ඇති බව පවසමින් මාධ්‍ය වල වෙළඳ දැන්වීම් පළ කිරීමය. ISO 9001:2000 තත්ව සහතිකය අවලංගු වී දැනටමත් වසර 12 ගෙවී ඇති බව බොහෝ දෙනා නොදන්නා නිසා ඔවුන් මෙසේ තම පාරිභෝගිකයින් රවටයි.


නොදන්නා අයගේ දැනගැනීම පිණිසය.

ISO වේවා SLS වේවා ඕනෑම සහතිකයකට/ප්‍රමිතියකට එය පළ කළ වර්ෂයක් වේ. ඉන් පසු ඒවායේ නව සංස්කරණ නිකුත් කරන විට පැරණි සංස්කරණය අවලංගු වේ. ISO සඳහා නම් පැරණි සංස්කරණයෙන් අලුත් සංස්කරණයට සමාගමකට මාරු වීමට වසර 3ක කාලයක් ලබා දේ. 
යම් සහතිකයක නව සංස්කරණයක් නිකුත්ව ඇතිනම්, කිසියම් සමාගමක් පැරණි සංස්කරණයක් සඳහා තමන් එම සහතිකය ලබා ඇති බව පවසයි නම්, එය සාවද්‍ය ප්‍රකාශයක් වේ. මක් නිසාද යත්, කිසිදු ප්‍රමිතිකරණ ආයතනයක්, පැරණි සංස්කරණ සඳහා ප්‍රමිති/සහතික නිකුත් නොකරන නිසාය.

12 comments:

  1. ඇත්තටම මාධව ප්‍රමිති සහතික ගැනවත් සාමාන්‍ය පාරිභෝගික ජනතාවගේ දැනුමිවත් කිරීමේ වැඩසටහනක් ලංකාව තුළ ඇති බවක් පෙනෙන්නේ නැහැ.නවසංස්කරණ නිකුත්කිරීම සහ පැරණි සංස්කරණ මාරුවීම පිළිබඳව මා දැනුම්වත් උනේ ඔබේ මේ සටහනෙන් ස්තුතියි

    ReplyDelete
    Replies
    1. :) ඔව්.
      ISO 9001 තත්ව සහතිකය සැළකුවොත්, ඒක සාමාන්‍ය ජනතාවට සමාගම් පෙන්නල තියෙන්නෙ තමන්ගේ භාණ්ඩයේ තත්වය හොඳ නිසා ඒක දෙනව කියන ප්‍රතිරූපය. ඒකත් සම්පූර්ණයෙන් වැරදී.
      ISO 9001 කියන්නෙ, Quality Management System එකක්. ඒ කියන්නෙ තත්ව කළමණාකරන පද්ධතියක්. මේක භාණ්ඩයට නෙමෙයි දෙන්නෙ, ඒ ක්‍රියාවලියට. ඉන් පැහැදිලි බලපෑමක් තිබෙනවා භාණ්ඩයේ තත්වයට. නමුත් එය යම් සමාගමක් ලබා ගත් පලියට ඔවුන්ගේ භාණ්ඩයේ / සේවාවේ තත්වය හොඳ යයි ඉන් කියවෙන්නෙ නෑ.

      Delete
  2. godak companies ISO certificate eka ganna marketing too ekak widihata. eth hariyata standard eka follow karanawa nam company ekata godak improve wenna puluwan.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම. හුඟක් සමාගම් ඒක වෙළඳ ප්‍රවර්ධන උපක්‍රමයක් විදිහට පමණමයි භාවිතා කරන්නෙ. එයාලගෙ සිස්ටම් හරියට සිදු කරන්නෙත් නෑ.

      Delete
    2. සමහර තැන්වල පරීක්ෂකයන්ට පගාව දීලා වැඩේ ගොඩ දාගන්නවා.

      Delete
  3. මේ තත්ව සහතික ලබා දෙන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේන් නෙද ?? එතකොට , මේ වගේ කල් ඉකුත් වුන සහතිකයක් ප්‍රසිද්ධියේ පෙන්වමින් කටයුතු කරන ඒකට , ඒ බලධාරින්ට නිතිමය ක්‍රියා මාර්ග ගන්න බැරිද ??
    මොකද , භාණ්ඩයක් කල් ඉකුත් වුනාම පාරිභෝගික අධිකාරියේන් නිතිමය කටතු කරනව වගේම නෙද , මේ අවස්ථාවත් ??

    ReplyDelete
    Replies
    1. නෑ. ISO සහතික ලබාදෙන ආයතන රැසක් ලංකාවෙ තියෙනව. SLSI, DNV, SGS, Euro Veritas, ඒවායින් ප්‍රසිද්ධම ඒවා කිහිපයක්.

      Delete
  4. මේ ISO ප්‍රමිතිකරණ සහතිකය ගැන ගොඩක් ඉගන ගත්තෙ අදයි. ගොඩක් ස්තූති අයියේ දැනුම බෙදා ගන්නවට :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය මෙ දේවල් ගැන හරිහැටි දැනුවත් නෑ. මම මීට ගොඩක් කාලයකට ඉස්සෙල්ලත් මේ වගේ දෙයක් ගැන කතා කඛා මතකයි

      Delete
  5. මට හිතෙන්නෙ මේ ගැනම ලිපියක්ම ලියන්න වෙයි වගේ.

    ReplyDelete
  6. iso 9001 sinhala pdf ekk tiyenwanm denako

    ReplyDelete
    Replies
    1. මිත්‍රයා. කිසිම ISO Standards, Specifications නම් වෙනත් භාෂා වලට පරිවර්තනය කරල නෑ. සාමාන්‍යයෙන් පරිවර්තනය කරන්නෙත් නෑ. තිබෙන්නේ Original English Version පමණයි.
      ඒක නම් නෙට් එකේ සර්ච් එකක් දාල හොයාගන්න පුළුවන්.

      Delete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.