Tuesday, February 17, 2015

පොතක් ලියන අදහස ගැන අදහස්

මට ඉතින් කාලාන්තරේක ඉඳන් තියෙන ආසාවක්නෙ පොතක් ලියන එක. ඒත් තාම ඒක කරගන්න බැරි උනා. (නොමිලේ දෙන පොතක් නෙමෙයි, මිලට දෙන පොතක්)  අපි අපේ දැනුම නොමිලේ කොතරම් බෙදල දෙනවද. ඒවායින් අපිට කොතරම් හිතට සතුටක් දැනෙනවද. ඒව කියවල ඒවායින් සහයන් අරගෙන ස්තුති කරන අයත් කෙතරම් ඉන්නවද. නේද? ඉතින් නොමිලේ දෙන්න වෙන මහන්සියට වඩා මහන්සියක් වෙලා දැනුමට පොඩි මිලක් නියම කරන එක ගැන නරකක් හිතන්නත් එපා, හොඳද.  නොමිලේම බෙදා හැරුණු පොඩි පොත් පිංච දෙකක් නම් ලිව්වනෙ....

Sunday, February 8, 2015

අලුත් බජට් එක හා ත්‍රීවීල්/බස් ගාස්තු

ඔන්න ඉතින් අලුත් බජට් එකෙන් පෙට්‍රල් ඩීසල් මිල අඩු උනාලුනෙ. ඒ නිසා කට්ටිය කතා වෙලා ත්‍රීවීල් ගාස්තු අඩු කළා. බස් ගාස්තු අඩු කළා.  මාර කේස් එක කියන්නෙ දැන් කොන්දොස්තරලයි ත්‍රීවීල් කට්ටියයි කියන විදිහට ඉස්සර තිබ්බ ගාස්තු ඉස්සර තිබ්බ ගාස්තු වලට වඩා වැඩියිලු. තේරුනේ නැද්ද මන්ද.  මගෙ ගෙදර කට්ටියට උනු සත්‍ය උදාහරණ දෙකක් ගන්නම්. බජට් එකට ඉස්සෙල්ල අපේ ගෙදර ඉඳල බස් එකේ කොට්ටාවට යන්න ටිකට් එක රු.34යි. (ඒ කියන්නෙ ඉතින් 35යිනෙ, මොකද ඉතුරු...